අද ටිකක් අවුල් දවසක් බන්. හිත දෙපැත්තකට වැනිල වැනිල අද තමයි ඒ දේ ඉවර කරේ. ඒත් මට නිකන් මොකක්ද වගේ. අද මම ජොබ් එකෙන් අයින් වෙන්න ලියුම දුන්න. ඒත් මට තව මාසයක් වැඩ කරන්න වෙනව. ලබන මාසෙ අගින් මම IT වලට සදහටම සමුදෙනව. යන්න ඉන්නේ HR ජොබකට පඩියේ මහලොකු වෙනසක් නෑ. මම හිතන ඒක හොද වෙයි කියල.
මුලින්ම කියන්න ඕන. මම වෙබ් ඩිවලොපර් කෙනෙක් විදියට වැඩ කරේ දැනට තැන් 3ක වැඩ කරල තියෙනව. පටන්ගත්තේ 2005 හේ වගේ. පට්ට ආසාවෙන් කරේ. ඒත් බන් දැන් මට ඇති කියල හිතෙනව. ඒ නිසා හිතල හිතල මාස ගානක් මේ තීරනේට ආවෙ. ඒත් දැනටත් පොඩි මෙව්ව එකක් තියෙනව. මොකද ඒතරමට ඒකට මම ලව් කරා. ඒත් දැන් කාලෙ හරි.
මම උබලට කියන්නේ උබල සිරාවටම මේ ජොබට ආසනම් ඉදපල්ල උබලව වට්ටන්න කිව්ව කතාවක් නෙමේ බන්. මේක තනිකර පෞද්ගලික දෙයක්.
තව දෙයක් කියන්න තියෙනව. ඩෙග්රී එකක් කරන එකෙක් නම් උබ ඒක දිගටම කරපන් නතර කරන්න එපා.
අලුත් ජොබට ගියාම මේ පැත්තෙත් වැඩිය එන්න වෙන එකක් නෑ. අවුලක් නෑ තව මාසයක් තියෙනවනේ.