වෙබ් පිටුවකට ටෙක්ස්ට් එකතු කරමු. (HTML 3)
මාතෘකා සදහා යොදන ෆොන්ට් සයිස් එක වෙනස් කිරීම.
වෙබ් අඩවියක තිබිය යුතු වැදගත්ම කරුණ තමයි සිත් ඇද ගන්නා සුළු බව. ඒ සදහා විවිධ ක්‍රියා මාර්ග අපට අනු ගමනය කරන්න පුළුවන්. එයින් එක් ක්‍රමයක් තමා විවිධ ෆොන්ට් ස්ටයිල් හා ෆොන්ට් සයිස් යෙදීම. වෙබ් පිටුවක මාතෘකාව ඉතා වැදගත් . මාතෘකාවක ෆොන්ට් සයිස් එක වෙනස් කිරීමට ඉතා පහසුවෙන් භාවිතා කරන්න පුළුවන් ටැග් එකක් තියනවා ඒ තමා <h1> සිට <h6> දක්වා තියන ටැග්ස්. ඒවා භාවිතා කරන අයුරු පහත රූප සටහන් ඇසුරින් පහසුවෙන්ම තේරුම් ගත හැක .
මේ ලෙස ටැග්ස් සියල්ල යොදා Notepad එකේ ටයිප් කොට කලින් පාඩම් වල මෙන් save කරන්න .
Save කර ගත් පිටුව වෙබ් පිටුව වෙබ් බ්‍රව්සර් එකක් ආධාරයෙන් open කරගත් පසු ඉහත ලෙස දිස් වෙයි. කොහොමද වැඩේ ලේසියි නේද ?
මතකයට -ඔබ විසින් open කරන සියලු ටැග්ස් අනිවාර්යයෙන් වැසිය යුතුය.
එහෙනම් ආයෙමත් මේ වගේ පාඩමකින් හමුවෙන අදහසින් මම ගියා . ඔයාලට ජය !!!!!!
ප.ලි - පාඩම් මාලාව මුල සිට අධ්‍යයනය කරන්න.(ලොකු ගොඩනැගිල්ලක් හදනකොට පාදම ශක්තිමත්ව තියෙන්ඩ ඕන කියනවා වගේම HTML මුල සිට පිළිවෙලට ඉගෙනගත් විට ඉක්මනින්ම එහි ප්‍රමුකයෙකු විය හැකියි.)
වැරදි අඩු පාඩු ඇත්නම් පෙන්වා දෙන්න . එය මගේ ඉදිරි ගමනට ශක්තියක් වෙනු ඇති.