Interesting ත්‍රිපිටක Facts

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ත්‍රිපිටකයේ පොත් 59 ක් තියෙනවා. පොඩ්ඩක් search කරලා බලන්න, පට්ට interesting points තියෙනවා....




    පඨම ආයු සූත්‍රය
    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » සගාථා වර්ගය » 4. මාර සංයුත්‌තය » 1. ආයු වර්ගය

    මහණෙනි, මිනිසුන්ගේ මේ ආයුෂය අල්ප ය, පරලොව යා යුතු ය, කුසල් කටයුතු ය, බඹසර හැසිරිය යුතු ය, උපනුන්ට නොමැරීමෙක් නැත. මහණෙනි, යමෙක් බොහෝ කලක් ජීවත් වේ නම් හෙ තෙමේ සියක් වසක් ජීවත් වෙයි. බෙහෙවෙක් වේ නම් අල්පයෙක් හෝ වේ.
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    කුණාල ජාතකය

    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » ජාතක පාළි 2 » 21. අසීති නිපාතය


    4165. පක්ෂිරාජය, මේ සතර දෙනෙක් තෘප්ත නො වෙති. එය ප්‍රකාශ කරන මාගේ වචනය අසව. සමුද්‍රය ද බ්‍රාහ්මණයා ද රජ ද ස්ත්‍රී ද (යන සතර දෙන ය).

    4166. පොළොව ඇසුරු කළා වූ යම්කිසි ගංගාවෝ වෙත් ද, ඒ සියල්ලෝ ම සයුරට බැස යෙති. ඔවුහු සයුර නො පුරවත්. (දිය පිහිටන තැන් මහත් හෙයින්) ඌනව ම පවත්නා නිසා නො පිරෙයි.

    4167. බ්‍රාහ්මණය ඉතිහාසය පස්වැනි කොට ඇති වෙදය හදාරා මත්තෙහි දු ඉගෙනීමට කැමති වන්නේ ය. හෙ ද (අදහස මහත් බැවින්) ඌනව ම වෙසෙන හෙයින් නො පිරෙයි.

    4168. රජ ද මුහුදු සහිත වූ පර්වත සහිත වූ අනන්තරත්නයෙන් යුක්ත වූ මුළු පොළොව දිනා (නොයෙක් රත්නයෙන් පූර්ණ ව) වෙසේ ද, එහෙත් මුහුදින් එතෙර ද පතයි. (හෙ ද තෘෂ්ණා මහත්වයෙන් යුතු හෙයින්) ඌන හෙතුවෙන් ම නො පිරෙයි.

    4169. එපරිද්දෙන් ම එක ස්ත්‍රියකට ශූර වූ ද බලවත් වූ ද සියලු කාමරසයන් ගෙනදෙන්නා වූ ද සැමියන් අට අට දෙනා සිටිත් ද, එසේ වුවත් නවවැන්නකු කෙරෙහි ආශා කරන්නී ය. (කාමතෘෂ්ණා මහත්වයෙන් යුතු හෙයින්) ඌන බැවින් නො පිරෙයි.

    good one. Link tikk dannako mchn oya hoyagatta ewage
    https://www.thripitakaya.org/tipitakaya/search?Search=වායුව සිහි
    ------ Post added on Jun 19, 2022 at 10:57 PM
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    අඤ්ඤබ්‍යාකරණ සූත්‍රය

    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » පඤ්චක නිපාතය » (10) 5. කකුධ වර්ගය


    43. මහණෙනි, මේ අර්හත්ත්වව්‍යාකරණයෝ පස් දෙනෙකි. කවර පස් දෙනෙක යත්: අඥානභාවයෙන් අතිමුඨභාවයෙන් අර්හත්ත්වය පාළ කෙරෙයි. ලමු ඉච්ඡා ඇතියේ ඉච්ඡායෙන් මැඩුනේ අර්හත්ත්වය පාළ කෙරෙයි. උමතුයෙන් චිත්තක්ෂෙපයෙන් අර්හත්ත්වය පාළ කරයි. අධිමානයෙන් අර්හත්ත්වය පාළ කෙරෙයි. මනා (හෙතු) යෙන් ම අර්හත්ත්වය පාළ කෙරෙයි. මහණෙනි, මේ පස් දෙන අර්හත්ත්වව්‍යාකරණයෝ යි.
     
    • Like
    Reactions: ek_rosh

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    කුණාල ජාතකය

    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » ජාතක පාළි 2 » 21. අසීති නිපාතය


    4165. පක්ෂිරාජය, මේ සතර දෙනෙක් තෘප්ත නො වෙති. එය ප්‍රකාශ කරන මාගේ වචනය අසව. සමුද්‍රය ද බ්‍රාහ්මණයා ද රජ ද ස්ත්‍රී ද (යන සතර දෙන ය).

    4166. පොළොව ඇසුරු කළා වූ යම්කිසි ගංගාවෝ වෙත් ද, ඒ සියල්ලෝ ම සයුරට බැස යෙති. ඔවුහු සයුර නො පුරවත්. (දිය පිහිටන තැන් මහත් හෙයින්) ඌනව ම පවත්නා නිසා නො පිරෙයි.

    4167. බ්‍රාහ්මණය ඉතිහාසය පස්වැනි කොට ඇති වෙදය හදාරා මත්තෙහි දු ඉගෙනීමට කැමති වන්නේ ය. හෙ ද (අදහස මහත් බැවින්) ඌනව ම වෙසෙන හෙයින් නො පිරෙයි.

    4168. රජ ද මුහුදු සහිත වූ පර්වත සහිත වූ අනන්තරත්නයෙන් යුක්ත වූ මුළු පොළොව දිනා (නොයෙක් රත්නයෙන් පූර්ණ ව) වෙසේ ද, එහෙත් මුහුදින් එතෙර ද පතයි. (හෙ ද තෘෂ්ණා මහත්වයෙන් යුතු හෙයින්) ඌන හෙතුවෙන් ම නො පිරෙයි.

    4169. එපරිද්දෙන් ම එක ස්ත්‍රියකට ශූර වූ ද බලවත් වූ ද සියලු කාමරසයන් ගෙනදෙන්නා වූ ද සැමියන් අට අට දෙනා සිටිත් ද, එසේ වුවත් නවවැන්නකු කෙරෙහි ආශා කරන්නී ය. (කාමතෘෂ්ණා මහත්වයෙන් යුතු හෙයින්) ඌන බැවින් නො පිරෙයි.


    https://www.thripitakaya.org/tipitakaya/search?Search=වායුව සිහි
    ------ Post added on Jun 19, 2022 at 10:57 PM
    කුමාරි කාවක් බල්ලෙක් එක්ක සන්සර්ගය කරපු තැන මතක නෑ
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » එකක නිපාතය » 16. ඒකධම්ම පාළිය » ජම්බුදීපපෙය්‍යාලය


    ... මහණෙනි, එසෙයින් ම යම් සත්ත්‍ව කෙනෙක් දෙවියන් කෙරෙන් ච්‍යුත වූවාහු මනුෂ්‍යන් කෙරෙහි උපදිත් ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. යම් සත්ත්‍ව කෙනෙක් දෙවියන් කෙරෙත් ච්‍යුත වූවාහු නිරයෙහි උපදිත් ද ... තිරිසන්යොන්හි උපදිත් ද ... ප්‍රෙතවිෂයෙහි උපදිත් ද, තෙල සත්ත්‍වයෝ ම බහුතර වෙත්.

    8.1.2. තාලපුට සූත්‍රය

    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » සළායතන වර්ගය » 8. ගාමණී සංයුක්තය » ගාමණි වර්ගය


    ගාමණී මම "ගාමණී, කම් නැත, මෙය තිබේවා. මෙය නහමක් මා පුළුවුස් ව” යි තොපගෙන් ඒකාන්තයෙන් නො ලබමි. යලිදු තොපට මම විසඳන්නෙමි. ගාමිණී, පෙර සත්ත්වයෝ නො පහ වූ රාග ඇතියහ. රාග, ද්වේශ, මෝහ බැඳුමෙන් බැඳුණාහ. ඔවුන්ට නළු තෙමේ රඟ මැද නැටුම් මැද යම් දහම්හු ඇලුම් කටයුත්තාහු නම්, ඔවුන් බෙහෙවින් රාග, ද්වේශ, මෝහ සහිත වීම පිණිස එළවා දක්ව යි.


    හේ තෙමේ මත් වූයේ පමා වූයේ මෙරමා මත් කරවා පමා කරවා කාබුන් මරණින් මතු පහාස නම් නිරයෙක් වේ නම් එහි උප දී. ඉදින් ඔහුට “යම් ඒ නළුවෙක් රඟ මැද නැටුම් මැද සැබෑවෙනුත් බොරුවෙනුත් ජනයා සිනා ගන්වා ද ඇලුම් කරවා ද හෙතෙමේ කාබුන් මරණින් මතු පහාස නම් දෙවියන්ගේ සහභාවයට පැමිණේ ය” යි මෙබඳු දිටෙක් වේ නම් ඒ ඔහුගේ මිසදිටු වේ. ගාමිණී, මිසදිටු ගත් පුරිස පුඟුල්හට නිරය හෝ තිරිසන් යෝනිය හෝ දෙගති අතුරෙන් එක්තරා ගතියක් කියමි යි.
    ------ Post added on Jun 19, 2022 at 11:00 PM

    1. 3. 2. මාපුඤ්ඤභායී සූත්‍රය

    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » ඉතිවුත්‌තකපාළි » 1. ඒකක නිපාතය » තතිය වර්ගය


    1. මහණෙනි, පිණට බිය නො වවු. මහණෙනි, මේ පින් යනු යහපත් වූ සිත්කලු වූ ප්‍රිය වූ මන වඩන්නා වූ සැපයට නමෙකි. මහණෙනි, බොහෝ කලක් මුළුල්ලෙහි (මා විසින්) කරන ලද පුණ්‍යකර්‍මවල යහපත් වූ සිත්කළු වූ ප්‍රිය වූ මන වඩන්නා වූ ප්‍ර‍තිඵල වළඳන ලදැ යි මම හොඳින් දනිමි. සත් වසක් මෙත් සිත වඩා (සංවර්‍ත විවර්‍ත) මහාකල්ප සතක් මුළුල්ලෙහි මේ කාම ලෝකයට පෙරළා නො ආයෙමි.
    ------ Post added on Jun 19, 2022 at 11:01 PM

    8.1.6.3. සංක්ෂිප්ත ගොතමියොවාද සූත්‍රය


    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » අට්ඨක නිපාතය » (6) 1. ගොතමී වර්ගය


    ගොතමිය, තෙපි “මේ ධර්මයෝ විරාගයට වැටෙති, සරාගයට නො වැටෙති; විසංයොගයට වැටෙති, සංයොගයට නො වැටෙති; වට නො වඩනට වැටෙති, වට වඩනට නො වැටෙති, අප්පිච්ඡතාවට වැටෙති, මහිච්ඡතාවට නො වැටෙති; සංතුට්ඨියට වැටෙති, අසංතුට්ඨියට නො වැටෙති; ප්‍ර‍විවෙකයට වැටෙති, සඞ්ගණීකාවට නො වැටෙති; වීර්‍ය්‍යාරම්භයට වැටෙති, කුසීත භාවයට නො වැටෙති; සුභරතාවට වැටෙති, දුහරතාවට නො වැටෙත්’යයි දන්නවු නම්, ගොතමිය, ඒකාන්තයෙන් තෙල ධර්මය වෙයි, තෙල විනය වෙයි, තෙල ශාස්තෘ ශාසනය වේ යයි දරව යි.
    ------ Post added on Jun 19, 2022 at 11:03 PM

    5.3.4.7. අප්‌පංසුපති සූත්‍රය





    [සැවැත්නිදානයි]


    37. මහණෙනි, මෙ පස් දෙනෙක් රාත්‍රියෙහි අල්ප කොට නිදන්නාහ. බහුල කොට නිදි වරන්නාහ. කවර පස්දෙනෙක යත්:‍‍


    මහණෙනි, පුරුෂයන් කෙරෙහි අධිප්‍රාය ඇති ස්ත්‍රී රාත්‍රියෙහි අල්ප කොට නිදයි. බහුල කොට නිදි වරයි. මහණෙනි, ස්ත්‍රීන් කෙරෙහි අධිප්‍රාය ඇති පුරුෂ රාත්‍රියෙහි අල්ප කොට නිදයි. බහුල කොට නිදි වරයි. මහණෙනි, වස්තු පැහැර ගැණීමෙහි අධිප්‍රාය ඇති සොර රාත්‍රියෙහි අල්ප කොට නිදයි. බොහෝ කොට නිදිවරයි. මහණෙනි, රජකරණීහි නියුතු රජ රාත්‍රියෙහි අල්ප කොට නිදයි. බො‍හෝ කොට නිදි වරයි. මහණෙනි, කෙලෙසුන්ගෙන් මිදීමෙහි අධිප්‍රාය ඇති මහණ රාත්‍රියෙහි අල්ප කොට නිදයි. බොහෝ කොට නිදි වරයි.


    මහණෙනි, මෙ පස් දෙන රාත්‍රියෙහි අල්ප කොට නිදත්. බොහෝ කොට නිදි වරත් යයි.
    ------ Post added on Jun 19, 2022 at 11:06 PM

    17. ක්‍රෝධ වර්ගය

    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » ධම්‌මපදපාළි » 17. ක්‍රෝධ වර්ගය


    (228) 8. එකාන්තයෙන් ගැරහුම් ලත් පුරුෂයෙක් හෝ එකාන්තයෙන් පසස්නා ලද පුරුෂයෙක් හෝ අතීතයෙහි ද නො වී ය. අනාගතයෙහි ද නො වන්නේ ය. දැන් වර්තමාන කාලයෙහි ද නැත්තේ ය.
    ------ Post added on Jun 19, 2022 at 11:10 PM
     

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    කුමාරි කාවක් බල්ලෙක් එක්ක සන්සර්ගය කරපු තැන මතක නෑ
    එලිච්චියක් එක්ක හිටිය රජෙකුත් ඉන්නවනේද?
     

    Yee

    Well-known member
  • Feb 4, 2021
    420
    654
    93
    මාත් කියවගෙන යනවා කාලෙක ඉදන්. දැනට සංයුක්ත නිකාය ඉවරයි, අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ ඉන්නේ දැන්:)
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH

    චූළනිකා සූත්‍රය*

    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » (8) 3. ආනන්‌ද වර්ගය

    ආනන්දය, එසේ වී නම් අසව … ආනන්දය, සඳහිරුහු බබලමින් යම්තාක් තැන් ඇවිදුනාහු ද, දිශා බබුලුවත් ද, ඒ තාක් තැන් සහස්‍රීලෝකධාතුයි. ඒ සහස්‍රධාලෝකයෙහි සඳ දහසෙක් ඇත. හිරු දහසෙක් ඇත. සුනෙරු පවුරද දහසෙක් ඇත. දඹදිව් දහසෙක් ඇත. අපරගොයාන දහසෙක් ඇත. උතුරුකුරුදිව් දහසෙක් ඇත. පූර්වවිදෙහ දහසෙක් ඇත. මහාසමුද්‍ර සහස්‍රයෝ සතර දෙනෙක් ඇත. මහාරාජසහස්‍රයෝ සතර දෙනෙක් ඇත. චාතුර්මහාරාජික සහස්‍රයෙක් ඇත. ත්‍රයත්‍රිංශත් දේවලෝක සහස්‍රයෙක් ඇත. යාම දේවලෝක සහස්‍රයෙක් ඇත. තුෂිත දේවලෝක සහස්‍රයෙක් ඇත. නිර්මාණරතී දේවලෝක සහස්‍රයෙක් ඇත. පරනිම්මිත වශවර්ති දේවලෝක සහස්‍රයෙක් ඇත. බ්‍රහ්මලෝක සහස්‍රයෙක් ඇත. ආනන්දය, මේ සහස්‍රීචූලනීය ලෝකධාතුය යි කියනු ලැබේ.

    උපසීව ස්ථවිරාවදානය

    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » අපදාන පාලි - භික්ඛූ අපදාන 2 » 41. මෙත්‌තෙය්‍ය වර්ගය

    4026. (මේ ඍෂීන්ගෙන්) ස්වකීය ධ්‍යානබලයෙහි වශී වූ ඇතමෙක් අපරගෝයානයට යෙත්. ඇතමෙක් පූර්‍වවිදේහයට යෙත්. ඇතැමෙක් උතුරුකුරු දිවයිනට යෙත්. ඒ ඒ තැනින් පිඬු ගෙණවුත් සියලු දෙන ම එකතුව වළඳත්.
    ------ Post added on Jun 20, 2022 at 8:57 AM
     

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    බුද්ධ වචනය නම් පුදුම සහගතයි.
    සම්මා සම්බුදුරජානන් වහන්සේ ගේ එක වචනයක තියෙන්නේ කල්ප ගානක අත්දැකීම්. නිකෙලෙස් හද මඩලින් උපන් අදහස්.
    මෙච්චර ගැඹුරු අදහස් සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙන විදියට වචන වලට නැගීම, මනා කොට දේශනා කිරීමක් මයි.
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH

    දෙවැනි දසබල සූත්‍රය

    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » නිදාන වර්ගය » 1. අභිසමය සංයුක්තය » 3. දසබල වර්ගය

    මහණෙනි, දසබලයෙන් සමන්වාගත වූ සිවුවැදෑරැම් විසාරද බැවින් යුක්ත වූ තථාගත තෙමේ ශ්‍රේෂ්ඨස්ථානයට පැමිණේ. පිරිස්මැද සිංහනාද කෙරෙයි. ධර්‍මචක්‍රය පවත්වයි. (කෙසේ ද යත්:) මේ රූපය. රූපයේ හටගැන්ම මෙසේ ය. රූපයේ නිරෝධය මෙසේ ය. මේ ව්දනාව. වේදනාවේ හටගැන්ම මෙසේ ය. වේදනාවේ නිරෝධය මෙසේ ය. මේ සංඥාව. සංඥාවේ හටගැන්ම මෙසේ ය. සංඥාවේ නිරෝධය මෙසේ ය. මේ සංස්කාරය. සංස්කාරයන්ගේ හටගැන්ම මෙසේ ය. සංස්කාරයන්ගේ නිරෝධය මෙසේ ය. මේ විඥානයැ. විඥානයේ හටගැන්ම මෙසේ ය. විඥානයේ නිරොධය මෙසේ ය. මෙසේ මෙය ඇති කල්හි මෙය වෙයි. මෙය ඉපදීමෙන් මෙය උපදියි. මෙය නැති කල්හි මෙය නො වේ. මෙය නිරුද්ධ වීමෙන් මෙය නිරුද්ධ වේ.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,099
    13,757
    113
    පෘථිවිය
    මේ ත්‍රිපිටක අන්තර්ජාලයට දාල තියෙන එක ගොඩක් හොඳයි. හොඳ වැඩක්

    හැබැයි මේවා සරල සිංහලින් ලියල දාන එක තමයි කෙරෙන්න ඕන.

    නැත්නම් කියවන කෙනා ඔක්කොම කියවන්නේ නැහැ එපා වෙනවා
     
    • Like
    Reactions: INCORRECT and S_M_S

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මේ ත්‍රිපිටක අන්තර්ජාලයට දාල තියෙන එක ගොඩක් හොඳයි. හොඳ වැඩක්

    හැබැයි මේවා සරල සිංහලින් ලියල දාන එක තමයි කෙරෙන්න ඕන.

    නැත්නම් කියවන කෙනා ඔක්කොම කියවන්නේ නැහැ එපා වෙනවා

    ඨානං හි මඤ්‌ඤති බාලෝ යාව පාපං න පච්‌චති​

    යදා ච පච්‌චති පාපං අථ බාලෝ දුක්‌ඛං නිගච්‌ඡති.​

    පාපය විපාක නොදෙන තාක් අඥාන පුද්ගලයා ඒක සතුටක් කියල හිතනවා. යම් දවසක පාපය විපාක දෙන්න පටන් ගත්තාම, එතකොටයි ඒ අඥානයා දුකට පත්වෙන්නෙ.

    හන්‌තා ලභති හන්‌තාරං ජේතාරං ලභතේ ජයං​

    අක්‌කෝසකෝ ච අක්‌කෝසං රෝසේතාරඤ්‌ච රෝසකෝ​

    අථ කම්‌මවිවට්‌ටේන සෝ විලු‍ත්‌තෝ විලු‍ප්‌පතීති.​

    අනුන්ව නසන කොට, තමාව නසන්නෙක් බිහිවෙනවා. අනුන්ව දිනවන කොට, තමාට ජය ලැබෙනවා. ආක්‍රෝෂ කරන්නා ආක්‍රෝෂ කරන්නෙක්ව ලබා ගන්නවා. කේන්ති ගන්න කෙනා කේන්ති ගන්න කෙනෙක්ව ලබා ගන්නවා. කර්මය මෝරල ගියාම අනුන්ව නැසූ පුද්ගලයාවම අනුන් විසින් නසල දානවා.”

    https://mahamevnawa.lk/sutta/sn1_3-2-5/
    - දුතිය සංගාම සූත්‍රය -



    මාත් කියවගෙන යනවා කාලෙක ඉදන්. දැනට සංයුක්ත නිකාය ඉවරයි, අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ ඉන්නේ දැන්:)
    👍 Online ද කියවන්නෙ? අපිව ටිකක් ධෛර්යමත් කරපන්කො.
     
    Last edited:

    Yee

    Well-known member
  • Feb 4, 2021
    420
    654
    93
    👍 Online ද කියවන්නෙ? අපිව ටිකක් ධෛර්යමත් කරපන්කො.



    මම කියවන්නේ pitaka.lk එකේ තියන සිංහල පරිවර්තනේ. එකේ තියෙන්නේ A.P. Soysa සිංහල පරිවර්තනය.

    කව්රුහරි fb group comment එකක් දාලා තිබ්බා, දවසකට සූත්‍ර මෙච්චර ගානක් කියෙව්වා නම් මෙච්චර කාලෙකින් ත්‍රිපිටකය කියවලා ඉවර කරන්න තිබ්බා කියලා . ඒ ගණන් මට මතක නෑ කොහොම හරි එක දැකල මාත් කියවන්න පටන් ගත්තා. ඉතින් මට පුළු පුළුවන් වෙලාවට කියවනවා මම. හැමදාම බැරි උනත් කියවනකොට කළින් නවත්තපු තැනින් පටන් ගන්නවා.

    මම සුත්‍රයක් කියවලා මේ pitaka.lk සයිට් එකේම තියන shortcut එකෙන් යනවා tipitaka.lk එකට. මේකේ තියෙන්නේ අර බුද්ධ ජයන්ති ත්‍රිපිටක පරිවර්තනය. එකෙන් අදාළ සුත්රේට අදාළ අටුවාව කියවනවා.
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මේ ත්‍රිපිටක අන්තර්ජාලයට දාල තියෙන එක ගොඩක් හොඳයි. හොඳ වැඩක්

    හැබැයි මේවා සරල සිංහලින් ලියල දාන එක තමයි කෙරෙන්න ඕන.

    නැත්නම් කියවන කෙනා ඔක්කොම කියවන්නේ නැහැ එපා වෙනවා
    සරල සිංහලට පරිවර්තනය කරන්න ගියොත් තවත් විකෘති වෙනවා...


    දැනටත් වැරදියට පරිවර්තනය කරපු තැන් තියෙනවා. ඒක ත්‍රිපිටක පරිවර්තන කමිටුවෙනුත් වෙනම සදහන් කරලා තිබුනා..


    හොදම දේ තමයි අමාරුවෙන් හරි මේ පැටන් එකට කියවලා තේරුම් ගන්න උත්සාහ කරන එක... හුරු වුනාම ඒක ලේසි වෙනවා. මොකද ත්‍රිපිටකයේ හැම කරුණකම අවසානය නිවන් මාර්ගය සහ නිවන ඉලක්ක කරලා සකස් වෙන්නෙ.


    ඒ කාලේ හාමුදුරු නමක් ලිංගිකව හැසිරිලා.... ඒකට තථාගතයන් වහන්සේ කරපු දේශනාවෙ තියෙනවා සර්ප හිසකට හෝ ගිණි අඟුරු වලකට පයිය එබුව නම් ඊට වඩා හොදයි කියලා.. උපරිම මැරෙයි, නමුත් අපායෙ යන්නෙ නැහැ කියලා....

    සුදින්න බණවර

    ත්‍රිපිටකය » විනය පිටකය » පාරාජිකපාළිය » 2. පාරාජිකකාණ්ඩය » ප්‍රථමපාරාජිකය

    37. “හිස් පුරුෂය, තා විසින් දරුණු විෂ ඇති ආශීවිෂයක්හුගේ මුඛයෙහි අඞ්ගජාතය බහා ලන ලද්දේ නම් මැනැවි. මාගමකගේ අඞ්ගජාතයෙහි සිය අඞ්ගජාතය බහාලන ලද්දේ නො මැනැවි. හිස් පුරුෂය, තා විසින් කෘෂ්ණසර්‍පයක්හුගේ මුඛයෙහි අඞ්ගජාතය බහාලන ලද්දේ නම් මැනැවි. මාගමකගේ අඞ්ගජාතයෙහි ස්වකීය අඞ්ගජාතය බහා ලන ලද්දේ නො මැනැවි. හිස් පුරුෂය, තා විසින් ඇවිළගත්, හාත්පසින් ඇවිළගත්, ගිනිදැල් සහිත වූ ගිනිඅඟුරුවළෙක අඞ්ගජාතය බහාලන ලද්දේ නම් මැනැවි. මාගමකගේ අඞ්ගජාතයෙහි ස්වකීය අඞ්ගජාතය බහාලන ලද්දේ නො මැනැවි. ඒ කවර හෙයින? යත්: හිස් පුරුෂය, එය හේතු කොට ගෙණ මරණයට හෝ පැමිණෙන්නේ ය. නැත හොත් මරණය වැනි දුකකට පැමිණෙන්නේ ය. ඒ හේතුවෙන් කා බුන් මරණින් මතු සැපයෙන් පහ වූ නරකගතියෙන් යුක්ත වූ විවශ ව පතිත වන්නා වූ නිරයට නො පැමිණෙන්නේ ය. මේ හේතුවෙන්, හිස් පුරුෂය, කා බුන් මරණින් මතු අපාය නම් වූ දුග්ගති නම් වූ විනිපාත නම් වූ නිරයට පැමිණෙන්නේ ය.
    ------ Post added on Jun 21, 2022 at 4:12 PM
     

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    මම කියවන්නේ pitaka.lk එකේ තියන සිංහල පරිවර්තනේ. එකේ තියෙන්නේ A.P. Soysa සිංහල පරිවර්තනය.

    කව්රුහරි fb group comment එකක් දාලා තිබ්බා, දවසකට සූත්‍ර මෙච්චර ගානක් කියෙව්වා නම් මෙච්චර කාලෙකින් ත්‍රිපිටකය කියවලා ඉවර කරන්න තිබ්බා කියලා . ඒ ගණන් මට මතක නෑ කොහොම හරි එක දැකල මාත් කියවන්න පටන් ගත්තා. ඉතින් මට පුළු පුළුවන් වෙලාවට කියවනවා මම. හැමදාම බැරි උනත් කියවනකොට කළින් නවත්තපු තැනින් පටන් ගන්නවා.

    මම සුත්‍රයක් කියවලා මේ pitaka.lk සයිට් එකේම තියන shortcut එකෙන් යනවා tipitaka.lk එකට. මේකේ තියෙන්නේ අර බුද්ධ ජයන්ති ත්‍රිපිටක පරිවර්තනය. එකෙන් අදාළ සුත්රේට අදාළ අටුවාව කියවනවා.
    අඩේ මේ අයිඩියා එක සුපිරි. අටුවාව කියවන්න තැනක් දන්නේ නැතුව හිටියේ. 🙏 🙏 🙏 :yes: