හිකිස් ! පොඩ්ඩක් අමාරුයි .මොකද ස්පීඩ් සහ සමහර වචන හරියට type කරනකොට හරියට වදින්නේ නෑ මටනම් google Trancelater එක නිසා පොඩ්ඩක් shape .ටිකක් පුරුදු උනහම සිංහලෙන්ම ගහනවා
එළකිරි එකේ නියම සිංහලෙන් ලියන අය කී දෙනෙක් ඉන්නවද?
PS - මට මේ අපේ උන් singlish වලින් ලියලා තියෙන ඒවා කියවන්න ගියාම headache හැදෙනවා හැමදාම. ඇත්තටම මේ අයට දවස් කීපයක් පොඩි වෙලාවක් වැය කරලා තමන්ගේ මව් භාෂාවෙන් ටයිප් කරන්න ඉගෙන ගන්න බැරි ඇයි ????? කථා කරන්නේ නම් රට, ජාතිය, සංස්කෘතිය ගැන බොක්ක දෙන්න වගේ.

සහතික ඇත්ත කතාව මචං. මමත් ලියන්නෙ සිංහලෙන්. මට ඔය අර කන්වර්ටරුයි මේ කන්වර්ටරුයි ඕනෙ නෑ. අපි සිංහලනං අපිට සිංහල ටයිප් කරන්න බැරි එක ගැන අපි ලැජ්ජා වෙන්න ඕන. අනික ඉංගිරිසියෙන් පුළුවන්ද සිංහල ලියන්න. (භාෂාවක් හරියටම ලියන්න පුළුවන් ඒ භාෂාවෙම අකුරු වලින්). ගොඩක් වචන හරියට ලියන්න බෑ. කරන්නෑ = karanne = කරන්නෙ
අපේ එවුන් තමන්ට සෘජුවම වාසියක් නොවෙන දේවල් වලට හරි කම්මැළියි මචං. ලංකාවෙ විජේසේකර යතුරු පුවරුව කියල සම්මත වුණ යතුරු පුවරුවක් තියෙද්දි ඒක ඉගෙන ගන්නැතුව බයන්නට B කියල දාගෙන අමුතු එකක් හදා ගත්තා. ඒ දවස්වල එකෙක් ඹ්ක සම්මත කරගන්න ගොඩාක් දැඟලුවා. සමහර එවුන් සිංහල හාෂාවේ න ණ ල ළ අයින් කරල දාන්ඩත් දැඟලුවා. ඒව හරිගියෙ නැති එක ගැන සතුටුයි.
මෙන්න පහක් උඹේ කියමනට.
මුන් තමන්ගේ පිංගුත්තරකම වහගන්න ලොකු talks තමයි දෙන්නේ. ලංකාවේ උපන්දා ඉඳලා ඉන්න "සිංහල" කියලා උප්පැන්නේ තියෙන එවුන්ට කොම්පියුටරේ මව් භාෂාවෙන් ටයිප් කරගන්න බෑ කියන්නේ මොන ලැජ්ජ නැති වැඩක් ද බන්. උඹ කියන විදියට ඒක වෙන්නේ මුන්ගේ තියෙන කම්මැලි මුස්පේන්තු කම හින්දා මිසක් වෙන මොකක්වත් නිසා නෙවෙයි. මන් හිතන්නේ මුන් රෙදි ගලවගෙන තමයි ඉංග්‍රීසි අකුරුවලින් සිංහල කොටන්නේ.
ඒ මදිවට කියනවා. ඒවා ලේසියෙන් කියවන්නත් පුළුවන්ලු. රෙද්ද තමයි. සිංහලෙන් හරි ඉංග්‍රීසියෙන් ලියන ඒවා අපි කියවන්නේ වචනෙන් වචනේ කියවලා නෙවෙයිනේ. ඒක හරියට ස්කෑන් කරනවා වගේ වැඩක්. හැබැයි සිංග්ලිෂ් වල තියෙන වචන අපේ මොළේ ස්කෑනර් එකට අහු නොවෙන හින්දා ඒක තේරුම් ගන්න වචනෙන් වචනේ කියවන්න වෙනවා. හිතපන් වචන දෙතුන් සීයක් තියෙන පෝස්ට් එකක් කියවනවා කියන්නේ කොච්චර වෙහෙසකර වැඩක්ද? මුන්ගේ මොළේ තියෙන්නේ මැටි හින්දා ඒ සරල සත්‍යය තේරෙන්නේ නෑ.
මමත් අද පටන් සිංහලෙනුත් කෙටනව
...
ඒ මදිවට කියනවා. ඒවා ලේසියෙන් කියවන්නත් පුළුවන්ලු. රෙද්ද තමයි. සිංහලෙන් හරි ඉංග්‍රීසියෙන් ලියන ඒවා අපි කියවන්නේ වචනෙන් වචනේ කියවලා නෙවෙයිනේ. ඒක හරියට ස්කෑන් කරනවා වගේ වැඩක්. හැබැයි සිංග්ලිෂ් වල තියෙන වචන අපේ මොළේ ස්කෑනර් එකට අහු නොවෙන හින්දා ඒක තේරුම් ගන්න වචනෙන් වචනේ කියවන්න වෙනවා. හිතපන් වචන දෙතුන් සීයක් තියෙන පෝස්ට් එකක් කියවනවා කියන්නේ කොච්චර වෙහෙසකර වැඩක්ද? ...
But Sinhala Unicode is a government standard now. So better install it, because every government website will be converted to unicode within next few years.mekane snow , case eka , meke inna okkoma sinhala unicode use karanne na , itin api sinhalen liwwama , samharunta eka penne na
මමත් අද පටන් සිංහලෙනුත් කොටනව
![]()
![]()
![]()
කොටමු කොටමු සිංහලෙන්ම කොටමු ...
ඔව් බං. සිංග්ලිෂ් වලින් දාලා තියෙන දිග ඒව ගොඩක් ආයාසයක් අරගෙන තමයි කියවන්න වෙන්නේ. අර කතාව ඇත්ත මචං. අපි හුරු වචන දිහා අපි පුරුදු සළකුණක් දකිනවා වගේ තමයි දකින්නෙ. අකුර අකුර ගානෙ කියවන්න ඕන නෑ. කවුරුහරි කියනවනම් සිංග්ලිෂ් ලේසියෙන් කියවන්න පුළුවන් කියල එයා අවබෝධයකින් නෙවෙයි කියන්නේ. සිංහල හොදින්ම කියවන්න, ලියන්න පුලුවන් සිංහලෙන්ම විතරයි.
අනික් සිංග්ලිෂ් ප්‍රශ්නයක් තමයි එක එක කෙනා ලියන්නෙ එක එක විදියට. එන්න (enna) කියන එක සමහරු ලියන්නෙ අන්න (anna) කියල.
මැටි පූසා - පූසා නම් ලියන්න පුළුවන්. මැටි කොහොමද ලියන්නේ ?






සින්ග්ලිශ් හරි English හරි කොටන එක ලේසිය් සි0හ්ලෙන් කොටන එකට වඩා
mekane snow , case eka , meke inna okkoma sinhala unicode use karanne na , itin api sinhalen liwwama , samharunta eka penne na