ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්ගුත්තර නිකාය » එකක නිපාතය » 16. ඒකධම්ම පාළිය » ජම්බුදීපපෙය්‍යාලය
... මහණෙනි, එසෙයින් ම යම් සත්ත්ව කෙනෙක් දෙවියන් කෙරෙන් ච්‍යුත වූවාහු මනුෂ්‍යන් කෙරෙහි උපදිත් ද, ඒ සත්ත්වයෝ අල්ප වෙති. යම් සත්ත්ව කෙනෙක් දෙවියන් කෙරෙත් ච්‍යුත වූවාහු නිරයෙහි උපදිත් ද ... තිරිසන්යොන්හි උපදිත් ද ... ප්‍රෙතවිෂයෙහි උපදිත් ද, තෙල සත්ත්වයෝ ම බහුතර වෙත්.
8.1.2. තාලපුට සූත්‍රය
ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්ත නිකාය » සළායතන වර්ගය » 8. ගාමණී සංයුක්තය » ගාමණි වර්ගය
ගාමණී මම "ගාමණී, කම් නැත, මෙය තිබේවා. මෙය නහමක් මා පුළුවුස් ව” යි තොපගෙන් ඒකාන්තයෙන් නො ලබමි. යලිදු තොපට මම විසඳන්නෙමි. ගාමිණී, පෙර සත්ත්වයෝ නො පහ වූ රාග ඇතියහ. රාග, ද්වේශ, මෝහ බැඳුමෙන් බැඳුණාහ. ඔවුන්ට නළු තෙමේ රඟ මැද නැටුම් මැද යම් දහම්හු ඇලුම් කටයුත්තාහු නම්, ඔවුන් බෙහෙවින් රාග, ද්වේශ, මෝහ සහිත වීම පිණිස එළවා දක්ව යි.
හේ තෙමේ මත් වූයේ පමා වූයේ මෙරමා මත් කරවා පමා කරවා කාබුන් මරණින් මතු පහාස නම් නිරයෙක් වේ නම් එහි උප දී. ඉදින් ඔහුට “යම් ඒ නළුවෙක් රඟ මැද නැටුම් මැද සැබෑවෙනුත් බොරුවෙනුත් ජනයා සිනා ගන්වා ද ඇලුම් කරවා ද හෙතෙමේ කාබුන් මරණින් මතු පහාස නම් දෙවියන්ගේ සහභාවයට පැමිණේ ය” යි මෙබඳු දිටෙක් වේ නම් ඒ ඔහුගේ මිසදිටු වේ. ගාමිණී, මිසදිටු ගත් පුරිස පුඟුල්හට නිරය හෝ තිරිසන් යෝනිය හෝ දෙගති අතුරෙන් එක්තරා ගතියක් කියමි යි.
------
Post added on Jun 19, 2022 at 11:00 PM
1. 3. 2. මාපුඤ්ඤභායී සූත්‍රය
ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්දක නිකාය » ඉතිවුත්තකපාළි » 1. ඒකක නිපාතය » තතිය වර්ගය
1. මහණෙනි, පිණට බිය නො වවු. මහණෙනි, මේ පින් යනු යහපත් වූ සිත්කලු වූ ප්‍රිය වූ මන වඩන්නා වූ සැපයට නමෙකි. මහණෙනි, බොහෝ කලක් මුළුල්ලෙහි (මා විසින්) කරන ලද පුණ්යකර්මවල යහපත් වූ සිත්කළු වූ ප්‍රිය වූ මන වඩන්නා වූ ප්‍රතිඵල වළඳන ලදැ යි මම හොඳින් දනිමි. සත් වසක් මෙත් සිත වඩා (සංවර්ත විවර්ත) මහාකල්ප සතක් මුළුල්ලෙහි මේ කාම ලෝකයට පෙරළා නො ආයෙමි.
------
Post added on Jun 19, 2022 at 11:01 PM
8.1.6.3. සංක්ෂිප්ත ගොතමියොවාද සූත්‍රය
ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්ගුත්තර නිකාය » අට්ඨක නිපාතය » (6) 1. ගොතමී වර්ගය
ගොතමිය, තෙපි “මේ ධර්මයෝ විරාගයට වැටෙති, සරාගයට නො වැටෙති; විසංයොගයට වැටෙති, සංයොගයට නො වැටෙති; වට නො වඩනට වැටෙති, වට වඩනට නො වැටෙති, අප්පිච්ඡතාවට වැටෙති, මහිච්ඡතාවට නො වැටෙති; සංතුට්ඨියට වැටෙති, අසංතුට්ඨියට නො වැටෙති; ප්‍රවිවෙකයට වැටෙති, සඞ්ගණීකාවට නො වැටෙති; වීර්‍ය්‍යාරම්භයට වැටෙති, කුසීත භාවයට නො වැටෙති; සුභරතාවට වැටෙති, දුහරතාවට නො වැටෙත්’යයි දන්නවු නම්, ගොතමිය, ඒකාන්තයෙන් තෙල ධර්මය වෙයි, තෙල විනය වෙයි, තෙල ශාස්තෘ ශාසනය වේ යයි දරව යි.
------
Post added on Jun 19, 2022 at 11:03 PM
5.3.4.7. අප්පංසුපති සූත්‍රය
[සැවැත්නිදානයි]
37. මහණෙනි, මෙ පස් දෙනෙක් රාත්‍රියෙහි අල්ප කොට නිදන්නාහ. බහුල කොට නිදි වරන්නාහ. කවර පස්දෙනෙක යත්:
මහණෙනි, පුරුෂයන් කෙරෙහි අධිප්‍රාය ඇති ස්ත්‍රී රාත්‍රියෙහි අල්ප කොට නිදයි. බහුල කොට නිදි වරයි. මහණෙනි, ස්ත්‍රීන් කෙරෙහි අධිප්‍රාය ඇති පුරුෂ රාත්‍රියෙහි අල්ප කොට නිදයි. බහුල කොට නිදි වරයි. මහණෙනි, වස්තු පැහැර ගැණීමෙහි අධිප්‍රාය ඇති සොර රාත්‍රියෙහි අල්ප කොට නිදයි. බොහෝ කොට නිදිවරයි. මහණෙනි, රජකරණීහි නියුතු රජ රාත්‍රියෙහි අල්ප කොට නිදයි. බොහෝ කොට නිදි වරයි. මහණෙනි, කෙලෙසුන්ගෙන් මිදීමෙහි අධිප්‍රාය ඇති මහණ රාත්‍රියෙහි අල්ප කොට නිදයි. බොහෝ කොට නිදි වරයි.
මහණෙනි, මෙ පස් දෙන රාත්‍රියෙහි අල්ප කොට නිදත්. බොහෝ කොට නිදි වරත් යයි.
------
Post added on Jun 19, 2022 at 11:06 PM
17. ක්‍රෝධ වර්ගය
ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්දක නිකාය » ධම්මපදපාළි » 17. ක්‍රෝධ වර්ගය
(228) 8. එකාන්තයෙන් ගැරහුම් ලත් පුරුෂයෙක් හෝ එකාන්තයෙන් පසස්නා ලද පුරුෂයෙක් හෝ අතීතයෙහි ද නො වී ය. අනාගතයෙහි ද නො වන්නේ ය. දැන් වර්තමාන කාලයෙහි ද නැත්තේ ය.
------
Post added on Jun 19, 2022 at 11:10 PM