මට ලගකදි ඉදන් පට්ට හිස් කමක් තනිකමක් දැනෙනවනෙ බං. මොකද කියල තෙරෙන්නෙ නැ. හැමදේම එපා වෙලා වගෙ. කිසිම දේකට ආසවකුත් නැ. ඉස්සර තිබ්බ ආසවල් නැතිවෙල වගෙ දැනෙනවා. කිසිම දෙයක් කරන්න හිතෙන්නෙවත් නැ. ඒව කරල මොනවද ලැබෙන්නෙ කියල හිතෙනවා ඉස්සර පට්ට ආසවක් තිබ්බ දැන් තියන කාර් එක විකුනල අලුත් එකක් ගන්න දැන් එහෙම ආසවකුත් නෑ. ඇයි කියල තෙරෙන්නෙ නෑ බං. මට depressionද ඒත් ඒකට ලොකු දුකක් එන්න ඕනි නේද මට එහෙම දුකකුත් නෑ. ඒත් බලපොරොත්තුවක් නෑ කියල නන් දැනනවා. කරන්න දෙයක් හරි උබලට දැනගන්න ඕන දෙයක් තියනවනන් අහපල්ලා. මේක කියන්නමයි මේ එකවුන්ට් එක හැදුවෙ.





