ප්‍රින්ට් රෙඩි ෆයිල් කියන්නේ හොඳ හයි කොලිටි විදිහට ප්‍රින්ට් කරන්න පුළුවන් විදිහට අවශ්‍ය දේවල් පිරිමහල හදපු ෆයිල් එකට.. දැනට තියෙන ස්ටෑන්ඩර්ඩ් එකට A4 නම් අවම 300DPI RESOLUTION එකයි 3mm bleed ස්පේස් එකකුයි ඕනේ. bleed කියන්නේ ප්‍රින්ට් කරද්දී වටේ සුදු පාටට ඉරි ඉතුරු වෙන්නේ නැති වෙන්න අමතරව එකතු කරන ඉඩ ප්‍රමාණය. CMYK කියන්නේ cyan, magenta, yellow, and key (black) පාට වලට.. කොමර්ෂල් පේපර් ප්‍රින්ට් වල පාවිච්චි කරන්නේ cmyk කලර් ප්‍රින්ටර්ස්... (ෂර්ට් වලට වගේනම් rgb ඉල්ලනවා) ඒක නිසා ප්‍රින්ට් රෙඩි ෆයිල් එක cmyk කලර් මොඩ් එකෙන් දෙන්න ඕනේ. jpeg කියන්නේ ෆයිල් ෆොර්මැට් එකක්.. jpeg සහ cmyk අතර සම්බන්දයක් නෑ.. හැබැයි png වගේ නෙවෙයි ට්‍රාන්ස්පේරන්ට් ඩිසයින් එකක් සේව් කලොත් පිටිපස්සෙන් වයිට් බැක්ග්‍රවුන්ඩ් එකක් එක්ක තමයි ෆයිල් එක සේව් වෙන්නේ.