මම නම් මෙහෙම එකක් දැක්කෙත් අදයි මචන්.
මේක පාවිච්චි කරණ හැටි කියලා දෙන්නකෝ සහෝ. ජීවිතේට දැකලා නැති නිසා අහන්නේ
------
Post added on Sep 4, 2021 at 6:45 PM
මේක ultra සොනික් වලින් වතුර වාෂ්පයක්, එහෙමත් නැත්තම් මී දුමක් කරන එක වෙන්නේ.
වතුර tank එකකින් පොඩ්ඩ පොඩ්ඩ ඇවිල්ලා speaker එකක් වගේ එකක් උඩට වැටිලා එක වාෂ්ප වෙන සීන් එකක් තියෙන්නේ.... වතුර ටැංකියට දැම්මා on කළා. එච්චරයි. වතුර ඉවර වෙනකන් ඕකෙන් හුමලේ / දුම එනවා..... මේකේ ලොකු ලීටර් 2-5 වගේ දාන ඒවා තමා ගෙවල් වල පාවිච්චියට ගන්නේ සීතල රට වල.සයිස් එක ඝන අඩි 2-3 වගේ ප්‍රමනේ.
ලංකාවේදී නම් මම ඕක පාවිච්චි කරලා නැහැ....
එත් සීතල රටවල දී නම් ඕක ඕනෑමයි. මොකද A/C එක දැම්මම, වාතයේ තියන ජලවාෂ්ප තියන ටිකත් අයින් කරනවා සිසිලන ක්‍රියාවලියේදී. උබ දැකලා ඇතිනේ A/c එක වැඩකරද්දී වතුර එකතු වෙනවා... ඉතින් ඇගට පොඩි වියලි ගතියක් එක්ක පොඩි අමාරුවක් එන එක නැති කරන්න ඕක පාවිච්චි කරනවා වාතයේ ජලවාෂ්ප වැඩි කරන්න..... 50% න් අඩු උනාම ඕක ඇගට දැනෙනවා සීතල කාල වලදී.
තියරි වලට අනුව නම් ලංකාවට ඕක ගැලපෙන්නේ නැහැ. සරල එක්සම්පල් එක වතුර ස්ප්‍රේ කරන fan මුලදී සීතලක් දැනුනත් පස්සේ රස්නේ වැඩි වෙනවා.
මොකද ලංකාව කොහොම ගත්තත් 90% උඩින් තමා තියෙන්නේ හියුමිදිටි එක.....
ඔකේ අනිත් පැත්තත් සීතල රට වල පාවිච්චි වෙනවා. dehumidifier. එක පාවිච්චි කරන්නේ ඇදුම් එහෙම වේලාගන්න. සීතල රටවල dryer එක දාලා 100% වෙලුවේ නැති උනාම ඕක දාපු කාමරයකින් තිබ්බම ඇදුම් වේලෙනවා හොදට. එහෙම වේලෙන එකෙයි, dryer එක දාලා වේලන එකයි වෙනසක් තියනවා.... එකේ ඇතුලේ තියෙන්නේ පොඩි A/C එකක ක්‍රියාවලිය. වතුර වාතයෙන් අයින් කරන්න.