මෙහෙමයි.. එතිකිස් අතින් ගත්තොත් ඉන්ටර්වීව් වල තමන් ගන්න සැලරි නොකියා ඉන්න පුළුවන් හේතුවත් කියලම, ඒවා ප්රයිවට් දේවල් අරකයි මේකයි කියලා.. මම දැක්කා තව ලංකාවේ ප්රසිද්ධ ආයතනයක් CV එක අප්ලෝඩ් කරන ෆෝරම් එකේම දැනට ලැබෙන මුදල සහ බලාපොරොත්තු වෙන මුදල එළිපිටම දාන්න තියෙනවා.
මගේ අත්දැකීම් අනූව නම් උබට ජොබ ඕනනම් සෙට් වෙන ලයින් එකක් තියෙනවා නම් සැලරි මේ ගාන හම්බෙන්නේ කියලා ඕන ගාන ඩිමාන්ඩ් කරන්න. මොකද දැනට මට හම්බෙන සැලරි ගැන මම නොකියපු ඉන්ටර්වීව් වලින් එදායින් පස්සේ කිසිම අප්ඩේට් එකක් ආවේ නෑ.
එහෙම සැලරි කියලා ඩිමාන්ඩ් කරන්න නම් උබ පොරක් වෙන්න ඕනා. නැත්නම් මොකුත් නෑ.

බොරු ගණන් කියන්න ගිහින් ගැස්සෙන්නත් පුළුවන්.
තව පොඩි දෙයක්.. කොහොමත් software industry එකේ notice period 3 months තමයි තියෙන්නේ. කළාතුරකින් ඒක 1 month වෙන ජොබ් තියෙනවා. මම එහෙම අයින් උන කම්පැනි එකකින් මට කලින් එනවා නම් උන් මම අතින් ගෙවන්න ඕනා ගාන ගෙවන්නම් කිව්වා. ඒ කිව්වා වගේම ලක්ෂ ගානක් අලුත් කොම්පැනියේ උන් ගෙව්වා මං හිටපු ජොබෙන් කලින් ආපු එකට. මට එහෙම එන්න පුළුවන් උනේ මගේ වැඩ කලින් ඉවර කරලා ඔක්කොම knowledge share කරලා තිබ්බ නිසා. නැත්නම් එහෙම කලින් පනින්නේ නෑ. මොක උනත් කාලයක් හම්බකරන් කාපු තැන නේ.