I hate people writing සිංග්ලිෂ් (Singlish).

DJAT

Well-known member
  • Sep 1, 2006
    9,925
    1,421
    113
    Live in EARTH
    හිකිස් ! පොඩ්ඩක් අමාරුයි .මොකද ස්පීඩ් සහ සමහර වචන හරියට type කරනකොට හරියට වදින්නේ නෑ මටනම් google Trancelater එක නිසා පොඩ්ඩක් shape .ටිකක් පුරුදු උනහම සිංහලෙන්ම ගහනවා
     
    kitt354

    Member
    Mar 7, 2010
    235
    22
    0
    එළකිරි එකේ නියම සිංහලෙන් ලියන අය කී‍ දෙනෙක් ඉන්නවද?

    PS - මට මේ අපේ උන් singlish වලින් ලියලා තියෙන ඒවා කියවන්න ගියාම headache හැදෙනවා හැමදාම. ඇත්තටම මේ අයට දවස් කීපයක් පොඩි වෙලාවක් වැය කරලා තමන්ගේ මව් භාෂාවෙන් ටයිප් කරන්න ඉගෙන ගන්න බැරි ඇයි ????? කථා කරන්නේ නම් රට, ජාතිය, සංස්කෘතිය ගැන බොක්ක දෙන්න වගේ.

    සහතික ඇත්ත කතාව මචං. මමත් ලියන්නෙ සිංහලෙන්. මට ඔය අර කන්වර්ටරුයි මේ කන්වර්ටරුයි ඕනෙ නෑ. අපි සිංහලනං අපි‍ට සිංහල ටයිප් කරන්න බැරි එක ගැන අපි ලැජ්ජා වෙන්න ඕන. අනික ඉංගිරිසියෙන් පුළුවන්ද සිංහල ලියන්න. (භාෂාවක් හරියටම ලියන්න පුළුවන් ඒ භාෂාවෙම අකුරු වලින්). ගොඩක් වචන හරියට ලියන්න බෑ. කරන්නෑ = karanne = කරන්නෙ :lol:

    අපේ එවුන් තමන්ට සෘජුවම වාසියක් නොවෙන දේවල් වලට හරි කම්මැළියි මචං. ලංකාවෙ විජේසේකර යතුරු පුවරුව කියල සම්මත වුණ යතුරු පුවරුවක් තියෙද්දි ඒක ඉගෙන ගන්නැතුව බයන්නට B කියල දාගෙන අමුතු එකක් හදා ගත්තා. ඒ දවස්වල එකෙක් ඹ්ක සම්මත කරගන්න ගොඩාක් දැඟලුවා. සමහර එවුන් සිංහල හාෂාවේ න ණ ල ළ අයින් කරල දාන්ඩත් දැඟලුවා. ඒව හරිගියෙ නැති එක ගැන සතුටුයි.

    yaka007

    Member
    Apr 6, 2010
    1,589
    316
    0
    yatiyantota
    මට :growl:ඉන්ගිරීසි:growl: බෑ...........ඒකනිසා මමත් සිංහලෙන් යතුරු ලියමි.:lol::lol:
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    සහතික ඇත්ත කතාව මචං. මමත් ලියන්නෙ සිංහලෙන්. මට ඔය අර කන්වර්ටරුයි මේ කන්වර්ටරුයි ඕනෙ නෑ. අපි සිංහලනං අපි‍ට සිංහල ටයිප් කරන්න බැරි එක ගැන අපි ලැජ්ජා වෙන්න ඕන. අනික ඉංගිරිසියෙන් පුළුවන්ද සිංහල ලියන්න. (භාෂාවක් හරියටම ලියන්න පුළුවන් ඒ භාෂාවෙම අකුරු වලින්). ගොඩක් වචන හරියට ලියන්න බෑ. කරන්නෑ = karanne = කරන්නෙ :lol:

    අපේ එවුන් තමන්ට සෘජුවම වාසියක් නොවෙන දේවල් වලට හරි කම්මැළියි මචං. ලංකාවෙ විජේසේකර යතුරු පුවරුව කියල සම්මත වුණ යතුරු පුවරුවක් තියෙද්දි ඒක ඉගෙන ගන්නැතුව බයන්නට B කියල දාගෙන අමුතු එකක් හදා ගත්තා. ඒ දවස්වල එකෙක් ඹ්ක සම්මත කරගන්න ගොඩාක් දැඟලුවා. සමහර එවුන් සිංහල හාෂාවේ න ණ ල ළ අයින් කරල දාන්ඩත් දැඟලුවා. ඒව හරිගියෙ නැති එක ගැන සතුටුයි.

    මෙන්න පහක් උඹේ කියමනට.

    මුන් තමන්ගේ පිංගුත්තරකම වහගන්න ලොකු talks තමයි දෙන්නේ. ලංකාවේ උපන්දා ඉඳලා ඉන්න "සිංහල" කියලා උප්පැන්නේ තියෙන එවුන්ට කොම්පියුටරේ මව් භාෂාවෙන් ටයිප් කරගන්න බෑ කියන්නේ මොන ලැජ්ජ නැති වැඩක් ද බන්. උඹ කියන විදියට ඒක වෙන්නේ මුන්ගේ තියෙන කම්මැලි මුස්පේන්තු කම හින්දා මිසක් වෙන මොකක්වත් නිසා නෙවෙයි. මන් හිතන්නේ මුන් රෙදි ගලවගෙන තමයි ඉංග්‍රීසි අකුරුවලින් සිංහල කොටන්නේ.

    ඒ මදිවට කියනවා. ඒවා ලේසියෙන් කියවන්නත් පුළුවන්ලු. රෙද්ද තමයි. සිංහලෙන් හරි ඉංග්‍රීසියෙන් ලියන ඒවා අපි කියවන්නේ වචනෙන් වචනේ කියවලා නෙවෙයිනේ. ඒක හරියට ස්කෑන් කරනවා වගේ වැඩක්. හැබැයි සිංග්ලිෂ් වල තියෙන වචන අපේ මොළේ ස්කෑනර් එකට අහු නොවෙන හින්දා ඒක තේරුම් ගන්න වච‍නෙන් වචනේ කියවන්න වෙනවා. හිතපන් වචන දෙතුන් සීයක් තියෙන පෝස්ට් එකක් කියවනවා කියන්නේ කොච්චර වෙහෙ‍සකර වැඩක්ද? මුන්ගේ මොළේ තියෙන්නේ මැටි හින්දා ඒ සරල සත්‍යය තේරෙන්නේ නෑ.
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~

    පට්ට කතාව මචං
    මෙන්න මසුරං අහුරක්
    කටේ ඔබාගනිං
     
    kitt354

    Member
    Mar 7, 2010
    235
    22
    0
    ...
    ඒ මදිවට කියනවා. ඒවා ලේසියෙන් කියවන්නත් පුළුවන්ලු. රෙද්ද තමයි. සිංහලෙන් හරි ඉංග්‍රීසියෙන් ලියන ඒවා අපි කියවන්නේ වචනෙන් වචනේ කියවලා නෙවෙයිනේ. ඒක හරියට ස්කෑන් කරනවා වගේ වැඩක්. හැබැයි සිංග්ලිෂ් වල තියෙන වචන අපේ මොළේ ස්කෑනර් එකට අහු නොවෙන හින්දා ඒක තේරුම් ගන්න වච‍නෙන් වචනේ කියවන්න වෙනවා. හිතපන් වචන දෙතුන් සීයක් තියෙන පෝස්ට් එකක් කියවනවා කියන්නේ කොච්චර වෙහෙ‍සකර වැඩක්ද? ...

    ඔව් බං. සිංග්ලිෂ් වලින් දාලා තියෙන දිග ඒව ගොඩක් ආයාසයක් අරගෙන තමයි කියවන්න වෙන්නේ. අර කතාව ඇත්ත මචං. අපි හුරු වචන දිහා අපි පුරුදු සළකුණක් දකිනවා වගේ තමයි දකින්නෙ. අකුර අකුර ගානෙ කියවන්න ඕන නෑ. කවුරුහරි කියනවනම් සිංග්ලිෂ් ලේසියෙන් කියවන්න පුළුවන් කියල එයා අවබෝධයකින් නෙවෙයි කියන්නේ. සිංහල හොදින්ම කියවන්න, ලියන්න පුලුවන් සිංහලෙන්ම විතරයි.

    අනික් සිංග්ලිෂ් ප්‍රශ්නයක් තමයි එක එක කෙනා ලියන්නෙ එක එක විදියට. එන්න (enna) කියන එක සමහරු ලියන්නෙ අන්න (anna) කියල.

    මැටි පූසා - පූසා නම් ලියන්න පුළුවන්. මැටි කොහොමද ලියන්නේ ?
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel

    ඔව් බං. සිංග්ලිෂ් වලින් දාලා තියෙන දිග ඒව ගොඩක් ආයාසයක් අරගෙන තමයි කියවන්න වෙන්නේ. අර කතාව ඇත්ත මචං. අපි හුරු වචන දිහා අපි පුරුදු සළකුණක් දකිනවා වගේ තමයි දකින්නෙ. අකුර අකුර ගානෙ කියවන්න ඕන නෑ. කවුරුහරි කියනවනම් සිංග්ලිෂ් ලේසියෙන් කියවන්න පුළුවන් කියල එයා අවබෝධයකින් නෙවෙයි කියන්නේ. සිංහල හොදින්ම කියවන්න, ලියන්න පුලුවන් සිංහලෙන්ම විතරයි.

    අනික් සිංග්ලිෂ් ප්‍රශ්නයක් තමයි එක එක කෙනා ලියන්නෙ එක එක විදියට. එන්න (enna) කියන එක සමහරු ලියන්නෙ අන්න (anna) කියල.

    මැටි පූසා - පූසා නම් ලියන්න පුළුවන්. මැටි කොහොමද ලියන්නේ ?

    අයියෝ ඒවා නම් අනන්තයි.

    එකෙක් post එකක ලියලා honda kellek කියලා. මම කල්පනා කරේ හොන්ඩා මෝටර් සයිකල් ඇරෙන්න කෙල්ලොත් ඉන්නවද කියලා.

    :lol::lol::lol::lol::lol::lol:
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    සින්ග්ලිශ් හරි English හරි කොටන එක ලේසිය් සි0හ්ලෙන් කොටන එකට වඩා

    ඒක තමයි මම කිව්වේ උඹලගෙ තියෙන කම්මැලි මුස්පේන්තු කමට මිසක් වෙන හේතුවකට නෙවෙයි සිංග්ලිෂ් කොටන්නේ. දවසක් දෙකක් වැය කරලා කී බෝඩ් එක හරියට ඉගෙන ගනින්. යකෝ මේක උඹලගේ අම්මගේ බාසා‍ව නේද? කී බෝඩ් එක හරියට පුරුදු වුනාම ඉංග්ලිෂ් තරම් ස්පීඩ් ටයිප් කරන්න පුළුවන්. මේ මම අගේට ටයිප් කරන්නේ. මම දවසින් දෙකෙන් කී බෝඩ් එක පුරුදු වුනේ.
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    mekane snow , case eka , meke inna okkoma sinhala unicode use karanne na , itin api sinhalen liwwama , samharunta eka penne na

    තමන්ගේ මව් බාසාව කියවන්න පුළුවන් වෙන විදියට තමන්ගේ කම්පියුටරේ (තනමන් නොදන්නවා නම් කාට හරි කියලා හරි) configure කරගන්න බැරි කුසීත එවුන්ට කියවන්න පුළුවන් වෙන්න අපි මොකටද ගොං වැඩ කරන්නේ. ඔක්කොම නියම සිංහලෙන් ලියන කොට උන් ඉබේම සිංහල දා ගනියි. උඹ උන් ගැන කරදර නොවී මව් භාෂාවෙන් ලියපන්. නැත්නම් ඉංග්‍රීසියෙන් ලියපන්.