යාපනේ විතරක් බලන්නද නැත්නම් යන මගත් බලාගෙන යන්නද යන්නෙ. යාපනේ විතරක් නම් ඉතිං මට මතක ලිස්ට් එක දන්නම්. මම 25+ ටයිම්ස් ගිහින් තියෙනව මගේ ඔෆිස් වැඩ වලට සහ ප්‍රයිවට් ගමන් එකක් දෙකක්. අන්තිමට ගියේ නම් 2019 වගේ.
යාපනේ ටවුන් එකේ නම් - නල්ලූර් කෝවිල් එක, ඒක ගාවම රියෝ අයිස් ක්‍රීම් එක, යාපනේ මාකට් එක, නාග විහාරය (මම ගිහින් නෑ), ්ාපනය පුස්තකාලය, යාපනය කෞතුකාගාරය, යාපනේ කොටුව...
එතනින් එහාට ටවුන් එකෙ ඉඳල 15-20 Km වගේ දුර අනික් ඒව තියෙන්නෙ.
නාගදීපය, ඔය පැත්තෙන්ම අරාලි වලටත් යන්න පුලුවන්ද කොහෙද කොබ්බෑකඩුව මැරුන තැනට, කැශුරිනා බීච් එක, දඹකොල පටුන (- මේකට යන පාරෙ මගක තියෙනව රා පොට් එකක් පාරෙන් 300m විතර ඇතුලෙ. ඉස්සර ආමි චෙක් පොයින්ට් එකක් තිබ්බ ඒකට කලින්, හැබැයි මම මේ කියන්නෙ 2010 වගේ ඈ), අඩිය නැති ළිඳ, අර මූද අයිනෙ පොකුණ පොන්නාලෙයි වගේ මතක, කදුරුගොඩ හෙවත් කන්දරෝඩෙයි බෞද්ධ පුරාවිද්‍යා සයිට් එක, පේදුරුතුඩුව පොයින්ට් එක, පේදුරුතුඩුවෙ සීසන් නම් මිදි ඇති සමහරවිට
අනේ දැන් මතක නෑ බන් ගිය දිහෑවල්. සමහර තැන් නම් රාජකාරිමය වශයෙන් ගිය තැන් තියෙනව. රූට් එක හදාගනින් එකම පාරෙ එහා මෙහා නැතුව රවුම් පාරෙන් එන්න.
කෝවිල් වලට යනකොට ගරු කරපල්ල, උන් මොකුත් කිව්වොත් මෙන්න මුන් අරින්න නව වගේ හිතන්න එපා. මොකද අපිට දළදා මාලිගාව වගේ තමයි උන්ට උන්ගෙ තැනුත්