international schools for helayan

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    වර්තමානයේ අධ්‍යාපනය මුදල් මත රැඳී තිබෙන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී,ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසීය. ඒ අනුව උපකාරක පන්තිවලට දරුවන් යොමු කළේ නැතිනම් විභාගවලට පෙනී සිටීමට නොහැකි තත්වයකට පත්ව තිබෙන බව 2022 අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ අටවන දිනය සඳහා ඊයේ (01දා) පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරු සඳහන් කළාය. එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය,




    "මේ රටේ වර්ධනය වෙමින් පවතින ඇති නැති පරතරය වෙනස් කිරීමේ අවශ්‍යතාව ඇමතිවරයා මතක් කළා. මේ පරතරය සහ අධ්‍යාපනයේ තිබෙන විෂමතාව අධ්‍යාපන ක්‍රමවේද්මයේ දශක ගණනාවක් තිබෙන ඉතාමත් දරුණු ප්‍රශ්නයක්. විශේෂයෙන් පාසල් අතර දරුණු විෂමතාවක් තිබෙනවා. මම ඇත්තටම පුදුම වුණා අයවැය කතාවට ඇහුම්කන් දෙනකොට. මෙම අසමානතා අවම කිරීමට ඉදිරිපත් කරලා තිබෙන එක යෝජනාවක් තමයි සෑම දිස්ත්‍රික්කයකම පාසල් අතර විෂමතා අවම කිර්ම සඳහා නවීන පන්නයේ ජාත්‍යන්තර පාසල්වලට විශේෂ බදු සහන සහ ඉඩම් ලබා දීමේ යෝජනාවක් මේ අයවැය ලේඛනය තුළ තිබෙනවා.


    ඇත්තටම ජාත්‍යන්තර පාසල් දිස්ත්‍රික් මට්ටමින් පිහිටුවීම තුළින් මේ පාසල්වල තිබෙන අසමානතාවලට කොහොමද ඒක ප්‍රයෝජනයක් වෙන්නේ කියන එක ඇත්තටම විශාල ප්‍රහේලිකාවක්. කොතරම් අපි නිදහස් අධ්‍යාපනය ගැන කතා කළත් මේ මොහොතේ මුදල් මත තමයි අධ්‍යාපනය රැඳෙනේ. ටියුෂන්වලට ගියේ නැතිනම් විභාගවලට පෙනී සිටින්න බැරි තත්වයක් අද තිබෙන්නේ. මේවට තමයි අපට විසඳුම් අවශ්‍ය. දශක ගණනාවක සිට අධ්‍යාපනයට වෙන්කරන මුදල සතුටුදායක නෑ. ඒක එන්න එන්නම අඩුවෙලා තිබෙනවා. මේකේ ප්‍රතිවිපාකය මොකක්ද කියල හිතන්න ඕන.

    මේ වන විට රජයෙන් කරන මුදල් සංවර්ධනයට ඉතාමත් අඩු ප්‍රමාණයක් තිබෙන්නේ. අද වනවිට උසස් අධ්‍යාපනය ලබා දෙන රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන විශාල ගණනාවක් තිබෙනවා. මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශයට අමතරව වෙන අමාත්‍යාංශවලිනුත් උසස් අධ්‍යාපන ආයතන වත්ම විශ්වවිද්‍යාල පවත්වාගෙන යනවා" යනුවෙන්ද ප්‍රකාශ කළාය.

    -දිනේෂ් සමරකෝන්-
     

    Gihanjs

    Well-known member
  • Aug 8, 2021
    647
    1,179
    93
    29
    Gurunta padi wadi kara nam hariyata ugannanwwa nam harine
    Aparade wadi kare padi,kohomath lmai tution yanawane