I fucked up. Help me plz

jennt

Well-known member
  • Sep 23, 2021
    323
    552
    93
    ඇයි එන්නද?
    මොන degree වලටද?



    ඒක නං කමක් නෑ කියමු එහෙම සිද්ධි ඕන තරං තියෙනවා. හැබැයි bio or maths district 1st,2nd වෙලා දෙන්නම colombo, moratuwa නොගිහින් pera ගියා කිව්වම තමයි මට හිතුනේ reply කරපු එක අපරාදෙ කියලා. 😕
    ------ Post added on Sep 24, 2021 at 12:27 AM
    ඒගොල්ලො මුල් කලෙ ඉඳන්ම ආසාව තිබ්බෙ pera යන්න. colombo යන්න බෑ කිය කිය හිටියෙ එහෙ competition එක වැඩි කියලා. අපි ඔක්කොටම ඕනෙ වුනේ pera ගිහින් වැඩිය මහන්සි වෙන්නෙ නැතුව degree eka අරන් එලියට එන්න( හන්තාන සිහිනෙ ) .

    යාලුවො දෙන්න ගියෙ medical faculty එකට. a/l වලින් පස්සෙ ලඟ සම්බන්ධතාවයක් දැන් නෑ .. සමහර විට ඒගොල්ලන්ට ගොඩක් වැඩ ඇති campus වල
     
    • Like
    Reactions: shenat

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    5,256
    3,805
    113
    මල්ලි උබ සිරාවට මැත්ස් වලට ආසනං සහ උබට ඔය කියලා තිබ්බා වගේ රෑන්ක් දාන ලෙවල් එකක ෆිසික්ස් කෙමෙස්ට්‍රි දැනුමක් තිබ්බනං උබට මැත්ස් වලට අවුරුද්දෙන් A දාන එක නතිං.දැන් උබ අවුරුදු ගානක් කට්ට කාලනෙ කෙමයි ෆිසික්ස් වලටයි A දෙකක් ගන්න ලෙවල් එකට ආවෙ ඒ නිසා අවුරුද්දක් ඇදලා මැත්ස් කරගනින්.නැත්තං ඒ අවුරුදු දෙකේ මහන්සිය අපරාදෙ.උබ AAB , AAC වගේ දැම්මත් engineering මිස් උනත් UCSC CS,Moratuwa IT වගේ ඩිග්‍රී වලට ලොවෙත් සිලෙක්ට් වෙන්න පුලුවන් ඒ හින්දා බොරුවට ප්‍රෙශර් වෙන්නැතුව වැඩ ටික කරන් පලයන්.

    ප.ලි :- මෙන්න මේ ටිකට උත්තර දියන් කැමතිනං

    1.උබ ඉස්කෝලෙ මොනවම හරි ක්‍රීඩාවක් කරාද?
    2.උබට කෑල්ලක් හිටියද ඉස්කෝලෙ යන කාලෙ ? නැත්තං අඩුම කෑල්ලක් ටෝක් හරි කරාද?
    3.උබට හොද යාලුවො සෙට් එකක් ඉන්නවද?පොතේම ඇලිලා ඉන්න පුක ඉරාගෙන වැඩ කරන නමට යාලුවො නෙවෙයි උබට ඕන අවුලකදි ඕන ගේමකට එන යාලුවො ඉන්නවද?
    4.ඉස්කෝලෙ කාලෙ උන් එක්ක ආතල් දාල තියනවද?පිස්සු කෙලලා වෙන කොල්ලො සෙට් එක්ක ගැන්සිය පිටින් වලි දාගෙන එහෙම තියනවද?
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    323
    552
    93
    ඇයි එන්නද?
    මල්ලි උබ සිරාවට මැත්ස් වලට ආසනං සහ උබට ඔය කියලා තිබ්බා වගේ රෑන්ක් දාන ලෙවල් එකක ෆිසික්ස් කෙමෙස්ට්‍රි දැනුමක් තිබ්බනං උබට මැත්ස් වලට අවුරුද්දෙන් A දාන එක නතිං.දැන් උබ අවුරුදු ගානක් කට්ට කාලනෙ කෙමයි ෆිසික්ස් වලටයි A දෙකක් ගන්න ලෙවල් එකට ආවෙ ඒ නිසා අවුරුද්දක් ඇදලා මැත්ස් කරගනින්.නැත්තං ඒ අවුරුදු දෙකේ මහන්සිය අපරාදෙ.උබ AAB , AAC වගේ දැම්මත් engineering මිස් උනත් UCSC CS,Moratuwa IT වගේ ඩිග්‍රී වලට ලොවෙත් සිලෙක්ට් වෙන්න පුලුවන් ඒ හින්දා බොරුවට ප්‍රෙශර් වෙන්නැතුව වැඩ ටික කරන් පලයන්.

    ප.ලි :- මෙන්න මේ ටිකට උත්තර දියන් කැමතිනං

    1.උබ ඉස්කෝලෙ මොනවම හරි ක්‍රීඩාවක් කරාද?
    2.උබට කෑල්ලක් හිටියද ඉස්කෝලෙ යන කාලෙ ? නැත්තං අඩුම කෑල්ලක් ටෝක් හරි කරාද?
    3.උබට හොද යාලුවො සෙට් එකක් ඉන්නවද?පොතේම ඇලිලා ඉන්න පුක ඉරාගෙන වැඩ කරන නමට යාලුවො නෙවෙයි උබට ඕන අවුලකදි ඕන ගේමකට එන යාලුවො ඉන්නවද?
    4.ඉස්කෝලෙ කාලෙ උන් එක්ක ආතල් දාල තියනවද?පිස්සු කෙලලා වෙන කොල්ලො සෙට් එක්ක ගැන්සිය පිටින් වලි දාගෙන එහෙම තියනවද?
    1. කිසිම ක්‍රීඩාවක් කලේ නෑ. ගෙවල් පැත්තෙ යලුවොත් එක්ක cricket ගහපු එකනම් කළා අතරින් පතර .
    2.කෑල්ලක් හිටියේ නෑ. ටෝක් කරෙත් නෑ.
    3.එක්කෙනෙක් ඉන්නවා.
    4.o/l කාලෙනම් වලි දාන් තියෙනවා .. a/l වලදි නෑ ..

    (කෙල්ලො 2න්නෙක් මගෙන් යාලු වෙන්න අහල තියෙනවා .. කෑලලක් ඉන්න නැති වෙන්න ප්‍රධාන හේතුව අපෙ ගෙදරින් මම දන්න කාලෙ ඉදන් කියනවා ඉස්කෝලෙ කාලෙ affais එපා කියලා .. අපෙ පවුලේ අයියලාට එහෙම ගොඩක් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා affairs නිසා )
     

    shenat

    Well-known member
  • May 13, 2007
    30,151
    31,959
    113
    ආශ්චර්යමත් රටක
    ඒගොල්ලො මුල් කලෙ ඉඳන්ම ආසාව තිබ්බෙ pera යන්න. colombo යන්න බෑ කිය කිය හිටියෙ එහෙ competition එක වැඩි කියලා. අපි ඔක්කොටම ඕනෙ වුනේ pera ගිහින් වැඩිය මහන්සි වෙන්නෙ නැතුව degree eka අරන් එලියට එන්න( හන්තාන සිහිනෙ ) .

    යාලුවො දෙන්න ගියෙ medical faculty එකට. a/l වලින් පස්සෙ ලඟ සම්බන්ධතාවයක් දැන් නෑ .. සමහර විට ඒගොල්ලන්ට ගොඩක් වැඩ ඇති campus වල

    හ්ම්.
     

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,818
    1,583
    113
    අනන්තයේ
    කාගෙන්වත් අහන්න එපා ...උබට හරි කියල හිතෙන දේ කරපන් .. අරමුණක් තියනවනම් උබ ඔය හිතන හැම පාරකම අවුලක් නැහැ ..
     
    • Like
    Reactions: shenat and jennt

    Sen-lu

    Well-known member
  • Mar 13, 2019
    2,931
    7,661
    113
    මම පොලොන්නරුවෙ . පොලොන්නරුවෙ royal එකේ ..


    මට ඔයගොල්ලන්ව රවට්ටන්න thread එකක් දැම්ම කියලා කිසිම තේරුමක් නෑ . ඒකෙන් මට ලැබෙන දෙයකුත් නෑ. ඔය ඔයාගෙ argument ලියන්න ගත්ත වෙලාව මොකක් හරි උපදෙසක් දෙන්න පාවිච්චි කරන්න තිබ්බා .ඇත්තටම උපදෙසක් දෙන්න බැරිනම් reply නොකර ඉන්න..
    ------ Post added on Sep 24, 2021 at 12:13 AM
    හරි හරි උඹේ ආතල්එක ගනින් මට මොකද. But next time change your style
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    31,164
    11,252
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මං ගැන පොඩ්ඩක් කෙටියෙන් කියලා ඉන්නම්.. අපි දුප්පත්. තාත්ත දාල ගිහිල්ල. තාත්ත දාල යද්දි මම 4 වසරෙ. පවුලෙ අම්මයි මායි අයියලා දෙන්නයි. මට පොඩි කාලෙ ඉදන් ඉගෙන ගන්ඩ ප්‍රශ්නයක් තිබ්බෙ නෑ. clz යන්න සල්ලි නැති කම් එහෙම තිබ්බ. ඒත් ඒක බරක් විදිහට දැනුනෙ නෑ. ශිෂ්‍යත්වය හොඳට පාස්. o/l a8 c1 යි. මම o/l කරන කාලෙ වෙනකොට පවුලෙ තිබ්බ ආර්ථික ප්‍රශ්න ගොඩක් මඟහැරුනා අයියලා job කරන්න පටන් ගත්ත නිසා.. ඒගොල්ලන්ටත් job හම්බුනාට තව පවුල් ජීවිත වල ප්‍රශ්න වගේ රටේ නැති ඒව තියෙනවා .. ඒත් අපේ ආර්ථික මට්ටම ටිකක් උඩට ආව . අයියල දෙන්නම a/l commerce කලේ . ලොකු අයිය campus ගියා. පොඩි අයිය විද්‍යා පීඨ ගියා.. දැන් ලොකු අයිය accuntant කෙනෙක් . පොඩි අයිය teacher කෙනෙක්. ගෙදර අයගෙ ලොකු වුවමනාවක් තිබ්බ මම doctor කෙනෙක් වෙනවා දකින්න.ඒ හින්දා ඒගොල්ලො මට a/l කාලෙ කිසිම අඩුවක් වෙන්න දුන්නේ නෑ. නුවර clz වලට ගියා . bodim වලටත් එක්ක මාසෙට රු.20000ක් විතර මම වෙනුවෙන් වියදම් කරන්න ඇති. a/l මුල් කාලෙ අවුලක් තිබ්බෙ නෑ.. ඒත් විභාගයට මාස 06ක් විතර තිබිලා මට clinical depression ආව . නිතර panic attacks එන්න පටන් ගත්ත. මම ඒ ගැන කාටවත් කිව්වේ නෑ . බෝඩිමේ යාලුවොන්ට හොරෙන් ගිහින් මම තනියම විනාඩි 45ක් විතර හැම රෑකම අඩන්න පටන් ගත්තා . මට ඒ දවස් වල ගොඩක් අම්ම ගැන දුක හිතුන මට මේ දේ කරගන්න බැරි වෙයිද කියලා වගේ ..

    කොහොම හරි exam එකට මාසයක් විතර තියලා මට depression හොඳටම වැඩි වුනා .. මට වෙව්ලන්නේ නැතිව කතා කරගන්නවත් බැරි තත්වයට ආවා . පස්සෙ a/l st shy අතෑරියා .. මගෙත් එක්ක ඉස්කෝලෙ එක පෝලිමේ හිටිය යාලුවො දෙන්න district rank 1&2 ඒගොල්ලොන්ගෙත් දැනුම මට්ටම මගෙ වගේ තම තිබුනෙ. කොහොම හරි මාව psychiatrist කෙනෙක්ට පෙන්නුවා එයා බෙහෙත් දුන්න.. අධ්‍යාපන කටයුත් වලින් ඈත්වෙලා මාස 04 ක් විතර ඉන්න කිව්වා . ඔය සිද්දිත් එක්ක මට 2nd shy කරන්න බැරි වුනා .. දැන් මට panic attacks එන්නේ නෑ. depression 80% විතර හොඳයි.

    මම නිකන් ඉන්න කාලෙ youtube එකෙයි. thread වලයි ගොඩක් කාලය ගතකලා .. ඒ කාලෙ මම මම ගැනම හිතල බලපුවාම මට හිතුන දෙයක් තමයි, මම bio කලේ ඇත්තටම ගෙදර වුවමනාවට කියලා. මම ඒකට දක්ෂ බව ඇත්ත ඒත් මට ඒ ගැන කිසිම කැමැත්තක් තිබුනේ නෑ . ඒත් ඒ කලෙ ගෙදරට ඒ ගැන කියන්න තරම් හයියක් තිබුනේ නෑ . ඒවගෙ දෙයක් කිව්වොත් බලාපොරොත්තු කඩ කරන්වා වගේ දැනුනා . ඒත් දැන් ගෙදරින එහෙම ප්‍රශ්නයක් නෑ. මම නිකන් හිටපු කාලෙ udemy එකේ එහෙම thibba c++/ python / jawascript වගේ course normal කලා ඒවා බලන්න එපා කියල තිබුනත්.. මම ඒවට පට්ට ආසයි. මට දැන් හිතෙනවා මගේ යටි හිතේ ආසාව තියෙන්නෙ coding පැත්තට කියලා

    මට හිතෙනවා maths කරන්න . මට physics/chemistry subject දෙකම ප්‍රශ්නයක් නෑ. ඒත් අවුරුද්දක වගේ කාලයක් ඇතුලත මට maths ගොඩ දාගන්න පුලුවන් වෙයිද?එහෙම නැත්නම මම a/l සම්පූර්ණයෙන්ම අතෑරල sliit වගේ campus එකකට යන්නද? sliit එකේ course fee එක 17lakhs. එච්චර ගෙවන්නම් සල්ලි නෑ. ඒත් රජයෙන් දෙන educational loan එක maximum 11lakhs වගේ ගන්න පුලුවන් ඉතුරු 7lakh වගේ නම් හොයා ගන්න පුලුවන්.

    දැන් මගේ ඔලුව කම්මලක් වගේ.. මම මොනවද කරන්න හොඳ ? වයසත් වෙගෙන් යනවා වගේ දැනෙනවා ..
    linde penahan ban- kalu jarawa wedi den loke.
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,969
    5,179
    113
    අකමැති දෙයක් කරන්න යන්න එපා. උඹ කැමති IT පැත්තෙන් ඉස්සරහට යන්න නම් එහෙම කරපන්. උඹට කාලය ඕන තරම් තියෙනවා. හැබැයි A/Ls අතාරින්න එපා. මොන පැත්තකින් හරි විශයන් තුනක් පාස් කර ගන්න. උඹට අවංකවම හිතෙනව නම් මැත්ස් වගේ පැත්තකින් අවුරුද්දක වගේ ඇතුලත A/Ls කර ගන්න පුළුවන් කියල, then go for it.
     

    trng

    Well-known member
  • Jul 18, 2008
    1,251
    236
    63
    මල්ලි a/l කරන්න. ඔයාට ගණන් ගොඩදාන්න පුලුවන් මොකද ඔයා හොද මීටරයක් බව පේනවා. මුලින්ම a/l කරලා සෙකන්ඩ් ඔප්ශන් විදියට sliit තියාගමු. මොකද කොම්පියුටර් සයන්ස් වලින් කැම්පස් යන්න අමාරු නෑ ඔයාට. ජීවිතය ගැන සරලව හිතන්න. දොඩම් ගොඩ බදාගත්තා වගේ ඔක්කොම එකපාර කරන් අනාගන්නෙ නැතුව එක පාරකට එක දෙයක් හරියට කරන්න. ඒ වගේම මේ වගේ වෙලාවක ආදරය පටලවගන්න එපා. එහෙම වුනොත් ඔයා කබලෙන් ලිපට. අනිත් දේ ඔයා ලයිෆ් එකේ කිසිම දේකට ලේට් නෑ. හැමෝටම යුනික් ටයිම් ෆ්‍රේම් එකක් තියෙනවා ඒ නිසා ඉවසීමෙන් පොඩ්ඩක් ආගම ධර්මය පැත්තටත් නැබුරු වෙලා ගේම ගහන්න යකා වගේ. මේ තමයි ඔයාගෙ හොදම කාලේ හොදම අවස්ථාව. ඊලග ත්‍රෙඩ් එක ඔයා දාන්න ඕනි කැම්පස් සිලෙක්ට් වුනා කියන නිවුස් එකත් එක්ක. කිරියෙ කොල්ලො කෙල්ලො ඔයාට අනිවාර්යයෙන්ම සුභ පතනවා. ඔබට ජය.
    Agree
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    1,228
    749
    113
    colombo
    ඒත් ලංකාවෙ වගේ ජොබ් එකක් කරන්න බොහෝ දුරට degree එකක් ඕනෙ නේද?
    මේ විදිහට ෆස්ට් ට්‍රැක් කලොත් ඩිග්‍රි එක්ක් නෙමෙයි තුන හතරක් කරතැකි. මේකෙ තියෙන වාසිය, ටාගට් එක් ඩිග්‍රි එකක් නම් ඒකට ඕනි වියදමත් කවර් කරගන්න පුළුවන් තමන්ගෙ ස්කිල් සෙට් එක හදන් පොඩියටහරි ඩෙයක් කරනගමන් ඉගෙන් ගන්න නිසා.
     
    • Like
    Reactions: jennt

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    871
    1,038
    93
    මල්ලී උබ Bio ආස නැත්නම් කරන්න යන්න එපා අඩුම තරමේ උබ ආස දේ දන්නවා ඒක කරපන්..මොකද උබ හොදට පාඩම් කරලා Doctor කෙනෙක් උනත් උබට ලොකු පඩියක් හම්බුනත් සතුටු වෙන්නේ නෑ ඒකෙන්. හැබැයි උබ ආස කරන එක කරලා පොඩි පඩියක් හම්බුනත් උබ සතුටු වෙයි. නැත්නම් උබට එදාටත් දුක් වෙන්න වෙන්නේ අපරාදේ මන් Bio කරේ කියලා. උබ ආස දේත් දැනගෙන දක්ශ මොකටද කියලත් දැනගෙන මේකේ ඉන්න උන්ගෙන් අහන එපා මොකක්ද කරන්න ඕනා කියලා..ඒක බොරු වැඩක්.
     
    • Like
    Reactions: jennt