IPL හා සටනට විදෙස් ක්‍රීඩකයින්ද කැටුව SLPL එයි
තරග සියල්ලම ජාත්‍යන්තරව විකාශය කිරීමට සූදානම්
ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අනුකරණය කරමින් විදෙස් ක්‍රීඩකයින්ද සහභාගී කරගෙන ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් යනුවෙන් විස්සයි-විස්ස තරගාවලියක් අරඹන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිළ වශයෙන් දැනුම් දෙයි.
මේ අනුව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද මාධ්‍ය වෙත දැනුම් දුන්නේ ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ (SLPL) මුල් තරගාවලිය ජූලි 19 වනදා සිට අගෝස්තු 04 වනදා දක්වා දින 18 ක කාලයක් කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පවත්වන බවත් දිවයිනේ පළාත් 07 ක් නියෝජනය කරමින් කණ්ඩායම් හතක් මේ සඳහා තරග වදින බවයි.
මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින්, විදෙස් ක්‍රීඩකයින් මෙන්ම පළාත් හත නියෝජනය කරන තරුණ ක්‍රීඩකයින්ටද අවස්ථාව ලබාදෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසා තිබේ.
කණ්ඩායමකට විදෙස් ක්‍රීඩකයින් 05 දෙනෙකුට වඩා සහභාගී කරවා ගත නොහැකි බවට හා ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 07 දෙනෙකු සහභාගී කරවා ගත යුතු බවට රෙගුලාසියක් පනවා තිබෙන බවද සඳහන්ය.
ඉදිරි වසර 03 තුළදී මෙම තරගාවලියට මෙරට පළාත් සියල්ලම නියෝජනය වන ලෙස කණ්ඩායම් යෙදවීමට සැලසුම් කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් පවසා තිබේ.
මෙම තරගාවලිය සඳහා සයිඩ් අෆ්රිඩි, ක්‍රිස් ගේල්, ඩැනියෙල් විටෝරි, කිරන් පොලාර්ඩ්, ඩැනියෙල් ක්‍රිස්ටියන්, හර්ෂල් ගිබ්ස් හා කෙවින් ඕබ්‍රියන් ඇතුළු ක්‍රීඩකයින් සහභාගී වනු ඇතැයි වාර්තා වේ.
මේ අතර, තරගාවලියේදී දිවා-රාත්‍රී තරග 24 ක් පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර ඒ සියල්ලම ජාත්‍යන්තරව විකාශය කිරීමට සැලසුම් කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.
තරගාවලියට සහභාගීවන කණ්ඩායම් හත සඳහා Basnahira Bears, Kandurata Kites, Nagenahira Nagas, Ruhuna Rhinos, Uthura Oryxes, Uva Unicorns සහ Wayamba Wolves යන නම් ලබාදී තිබෙන අතර නිළ ලාංඡනද එළි දක්වා තිබේ.
ඉහත ඡායාරූපයේ දැක්වෙන්නේ එම නිළ ලාංඡනයි.