IP address ගැන දැනගමු

spirit89

Active member
  • Dec 7, 2008
    266
    89
    28
    පරිගණක ජාලයකට​ සම්බන්ද වන සෑම උපාංගයකටම ඊටම වෙන්වූ හඳුනාගැනීමේ අංකයක් තියෙනවා... ඒකට තමා IP address එක කියන්නේ...
    සාමාන්‍යයෙන් IP address එකක් මේ වගේ... 216.27.61.137
    අපිට හඳුනාගන්න ලේසි වෙන්න දහයේ පාදයේ සංඛ්‍යා වලින් පෙන්නුවත් පරිගණකය මේක හඳුනාගන්නේ Binary හෙවත් දෙකේ පාදයේ සංඛ්‍යාව විදිහට​... කලින් පෙන්නපු IP address එකම පරිගණකය හඳුනාගන්නේ මේ විදිහට​... 11011000.00011011.00111101.10001001


    IP address එකක තියෙන තිත් වලින් වෙන්වූ අංක හතරට ඔක්ටෙට්ස් ( octets ) හෙවත් අටේ කාණ් ඩ කියනවා... ඒ Binary වලින් බැලුවම ස්ථාන අටක් තියෙන නිසා... මේ එක octet එකක අගය 0 සිට 255 අතර අගයක් ගන්නවා... ඒ විදිහට එකකට වෙනස් අංක සංයෝජන 4,294,967,296 ක් හදන්න පුලුවන්...
    නමුත් මේ අතරින් සමහර IP addresses සාමාන්‍ය විදිහට භාවිතා කරන්න බැරි වෙන්න සීමා කරලා තියෙනවා... උදාහරණයක් විදිහට 0.0.0.0 හා 255.255.255.255 වෙන් කරන ලද IP addresses දෙකක්...


    IP කියන අකුරු දෙකේ තේරුම​ Internet Protocol.... සන්නිවේදනය සඳහා අන්තර්ජාල ප්‍රොටොකෝලයක් භාවිතා කරන සෑම උපාංගයකටම තමා Internet Protocol Address එකක් හම්බෙන්නේ....
    ප්‍රොටොකෝල් එකක් කියන්නේ "සන්නිවේදනයේදී සිදුවන ක්‍රියාපටිපාටි එකතුවක විස්තරයක්"
    ( a description of a set of procedures to be followed when communicating ) කියලා හඳුන්වන්න පුලුවන්..


    කමාන්ඩ් ප්‍රොම්ප්ට් " ipconfig "එකේ කියන කමාන්ඩ් එක දුන්නොත් ඔයාලගෙ පරිගණකයේ IP address එක බලාගන්න පුලුවන්... නමුත් IP address එක පෙන්වන්නේ පරිගණක ජාලයකට සම්බන්ද වෙලා ඉන්නවා නම් විතරයි...