iPhone XS Max එකක් ගත්තා මචන්ලා 😍 eSim Help

Tharaka1220

Well-known member
  • Oct 19, 2007
    2,726
    141
    63
    සිහිනයක
    පාවිච්චි කරපු XS Max එකක් ගත්තා :D මේක SIM දෙකක් පාවිච්චි කරන්න පුලුවන්ද !

    • eSIM දෙන්නේ Dialog විතරද
    • කොහොමද ගන්නේ! කොහොමද වැඩේ කරගන්නේ..
    Mobile eSim thiyenwa
     
    • Like
    Reactions: CloudX64

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    Mama gatte 512GB bn.. Battery 90i 133i
    256GB nam 110-120 wage :(


    Signal aulk nathda bn owagen! Physical sim wagemai neda
    ------ Post added on Aug 23, 2021 at 12:09 AM
    Yako xs battery 90 tiyenawada ubage 😳 mage 11 pro max brand new gatta eket dan battery 88 i ban so sad
     
    • Wow
    Reactions: CloudX64

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඔව්, Physical Sim එකයි, eSim එකයි පාවිච්චි කරනවා. මට නම් විෂේශයක් නෑ. Dual Sim iPhone එකෙ Use කරන විදිය ඒ. මටනම් එහෙම අවුලක් සෙට්වෙලා නෑ.. නිතර සිම් මාරු කරන කෙනෙක්ට වගෙ නම් ලේසී. Primary Connection එකට අමතරව තියෙන සිම් එක Office Sim එක කියලා හිතමු, ඔයා Weekend එකට නැත්නම්, weekday evening uber දුවනවා කියලා හිතමු. ඔයාට කරදරයක් නැතුව තනි Phone එකෙන් වැඩෙ කරගෙන යන්න පුලුවන්, physical Sim මාරුවක් නෑ, මෙනු එකෙන් සිම් එක වෙනස් කරන්න විතරයි තියෙන්නෙ.
    ඉන්කමින් sim 2 ටම එකවිට එනවද ? sim 2 කම ඇක්ටිව් තිබ්බොත් call ගන්නකොට සිලෙක්ට් කරලා ගන්න නේද තියෙන්නේ ?
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    ඉන්කමින් sim 2 ටම එකවිට එනවද ? sim 2 කම ඇක්ටිව් තිබ්බොත් call ගන්නකොට සිලෙක්ට් කරලා ගන්න නේද තියෙන්නේ ?
    Mama iye Order kale. Mata ada Ada 4pm weddi Email send karala thibba. Physical sim eka Deactivate wela dn.

    QR eka Scan karala Profile insall karanna witharai thibbe.

    Calls nam apita Select karanna puluwan. Normal Phone ekaka wage lesi naha.. tikak wela ynawa..
    Yako xs battery 90 tiyenawada ubage 😳 mage 11 pro max brand new gatta eket dan battery 88 i ban so sad

    Samaharu hodata use karanwa bn eka nisa wenna athi 🥺🥺 Low power mode ehema danna epa kiynawane Hard use nam

    78%- iPhone X
    Future world eken karanna.. Ganan kohomada dnne na habai..

    Authorized Dealer kenek
    ------ Post added on Aug 23, 2021 at 8:57 PM
     
    • Like
    Reactions: NRTG

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    පාවිච්චි කරපු XS Max එකක් ගත්තා :D මේක SIM දෙකක් පාවිච්චි කරන්න පුලුවන්ද !

    • eSIM දෙන්නේ Dialog විතරද
    • කොහොමද ගන්නේ! කොහොමද වැඩේ කරගන්නේ..
    Dialog and mobitel,
    Gihilla ganna wenwa mchn, un de QR code ekak..
    Phone eke
    Settings > Cellular > Add cellular olan gihilla qr cose eka scan krnna
     
    • Love
    Reactions: CloudX64

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    Mama iye Order kale. Mata ada Ada 4pm weddi Email send karala thibba. Physical sim eka Deactivate wela dn.

    QR eka Scan karala Profile insall karanna witharai thibbe.

    Calls nam apita Select karanna puluwan. Normal Phone ekaka wage lesi naha.. tikak wela ynawa..


    Samaharu hodata use karanwa bn eka nisa wenna athi 🥺🥺 Low power mode ehema danna epa kiynawane Hard use nam


    Future world eken karanna.. Ganan kohomada dnne na habai..

    Authorized Dealer kenek
    ------ Post added on Aug 23, 2021 at 8:57 PM
    muchan man call kara unta... appointment ekak online dagena yanna one... device eka handover karama diagnose karala, battary replacement nam new device ekak denawa... 25000 wenne...
     

    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    ඔව්, Physical Sim එකයි, eSim එකයි පාවිච්චි කරනවා. මට නම් විෂේශයක් නෑ. Dual Sim iPhone එකෙ Use කරන විදිය ඒ. මටනම් එහෙම අවුලක් සෙට්වෙලා නෑ.. නිතර සිම් මාරු කරන කෙනෙක්ට වගෙ නම් ලේසී. Primary Connection එකට අමතරව තියෙන සිම් එක Office Sim එක කියලා හිතමු, ඔයා Weekend එකට නැත්නම්, weekday evening uber දුවනවා කියලා හිතමු. ඔයාට කරදරයක් නැතුව තනි Phone එකෙන් වැඩෙ කරගෙන යන්න පුලුවන්, physical Sim මාරුවක් නෑ, මෙනු එකෙන් සිම් එක වෙනස් කරන්න විතරයි තියෙන්නෙ.
    thanks මචං... ඒ කියන්නේ sim දෙකම dual stby තියන්න පුලුවන් නේද? කෝල් එකක් එනකොට ඕන sim එකකට ගෙන්න ගන්න පුලුවන් නේද? සිම් දෙකම active තීනකොට battery drain එක වෙනදට වඩා වැඩි ඇති නේද??
     

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    [12:58, 26/08/2021] Dammika Weerakoon: පාවිච්චි කරපු iphone එකක් ගන්න යන්නද හදන්නේ

    එහෙනම් මේ ටික අනිවාර්‍යෙන් මතක් කරගන යන්න
    සේරටම කලින් කියන්න ඕන android පෝන් එකක් සෙකන්ඩ් හැන්ඩ් ගන්නව වගේ නෙමේ iphone එකක් ගද්දි
    මොකද ඔයා ගන්න iphone එක ලෝකේ වටේ හොඳ සවාරියක් ගහලා ආපු පෝන් එකක්
    ඇන්ඩ්‍රොයිඩ් පෝන් එකක් කැරකෙන්නෙ ලිමිටඩ් යූස්ර්ලා ටිකක් යටතේ විතරයි ඒත් අයිපෝන් එකක් එහෙම නෙමේ හවුසින් එකක් විතරක් උනත් හම්බුනු කෙනෙක් උනත් ඒකට මද ටික දාල හදල පාවිච්චි කරලා හෝ නොකර ඔයාට විකුනන්න පුලුවන් අනිවාරෙන්. හැමෝටම කඩෙන් අයිපෝන් ගන්න සල්ලි නෑනෙ 90% ක් විතරම ගන්නෙ සෙකන්ඩ් හෑන්ඩ් තමයි
    ඒ ගන්න එකත් ගිනි ගනන් නෙහ් අදහසක් අරගෙන ගන්නවනම් ගන්න නැත්තම් ගත්තෙ නැතත් මට ප්‍රශ්නයක් නෑ.

    මුලින්ම ඔයා අයිපෝන් එකක් හොයද්දි කුනු කොල්ලෙට තියන ඇඩ්ස් වල තියන පෝන් වලට කතා කරල බොරුවට පෝන් එකේ සල්ලි කපාගන්න එප. මොකද හොඳ බඩු අඩුවට දෙන් නෑ. උදාහරනයක් විදියට ඔයා ලග iphone x 64GB (ලෙඩ නැති)එකක් තියනව කියමු ඒක ඔයාට සල්ලි හදිස්සියක් උනා කියලා ඔයා 55 කට 60 කට දෙනවද නෑනෙ. උපරිම 80 න් උඩ ගානකට දෙන්නනෙ ට්‍රයි කරන්නෙ. ඔයා වගේ තමා අනිත් අයත් බඩුවට ලෙඩ අඩුයිනම් බඩුව කිරි ටොයියනන් බඩුව සුපිරි කියලා පවිච්චි කරපු එකත් දන්නවනම් ලොවෙත් උබට බඩුව අඩුවට දෙන්ඩ තරම් කැහිල්ලක් නෑ අඩුවට තියනවනම් ඒක බඩුවක් නෙමේ නඩුවක්.

    ඊට පස්සෙ ඔය හොයනව 7 එකක් 6s එකක් මුලින්ම මතක් වෙන්නෙ ඔයාට බැට්‍රි හෙල්ත් එක 2021 එකේදි 6s එකක බැට්‍රි හෙල්ත් 100 ක් තියනව කියන්නෙ ඒක ලොවෙත් ලාච්චුවක දාල තියපු පෝන් එකක් නේහ්. ඒ කියන්නෙ සුවර් එකටම බැට්‍රිය රීප්ලේස් කරපු එකක්.
    මොන මෝඩයද ඕකට ඔරිජිනල් බැට්‍රියක් දාලා උබට විකුනන්නෙ ඌ පාවිච්චි කරනව මිසක්
    අනෙ ඔව් මල්ලි මේකට original එකක් දාල තියෙන්නෙ කිව්වට රැවටෙන්න එපා අරගෙන මාස ගානක් ගියාම තමා තෙරෙන්නෙ. ඒක හින්ද used iphone එකක් ගන්නවනම් පෝන් එක ආපු වර්ශෙත් එක්ක පොඩ්ඩක් මොලෙන් ගලපලා බලන්න ඕන මේකට බැට්‍රි හෙල්ත් කීයක් තිබිය යුතුද කියන එක.

    ඊලඟ කාරනය ඇසසරීස් ටික iphone used ඇසසරීස් ටික දහයකට ලං වෙන්න ගානක් යනව 7 128 GB එකක් ඔයා 38 කට විතර ගන්න යනවනම් දෙන එකා කිව්වොත් මෙකෙ තියෙන්නෙ ඔරිජිනල් ඇසසරීස් කියලා එක්කො පෝන් එක දෙන කෙන ඒක ගැන අවබෝදයක් නැති කෙනෙක් වෙන්න ඕනා එක්කො ලෝක කපටියෙක් වෙන්න ඕනා

    සුපිරියටම සෙට් වෙච්ච පෝන් එකක් ටාගට් කරගෙන බලන්න ගියාට පස්සෙ මුලින්ම පෝන් එකේ බැක් කවර් එක ගලවන්න
    ගලෝල බලන්න යට ඇණ දෙක ලඟ බල්ලො කාල වගේද කියල
    කැමරා ලෙන්ස් එක යට දූවිලි බැදිලද බලන්න පෝන් එක පොඩ්ඩක් හොල්ලල බලන්න අනන් මනන් හීනියට හරි හෙල්ලෙනවද කියලා. දැන් කොහොමත් ගලොපු නැති පෝන් හොයාගන්න බැරි තරම් ඒ හින්ද ගැලෝපු එකක් ගන්නේ කියල දැන දැනත් ගන්න හින්ද ගාන පුලුවන් තරම් සාදාරනීකරනය කරගන්න තමන් දැනගන්න ඕන.

    ඊලඟට 6s එකෙන් උඩ පෝන් එකක් ගද්දි දෙන එකා කිව්වොත් මල්ලි මෙකේ original display තියෙන්නෙ මේ කියලා ඇප් එකක් ඔබාගෙන ඉදල 3D touch පෙන්නුවොත් අනෙ ඔව්මයි අයියේ කියන්න එපා.ios 13 න් පස්සෙ ඒකෙ තියෙන්නෙ haptic touch එකක් ඒක සොෆ්ට්වෙයා එකෙන් වෙන්නෙ මොක දැම්මත් ඒක ඔබන් ඉදපු ගමන් පොපප් වෙනව
    ඒක හින්ද display එක බලද්දි හොදටම බලන්න කොහොමද තත්වෙ කියලා
    ඩාක් මුඩ් දාල දුන්නොත් වයිට් මුඩ් එකට දාල බලන්න පැච් තියනවද කියල
    වයිට් මුඩ් දාල තිබ්බොත් ඩාක් මුඩ් දාල බලන්න
    පෝන් එක restart කරල බලන්න බූට් ස්‍ක්‍රීන් එකෙදි හොදට පේනව පැච් තියනවනම්.
    ඊට පස්සෙ ටිකක් අලුත් පාටට පෝන් එක තියනවනම් පොඩ්ඩක් බලන්න සිම් ට්‍රේ එක ගලොල එකේ තියනව ඉමි නම්බර් එක ඒක පෝන් එකේ නම්බර් එකට සමානද කියලා ඒක සමාන නැත්තම් බොහෝ දුරට හවුසින් එක දාල හවුසින් එක දාල කියන්නේ මද ටික ගලොලා එකින් එක දානව කියන එකනෙ බොහෝ දුරට ගලෝපු පෝන් වල තමා ප්‍රශ්න බොහෝ දුරට වැඩි වෙන්නෙ. ඊට පස්සෙ මේ පහල තියන දේවල් බලාගන බලාගන යන්න

    කීබොඩ් එක අරගෙන හැම අකුරම ප්‍රෙස් කරගෙන කරගෙන යන්න හැම අකුරම වදිනවද කියලා
    සින්දුවක් දාල බලන්න ඇහෙන්න ඕන තැන් වලින් ඇහෙනවද කියලා
    කැමර එක බලද්දි අනිවාරෙන් ෆොකස් වෙනවද බලන්න ලෙන්ස් ටික චෙක් කරල බලන්න
    ෆ්ලැශර් දාලා පෝටෝ කැප්චර් කරලා බලන්න
    මේ දේවල් සෙරම කරන්න කලින් ඔයා පෝන් එක අතට ගද්දි තිබ්බ බැට්‍රි පස්න්ටේජ් එක මතක තියාගන්න පෝන් එක චෙක් කරද්දි අනේ අයියේ මං මොකුත් දන් නෑ කියල දෙන එකාට කියන්න එපා දන්නව වගේ බලන්න
    ඔයා පෝන් එක චෙක් කරන වෙලාවෙ ඌට ඒකට ඇඟිලි ගහන්න දෙන්න එපා
    කැමරාවේ විඩියෝ ඔන් කරලා විනාඩි දෙකක් විතර විඩියො එහෙම කරල බලන්න පෝන් එකෙ බැට්‍රිය වතුර වගේ බහිනවද කියල වගේම ගිනියම් වෙනවද කියලත්. ඒක තමා සේරටම කලින් බැක්කවර් ගලවන්න කිව්වේ
    කැමර දෙකම දාන්න පුලුවන් වැඩ කෑලි සේරම දාල චෙක්ක් කෙරුවට පස්සේ
    ඒකෙන් කොල් එකක් අරන් කත කරලා බලන්න කාට හරි නොයිස් එනවද අනන් මනන් ඔය කතා කරද්දි ඔය චෙක් කරන පෝන් එකේ ලවුඩ්ස්පීකර් එකත් දාල කතා කරලා බලන්න සමහර වෙලාවට හරියට ඇහෙන එක ලෞඩ්ස්පීකර් දැම්මම නෑහෙන්න පුලුවන්
    ඔයා පෝන් එක චෙක් කරද්දි ඌ සිම් එකක් දාල නෙමෙනම් ගෙනාවෙ ඔයා හරි සිම් එක දාගන චෙක් කරන්න මොකද බොහෝ දුරට සිග්නල් ඩ්‍රොප් ෆොල්ට්ස් තියෙන්න පුලුවන්
    පිසිකල් බටන් සේරම තිතට වැඩද කියලා බලන්න
    ඇසසරීස් ගැහුවාම පෝන් එක මොන වගේ රෙස්පොන්ඩ් එකක්ද දෙන්නෙ කියල බලගාන්න පුලුවන් කමක් තිබ්බොත් ගොඩක් හොදයි
    තව පෝන් එකෙඩ් ඩෙට ඔන් කරල ගූගල් එහෙම ගිහින් බලන්න දාරාගන්න බැරි විදියට බැට්‍රි බහිනවද කියලා
    ඩිස්ප්ලේ එක පොඩ්ඩක් තද කරලා බලන්න දෙදුනු පායනව වගේද කියලා
    ෆ්ලෑශ්‍ර් වැඩද බලන්න ටච් එක ස්මූත් ද බලන්න

    සේරම චෙක් කෙරුවට පස්සෙ බැට්‍රිය 40% ක් විතර බැහැලනම් ගන්න එපා
    ඊට පස්සෙ පෝන් එක හොදයි වගේනම් උගෙ අතට දෙන්න පෝන් එක ඔයාම රිසෙට් කරලා මෙන්න මගෙ සිම් එක මේක දාල මට ඇක්ටිව් කරල දෙන්න කියලා
    මොකද ඔයා ඕක කරන්න ගියොත් ලොක් එකක හිර උනොත් ඌ කියයි උබ හින්ද ඕක උනේ කියලා ඊට පස්සෙ සේරම කරල ඉවර වෙලා උබ යන්න ඔන්න මෙන්න ඉද්දි ඒකට ටෙම්පඩ් එකක් ගහලනම් තියෙන්නෙ ඒක ගලවන්න මොකද ඒක යටට වැහිල තියෙන්න පුලුවන් ග්ලාස් වලට හෙන ගහපුවයි ග්ලාස් ගහලනම් ඒවට දුවිලි ගිය ඒවයි
    ටෙම්පඩ් එක ගලොලා හොදට පිහල බලන්න අව්ල් තියනවද කියලා
    මීට වඩා චෙක් කරන්න දේවල් ගොඩක් තියනව හිතට එන එන දෙ චෙක් කරන්න
    චෙක් කරන ගමන් ඌගෙ මූනත් පොඩ්ඩක් බලන්න ඌ බය වෙනව වගේද කියලා ඒකනම් ඉතින් ආතල් එකට කරන්නේ
    අනේ මල්ලි මේ ඔව හැම එකම බල බල යූස් කරපුව ගන්න බෑනේ අනේ කිව්වොත් ඒක ඌටම දීල කියන්න අයියේ මට පෝන් ගන්න ඉන්නෙ ඔයා විතරක් නෙමේ කියලා
    අනික මේ ටිකේ පෝන් ගන්න යන්න එපා බොරුවට ලෙඩ හදගන්න
    Stay safe👍

    Copied from FB