HTML මුල සිට සරලව

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Watch-Out-We-Got-A-Badass-Over-Here-eccbc87e4b5ce2fe28308fd9f2a7baf3-243.gif
    :(
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    වැඩේ එල දිගටම කරගෙන යන්න...ඔය වගේම කොරල්ඩ්‍රෝ, ෆොටෝ ශොප් ගැන්ත් පුලුවන් නම් පෝස්ට් එකක් දාමු..

    REP 2+ ADDED
     

    iuh

    Member
    Feb 29, 2008
    8
    9
    0
    updates ko
    mcn updates damma ta ewa pennanda adminge approve karannda onelune. updates 3 parak damma thaama thread ekata ewa watila naa mama mokada karannda one? පළමු ලිපියේ මගේ බ්ලොග් එකේ address එක ඇති. එතනින් ගිහින් updates බලන්න.
     

    iuh

    Member
    Feb 29, 2008
    8
    9
    0
    HTML වලින් වැඩ ආරම්භ කරමු (2)

    HTML මගින් වෙබ් පිටු සෑදීමට විශේෂිත වැඩසටහන් අවශ්‍ය නොවේ . එයට Notepad එක පමණක් හොදටම ප්‍රමාණවත්ය . නමුත් දැන් Dreamweaver වැනි HTML Editors තිබුණත් ඒවා භාවිතයෙන් උසස් HTML දැනුමක් අපට ලබා ගත නොහැක. අපට ඒවායින් ලැබෙන්නේ වෙබ් පිටු වේගයෙන් සැදීමේ හැකියාවත් පහසුවෙන් වෙබ් පිටුව සංස්කරණය කිරීමේ පහසුකමත් පමණි. උසස් HTML දැනුමක් ලැබීමටනම් මුල සිට ටැග්ස් Notepad එක තුළ type කර ඒ හුරුව ලබා ගත යුතුය. එම නිසා මේ පාඩම් මාලාව ඉදිරියට යන්නේ Notepad එක භාවිතයෙනි. මේ පාඩම් මාලාව අවසානයෙන් පසු Dreamweaver වලින් පාඩම් මාලාවක් කිරීමටද බලාපොරොත්තු වේ . අමාරුවෙන් ඉගෙන ගන්න දේ තමා වටින්නේ වගේම මතක තියන්නේ . ඒක නිසා HTML ඉස්සෙල්ලම Notepad එකෙන් ඉගෙනගමු නේද ?



    ඔන්න එහෙනම් දැන් ඉදන් වැඩේට බහිමු
    HTML භාෂාවෙන් වෙබ් පිටු කේත කරන විට අනිවාර්යයෙන්ම භාවිතා වෙන කෝඩ්ස් හෙවත් HTML ටැග්ස් 4 කි.











    ඔන්න එහෙනම් අපි සරලම සරල වෙබ් පිටුවක් හැදුවා . ඊලග පාඩමෙන් තවත් Text වෙබ් පිටුවට එක් කරන ආකාරය ඉගෙනගමු. මේ මගේ පළමු පාඩම් මාලාව බැවින් ඔයාලගේ වටිනා අදහස් මට ඉතා වැදගත් . වැරදි තියනවනම් ඒවත් පෙන්නල දෙන්න. මොකද ඉස්සරහ පාඩම් වලට ඔයාලගේ වටිනා අදහස් ගොඩක් වැදගත් වෙයි.3 වෙනි පාඩමෙන් එහෙනම් නැවතත් හමුවෙමු. ඔයාලට ජය!!!!!!!!
     

    iuh

    Member
    Feb 29, 2008
    8
    9
    0
    වෙබ් පිටුවකට ටෙක්ස්ට් එකතු කරමු. (HTML 3)

    මාතෘකා සදහා යොදන ෆොන්ට් සයිස් එක වෙනස් කිරීම.

    වෙබ් අඩවියක තිබිය යුතු වැදගත්ම කරුණ තමයි සිත් ඇද ගන්නා සුළු බව. ඒ සදහා විවිධ ක්‍රියා මාර්ග අපට අනු ගමනය කරන්න පුළුවන්. එයින් එක් ක්‍රමයක් තමා විවිධ ෆොන්ට් ස්ටයිල් හා ෆොන්ට් සයිස් යෙදීම. වෙබ් පිටුවක මාතෘකාව ඉතා වැදගත් . මාතෘකාවක ෆොන්ට් සයිස් එක වෙනස් කි‍රීමට ඉතා පහසුවෙන් භාවිතා කරන්න පුළුවන් ටැග් එකක් තියනවා ඒ තමා <h1> සිට <h6> දක්වා තියන ටැග්ස්. ඒවා භාවිතා කරන අයුරු පහත රූප සටහන් ඇසුරින් පහසුවෙන්ම තේරුම් ගත හැක .

    මේ ලෙස ටැග්ස් සියල්ල යොදා Notepad එකේ ටයිප් කොට කලින් පාඩම් වල මෙන් save කරන්න .​


    Save කර ගත් පිටුව වෙබ් පිටුව වෙබ් බ්‍රව්සර් එකක් ආධාරයෙන් open කරගත් පසු ඉහත ලෙස දිස් වෙයි. කොහොමද වැඩේ ලේසියි නේද ?​
    මතකයට -ඔබ විසින් open කරන සියලු ටැග්ස් අනිවාර්‍යයෙන් වැසිය යුතුය.
    එහෙනම් ආයෙමත් මේ වගේ පාඩමකින් හමුවෙන අදහසින් මම ගියා . ඔයාලට ජය !!!!!!​

    ප.ලි - පාඩම් මාලාව මුල සිට අධ්‍යයනය කරන්න.(ලොකු ගොඩනැගිල්ලක් හදනකොට පාදම ශක්තිමත්ව තියෙන්ඩ ඕන කියනවා වගේම HTML මුල සිට පිළිවෙලට ඉගෙනගත් විට ඉක්මනින්ම එහි ප්‍රමුකයෙකු විය හැකියි.)​
    වැරදි අඩු පාඩු ඇත්නම් පෙන්වා දෙන්න . එය මගේ ඉදිරි ගමනට ශක්තියක් වෙනු ඇති.
     

    iuh

    Member
    Feb 29, 2008
    8
    9
    0
    වෙබ් පිටුවකට Text එක් කරන ක්‍රම (HTML 4)




    මෙතනින් code එක ගන්න.
    <html> <head> <title>Chalana Web Solutions</title> </head> <body> <h1>Isuru Udana Hewapathirana</h1> <h2>Isuru Udana Hewapathirana</h2> <h3>Isuru Udana Hewapathirana</h3> <h4>Isuru Udana Hewapathirana</h4> <h5>Isuru Udana Hewapathirana</h5> <h6>Isuru Udana Hewapathirana</h6> <p><font size =”7”>Isuru Udana Hewapathirana</font></P> <p><b>Isuru Udana Hewapathirana</b></p> <p><i>Isuru Udana Hewapathirana</i></p> <p><u>Isuru Udana Hewapathirana</u></p> <p align=”center”>Isuru Udana Hewapathirana</p> <p><font style =”font-size:50pt”>Isuru Udana Hewapathirana</font></P> <p><font face =”Iskoola Pota” size=”5”>ඉසුරු උදාන හේවාපතිරණ </font></P> <p>o<sub>2</sub></p> <p>2<sup>4</sup></p> <p><strike>ABC</strike></p> </body> </html>
    save කරන විට ඔබ සිංහලෙන් ටයිප් කරේ Unicode භාවිතයෙන්නම් Encoding එක Unicode යන්න තෝරා දෙන්න
    මීලග කොටසෙන් වෙබ් පිටුවට Image එකක් දාමු. එහෙමනම් අදට මම ගියා . ඔයාලට ජය !!!!!!
     

    iuh

    Member
    Feb 29, 2008
    8
    9
    0
    වෙබ් පිටුවට ඉමේජ් එකක් එක කරමු . (HTML 5 වෙනි පාඩම)


    <html> <head> <title>Chalana web solutions</title> </head> <body> <h1> Isuru UDANA HEWAPATHIRANA </h1> <p align=center><img src="img1.jpg" width="280" height="300" border="8"/></p> </body> </html>

    එහෙනම් ඊලග පාඩමෙන් වෙබ් පිටුවකට Audio හා Video එකක් එක් කරන හැටි බලමු. එහෙමනම් අදට මම ගියා. ඔයාලට ජය !!!!!!