I miss U EX

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ම්ම්ම්... මේ කථාව ලියන්න හිතුනේ නෑ මචන්ලා.... එදා ඉඳන් ජීවිතේ සැප දුක බෙදා ගන්න එළකිරියේ යාළුවෝ හිටිය නිසා මට ලියන්න හිතුනා. මගේ EX ගේ ජීවිතයට වෙන කොල්ලෙක් ඇවිත්...:( දැන් එයලා ආදරය කරන්න පටන් අරන්.... එක අතකින් සතුටුයි එයාට ආදරය කරන්න එයාව බලා ගන්න කෙනෙක් ලැබුන එක ගැන... ඒත් අවංකවම මට වාවගන්න බැරි දුකක්.... මම යාළු වෙලා හිටිය කාලේ උනත් මම එයාව පරිස්සම් කලේ ඇස් දෙක වගේ නිසා....

    මීට මාස 8 කට උඩදි අපි වෙන් උනත් මම ජනවාරි අන්තිම වෙනකන් එයා ලඟින් හිටියා.... අපි වෙන් උනේ යම් යම් හේතු කරානා නිසා.අදහස් නොගැලෙපීම්.... කොහොම නමුත් අපිට කවදාවත් කසාද බැඳලා එකට ඉන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. ඒක අපි දෙන්නම දැනන් හිටියේ.අපි දෙන්න දෙවිදියක්....

    ඇත්තම කිව්වොත් මගේ අම්මා තාත්තා ලඟට මට ජීවිතේ නැගිටින්න උදවු කලේ ඒ කෙල්ල.... මම අම්මා තාත්තා ලඟට ගෞරව කරනවා නම් ගෞරව කරන්නේ ඒ ගෑණු ළමයට... ගිය සතියේ මට කරලා කිව්වා එයා ආයේ මට කථා කරන්නේ නෑ කියලා.... මට ඒක සෑහෙන වේදනාවක්... ඒ වගේම දැන් එයා මට කථා කරන්නේ නෑ... එයාගේ ජීවිතයට අළුතින් කෙනෙක් ආවා කිව්වා...

    උඹලා කියන්න පුළුවන් දාලා ගිය කෙල්ලෙක් වෙනුවෙන් තව මොකට ලත වෙනවද බන්, අල්ලලා දාලා වෙන කෙල්ලෙක් එක්ක යාළු වෙයන් කියලා.... එහෙම කරන්න පුළුවන් තැනක මම නෑ මචන්ලා... ඒ කෙල්ල මං වෙනුවෙන් ගොඩක් දේවල් කරපු කෙල්ලක්.... :(

    මම ජීවිතයේ ආදරය කරන්න හෙව්වේ ලස්සන සුදු sexy කොන්ඩේ Layers කපපු sweet කෙල්ලෙක්.... ඇත්තටම මගේ EX එච්චර ලස්සන නැහැ.හැමෝමට මට කිව්වේ අපෝ බන් උබට එයාව ගැලපෙන්නේ නෑ කියලා.... ඒත් මගේ ජීවිතයේ මම දැකපු ලස්සනම කෙල්ල එයා.... අන්තිමට මගෙ හිත නතර උනේ ඒ කෙල්ල ලඟ.... ඇත්තටම ආදරේ මම ඉගෙන ගත්තේ ඒ කෙල්ලගෙන්...

    මම දැන් එයාට කරදර කරන්න යන්නේ නෑ... ඒත් දහස් වාරයක් මතක් වෙනවා.Viber call කරන්න හිතෙනවා.Gtalk එකෙන් chat කරන්න හිතෙනවා,skype එකෙන් දකින්න හිතෙනවා... නිතරම එයාව මතක් වෙලා ඇඬෙනවා.... කොල්ලෙක් විදියට මට හැමදාම අඬ අඬ ඉන්න බැහැ. මම එහෙම ඉන්නෙත් නැහැ...වෙච්ච දෙවල් එක්ක මම ජීවිතේට කාටවත් ආදරේ කරන්නෙත් නෑ...... මට EX වෙනුවෙන් ඇති උන ආදරේ වෙන කෙල්ලෙකුට ඇති වෙන්නේ නෑ... මම ඒක දන්නවා... උඹල මට බනී උඹ මහ පිස්සෙක් කියලා.... ඒත් ඒකයි මගේ ආදරේ මචන්ලා.... මගේ අතින් එයාට ගොඩක් වැරදි උනා. මම එයාට ගොඩක් බැනලා තියෙනවා.. අද මම ඒ දේවල් ගැන දුක් වෙනවා.... කොහොම උනත් මම එයාගේ අලුත් ජීවිතයට සුභ පතනවා... මට තියෙන ප්‍රශ්නය නිතරම එයාව මතක් වෙන එක.....කොච්චර බිසී උනත් එයාව මතක් වෙනවා.... :(
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    දැන් උඹ කියන්නෙ කොයි එක්කෙනා ගැනද? :eek:
    අර අන්තිමට හිටිය කෙල්ලත් ඉවරයි කියලනම් කියන්න එපා :baffled:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    දැන් උඹ කියන්නෙ කොයි එක්කෙනා ගැනද? :eek:
    අර අන්තිමට හිටිය කෙල්ලත් ඉවරයි කියලනම් කියන්න එපා :baffled:
    uba danna eka thama bro... ya anthimata mama adare karapu kena... :(
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මටත් ඔය feeling එක ඔහොමම දැනිලා තියෙනවා..ඔය දෙ ඔය විදිහටම මට වෙලා තියෙනව..මෙක කියවලා උනෙ හිත පැරුන එක.. උබට දැනෙන දුක මටත් දැනෙනවා බන්..මොනා කරන්නද දුක තමයි... :(:(:(:(:(
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    I still miss my ex the one i dumped for stupid reasons...I didn't thought it will hurt me back..But it did few years after i started missing her badly it hurts to the point of suicide trust me..what you need to do is delete all the contacts and links with her.never ever again watch her pics...Watch some videos about buddha teachings and the temporariness of life....and try to find a another girl....The memory's wont go away...Accept the truth ,Don't cheat your mind and run away...accept what has happened to you and be peace with the reality...
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    mm ow machan... wht to do.... hey ubata kohomada? ubalawa dakinnath aasai ban :D ko thread eka?
    උබලත් නෑනෙ
    දැන් ත්‍රෙඩ් එක නැවතිලා
    මාත් මේ දවස් වල වැඩ් වගේකට හිර වෙලා

    උබ ඕවා හිතන්න එපා බන්
    තනිකඩ ලයිෆ් එකේ අමුතුම මිහිරක් තියනවා බන්
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    mamath medwas wala hena awlen inne ban e ban yalukamyi love ekayi patalagena msahena apset ban
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Any attachment will cause you suffering...so next time don't get too attached to anything....
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මම ජීවිතයේ ආදරය කරන්න හෙව්වේ ලස්සන සුදු sexy කොන්ඩේ Layers කපපු sweet කෙල්ලෙක්....


    උඹගෙ ප්‍රශ්නෙට විසඳුම මෙන්න මේක,,ඒ ඇරුනම හිතේ දුක යන්න වෙන මොනවහරි කරපන්.කොහොමවුනත් කෙල්ලො නිසා විනාශ වෙන්න එපා.

    දෙයක් නැතිවෙන්නෙ ඊටවඩා හොඳ දෙයක් ලැබෙන්නලු. ඒ නිසා එක එක රාමුවලට අහුවෙලා දරදඬු වෙන්න යන්නෙ නැතුව, වෙනද වගෙ සරල විදියට ඉඳපන්. ඔය පරන කෙල්ලො අමතක කරන හැටි වගේ දේවල් ලේසියෙන්ම ගූගල් එකෙන් හොයන්න පුලුවන්. ඒ වගෙ දේවල් ට්‍රයි කරල බලපන්.

    ෆිල්ම් බලනවනම් මෙන්න මේ ෆිල්ම් එක ඩවුන් කරගෙන ඉන්ග්‍රීසි සබ් එක්ක බලපන්.


    http://www.youtube.com/watch?v=t0muZcGbob8


    sub file eka

    http://subscene.com/subtitles/one-fine-spring-day-bomnaleun-ganda/english/612349
     
    Last edited:

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    duka thama machan,dan ithin giya de giya,ube jiwithe iwara nane,hodin hitahan machan