HONDA_CIVIC_FD4_Review
මේක ගොඩක් දවසක ඉදන් ලියන්න කියලා හිටියේ ගත්තු දවස් වල මම ෆෝටෝ දැම්මම රත්තරං එහෙම කියල තිවුනා හොද රිවීව් පාරක් දාන්න කියල තෙල් කරන ගානත් එක්කම. ඒක තමයි මේ කරන්න කියලා හදන්නේ.
මම මීට කලින් වාහන ගැන නූල් දාල නැහැ මේක මගේ පලවෙනි වාහන සම්බන්ධ නූල ඒක නිසා වැරදි තියනවා නම් කමෙන්ට් විදියට හදන්න.
මුලින්ම කියන්න ඕන මේක මගේම කියලා ගනිපු පලවෙනි රෝද හතරේ වාහනේ. මීට කලින් ගෙදර තියන ලෑන්ඩ් මාස්ටර්,ත්‍රීවීල් ගැන සෑහෙන්න අත්දැකීම් තියනවා තව මගේ ලග බයික් එකකුත් තියනවා ඒක විකුනලා දාන්න කියලා ඉන්නේ.මේක මගේ පලවෙනි වාහනේ හින්දා ගන්න කලින් සෑහෙන්න වාහන බැලුවා වාහන 50-60ක් විතර බලන් ඇති, ඒ කාලේ මාස එක හමාරක් විතර මගේ එකම වැඩේ වුනේ වාහන හොයනවා බලන්න යනවා අන්තිමට පාර් කැමති වාහනයක් යනවා දැක්කත් විකුනනවාද කියලා අහන තත්වෙට පත් වෙලා තිබුනේ. මුලින්ම මගේ අයිඩියා එක තිවුනෙ කම්පැක්ට් SUV ටයිප් වාහනයක් ගන්න ඒත් එලකිරියේ රත්තරං වගේම මගේ ගොඩක් වාහන දන්න යාලුවොත් කිවුවෙ දැන් කාර් එකක් ගනින් පස්සෙ හොද ජීප් එකක් ගනින් කියලා.
මගේ උපරිම බජට් එක තිබුනේ ලක්ශ 30ක් වගේ. ඒ ගානට ගන්න තිබුන කාර් වලින් හොන්ඩා FD1/FD4 දෙකට ගොඩක් හිත ගිහින් තිබුනේ. කොහොමත් හොන්ඩා සිවික් වලට මගේ පොඩි මෙවුවා එකක් ඒ කාලෙ ඉදලම තිවුනා, මගේ යාලුවෙක ලග තිබුන EK3 එකක් පැදලා තමයි මට ඔය මෙවුවා එක ආවෙ, මගෙත් වාහන උන හොදටම තියන එල කොල්ලො සෙට් එකක් හිටියා ඒයිනුත් මොනවා උනත් සිවික් විතරක් පදින එවුන් දෙතුන් දෙනෙකුත් හිටියා. අනිත් එක තමයි මට ලොකුම ලොකු මෙවුවා එකක් ආවා මැනුවල් ගියර් තියන FD1 එකක් ගන්න කියලා,ඒක වුනේ අර කලින් EK3 එක තිවුනු එකා මැනුවල් FD1 එකක් ගෙනත් තිබුනා ඒ දවස්වල, ඔන්න ඕක බලපු ගමන් මමත් එකෙන්ම තීරනය කරා එයින් එකක්ම මටත් ඕන කියලා. සිංහලුන්ට කියන්න අන්තිමට කොස්ස හිටියෙත් එතනම තමයි. කොස්ස තමයි මේ සිරි ලංකාවටම මැනුවල් FD1 තියෙන්නෙ 6ක් ද කොහෙදෝ කියන එක. කොහොමත් එකයි කියල මගේ හොන්ඩා ෆෑන් සෙට් එකට මගේ අදහස කිවුවා උන්ගෙත් අදහස මැනුවල් ගියර් බොක්ස් තියන හොද තත්වෙ FD1 එකක් හොයන එක මේ දවස් වල (2014 දෙසැම්බර්) හොයන එක කලුනිකද මොනවද හොයනවාටත් අමාරු වැඩක්ය කියන එක. අනිත් එක උන් එකෙක් ලගත් තව මැනුවල් FD1 එකක් තියනවා. එතකොට මගේ යාලුවෝ දෙන්නෙක් ලගම මැනුවල් FD1 දෙකක් තියනවා එතකොට තව 4ක් හෝ 5ක් හෝ තමයි තියෙන්නෙ ඒවත් විකුනයිද කියලා විස්වාසයක් නැහැ. තව ටිකක් හොයලා බැලුවම දැනගත්තා මැනුවල් FD1 (1800CC) එකෙයි මැනුවල් FD4(1600CC) ඩ්‍රයිවින් එකස්පීරියන්ස් එක ලොකු වෙනස් නැතේය, FD4 නං 7ක් 8ක් සිරි ලංකාවෙ තියනවාය කියලා. ඔන්න එතකොට හිතත් පොඩ්ඩක් හදා ගත්තා එහෙම කියලා හොයන්න ගත්තා FD1 සහ FD4 විත් මැනුවල් ගියර් බොක්ස්. මේ කාලෙ මං පත්තරේ ගන්නෙ උදේ 6ට ත් කලිං ඔන්න එක සෙනසුරාදාවක ගත්තා ඉරිදා ලහිපිට, වාසනාව කියන්නෙ මැනුවල් FD4 එකක් දාලා තියනවා, දැක්ක ගමං කෝල් එකක් දුන්නා ගෝල්ඩ් කලර් එකක් දුවලා තිබුනේ 105000යි කිවුවා 2007 ද කොහෙද කිවුවා දැං ඒක මතක නෑ. මතක විදියට ජා ඇල පැත්තෙ. ඔය පැත්තෙං වාහන ගන්න එපා කියලා කතාවකුත් තියනවා නේ. ඊ ගාවට මම කෝල් කරේ ඒ පැත්තෙම හිටපු මගේ සිවික ෆෑන් කෙනෙක්ට. ඌ කියපු දෙයින් මගේ හද සලිත වෙලා ගියා සිංහලූ. ඌ කියපි ඔය කාර් එක කියන තරං හොද තත්වෙක නෙමේය තියෙන්නෙ. ඕක බලන්න ගියාය යන පාර මේකය, ගිය මාසේ ඕකෙ මයිලේජ් එක 160000ක් ය කියලා. මම ආපහු අරගත්තා අර ඇඩ් එක දාපු එකාට ඌට කතා කරලා අරූ කියපු විස්තර කන්ෆර්ම් කරගත්තා මට අනතිමට අහන්න ඕන වුනේ මයිලේජ් එක 55000කින් අඩු වුනේ කොහොමද කියලා විතරයි මෙච්චර කතා කරලා ඒක ඇහුවෙ නැත්නං හරි නෑනේ කියලා ඒකත් ඇහුවා මෙහෙම “ගිය මාසෙම කාර් එක රිවස් එකටද ගියේ කියලා” ඌ අහපි ඒ මොකද කියලා මම කිවුවා නෑ ගියමාසෙ බලද්දි මේකෙ මයිලේජ් එක 160000 යි කියලා. ඌ එහෙමම ෆෝන් එක තිබ්බා මං දවල් වෙලා ආපහු අරන් බැලුවා දිගටම බීසී. මගේ නම්බරේත් බ්ලොක් කරලාද කොහෙද. ආපහු මුලටම ආව. ඔය අතරෙ තවත් බයානක කාරනාවක් මතක් වුනා ඒක තමයි ඔය සීන් වෙන්න ගත්තෙ 2014 දෙසැම්බර්, ජනවාරි 8 ජනාදිපතිවරනේද මොකද්ක එක තියනවා කියන එක මට සෑ…….. හෙන්න ලොකු සුවර් එකක් තිවුන බයියා වේවා ටොයියා වේවා කවුරු දිනුවත් වාහන නං ගනං යයි කියන එක. ඒක නිසා ජනවාරි 8ට කලිං කොහොම හරි ගන්නත් වෙනවාය කියන එක. ඊලග සතියෙ පත්තරෙත් බැලුවා නෙට් එකෙත් බැලුවා නෝ ලක්. දැං මේ දෙසැම්බර් 3 වෙනි සතිය, ගත්තා පත්තරේ දාලා තියනවා මැනුවල් FD4 එකක්, 2008 රතු පාට පර්මිට් එකකට ගෙනාපු එකක්. කතා කරලා බැලුවම මගෙත් හිත ගියා හරිම ජෙනුයින් විදියට කතා කරේ එවලෙම බලන්න යන්න හැදුවා කාර් එකේ අයිතිකාරයට බෑ කිවුවා, සදුදා පුලුවන් කිවුවා ගියා සදුදා බලන්න. කාර් එකේ කිසි අවුලක් නැහැ බබා වගේ පාවිච්චි කරපු එකක්. මයිලේජ් එක තිවුනේ 56000යි මට ඒකේ නං පොඩි අවිස්වාසෙයක් ආවේ නැතුවත් නෙමෙයි, ඒපාර පෙන්නුවා සර්විස් රෙකෝඩ් ටික ගත්තු දවසෙ ඉදන් ස්ටැෆඩ් කරල තිබුනේ. කතා කරලා බැලුවා මයිලේජ් එක ජෙනුයින් බය වෙන්න දෙයක් නැහැ කොයි එකටත් කියලා වාහන ගැන දන්න එකෙකුත් එක්කත් ගිහින් බැලුවා. කිසි අවුලක් නැහැ දවස් දෙකක් අඩලා අඩලා මගේ ගානට ඩීල් එක කතා කරගෙන ගත්තා කාර් එක.
කාර් එක ගනිද්දි සේරම සර්විස් රෙකෝඩ් ටික මට දුන්නා කාර් එකේ මැනුවල් එකත් තිබිලා ඒකත් දුන්නා. අන්තිමට ඒ මහත්තයාගේ ගෙදරටම ගහින් දාල තමයි අපි කාර් එක ගෙදර ගෙනාවෙ පට්ටම ජෙනුයින් මනුස්සයෙක්. කාර් එක අරගත්තට පස්සෙත් මට දවස් දෙකතුනක් කතා කරලා විස්තර අහපු හොද මනුස්සයෙක්. මතක විදියට කාර් එක ගත්තෙ දෙසැම්බර් 28 හෝ ඉතාම ආසන්න දවසක.මේක තමයි කාර් ගනිපු කතාව රිවීව් එක දැන් තමයි පටන් ගන්නේ.
මේක තමයි කාර් එක, මේ ස්පොයිලර් එක මම ගන්නකොටම ගහලා තිබුන එකක්. ඒකෙත් පොඩි ගතියක් තියනවා මේකට ස්පොයිලර් එකක් ගැහුවේ නැතුව තියෙද්දිත් ලස්සනයි. සමහර අය මේකට Type R එකට එන ස්පොයිලර් එක ගහනවා ඒකනං ටිකක් ගනං දන්න විදියට.
හොන්ඩා FD4 එකට එන්නේ 1.6L එන්ජිමක් හරියටම මොඩල් එක R16A. මේක හොන්ඩා R එන්ජින් සීරීස් එකේ තියන පොඩිම එන්ජිම. එන්ජිමේ විස්තර විකියෙ තියෙන්නෙ මෙහෙමයි.මේක i-Vtec එන්ජිමක්.
Displacement: 1,595 cc (97.3 cu in)
Compression: 10.5:1
Bore & stroke: 81.0 mm × 77.4 mm (3.19 in × 3.05 in)
Power: 125 PS (92 kW; 123 bhp) @ 6,200 rpm
Torque: 15.6 kgf·m (151 N·m (111 ft·lbf)) @ 4,200 rpm
Redline: 6500 rpm
අපේ මහේශ් එහෙම මේක ගැන විස්තර දන්නවා ඇති මට වඩා ඒක නිසා විශේශ දෙයක් තියනවා නං ඉතිං දාන්න තියෙන්නෙ.
මේ කාර් එකේ ලුක් එකට ගොඩක් අය ආසයි අනිත් එක FD සීරීස් එකේම කලු සහ සුදු පාට දෙක ටිකක් ලස්සන ගතියක් තියනවා ඒක නිසා ඒ පාට දෙක පොඩ්ඩක් මාකට් වැඩියි. ඒකට තව හේතුවක් තමයි සමහර අය Mugan R බොඩි කිට් ගහලා මොඩ් කරනවා මේ කාර් එක. ඒක ලස්සනටම එන්නෙ කලු සහ සුදු පාට දෙකේ තමයි ඒත් මම දැකල තියනවා සිල්වර් කලර් වලත් පට්ටම ලස්සනක් තියනවා මේ බොඩි කිට් එක ගැහුවම.
මේ කාර් එකේ පිකප් එක හොදට තියනවා. ගියර් එහෙම මාර සමූත් ගියර් ශිෆ්ට් කරද්දි ස්ටික් එක බොහොම පොඩ්ඩයි මූව් කරන්න ඕන ඒක සිරා එක්ස්පීරියන්ස් එක දගලලා කරලා ගියර් දාගන්න ඕනෙ නැහැ නේ. සෙකන්ඩ් එකෙත් දවසක් මං 67ට ගියා තව යන්නත් පුලුවන්.මම දැනට උපරිම 160ට පාගලා තියනවා හයි වේ එකේදි තව යන්න පුලුවන් ඒත් අපේ අම්මටයි තාතතටයි කොල්ලෙක්ට ඉන්නෙ මං විතරක් නිසා ඒවා කරලා බලන්න ගියේ නැහැ. මම සාමාන්‍යෙන් හයි වේ එකේ 100-120 අතර යනවා ඒ සපීඩ් එක දැනෙන්නෙවත් නැහැ. මම FD1 මැනුවල් එකක් පැදලා තියනවා ඒකෙයි මේ FD4 මැනුවල් එකෙයි මට දැනෙන පිකප් එකේ වෙනසක් නැහැ මම FD1 එක කිලෝමීටර 4ක් විතර ටිකක් පාගලා එලවලා බැලුවා දැනෙන තරම් වෙනසක් නැහැ සමහර විට මම පදින විදියෙන් වෙනසක් දැනෙන්නෙ නැද්ද දන්නෙ නැහැ. (මම ටිකක් පාගලා ඩ්‍රයිවි කරනවා).
මේකේ තියෙන්නෙ stiff suspension ඒක නිසා ඇලියොන් වගේ කාර් තරම් සැප පහසුව නම් නැහැ ගොඩක්ම සුළු රළු ගතියක් තියන පාරක නම් දැනෙන්නෙවත් නැහැ ඒත් පොඩ්ඩක් වලවල් තියනවා නං ටිකක් දැනෙන ගතියක් තියනවා.
මේකෙ හැඩලින් නම් සුපිරි කියන්න දෙයක් නැහැ ඒ අතින්. මගේ ගෙදර තියෙන්නෙ සැහෙන්න වංගු සහ කදු තියන පැත්තක ඒක නිසා ඒ පාරේ ටිකක් ස්පීඩ් කරලා යනකොට හැඩලින් වල තියන වෙනස හොදට තේරෙනවා.
මම ගත්තට පස්සෙ එක සර්විස් එකයි කරේ කලින් සේරම ස්ටැෆඩ්ම කරලා තිවුන නිසා බය වෙන්න දෙයක් නැති නිසා මමත් කම්පැනිම දාලා කියලා තියන සර්විස් ටික කරා. එතන ඔයිල් වර්ග දෙකක් තියනවා එකක් 5000න් මාරු කරන්න ඕනෙ ඒක දැම්මොත් සර්විස් එකට 13000/=ක් වගේ යන්නෙ තව ඔයිල් එකක් තියනවා ඒක 10000න් මාරු කරන්න ඕනෙ එක දානවනං සර්විස් එකට 18000/=ක් වගේ යනවා. මම ගොඩාක්ම දුර නිතර පදින්නෙ නැති නිසාත් සාමාන්‍යන් සතියට 100Km ක් වගේ (මම ඉන්නෙ ඔෆිස් එකේ ඉදන් 10Km විතර දුරින් ඒක) පදින නිසාත්, මම තීරනය කරා 5000න් මාරු කරන තෙල් දාල සර්විස් එක කරන්න. ඒ සර්විස් එකේදිම මට තව කරගන්න ඕන වැඩ ටිකක් තිවුනා ඒව තමයි පාක් ලයිට් එකේ බල්බ් එක බුරුල් වෙලා තිවුනා එක බලලා හදා ගන්න එකයි වයිපර් බ්ලේඩ් දාගන්න එකයි එකෙ නම් ඒතරම් අවුලක් තිවුනේ නැහැ ඒත් රෑට වැස්සොත් පොඩි අමාරු ගතියක් තිවුනා. ඒ වගේම සර්විස් එකේදි කිවුවා කැබින් එයාර් ෆිල්ටර් එක මාරු කරන්න ඕන කියලා. මම මේ කෑලි වලට කම්පැනි ගනං ඇහුවා බල්බ් එක 300. වයිපර් බ්ලේඩ් දෙක 5000යි.කැබින් එයාර් ෆිල්ටර් එක 9900. මට මේ වෙලාවෙ නං ලාවට සනීප දායක හැගීමකුත් ආවෙ නැතුවම නෙමයි. මොකද මට හොදට මතකයි මගේ යාලුවගෙ නිසාන් කාර් එකේ වයිපර් බ්ලේඩ් දෙක 1200ටද කොහෙද දැම්මෙ.කමක් නැහැ කියලා බල්බ් එකයි වයිපර් බ්ලේඩ් දෙකයි සල්ලි සල්ලි කියලා බලන්නෙ නැතිව එතනින්ම දාගත්තා. පස්සෙ ටෙක් මෝටර්ස් එකට ගිහින් බැලුවම එයා ෆිල්ටර් එක ඔරිජිනල් හොන්ඩා එක 4800යි. හොන්ඩා නෙවෙයි ඒත් මොකක් හරි ජැපනීස් එකක් තිබුනා ඒක2500යි මම ඔරිජිනල් හොන්ඩා එකක් එතනින් අරගෙන මමම හයි කර ගත්තා.පස්සෙ තමයි හිතුනෙ වයිපර් බ්ලේඩ් දෙකත් පිටින් අරන් දැම්මා නං හරි කියලා. ඒත් කමක් නැහැ ඒ අත්දැකීමත් ගත්තා නේ කියලා හරි හිත හදා ගත්තා.
මෙන්න මේකට තමයි ස්ටැෆඩ් එකේ 9900ක් කිවුවේ
මගේ තාම පිටිපස්සෙ තියෙන්න ඔරිජිනල් ආපු ටයර් (එකම සීරියල් එක තියනවා), තව ටිකක් දුවන්නත් පුලවුන් වගේ ඒත් ඊට කලින් මාරු කරන්න කියලා ඉන්නෙ ජපං ටයර් දෙකක් අරගෙන අලුත් දෙක ඉස්සරහට දාල ඉස්සරහා තියන දෙක පස්සට දාල වීල් එලයිමන්ට් පාරකුත් දාගන්න කියලා තමයි ඉන්නෙ ලගදිම.පුලුවන් වුනොත් ඒකත් ලියලා දාන්නම්.
මේකට ඩිෆෝල්ට් එන සෙට් එකේ FM සහ CD/MP3 විතරයි තියෙන්නෙ ලොකු ස්ක්‍රීන් එකක් නැති එක අඩුවක් ඒත සෙට් එක ඩැශ් බෝඩ් එකට එම්බෙඩ් වෙලා තියන නිසා ගතියක් තියනවා. FD1 එකට නම් ඩිස්ප්ලේ එකක් එක්ක එන ඒවා දැකලා තියනවා. මේකටත් ඩෑශ් බෝඩ් එකේ කැල්ලත් එක්කම සෙට් එක තියන්න පුලවන් කියලා කියනවා ඒත් ඒ ඩෑශ් බෝඩ් එකේ කෑල්ල විතරක් 35ක් ද කොහෙද වෙනවාලු (මම ගනන් අහලා නැ). මම හිතන් ඉන්නෙ මගේ ෆෝන් එකේ තියන සිංදු ටික කාර් සෙට් එකෙන් අහන්න පුලුවන් විදියෙ bluetooth තියන FM Tramsmitter Gadget එකක් ගන්න කියලා. මේකට එන ස්පීකර්ස් නියමයි සද්දෙ හොද කොලිටියට තියනවා දොරවලයි පිටිපස්සෙයි ස්පීකර්ස් තියනවා බේස් එහම හොදට තියනවා ඒ වුනාට තව ටිකක් තිවුනා නං කියල හිතුනු වෙලාවලුත් තියනවා.
මේකෙ ඩෑශ් බෝඩ් එක පට්ටම ලස්සනයි ස්පීඩ් මීටර් එකයි RPM එකයි තැන් දෙකක තියන්නෙ ඒක පොඩි කරදරයක් වගේ තමයි ඒ වුනාට ඩෑශ් බෝඩ් එක ඔන් වෙලා තියනවා දැක්කම ආස හිතෙනවා.
අන්තිමට කවුරුත් අහන ප්‍රශ්නෙ තමයි තෙල් කීයක් කරනවාද කියන එක මේ තමයි ඇත්තම තෙල් කරන ප්‍රමානේ.(මම ඔක්ටේන් 95 විතරයි ගහන්නේ)
මම වැඩට යන්නෙ බත්තරමුල්ලෙ ඉදන් කොල්ලුපිටියට සාමාන්‍යෙන් 10km වගේ දුරක්. ගිහින් එන්න 20km වගේ.කවුරුත් දන්නවා ඇති නේ මේ පාරේ තියන ට්‍රැපික් එක කොහොමද කියලා මේ පාරෙ තෙල් කරන්නෙ හරියටම 7.5යි.
සෑහෙන්න හිතලා පාගන්නේමම නැතුව, නිවුටල් එකෙත් ගිහින් (ඔවු මං ගිහින් බැලුවා) 9ක් කරන්න එලවන්නත් පුලවන් ඒත් මං ආපහු එහෙම යන්නෙ නෑ නෑ නෑමයි.
හයිවේ එකේ ගාල්ලට 15.4ක් කරා දෙපාරක් ටෙස්ට් කරලා බැලුවා. කොලඹින් ෆුල් ටෑංක් කරලා ආපහු ගාල්ලෙන් ෆුල් ටෑංක් කරලා තමයි ගාන හදා ගත්තේ.රුපියල් 901ක ද කොහද තෙල් වැදුනේ.
කොලබ ඉදන් හයිවේ එකේ ඉමදුව හරහා දෙනියායෙ ගිහින්, ආපහු දෙනියායෙ ඉදන් මාතර හරහා කොලඹ එන්න කිලෝමීටර 460ක් වගේ තියනවා මේ ටිකේ තෙල් කරලා තිවුනෙ 13.5ක් වගේ. දන්නෙ නැත්නං කියන්නෙ දෙනියාය කියන්නේ මහා වංගු තියන මහා කදු තියන කාපට් කරපු පාරක් මේ පාර පුරුදු නැති ලේලන්ඩ් ඩ්‍රයිවර්ලා පවා දෙපාරට වංගු ගන්න තැන් තියනවා, පාර පුරුදු නැත්නං එලවන්න හරි අමාරුයි වංගු වලදි අනිත් පැත්තෙං එන වාහනේ අපේ සයිඩ් එකෙන්මයි එන්නේ. මේකෙ ලග දවස් දෙකක ගිහින් ආවම අත් දෙකත් රිදෙනවා.
ෆයිනල් වර්ඩ්ස්
ට්‍රැපික් එකේ මේ කාර් එක පදිනවා නං තෙල් කරන්නේ නැහැ. තෙල් බලාගෙන පැදලා මේකේ ආතල් එක ගන්නත් බැහැ. ඒක නිසා තෙල් ගැන බලන අය මේක ගන්නෙ නැතිව ඉන්න
හොද පිකප් කාර් එකක්, මම හිතන්නෙ 1.6 වලට මේක සෑහෙන්න පවර්ෆුල් කාර් එකක්. හොද ආතල් එකක් ගන්න සිරා ඩ්‍රයිවින් එක්ස්පීරියන්ස් එකක් ගන්න හොද කාර් එකක්.
කෑලි පට්ට ගනං කම්පැනියෙන් අරන් දාන්න ගියොත් ආපහු හොන්ඩා කාර් ගන්නෙ නැති වෙන තරමට ගනං ඒත් ඔරිජිනල් පාට්ස් පිටින් අඩුවට ගන්න පුලුවන් පංචිකාවත්තෙ ටෙක් මෝටර්ස් තමයි ඒකට ප්‍රසිද්දම තැන.
රත්තරං කියපු විදියට AC කම්ප්‍රෙශර් එකේ අවුලක් එනවා කියනවා මට නං තාම ඇවිත් නැහැ ඒ වුනාට මම ලගදිම ඒ දෙකම චෙක් කරන්න ඉන්නෙ.
ඇලියොන් ප්‍රෙමියෝ තරම්ම සැප කාර් එකක් නෙමෙයි එහම කිවුවට මේක හොද පාරවල් වල පදිනවා නම් හොද සැප පහසු කාර් එකක්.
මම නම් මේ කාර් එකට ගොඩක් කැමතියි. ආපහු හොන්ඩා ඇරෙන්න වෙන කාර් එකක් ගන්නෙත් නැහැ. කවදා හරි Type R එකකකුත් ගන්නවාමයි කියලා තමයි හිතන් ඉන්නෙ (කවදා හරි කිවුවට එච්චර ලොකු කාලෙයක් බලං ඉන්නත් අමාරුයි).
තව දන්න කට්ටිය එකතු කරන්න තියන දේවල් එකතු කරන්න කියලා ඉල්ලා සිටිනවා විශේශයන් රත්තරංට සහ මහේශ්ට මේකට එකතු කරන්න දේවල් ඇති.

Last edited:

Civic 2015 wage ewa lankawe na neda thama ?
Ptta bro