phone එකෙන් හැමෝටම ඇහෙන්න සින්දු හරි මොනවා හරි දන එක වැරදියි. මේකට phone එක chinese ද apple ද samsung ද කියන එක අදාලම නැනේ.
බුලත් විට කන එක වරදක් වෙන්නේ තැන තැන වල කෙල ගහන එක නිසා මිසක් දවසම කට තදකරගෙන ඉඳල කටේ ගඳ ගහනවට වඩා බුලත් විටක් ටොපියක් chewing gum එකක් කාල ඉන්න එකේ මොකක්ද වැරැද්ද කියපන්. උඹ දන්නේ නැත්නම් දන ගනින් ලංකාවේ ජනාධිපති වරු 3න දෙනෙක් බුලත් විට කෑව ය කියල. එහෙම උන කියල අනිත් උන් කන්න ඕන නැ තමයි මන් කීවේ ඒ මිනිස්සු 3න දෙනා ගං කබරයෝ නෙවෙ නිසා
දැන් උඹ කියන්නේ දාඩිය ගඳ එන්නේ ගමේ සිංහල උන් ළඟ විතරයි . උඹත් උඹට තියෙන හොඳම පෙර්ෆියුම් ගාගෙන පාන්දර 3ට 4ට බස් එකක නැගල දුර ඈත ගමකට ගිහින් මුළු දවසම ඇවිදලා හවස වරෙන් කොළඹට අපහු ඇවිත් උඹම ඇත ටිකක් උස්සල බලපන්, මතක තියාගනින් උඹේ ගඳ සුවඳ දැනෙන්නේ උඹට නෙවෙයි අනිත් උන්ට. ඒ මිනිස්සුන්ට perfume එකක් body spray එකක් ගන්න වත් කමක් නෑ,
ඔලුවේ කොන්ඩෙට තෙල් ගාන මිනිස්සු ගං කබරයෝනම් හෙයාර් oil කියල ගාන ඒවත් තෙල් වෙනස මේ ගං කබරයෝ ගාන්නේ තමන් ම හිඳගත්ත තෙල් ඒ මිනිස්සුන්ට hair oil එකක් gel එකක් ගන්න වත්කමක් නැතිනිසා.
කට ඇරගෙන නිදාගන්නේ ගං කබර සින්හලයෝ විතරයි කියල හිතනවානම් උඹම කියල තියෙන විදියට උඹ යමක් achieve කරපු එකෙක් නේ උඹට පුළුවන් උඹ නිදාගන්න room එකට හරි උඹේ පවුලේ කෙනෙක්ගේ හරි රූම් එකකට cctv එකක් ගෙන පහුවද උදේට නැගිටලා බලපන් උඹ නිදිදාගන්නේ කොහොමද කියල
පුලුවන්නම් ඒ video ලින්ක් එක දාපන් මේකේ
කෙල්ලෙක්ට පැණි හලන්න ගං කබරයෙක් වෙන්නම ඕන කියල හිතනවානම් උඹේ පිරිමිකම ගැන ගැටළුවක් එනවා එක නිසා ඒ ගැන මන් නොකිය ඉන්නම්
පවුල් පිටින් පොඩි උන්ට කවන්නේ ගං කබරයෝ විතරයි කියල උඹ උඹේ අම්මට තාත්තට අපහස කරගන්න එපා ලෝකේ මොන දෙමවුපියොත් තමන්ගේ දරුවන්ට කවන්න තැන මොකක්ද කියන එක අදාළ නැ වැදගත් වෙන්නේ දරුවාගේ බඩගින්න විතරයි
උඹ මෙතන නොකිය කියන්න උත්සහ කරන්නේ ගම වල ඉන්නේ සත්තු උඹල පමණයි civilize උන මිනිස්සු, ගම් වල ඉන්නේ දුප්පත් මී හරක් උඹ ජීවිතේ දෙයක් achieve කරපු පොෂ් මිනිහෙක් කියලනේ. එක නිසා උඹට මේ ටික කියන්නම්
ලංකාවේ බහුතරයක් ඉන්නේ උඹ කියන ගං කබරයෝ. උන් තමයි ජාතික ආර්ථිකයට වැඩිම දායකත්වයක් දෙන්නේ.උන් තමයි රජයට බදු ගෙවන්නේ. උන් නිසා තමයි උඹල ඔය ගානටවත් බත් වේලක් කන්නේ එළවළුවක් එක්ක.
මේ මිනිස්සුන්ට කිසිම අයිතියක් නෑ . වැඩ වර්ජන කරලා පඩි වැඩි කරගන්න බෑ. කිසිම රජයකින් සහනයක් ලැබෙන්නේ නැ. තමන් වග කරන දෙයක වියදම වැඩි වෙනකොට මිල වැඩිකරගන්න අයිතියක් නෑ.
අද ඔහොම කියන උඹම දවසක කියයි අනේ අර ගම්වල හිටිය අහිංසකයෝ අදත් හිටියනම් කියල. මොකද ඔය කිසිම ගොවියෙක් කුලී වැඩ කරන මනුස්සයෙක් හෝ හරක් බලන මනුස්සයෙක් කිසිම කෙනෙක් කැමති න තමන්ගේ ජොබ් එකම තමන්ගේ දරුවෝ කරනවට උන් දරුවන්ට වේලක් අර වේලක් කල හරි උගන්නනවා උන්ගේ මොරාල් උඹල වගේ උන්ට නම් නෑ. එදාට හැම දේම වැඩි ගානට රටින් ගැනත් කාපල්ලා. උඹලගේ වැඩක් කරගන්න කුලී වැඩ කරන්න මිනිස්සු රටින් ගෙනෙල්ල.
කරුමේ කියන්නේ මේ දෙමවුපියන්ගේ දරුවොත් එහෙම කරලා ඉගෙන ගෙන තැනකට අවම උනුත් උඹ හිතන විදියට හිතෛද කියන එක
මොකද උඹල වගේ සමහරක් යන්තම් පොෂ් උන නාගරික ගොඩයෝ තමයි ඒ අහිංසකයෝ පාගාගෙන ඉන්නේ. උඹ මේ දාපු ත්‍රෙඩ් එකත් එකට උදාහරණයක්.
උඹ විතරක් නෙවෙයි ලංකාවේ සමස්තයක් වශයෙන් මොනවහරි achieve කරලා තියෙනවනම් ඒ මේ ගං කබරයින්ටත් පින් සිද්ධ වෙන්න. ඔය තරමට manners දන්න උඹට පොඩි හරි gratitude එකක් ඒ මිනිස්සු ගැන නොතිබුන එක ගැන කණගාටුයි
මේක මන් මෙච්චර ලියුවේ ඔව් මට රිදුන මොකද මමත් උඹ කියන විදියේ ගං කබරයෙක් වෙලා ඉපදුන එකෙක් නිසා . මට ඒ ගැන ආඩම්බරයි. මගේ achievements ගැන පම්පෝරි ගහන්නේ න මන් මොකද මන් එක තැනකින් නවතින්නේ නැති නිසා. එත් අදටත් මට ගමට ගියොත් ඔය වගේ මිනිස්සු එක්ක ඉන්න පුලුවන් උන්ට දෙයක් දුන්නත් කියන්නේ පුතේ උඹෙන් මොකුත් ලැබුනේ නැතත් උඹ අපිත් එක්ක හිනා උනෝත් ඇති අපිට කිරි උතුරනවා උඹට තුනුරුවන් සරණයි කියල.
එක එ මිනිස්සුන්ගේ මනුස්සකම හරක් බලන මිනිහ හරකාගේ පුකේ ගොම් බෙට්ටක් ඇලිලා තියෙනවා දැක්කොත් එක කෙවිටෙන් අයින් කරන්න තරම් මනුස්සකමක් උන් ගව තියෙනවා මී හරක සතෙක් උනත් උට සතෙක් කියල කතාකරන්නේ නෑ.
එක නිසා උඹ අද මේ මිනිස්සුන්ගේ වැරදි කියල මේ මිනිස්සු සතෙකුට උපමා කරපු උඹයි රුවන්ඩාවේ අනෙත් ගෝත්‍රිකයෝ කැරපොත්තෝ කියල මරාගත්ත ගෝත්‍රිකයන් අතරයි කිසි වෙනසක් නෑ.