HTTP (HyperText Transfer Protocol)
HTTP කියන protocol එක අපිට ඔින වෙන්නෙ internet එකේ තියන web sites බලාගන්න. ඔයාලා browser එකට ගිහින් www.@#$.com විදිහට site එක්කට යනකොට එතන ඉස්සරහට http:// කියලා automatically ඇවිත් තියනවා ඔයාලා දැකලා ඇති.
ඉතින් මෙතෙන්දි අපිට ඔින වෙන Data අපි ගන්නෙ අදාළ web server එකෙන්. HTTP වලදි අපි අපේ Computer/ Phone එකයි web server එකයි අතරෙ අපිට ඔින වෙන data හුවමාරු කරගන්නෙ අමුවෙන්. ඒ කිව්වෙ තනිකරම text විදිහට. ඒක නිසා මේකෙ මැදට පනින hackers ලට ලේසියෙන්ම පුලුවන් වෙනවා අපේ device එකයි webserver එකයි අතර හුවමාරු වෙන data ටික ගන්න.
ඒකත් එක්ක තමා HTTPS කරලියට එන්නෙ..
HTTPS (Secure HyperText Transfer Protocol)
මෙතෙන්දි අලුතින් add වුණ S අකුරෙන් කියවෙන්නෙ Secure නැත්තන් ආරක්ෂිත කියලා. කොහොමද ආරක්ෂිත වෙන්නෙ? අපි බලමු..
අපි දැනටමත් දන්නවා HTTP වලදි Data හුවමාරු වුණෙ අමු අමුවෙන්. ඒත් HTTPS වලදි Data හුවමාරු වෙන්නෙ encrypt වෙලා. ඒ කිව්වෙ දැන් data හුවමාරු වෙන්නෙ අමුවෙන් නෙමෙයි, උදාහරණයක් විදිහට "අපි තමයි හොදටම කරේ" කියන එක webserver එකට යනවනම් ඒක යන්නෙ "£$lpoiad$qw68" මේ වගේ අවුල් විදිහකට. Hacker කෙනෙක් ඒක ඉස්සුවට ලිහාගන්න එක ගොඩක් අමාරුයි.
ඔයාලත් Personal information දෙන්න තියන site එක්කට යනවනම් අනිවාර්යෙන්ම බලන්න site එකේ url එක ඉස්සරහ https තියනවද කියලා. ඒ වගේම අයිනෙන් ඉබ්බෙකුත් වැටිලා තියෙයි. එහෙම නැත්නම් ඒ site ගොඩක් unsafe...
TFS machan.