දවසටම 7යි නම් යන්නේ traffic එකේ නම් ඔය ඇති. මගේ office run එක 5km දවසට. උදේට යන්න මට යන්නේ 5min වගේ. එන්ජිම රත්වෙලා EV ඔන් වෙනනේ ඔෆිස් එකේ parking එකේදී. හවසට තමයි ඔන්න විනාඩි 10ක් වගේ යන්නේ. ඔය රන් එකේ මගේ කරන්නෙත් ඔය ගාන. කලින් මගේ පෙට්රෝල් කාර් එක කලේ 5-6 යි.![]()



Off Topic -
GP5 එකට seat covers දාගන්න හොඳ තැනක් recommend කරනවද
machan oka wassa welawata wangu waladi speed giyoth lissanne nadda ? mn ahala thiye samahara wahana wala ehema option ekak thiye kiyala

No machan, This has ESP(VSA - Vehicle stability assist) with EBD. Still i couldn't get it to slip![]()




Off Topic -
GP5 එකට seat covers දාගන්න හොඳ තැනක් recommend කරනවද

ඔයාගේ එකේ සීට් Airbag තියනවනම් ලෝකල් seat covers දාන්න බෑ. ලංකාවේ මන් දන්නා තරමින් Airbag compatible seat covers නෑ.
Mata nikan hambuna bun e kale Sun Lanka eken. Mage eken thamai un measurements gaththe. E nisa mata free hambuna![]()
Ela
මගේ security system එක sunlanka එකෙන් දාගත්තේ
Security system ekak enawane bn GP5 ekata
ඔන්න අන්තිමේදී අවුරුදු 3ක් ම පාවිච්චි කරාට පස්සේ Review එකක් දාන්න හිතුනා මේක 2nd hand ගන්න යට උදව්වක් වෙන්න. මොකද ගොඩාක් අය Honda වාහනයක් ගන්න කලින් දෙපාරක් හිතන නිසා.
2015 ජනවාරි තමයි මන් hybrid car එකක් ගන්න ඕනා කියලා තීරණය කරන්නේ. මොකද ඒ වෙද්දී මාසයකට කි.මි 3000ක් වගේ මම දිව්වා. හැම සති අන්තයකම බණ්ඩාරවෙල යන්න වුන නිසා මන් වාහනයක් හෙව්වේ ප්‍රධාන අරමුණු තුනක් එක්ක.
- Reliability
- Safety
- Running Cost
Unregistered එකක් ගන්න නිසා reliability එක ගැන එච්චර හිතන්න වුනේ නෑ. කොහොම වුනත් අතේ තිබුණු ගානත් එක්ක යන්න තිබ්බේ Hybrid Car තුනයි.
- Toyota Aqua/Prius C
- Honda FIT GP1
- Honda FIT GP5
හැම සිකුරාදාම office ඉවරවෙලා බණ්ඩාරවෙල යන නිසා safety එක ගැන ටිකක් වැඩිපුර හිතුව මොකද මන් ඒ වෙද්දී පාවිචි කරපු Car එකේ කීප සැරයක් 99න් බේරුන නිසා. Luck එක වුනත් හැමදාම තියන්නේ නෑනේ.
ඒ වෙද්දී GP1 එකේ Safety test එකක් හොයාගන්න තිබ්බේ නෑ. ඒ හේතුව සහ Honda IMA Hybrid එක GP5 එකේදී replace කරපු නිසා GP1 එක අත්හැරිය.
Toyota Aqua එකත් එක්ක safety බැලුවම Honda GP5 එක සෑහෙන ඉස්සරහින් හිටිය ඒ වෙද්දී.
- Aqua - 4 Star
- GP5 - 5 Star.
Long Term Running Cost එක ගැන හිතද්දී කොහොමත් ටොයෝටා ඉස්සරහින් හිටියත් ජපන් Test Cycle එකේදී GP5 එක 34km/L economy එකක් පෙන්නුවා. මොකද Honda Earth Dream Technology එක නිසා.
කොහොම හරි රට්ටු Toyota ම ගන්න කියද්දී පෙනුම, ඇතුලත ඉඩකඩ හා පහසුකම් සලකලා GP5 S Grade එකක් ගන්න හිත හදාගන්නවා.
ඔන්න එතකොට යන්තම් GP5 එකේ පොඩි පොඩි ප්‍රශ්න තියනවා කියලා ආරංචි වෙනවා. ඒ නිසා පොඩ්ඩක් හදිස්සිය අතරලා ටිකක් වැඩිපුර හොයල බැලුව. ප්‍රධාන වශයෙන් GP5 එකේ
- Ignition Coil Pack
- CTBA
- Clutch Pack Issue
ප්‍රශ්න ආවා. හැබැයි 2014-09 වෙනි මාසේ වෙද්දී Honda Company එක මේ issues Recalls විදියට නම් කරනවා. දෙය්යනේ කියලා Honda site එකේ Recalls බලන්න පුළුවන් නිසා හොඳට බලලා එවෙද්දී අව්ලක් නැති 2015-Jan Manufactured S Grade එකක් ගන්නවා අප්‍රේල් අන්තිම.
Honda Japan Recall Search
Code:http://recallsearch4.honda.co.jp/sqs/r001/R00101.do?fn=link.disp
![]()
මේකේ සීට් ටිකක් උස නිසා ගත්ත ගමන් පොඩ්ඩක් upset වගේ. සෙඩාන් කාර් වල කකුල් දෙක දික් කරගෙන ගිහින් මේක නිකන් නුහුරුයි වගේ. හැබැයි දුර Drive කළා කියල පොඩ්ඩක්වත් දැනුනේ නෑ.
හැබැයි Pickup එක Handling නම් පට්ට. වෙනදා අමාරුවෙන් පැය 5ක් යන ගමන 3:30 න් වගේ ගියා. පස්සේ පස්සේ පැය 3ට අඩුවෙනුත් බණ්ඩාරවෙල ගියා.
මන් හිතන්නේ මේ range එකේ 1500cc වාහන වලින් Pickup වැඩිම වාහනේ මේක.
Sport Mode එකේ 0 ඉඳන් 100ට යන්න පුළුවන් තත්පර 8ට අඩුවෙන්. Aqua එකේ තත් 12ක් යනවා.
Handling ගැන ගත්තොත්, ESP, EBD අරව මේවා ඔක්කොම තියන නිසා වංගු එහෙම ගන්න පලුවන් සුපිරියට බය නැතුව.
Sport mode එකේදී, Motor එකයි Engine එකයි සමාන්තරව වැඩකරන නිසා, Paddle ශිෆ්ට් වලින් පට්ට ෆන් එකක් ගන්න පුළුවන්. අනික තියන්නේ Dual Clutch Transmission එකක් නිසා අපිට කිසිම power lag එකක් දැනෙන්නේ නෑ.
දැන් තමා වැදගත්ම එක - තෙල් කෙරුවාව.
පට්ටම traffic එකේ, ඒ කියන්නේ බත්තරමුල්ල, රාජගිරිය නුගේගොඩ අවට 15-16ක් තමා. ඔය අස්සේ අන්තරේ වගේ එලියට බැහල තිබ්බොත් බඩු බනිස්. 10-12 ට බහිනවා. කිමි10ක් වත් අවම යනවනම් එක පාර 18-20 වගේ කරවන්න පුළුවන්. දුර නම් තෙල් කරනවා හරියට එලවනවානම් 30න් එහා. මන් මෙචචර කල් වැඩිපුරම කලේ 36km/L. බණ්ඩාරවෙල ඉඳන් කොට්ටාවට.
බණ්ඩාරවෙල ගිහින් එද්දී ගොඩාක් වෙලාවට Average එක 26-28 මනුස්සයෙක් වගේ ගියාම. හොඳට පෑගුවොත් 20-22 තමා. දවස් දෙකක් ගියා Full ම Sport Mode එකේ. 16-17ක් තෙල් කරලා තිබ්බ.
හයිවේ එකේ 80ට Cruise දාල යනවනම් 26-27ක් කරනවා. 100ට ගියොත් නම් 22-23යි.
වැදගත්ම දේ තමයි, මේකේ හිමීට ගියාම තෙල් කරන්නේ නෑ. අඩුම 50 න් එහා වත් යන්න ඕනා. 85km/h වගේ වෙනකම් EV යන්න පුළුවන් නිසා. දුර යද්දී හොඳට තෙල් වැඩ කරනවා.
ඇතුලේ නම් අම්බානෙක ඉඩ තියනවා. Honda Magic Seat තියන නිසා පොඩි අලි පැටියෙක් වුනත් හදිස්සියකට දාගෙන යන්න පුළුවන්.
![]()
![]()
අවාසි ගැන කතා කලොත්
- මේකේ Front Side Pillars ටිකක් ලොකු නිසා දකුණට වංගු ගද්දි ලොකු Blind Spot එකක් එනවා. ලේසියෙන්ම පොඩි කාර්, ත්‍රීවීල්, බයිසිකල් පේන්නේ නැතුව යනවා.
- අනිත් එක AC controllers, ඔක්කොම touch.
පට්ටම අමාරුයි Drive කරද්දී වෙනස් කරන්න.
- බ්‍රේක්
- ගැහුවම බිත්තියක හැප්පුනා වගේ නතර වෙනවා. කිසිම ස්මූත් ගතියක් නෑ. 25000km වලදී මන් හොඳ ජපන් බ්රේක් පෑඩ් සෙට් එකකට මාරු කළා. ලෙඩේ සනීපයි එතනම.
![]()
අන්තිමට කියන්න තියන්නේ, වෙලාවට හොඳට නඩත්තු කරනවානම් හොඳ වාහනයක්. මේ වෙද්දී මන් 66000ක් දුවල තියනවා. Repair එකකට කියලා කලේ දකුණු පැත්ත Lower Arm බුෂ් එක මාරු කරන එක විතරයි.
ත්‍රෙඩ් එකට එන ප්‍රතිචාර එක්ක මේකේ Maintenance ගැන වෙනම post එකක් දැන්නම්.
වැඩිපුර විස්තර මොනවා හරි දැනගන්න ඕන නම් ඕන වෙලාවක අහන්න.
ඔයාගේ එකේ සීට් Airbag තියනවනම් ලෝකල් seat covers දාන්න බෑ. ලංකාවේ මන් දන්නා තරමින් Airbag compatible seat covers නෑ.