අපේ දිහා තියෙනවා හොට් වෝටර් සෝලා සිස්ටම් එකක්.
ඒකේ වෙනම ටෑන්ක් කැපෑසිටි එකක් තියෙනවා.
සාමාන්‍යයෙන් අඩුම රු.50,000 වගේ ඉදන් වගේ ඉදිරියට ගනන් වල ඒවා තියෙනවා.
උබට සාමාන්‍යයෙන් අවශ්‍ය යැයි හිතෙන විදිහට වතුර ලීටර් කැපෑසිටි එක තෝරා ගන්න පුලුවන්.
සෝලාර් එකෙත් වර්ග 2 ක් තියෙනවා.
ඒකක් Flat සෝලා එක.
අනික බට සෝලා එක.අපේ තියෙන්නේ මේකක්.
අව්ව තියෙන වෙලාවට ඒක මගින් වතුර රත් කරලා ඒකට සම්බන්ධ කරලා තියෙන ටැංකියට පිරෙනවා.
ඒක සාමාන්‍යයෙන් නටන ජලයට සමානයි.

තේ හදන්න උනත් පුලුවන්.

සාමාන්‍ය සිසිල් ජලය සමග මිශ වෙලා එන විදිහට තමා ශවර් එකෙන් එන්නේ.
එතකොට සමට ලොකුවට අවුලක් නෑ.
පැය 24 පුරාම උනු වතුර දෙනවා..

වැස්සත් අවුලක් නෑ..
හැබැයි සීමීත දවස් ගානකට , ජලය ගබඩා කර ගත් ප්‍රමානය හා බාවිතා කරන ප්‍රමානය අනූව
අපි ගත්තේ ලංකාවේ නිශ්පාදනය කරන සමාගමකින්.
ඕන තරම් කම්පැනි තියෙනවා ඕවා කරන.
සත්තුන්ගෙන් හෝ වෙන යම් අයුරකින් සෝලා පවර් බට වලට හානි වුවහොත්,
කෙලින්ම එයාලට කියපු ගමන් ලගම තියෙන බ්‍රාන්ච් එකෙන් ටීම් එකක් එවනවා.
දැන් අරන් අවුරුදු 4 ක් විතර
හොදටම වැඩ.
අවුරුදු 10 ක් වොරන්ටි දුන්නා.