ISIS_යුවතියන්

rskoora

Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    Patta huttiyi genna narakai puke arala maranna ona.. oz huttiyakuth enna hadanawa ganne na mun
     

    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    මාතෘත්වය කියන්නේ ආශාවක අවසානය .ඇය ආශාව අත්හරින වෙලාව .ඒ නිසාම මේ දෙදෙනාටම තම මවු රටවල් වලට ඒමට ඉඩ සැලස්සිය යුතුයි .අනිවාර්යෙන් ඔවුන් පසු තැවෙනවා කරගත්තු මෝඩ කම් ගැන හිතලා ඒ වාගේම මෙයාලව යොදාගෙන නැවතත් මේ වාගේ දරුවන් ත්‍රස්තවාදී සංවිදාන වලට බැදීමට ඉඩ නොදෙන ප්‍රචාරක ක්‍රම වලට යොදා ගන්න ඕනේ

    Tho hambayek neda gedara genath tiya ganin
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    සැපවත් ජීවිතයක් වෙනුවට මිහිපිට අපායක් තෝරගෙන පව් ගෙවනවා. මිත්‍යාදුෂ්ටික ආගමකුයි දෙය්යෙකුයි ඔලුවට දාගත්තම ඔය වගේ විපත් වෙනවා.
     

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    අයිසිස් සංවිධානයට බැඳීම සඳහා 2015 වසරේදී ඇය සිය මිතුරියන් දෙදෙනෙක් ද සමග එංගලන්තයෙන් සිරියාව බලා ගියාය. ඇයට දැන් නැවතත් සිය රට බලා පැමිණීමට උවමනා කර තිබේ.

    sec_52729337-4c0d.jpg


    නමුත් එක්සත් රාජධානිය තීරණය කර තිබෙන්නේ ඇගේ පුරවැසිභාවය අහෝසි කරන්නට ය.

    ‘අයිසිස් මනාලිය‘ යනුවෙන් පසුගිය සතිවල ශීර්ෂපාඨ මැවූ මේ යුවතියගේ පවුලේ නීතීඥවරු, දැන් මේ සඳහා අභියෝග කරන්නට සූදානමින් සිටිති.

    එදා වයස 15 දී ඇය එංගලන්තයේ ගැට්වික් ගුවන් තොටුපොළෙන් සිරියාව බලා ගියේ පන්තියේ මිතුරියන් දෙදෙනෙක් ද සමග ය. ඔවුන් තිදෙනාම නැගෙනහිර ලන්ඩනයේ බෙත්නාල් ග්‍රීන් ඇකඩමියේ ශිෂ්‍යාවෝ වූහ. ඔවුන්ගේ පන්තියේ තවත් සිසුවියක් එයට මාස කිහිපයකට පෙර සිරියාව බලා ගොස් තිබිණි. එනිසා ඔවුන්ගේ සැලසුම වූයේ එම මිතුරිය සමග සිරියාවේ අයිසිස් සංවිධානය තුළදී එක්වීම ය.

    150224152443-uk-teens-head-to-join-isis-tease-image-exlarge-169.jpg


    මිතුරියන් දෙදෙනා සමග ගැට්වික් ගුවන් තොටුපොළෙන් පිටව ගිය අවස්ථාව

    0_FILES-BRITAIN-SYRIA-CONFLICT-IS.jpg


    අවසානයේ මෙයට සති කිහිපයකට පෙර ඇය ගැන අලුත්ම තොරතුර ලැබුණේ සිරියාවේ අල්-හවාල් හි සරණාගත කඳවුරකිනි. ඒ වන විට ඇය නව මස් ගැබිනියකි. ඇයට අවශ්‍ය වී තිබුණේ සිය දරුවාට උපත ලබාදෙන්නට මව් රට බලා ඒමට ය. සිරියාවේදී තමන් තවත් දරුවන් දෙදෙනෙකු බිහි කළ නමුත් ඔවුන් මන්දපෝෂණයෙන් සහ වෙනත් රෝග තත්වයන්ට ගොදුරු වීම හේතුවෙන් බිළිඳු වියේදීම මිය ගිය බව ද ඇය පැවසුවාය.

    The-Times.jpg


    ඇය අවසානයේ ජීවත් වී තිබුණේ මෙම සරණාගත කඳවුරේ ය. | The Times

    සිරියාවේ අල්-හවාල් සරණාගත කඳවුරේ ඇය වැනිම තවත් 39,000 ක් අවතැන්ව සිටින බව කියැවේ.

    අයිසිස් රණකාමිනියක් වන්නට සිරියාව බලා ගිය ඇය එහිදී අපා දුක් විඳි බවට සැක නැත. රණකාමිනියක් වන්නට සිහින මැවූවද අවසානයේ ඇයට සිදුව තිබුණේ අයිසිස් ත්‍රස්තයෙකු සමග යහන්ගත වෙමින් දරුවන් බිහි කරන්නට ය. තමන් අයිසිස් භටයෙකු සමග විවාපත් වූ බවත්, ගෘහණියක ලෙස කල් ගත කළ බවත් ඇය කියා තිබේ.

    15 හැවිරිදි, සැප පහසු ජීවිතයක් ගත කළ මේ යුවතිය අයිසිස් සංවිධානයේ සැබෑ මුහුණුවර නොදැන සිටියාද? දරුවා බිහිකිරීමෙන් පැය කිහිපයකට පසුව ඇය විසින් පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දී තිබේ. එහිදී ඇය කියා තිබෙන්නේ අයිසිස් සංවිධානය විසින් මිනිසුන්ගේ ගෙළ කපමින් සිදුකරන ඝාතන ගැන තමන් සිරියාවට ඒමට පෙර දැන සිටි බව ය. ‘‘ඒත් මට ඒක ප්‍රශ්නයක් වුණේ නෑ“ යැයි ද ඇය කියා තිබේ. ‘‘මම සිරියාවට එන්න කලින් ඉස්ලාම් ආගමට නැඹුරු වුණා. මට අහන්න ලැබුණු දේවල්වලට අනුව ඉස්ලාම් ආගම මෙවැනි දේ අනුමත කරනවා. ඒ නිසා මට එය වැරැද්දක් විදිහට පෙනුණෙ නෑ.“ බෙගම් ස්කයි නිව්ස් අමතා පැවසුවාය.

    ‘‘මම කිසිම අවදානම් දෙයක් කළේ නෑ. මම සිරියාවට එන්නට කියා කිසිම කෙනෙක් දිරිමත් කළෙත් නෑ‘‘ යැයි ද ඇය පවසයි. කෙසේ නමුත් ඇය ආපසු ඒමට උත්සාහ කිරීම පිටුපස තිබෙන්නේ කුමක්ද යන්න ගැන පවතින්නේ ද අපැහැදිලි බවකි.

    එක්සත් රාජධානියේ ස්වදේශ කටයුතු අමාත්‍ය සජීඩ් ඩාවිඩ් ඇය ගැන දරන්නේ දැඩි මතයකි. අයිසිස් වැනි ත්‍රස්ත සංවිධානවලට බැඳුණු අය ආපසු ඒව වැළැක්වීමට තමන් පසුබට නොවන බව‘‘ ඔහු පවසයි.

    එංගලන්තය තුළ ද ඇයට ආපසු මව්රටට ඒමට ඉඩ නොදිය යුතු බවට විශාල ජනමතයක් තිබේ. විශේෂයෙන්ම මැන්චැස්ටර් නගරයේදී අරියානා ග්‍රාන්ද්ගේ සංගීත ප්‍රසංගයකට බ්‍රිතාන්‍ය ජාතිකයන් 23 දෙනෙකුට මරු කැඳවමින් එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්තවාදී ප්‍රහාරය අමතක කිරීමට ඔවුන් සූදානම් නැත.

    බාගවිට යුවතියගේ සිහිනය ද උමතුව ද දැන් අහවරව ඇතුවා වන්නට ඇත. නමුත් ඇතැම් උමතු සිහිනවලින් ඇහැරුණ ද ආපසු හැරෙන්නට බැරිය.


    190219185746-isis-bride-hoda-muthana-exlarge-169.jpg



    හෝඩා මුතානා නමැති මේ යුවතිය ඇමරිකාවේ ඇල්බාමා ප්‍රාන්තයෙන් සිරියාව බලා පළා යන්නේ අවුරුදු 19 දී ය. ඒ, ‘ඉස්ලාමීය රාජ්‍යය‘ හෙවත් අයිසිස් සංවිධානයට බැඳීම සඳහා ය.

    මේ වන විට එතැන් පටන් වසර 5 ක් ඇය පසු කර ඇත. ස්වාමිපුරුෂයන් 3 දෙනෙක් ද පසුකරලීමට ඇයට සිදුවිය. යුද්ධයේ විනාශය ද පළමු සැමියන් දෙදෙනාගේ මළ කඳන් ද ඇයට දැකීමට සිදුවිය. මහා විනාශය දැක තමන් මායාවෙන් මිදුණු බව ඇය කියන්නීය.

    ඇය ඇමරිකාවේ සිටින සිය පවුල වෙත ලියූ ලිපියක මෙසේ සඳහන් වේ. ‘‘මම සිරියාවට එන විට නිවට, කෝපයට පත් වන, මුරණ්ඩු තරුණ ගැහැණියක්. මම හිතුවෙ මගෙ ආගමික විශ්වාසය මට වැටහෙනවා කියලයි..“

    190219232122-alabama-woman-is-us-03-exlarge-169.jpg


    ‘‘සිරියාවේ ගත කරපු කාලය තුළ මම ජීවිතය අත්දැක්කා. යුද්ධය දැක්කා. ඒ සියල්ල මාව වෙනස් කළා. ලේ වැගිරීම් මාව වෙනස් කළා. මව් පදවිය මාව වෙනස් කළා. මිතුරන්, දරුවන් සහ මා විවාපත් වූ අය මිය යාම මාව වෙනස් කළා.“ යැයි අද 24 හැවිරිදි ඇය පවසයි.

    අයිසිස් අතීතය

    අයිසිස් සංවිධානයට බැඳීමෙන් පසු ඇය සිරියාවේ සිට ට්වීට් කරමින් එම ත්‍රස්ත සංවිධානය මහත් සේ වර්ණනා කළාය. ජෝර්ජ් වොෂින්ටන් සරසවියේ අන්තවාදය පිළිබඳ වැඩසටහනේ නිරීක්ෂකයන් පවසන්නේ ඇය නිතරම ප්‍රචණ්ඩත්වය ඉල්ලා හඬනැගූ බවයි. ඇය ඉංග්‍රීසි බසින් වැඩ කටයුතු කරන අයිසිස් ප්‍රචාරකයන්ගේ හොරණෑවක් බවට පත්ව තිබිණි. Caliphate හෙවත් තමන් විසින්ම ප්‍රකාශයට පත් කර ගත් මොහොම්මද් තුමාගේ රාජ්‍යය වෙත පැමිණෙන ලෙස ඇය ඇමරිකානුවන්ගෙන් ට්විටර් පණිවුඩ හරහා ඉල්ලීම් කර තිබිණි.

    “Soooo many Aussies and Brits here, but where are the Americans, wake up u cowards,” – ‘‘ඔස්ට්‍රේලියානුවන් සහ බ්‍රිතාන්‍ය ජාතිකයන් ගොඩයි. ඇමරිකානුවන් කොහිද? අවදිවෙයව් නිවටයනි!“ යැයි 2015 ජනවාරි මස ඇය ට්වීට් කර තිබිණි.

    ඇය පෙනී සිටියේ උම් ජිහාඩ් යන නමිනි. ඒ හරහා ඇමරිකා එක්සත් ජනපදයට එරෙහි ප්‍රහාර දිරිමත් කිරීම ද ඇය විසින් සිදුකර තිබිණි. ‘‘උන්ගේ ලේ වගුරපියව්, ලොකු ට්‍රක් එකක් කුලියට අරන් උන් ඔක්කොම යට කර දමපියව්! වැනි කුපිතකරවනසුලු පණිවුඩ රාශියක් ද ඒ අතර වේ.

    ජෝර්ජියා ප්‍රාන්ත සරසවියේ ස්ත්‍රී ජිහාඩ් භටයන් ට්‍රැක් කිරීම හෙවත් ඔවුන්ව නිරීක්ෂණය කිරීම සිදුකරන වෙනම ඒකකයක් පිහිටා තිබේ. ඔවුන් හෝඩා ව හඳුනාගන්නේ ‘‘ඇමරිකානු හමුදාවට එරෙහිව විශේෂයෙන්ම දැඩි ප්‍රචණ්ඩත්වයක් මුදා හළ අයෙකු‘ ලෙස ය.

    පසුතැවිල්ල

    කෙසේ නමුත් පෙබරවාරි 19 වැනිදා හෝඩා ABC පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙයි. එහිදී ඇය පවසන්නේ එම පෝස්ට් පිළිබඳ තමන් පසුතැවෙන බව ය. ඒවා ආපසු ගන්නට පුළුවන් නම් කියා තමන්ට සිතෙන බව ය.

    190213215801-05-syria-isis-cnnphotos-exlarge-169.jpg


    ඇය මෙයට සති කිහිපයකට පෙර කුර්දි පාලනය සහිත ප්‍රදේශයකට අයිසිස් ග්‍රහණයෙන් මිදී පළා ගොස් තිබේ. සරණාගත කඳවුරකදී ඇයව ඒබීසී පුවත්සේවයේ මාධ්‍ය වේදීන්ට හමුවන්නේ ඒ අනුව ය. ඒ වන විට ඇගේ ඇකයේ අවුරුදු 1 1/2 ක පිරිමි දරුවෙකු විය. ඇය ලියූ එක් ලිපියක මෙසේ සඳහන් වේ.

    ‘‘බෝම්බ, කුසගින්න, සීතල සහ භීතිය අතරතුර ඇතිවන නිහඬ නිමේෂයන්වලදී මා මගේ ලස්සන පුංචි පුතා දෙස බලනවා. එවිට මා හෝ ඔහු මෙතැනට අයිති කෙනෙක් නොවන බව මට දැනෙනවා. “

    එංගලන්තය ෂාමිමා බෙගම් කෙරෙහි දක්වන ස්ථාවරයට වඩා දරුණු ස්ථාවරයක් ඇමරිකාව විසින් ඇය කෙරෙහි පළ කිරීමට ඉඩ තිබේ.

    මව් පදවිය ලැබීම සහ ජීවිතයේ යථාර්ථය වටහාගැනීම යන කරුණු දෙක මත ඇගේ මව් රට ඇයට සමාව දිය යුතුද?

    මේ අයිසිස් යුවතියන් දෙදෙනාගේ කතාන්දරයන්, අයිසිස් සංවිධානය විසින් ලොව පුරා තරුණ පරපුර සිය ප්‍රොපගැන්ඩා යාන්ත්‍රණය ඔස්සේ බිල්ලට ගෙන ඇති අන්දම ගැන ද විස්තීරණ චිත්‍රයක් ලබාදෙයි.




    සලකන අයට සහ Bump , Comment කරන අයට 48++ ගානේ දෙනවා....


    ප්‍රශ්ණ හතරවටේ දුවනකන් ඉදල මම හිටපු රට කියල දැන් යන්න බෑ නෙ. අඩු ගානෙ එකක් දෙකක් වෙද්දි යන්න තිබුන.
     

    kamalboost

    Well-known member
  • Jan 31, 2019
    605
    422
    63
    These are trained Fu*ers. They try to go back to their countries to make suicide blasts of their motherlands. Api nodanna ahinsaka kama.

    Best example is the latest Sri Lankan attacks. Our poititians did not have a brain or back born to cancel their Sri Lankan citizenship.

    Politicians are getting Sri Lanka to a hell.