2015 දී වාහන ගත්ත මිනිස්සුන්ගෙන් 60%-75% වගේ ආවා. ටැක්ස් ෆයිල් එකක් ඕපන් කරලා, කොලේ ගෙදරට පොස්ට් එකෙන් ආවාම තමා මිනිස්සු බොහොමයක් දෙනා දැනගත්තේ. සමහරු මිස් උනේ කොහොමද කියන්න නම් දන්නේ නෑ. නමුත් බොහෝ දෙනාට ආවා.
පස්සේ උන්ටම (ඉලන්ඩ් රෙවනියු) තේරුනා එක මෝඩ වැඩක්. මොකද ටැක්සි දුවන්න වාහන ගත්ත උන්. පඩිය 60,000 - 75,000 වගේ වෙලා, වාහන ගත්ත උන් ඔක්කොම අහු උනා. ඉඩම් විකුනපු එව්වොත් ඔය වගේම එලෝලා අල්ලගත්තා 2017 ඔක්තෝම්බර් හෝ ඊට කිට්ටු කාලෙක. අපේ ඔෆිස් එකේ ක්ලාක් කෙනෙක් හිටියා පඩිය 35,000 ඉඩමක් විකුනපු සල්ලි වලින් වහනයක් අරන්. පොරටත් ආවා....
පස්සේ අවුරුදු 2ක් විතර ගියහම ෆයිල් එක වහන්න උන් ටිකක් උනන්දු උනා. වැඩි දෙනෙන්කුට වහන්න දුන්නේ නෑ නිල් රිටන් ෆයිල් කරන්න කියලා වැඩ දුන්නා. ඉන්න එකා මත තමා..... නිල් රිටන් එක විතරක් නෙමේ ගෙදරට ලියුම් එව්වා ක්වාර්ටලි ගෙවන්න කියලත්, ඒ මදිවට ඉදිරි අවුරුද්දේ බජට් ඉන්කම් එක විස්තර දෙන්න කියලත් කොළ එව්වා. පාට පාට ලස්සන කොළ. ඒවගේ ප්රින්ට් කරලා තිබ්බා විස්තර දුන්නෙත් නැති නම් 50,000 දඩ ගහනවා කියලා.... ලෝකේ නැති නාඩගම්.
දැන්ට ඕක වෙන්නේ නෑ... ඉදිරිය මහා බබා ට වත් කියන්න බෑ... ලංකාවේ ටැක්ස් අවුරුදු 5ක් හෝ ඊට වැඩි කාලයක් කිසි වෙනසක් නොකර තිබ්බ කාලයක් හොයන එකට වඩා කව්රුවත් නොමල ගෙදරකින් අබ හොයනවා ලේසියි.
ඕකම ආයේ පාරක් නොවෙවී කියන්න පුළුවන් ජගතෙක් නෑ..... මේක ආසියාවේ ආශාච්ර්ය, ලකේ පංකාව......