Lankawe unta ticket eke gaana kiwwama enne nathi wei kiyala. Ethakota investment eka aparade

Ow torrent download karana, gedatta 55 inch 3D TV genaමොන පිස්සුද අයියේ ලංකාවේ දැන් පට්ට සල්ලිකාරයොනේ ඉන්නේ..![]()
Ow torrent download karana, gedatta 55 inch 3D TV gena

![]()
IMAX ticket ekak roughly keeyak wei da? 1500? normal ticket ekak dan 750 wage ne.
වෙන රටවල් වල ටිකට් එකක් ලංකාවේ සල්ලි වලින් රුපියල් දෙදාස් පන්සීයක් වගේ වෙනවා.මම බැලුව නිසා දන්නේ.
වෙන රටවල් වලත් හැම ෆිල්ම් හෝල් එකකම IMAX නැහැ බන්.

පිස්සු හැදෙන වියදමක් (ප්‍රොජෙක්ටර් එකම වෙනවලු US$ මිලියන ගානක්)
ඒක නිසා ටිකට් එකක් බර ගානක් වෙයි.
අනික දැන් පරණ නියම ඇනලොග් අයිමැක්ස් ඇමෙරිකාවෙත් නැති තරම්.
පරණ නියම ඇනලොග් අයිමැක්ස් ස්ක්‍රීන් එකක් නෝමල් මූවි ස්ක්‍රීන් එකකට වඩා තුන් ගුණයක් විතර ලොකුයි. විශේෂයෙන්ම උසින්.
ගොඩක්ම පරණ ටියුබ් ටීවී/CRT මොනිටර් ආපු Aspect Ratio වලට සමාන කොටු හැඩේ ස්ක්‍රීන් එකක්. ඒක තමා නියම අයිමැක්ස්.
ක්‍රිස්ටෝෆර් නෝලන්ගෙ ෆිල්ම් ගොඩක්ම ආවෙ මේ නියම අයිමැක්ස් ෆෝමැට් එකෙන්.
ඒත් දැනට අවුරුද්ද පහක හයක ඉදල අයිමැක්ස් කෝපරේශන් එක මේ නියම ඇනලොග් අයිමැක්ස් ප්‍රොජෙක්ටර් එක ඩිජිටල් අයිමැක්ස් ප්‍රොජෙක්ටර් වලින් රිප්ලේස් කරනව.
මම අහල තියෙන විදියට ඇමෙරිකාවෙත් දැන් නියම ඇනලොග් අයිමැක්ස් නැති තරම්ලු, ඔක්කොම ඩිජිටල් අයිමැක්ස් එකෙන් රිප්ලේස් කරල.
අලුතෙන් පටන්ගන්න ඒවනම් හැම එකක්ම ඩිජිටල් අයිමැක්ස්.
ඒත් ඩිජිටල් අයිමැක්ස් එක ඇනලොග් අයිමැක්ස්එකේ තරම් ස්ක්‍රීන් එක ලොකු නෑ. සාමාන්‍ය ෆිල්ම් ස්ක්‍රීන් එකට වඩා ටිකක් උසින් වැඩී හැබැයි පරණ අයිමැක්ස් එකත් එක්ක හැරෙන්නවත් බෑ.
මේ දෙවිදියෙන්ම ෆිල්ම් බලපු අයනම් කියන්නෙ දැන් අයිමැක්ස් වැඩියෙන් සල්ලිගරා ගන්න කරන තනිකරම බොරුවැඩක් කියල තමා.
උන් කියන්නේනන් කොලිටියේ වෙනසක් නෑ කියලා අනේ මන්දා.. ඔබ තුමා බලල තියනවද imax?සිරාවටඋන් කියන්නේනන් කොලිටියේ වෙනසක් නෑ කියලා අනේ මන්දා.. ඔබ තුමා බලල තියනවද imax?

මම බලල තියෙන්නෙ අයිමැක්ස් ඩිජිටල් එක විතරයි.
දෙකෙන්ම බලපු අය කියන්නෙනම් ඒ දෙකේ ලොකුම ලොකු වෙනසක් තියෙනව කියල. අලුත් ඩිජිටල් අයිමැක්ස් එකට පරණ අයිමැක්ස් එකත් එක්ක හැරෙන්නවත් බෑ කියල.
ඩිජිටල් අයිමැක්ස් එකේ පාවිච්චි කරන්නෙ 2K ප්‍රොජෙක්ටර්ස් 2ක් ලු. (අයිමැක්ස් 3D එකේ වෙන්න ඕන), ඩිජිටල් අයිමැක්ස් 2D එකෙත් ඒ විදියම හෝ 4K ප්‍රොජෙක්ටර් එකක්.
ඒත් එක්ස්පර්ට්ල කියන විදියටනම් ඩිජිටල් ටෙක්නොලොජි එකෙන් පරණ අයිමැක්ස් එකේ කොලිටි එක ගන්නනම් අඩුම 12K ඩිජිටල් ප්‍රොජෙක්ටර් එකක් ඕනෙලු.
රෙසොලූශන් එකවගේම තව ලොකු අවුල තියෙන්නෙ Aspect Ratio එක කියලයි මට ඔය දෙකම බලපු යාලුව නම් කිව්වෙ. පරණ අයිමැක්ස් ස්ක්‍රීන් එක තඩි සයිස් (තුන් ගුණයක් විතර උසයිලු නෝමල් ස්ක්‍රීන් එකකට වඩා) කොටු ස්ක්‍රීන් එකක්ලු.
ඩිජිටල් අයිමැක්ස් එක උසින් ටිකක් වැඩී නෝමල් ස්ක්‍රීන් එකට වඩා, ලොකුම ගතියක් නෑ. හැබැයි දැනෙන වෙනසක් තියෙනව නෝමල් තියටර් එකකට වඩා.


ඒත් බං ගෙවන ගානට පාඩුයි මම නම් කියන්නෙ.
