Is Dudley senanayake reborn in 1974 ?

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    අනේ මන්දා දෙයියො තමා දන්නෙ . . . . .


    z_p10-deg.jpg


    පසුගිය දිනක ජාතික පුවත්පතකවෙනස් ආකාරයේ පුවතක් පලවිය. රජයට සහය දක්වන පුවත්පතක් වන දිවයින පුවත්පතේ ජෝතිර්වේදියකු විසින් එවන ලද ලිපියක් මගින් පැහැදිලිකොට තිබුනේ ඩඩ්ලි සේනානායක මහතා යලි ඉපදී ඇති බවත් ඒ මහතා 2016 ශ්‍රී ලංකාවේ රාජ්‍යය නායකයා වනු ඇති බවය.

    1974 දී රජරට ප්‍රදේශයේදී ඩඩ්ලි සේනානායක නැවත උපතලද ඇති බවත් දැන් වයස අවරුදු 39 ක් බවත් ඔහුගේ ඇති පුණ්‍ය මහිමයෙන් සියලු බාධා මැඩපවත්වා 2016 වසරේදී රාජ්‍ය නායකයා බවට පත්වී වසර 20 ක් දැහැමිව රට පාලනය කරන බව එම ලිපියෙන් දක්වා තිබුනේ ඉන්දියාවේ සෘෂි වරුන්ගේ නාඩි වාක්‍ය ඇසුරින් දැනගත් බව පවසමින්.

    එමෙන්ම එම සෘෂිවරුන් විසින් වත්මන් ජනපති මහින්ද රාජපක්ෂ පිළිබඳවද මෙසේ දැක්වෙයි

    1945.11.18 වැනි දින ගිරුවාපත්තුවේ, නිල්ලතොට ආශ්‍රිත ප්‍රදේශයෙකදී (නිල්ලතොට යනු නිල්වලා ගඟ ආශ්‍රිත ප්‍රදේශයයි) උපත ලබන පර්සි මහේන්ද්‍ර රාජපක්‍ෂ නම් කුමරෙකු වර්ෂ 2005.12.31 දිනට ප්‍රථම ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකත්වයට පත් වී වර්ෂ 2009.07.30 වැනි දින පෙර එරට පවතින මහා යුද්ධය අවසන් කොට වර්ෂ 2016.04.07 පමණ වනතෙක්‌ රට පාලනය කරනවා ඇත යනුවෙන් එහි සඳහන්ව තිබේ.

    මේ අනුව මෙම ලිපිය මගින් දැඩි කැළඹීමක් රජය තුල මෙන්ම ජනතාව තුලද ඇතිව ඇත්තේ නැවත ඉපිද සිටින ඩඩ්ලි සේනානායක කවුද යන්න විමසීමටයි. ඇතැම් විට එය රජයේ බුද්ධි අංශ වලට දැනමත් ලබා ඇති රාජකාරියක් විය හැකිය.

    තවත් සමහරුන් මත පළකරනුයේ මෙය එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය අංශයේ වැඩක් බවය. ඒ කෙසේවතත් 2016 ට ඇත්තේ තවත් අවරුදු තුනක කාලයක් පමණි.


    එම අනාවැකිය සහිත ලිපිය බලන්න මෙතනින්


    උපුටා ගැනීම : Gosipp9
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    ඔය කියන්නේ රුවන් විජේවර්ධන ගැන වෙන්නැති :P පොර තමයි රනිල් ගෙන් පස්සේ නායකත්වයට එන්න රනිල් ප්ලෑන් කරලා තියෙන්නේ . වෙන කෙනෙක්ට ඔය කියන හැටියට මෙයාට තරම් ජනාධිපති වෙන්න චාන්ස් එකක් නැහැ :rolleyes:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඕකත් දැන් මිනිස්සුන්ගේ තියන ප්‍රසන අමතක කරන්න ඔය කට්ටියම හදපු මෙගා ටෙලි නාටියක්
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,606
    1,552
    113
    elata kathawa hadala thyenwa,, yako mewath wishwasa karana ewun innawada,, :lol:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    :lol:
    දිවයින පුවත්පතේ ජෝතිර්වේදියා, wat are you doing???

    දිවයින පුවත්පතේ ජෝතිර්වේදියා, STAPH....

    :lol::lol::lol:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    තව අවුරුදු තුනකින් ජනාධිපති කම් කොරන්න රටක් තියෙයිද දන්නෙත් නෑ..චීනෙට සින්න වෙයි තව ටික දවසකින් :lol:
     

    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,565
    1,452
    113
    Sri Lanka
    ඕකත් දැන් මිනිස්සුන්ගේ තියන ප්‍රසන අමතක කරන්න ඔය කට්ටියම හදපු මෙගා ටෙලි නාටියක්