Jalanandana Piritha - ජලනන්දන පිරිත

kungpupanda

Member
Jun 3, 2012
433
293
0
චීනේ
ගාථා දහයකින් යුතු නිවැරදි ජලනන්දන පිරිත.
සතර පොත් අලගුව සහිත සලනන්දන පිරිත, දැහැන සහිත ජලනන්දන පිරිත, ජලනන්දන ගුලිය ආදී වශයෙන් ජලනන්දන පිරිත් දහයක් තියෙනවා. පිරිත් පොතේ තියෙන ජලනන්දන පිරිතෙ තියෙන්නෙ ගාථා හතයි. අද බොහෝ පොත් පත් වල සඳහන්ව තියෙන ජලනන්දන පිරිතේ තියෙනවා " සර්ව බන්ධන ඡේදනං" කියලා ගාථාවක්. සර්ව බන්ධන කිව්වම මව් පිය බැඳීම්, විවාහ බැඳීම්, අසල්වැසි බැඳීම්, ආදර බැඳීම් ආදී සියලු බැඳීම් අයත් වෙනවා. ඡේදනය විය යුත්තේ සියලු බැඳීම් නොවෙයි. මම ඉදිරිපත් කළ පිරිතේ එහෙම සඳහනක් නෑ. වින දෝෂ, නීච කුල බන්ධන, වින බන්ධන, සියලු වින පමණයි ඡේදනය වෙන්නේ.
FB link for gatha



 

kungpupanda

Member
Jun 3, 2012
433
293
0
චීනේ
ජලනන්දන පිරිත යෑයි කියූ සැණින් බොහෝ දෙනා ඊට බිය වෙති. එයට හේතුව මෙම පිරිත අශුභ වැඩ කටයුතු සඳහා භාවිතා කරන පිරිතක්‌ ලෙස බොහෝ දෙනා තුළ පවතින මිථ්‍යා විශ්වාසය වේ. පිරිත පිළිබඳව මනා වැටහීමක්‌ හා එහි ඇති බලය නොදැනීමත් නිසා මෙය නිවස තුළ සඡ්ධායනය කිරීමට ද ජන්මීන් මැලි වෙති. එය අනුවණකමක්‌ බව පැරණි පොත පතේ සඳහන් මෙම ගාථා රත්නයෙන්ම අවබෝධ කර ගත හැක.

මේකෙන් සියවර පස්‌තෙල් මතුරා
වෙහෙරෙ පහන් ගොස්‌ දල්වන්නේ
සීනෙන් විස්‌කම් දෙවියෝ ඇවිදින්
සිතු දෙයකි සකි පවසන්නේ

එමවර බෝමුල පස්‌තෙල් මතුරා
නළල තිලක දී පලයන්නේ
සැමවර නඩුවෙන් ජයගන්නට හැක
මේ බව සිහියට අරගන්නේ

සදෙව් ලොවේ දෙවියොත් හිස නමතී
යක්‌කු පිසාචුන් බියවී දුවතී
ජලේ සැඟවූ විණ දොaෂද පුපුරති
ලොවේ සතට මින් සුබසෙත සැලසෙති

මෙම බලසම්පන්න පිරිත භාවිතයෙන් ශරීරවලට බලපාන්නා වූ යක්‌ෂ, ප්‍රේත, භූත ආදී අමනුෂ්‍ය බලවේගද ඇස්‌වහ, කටවහ දොෂ මෙන්ම සතුරු කරදර, අණවින හදි හූනියම්වලින්ද වැළකී තුන්දොස්‌ කිපීමෙන් හටගන්නා විවිධ රෝගාබාධවලින්ද වැළකී සහනයෙන් දිවිගෙවීමේ හැකියාව අප වෙත උදා වන්නේය.

නිවාසවලට බලපාන්නා වූ විවිධ දොෂ සඳහා බැස යන වතුර කඩකින් නොපැගුන ගල්කැට 8 ක්‌ සහ වැලි ගෙන මෙම පිරිතෙන් 108 වරක්‌ පිරිත් කර සූර්යා උදාවීමට පෙර ඉඩමේ හතර කොණ සහ නිවසේ හතර කොණ වළ දමා වැලි ඉඩමේ ඉස ගැනීමෙන් සියලු ආරක්‌ෂාව ඇති වේ.

නොයෙක්‌ හේතුන් නිසා ඊර්ෂ්‍යාකාරයන් විසින් කන කෑමකට බොන බීමකට දමා ශරීරගත කරන ලද දෙයක්‌ වේ නම් ඇඹුල් පහ මිරිකා මෙකී පිරිතෙන් 108 වරක්‌ පිරිත් කර බීමට සැලැස්‌වීමෙන් එම ඉතා බන්ධන ශරීරයෙන් ඉවත් කර ගත හැකි අතර දෙහිවලට මතුරා ආතුරට දෙහි කැපීමෙන් සියලු ආරක්‌ෂාව ඇති වී සුවපත් භාවය උදා වේ.

අපේ මුතුන්මිත්තන් විසින් මෙම අතිප්‍රබල පිරිත ආශ්‍රයෙන් ජලනන්දන නමින් යන්ත්‍රයක්‌ ප්‍රස්‌ථාරගත කොට අදාළ පිරිතෙන් එය පිරිත් කර ජන්මීන්ගේ යහපත වෙනුවෙන් භාවිතා කිරීමට සලස්‌වා ඇත.

මෙම යන්ත්‍රය 1x3, 1x5 හෝ 2x10 ප්‍රමාණයේ තඹ පත්ඉරුවක නිවැරදිව ප්‍රස්‌ථාරගත කර නිසි ලෙස සකස්‌ කර ගත් මල් බුලත් තටුවක තබා පිරිත් කර අදාළ ජන්මියාගේ උපන් නැකතට සීහුම් වන සේ සාදාගත් නැකතකින් කර පැළඳීමෙන් සියලු කරදර බාධක ඉවත් වී ජයෙන් ජයම අත්වන්නේය.

තවද මේ ආකාරයටම අඟල් 7x7 ප්‍රමාණයේ තඹ තහඩුවක යන්ත්‍රය ප්‍රස්‌ථාරගත කර 108 වරක්‌ පිරිත් කර නිවසේ තබා පුද පූජා පැවැත්වීමෙන් වතාවත් ඉටු කිරීමෙන් සොර සතුරු උවදුරු දුරු වේ
. සර්පයන්ගෙන් වන විපත් වැළකේ. ගෙදර දොර අඬදබර දුරු වී දියුණුව සහ ශ්‍රියාව වර්ධනය වී සියලු යහපත් ප්‍රාර්ථනා ඉටු වන්නේය.

පාරම්පරික ගුප්තවිද්‍යාවේදී කේ. එස්‌. යෝදින්ගේ
 
  • Like
Reactions: dilan_randika

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,021
    34,497
    113
    මෙය ත්‍රිපිටකයේ සඳහන් ස්ථානය පෙන්වා දෙන්න
     
    • Like
    Reactions: sgrdk1