අඩෝ සිංහලු උබලට හරි උබලා දන්න කාට හරි IBS (Irritable bowel syndrome) කියන ලෙඩේ තිබිලා නිට්ටාවටම හොද කරගත්ත එකෙක් ඉන්නවද? අවුරුදු ගානක් gastric වලට කියලා බෙහෙත් අරගෙන මේ ලගදි තමා ස්පෙශ්ලිස්ට් ඩොකා මේ තියෙන්නෙ IBS කියලා confirm කරේ. පොර කියන්නෙ නිට්ටාවට හොද කරන්න බෑ පාලනය කරන්න විතරයි පුලුවන් කියලා. ඒකරලා බොන්න බෙහෙතුයි අරවා කන්න එපා මේවා කන්න එපා කියලා පට්ට ලිස්ට් එකක් දුන්නා. බෙහෙත් හැමදාම බිව්වත් ඒ කන්න එපා කියපුවා නොකා හිටියත් අඩු උනේ නෑ මට. කෑව ගමන් බොක යනවා දෙතුන් පාරක් කාපු ඔක්කොම ලෙප්ට් වෙනවා කියලා තේරෙනවා දිරවන්නෙ නැතුවම. ඊටපස්සෙ ආය ටිකකින් බඩගිනියි. උදේ දවල් කනකොට තමා ඕක වෙන්නෙ ගොඩක් වෙලාවට රෑට ශේප්. කාපු ගමන් ඔක්කොම ගියාම ආය පට්ට බඩගිනි එන නිසා දවසට වේල් 5ක් විතර කැවෙනවා. එන්න එන්න මහත් වෙනවා බඩ ඇවිල්ලා
එහෙම උනා කියලා ජිම් යන්නත් බෑ. වේට් ගහන්න බෑ කාපුවා ඇගට අල්ලන්නෙ නැති නිසා පණ නෑ පට්ට මහන්සියි. දවසම පට්ට කම්මැලි පණ නැති නිදිමත ෆීලිං එකක් තියෙන්නෙ. ලාවට බොක සෙට් වෙන සීන් එක ටිකක් වැඩියෙන් තිබ්බට මෙච්චරම බරපතල විදිහට වැඩි උනේ work from home කරන්න ගත්තට පස්සෙ. කලින් ජිම් ගිහිං sports කරලා චිල් එකේ හිටියා
ඔව් IT අනාතයෙක් තමා
. මේක නිට්ටාවට සනීප කරගන්න විදිහක් කියපන්කො.සිංහල බෙහෙත් ඉංග්‍රීසි බෙහෙත් ඕන එකක් කමක්නෑ කීයක් ගියත් කමක් නෑ නිට්ටාවට සනීප කරගන්න තමා ඕන. සංසාරෙ එපා වෙලා ඉන්නෙ 
ප.ලි:- ඩොකා බොන්නත් එපා කිව්වා. දැනට මාසෙකට සැරයක් විතර යාලුවො සෙට් එක එක්ක අඩියක් ගහනවා. සතියකට සැරයක් බියර් එකක් බොනවා සිකුරාදා රෑට. ඔච්චරයි මත්ද්‍රව්‍ය භාවිතය. සිගා සම්පූර්ණයෙන්ම නතර කරලා තියෙන්නෙ. මේවගෙන් නං ලෙඩේට ඉෆෙක්ට් එකක් ඇති කියලා හිතන්න බෑ බං. මොකද WFH වලට කලින් කැම්පස් කාලෙ කොළඹ බෝඩ් වෙලා ජොබ් කරපු කාලෙ සතියට දවස් 4,5 බීපු මාසත් තිබ්බා ඒත් මෙහෙම කේස් එකක් ආවෙ නෑනෙ