Job එකට Dubai යනවද? PhD එකට Aussie යනවද?

patrickjane

Active member
  • Sep 4, 2016
    401
    204
    43
    ගෙදරින් එහා
    ඔය හැම දේම අන්තිමට සල්ලි වලට තමා translate වෙන්නෙ. උඹට මිනිස්සු "පස්වාන් දහසකට බුදුවෙන්න සර්" කියලා කතා කලත්, සල්ලි නැත්තන් උඹටම එපා වෙනවා.

    මොන රටේ හිටියත් සල්ලි තමා මචන් ඕන වෙන්නෙ. Ausi වල හිඟන පඩි වලට දුක් විඳනවට වඩා සුපිරි ලංකාවෙ above average පඩි එන ජොබක් කරලා සැපේ ඉන්න එක.

    ඉතින් සල්ලි හොයන්න පුලුවන් දේ කරපන්. ඉස්සර කතාවක් තිබ්බා "Do what you like OR Like what you do" කියලා. ගොඩක් වෙලාවට සල්ලි එන්න ගත්තාම ඉබෙම "Like what you do" තමා වෙන්නෙ.
    මට හිතෙන්නේ, ඩුබායි ගිහින් යම්තාක් ගාණක් හම්බකරද්දි මට හිතෙයිද දන්නේ නෑ, මගේ මානසික නිදහස තමයි වටින්නේ, ඒ නිසා අපරාදේ PhD චාන්ස් එක මිස් කරේ කියලා. මේකෙම උඩ කමෙන්ට් එකක් දාලා තියෙනවා ලක්ෂ 30ක් පඩි ගන්න එක්කෙනෙක් අවුරුදු 2කින් එනවා කියලා. මම කථා කරපු යාළුවොත්, උන්ට පඩි තිබ්බට ඉන්නේ එච්චර ලොකු සතුටකින් නෙවේ වගේ. අනික ඩුබායි ගියා කියන්නේ ඉන්න වෙන්නේ අඩුකුලේ එවුන් එක්ක.

    Aussie ගිහින් PhD එක කරාට පස්සේ හොද ජොබ් එකක් ගැරන්ට් කරන්න පුලුවන්නම් කෙලින්ම ඒකට යන්නේ බං. ඒත් දැන් තියෙන තත්වේ අනුව PhD එක තිබ්බත් එහේ BSc එකක් තියෙන එකෙක්ට යන්න පුලුවන් ජොබ් එකකටවත් යන්න බැරි සීන් එකක් තියෙන්නේ.

    1. rasnei
    2. kammaliy
    3. ehe inna minissu dirawanne nati eka
    4. pakistan, indian ewun ekka ekata wada karanna amaru eka
    5. no family, no relatives, no childhood friends, etc.

    mewa tamai mulika hetu. tawa awurudu 2kin enawa kiwwa lankawata.
    Thanks machan <3

    සැලරියම නම් බලන්නේ ඩිග්රි නැතුව කොරියා ගියත් ඔය ගාන හොයන්න පුළුවන් බන්. ජීවිතේ කියන්නේ සැලරිම නෙවෙයි බන්. ඔයා Graduate කෙනෙක් නිසා හොද ජිවිතයක් ලබා ගන්න පුළුවන් රටක්/ රටවල් බලල උත්සාහ කරන්න. (උගත්කමට සලකන රටවල් බලන්න). :cool: සමහර උන් කියාවි සල්ලි ඕන සල්ලි ඕන කියල. ඔව් සල්ලි ඕන, ඒවගේම Quality of Life කියන එකත් ඕන. හරක් බහුතරයක් ඉන්න රටවල වල සල්ලි කඳු තිබ්බත් Quality of Life නෑ.
    Quality of life නැති කථාවනම් ඇත්ත. අඩුකුලේ එවුන් එක්ක තමයි ඉන්න වෙන්නේ. තනියම හිටියත්, වැඩ කරන්න වෙන්නේ එහෙම එවුන් සෙට් එකක් එක්ක.

    ube long term goal eka PR aragena developedd country ekaka settle vena ekanan Aussi yaman , natthan hamba karana eka vithranan Dubayi palayan , habayi vayasath thiyena ekey Aussie palyan , eka hariyata set novunath kohomath ita passeth Dubai option eka available neah
    වයසට ගියාම ඩුබායි Option එක Available ද කියලා ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අනික එතකොට මම ඩුබායි ගිහින් ආයේ මුල ඉදන් කිසිම අදාල නැති Subject එකක් පටන්ගන්න ඕන. PhD එක කරා කියන්නේ, Aussie වල ජොබ් එකක් ලැබුණේ නැති වුණත්, මම අදාල Field එකේ යම්කිසි Specific දෙයක්, ඉගෙනගන්න පුලුවන් උඩටම ඉගෙනගෙන කියන එක.

    Do a phd. Why only austrailia. Try usa or a good european country. If you do a phd in austrailia link up with other countries as well. You will have opportunities.
    But decide whether you want to be in the academia or industry. If the latter go to dubai
    Thanks for the opinion bro. Aussie සිලෙක්ට් කරේ, එතකොට ලංකාවේ Supervisor කෙනෙක් ලේසියෙන් සෙට් කරගන්න පුලුවන්. මට හිතෙනවා සුද්දෙක් එක්ක වැඩ කරනවට වැඩිය ලංකාවේ කෙනෙක් එක්ක වැඩ කරන එක Flexible කියලා.

    PHD karanawa kiyanne budu kattak bn ausi wala,wena wedak nan karanna wenne ne complete karanakan.PR apply karala tiyapan danata.
    දැනට PR Apply කරන්න සල්ලි නෑ බං. කොටින්ම මේ ප්‍රශ්නේ ආවෙත් මට සල්ලි නැති නිසා. ඔසී වල PhD එකට මැරිලා වැඩ කරන්න පුලුවන්, Reward එකක් පේනවනම්. දැන් එහෙම පේන්නේ නැති එකයි තියෙන්නේ.

    :P engineering, QS apu un enne ohoma hithan tama. elawanakan yanne na awata passe. giyath yanne Australia, New Zealand wage.

    engineer la kattak kanawa. site wala katta tiyenawa. habai hoda company ekak set unoth loku awulak na. rasne kaleta hodtama rasnei. me dawas wala eliye innama ba. oya giyapu un awulen innawa kiyana ekanam ane manda. kattak tiyenawa mona job eketh muladi. experiance aran hodan company ekak, position ekak set unoth goda. salli athagala balapan, terei. inna place eka awulnam wena ekakata maru weyan. anika engineerla inne site walama newene. wena positiins, oppertunatiews one taram tiyenawa. planning engineers, client sides hoda ewa tiyenawa.
    Thanks machan opinion ekata. Planning engineer position ekata yanne. Office work ekak. Site wala inna kohomath ba. මම genetically පට්ට දාඩිය දාන එකෙක්. උඹලා දැකලා ඇති අර අඩියක් දෙකක් ඇවිද්දත් දාඩිය දාන මිනිස්සු. මම අන්න ඒ වගේ එකෙක්. ඒ නිසා site සීන් එකට යන්නේ නෑ. Planning engineer අවුලක් නෑ.
    den umbata wayasa keeyada?
    den umbata hambena padiya keeyada?
    Wayasa 27i, padiya 90k (My first salary)

    Phd is time wasting but if it's help you if you are in Research or academics
    ඒත් Aussie වගේ Developed රටකට යන්න තියෙන ලේසිම Path එක මේක වගේ දැන්. Ekai mata me option eka missed karagannath bari.

    මන් ඔය ගැන උපදෙස් දෙන්න දන්නේ නැහැ. එත් මට හිතෙන්නේ ඕස්ට්‍රේලියා වගේ රටකට යනවා නම් වඩා හොඳ වෙයි කියල. @shenat කියන්නෙත් ඕස්ට්‍රේලියා වල ඉන්න සිවිල් ඉංජිනේරුවෙක්.
    Thanks machan. Matath mulinma mathak wune porawa.

    Dubai work karala experience aragena PR eka dala yaman. Accademica yanne naththam PhD path eka therumak na machan.
    yes. Godak aya oya option eka deela thiiyenawa. mama oka echchara consider kare nathi option ekak. Thanks machan <3

    උඹට ඉගෙනීම තියෙනවා ඒත් ආර්ථික ප්‍රශ්න නිසා සල්ලිත් උවමනයි .
    මධ්‍යම පන්තියට අඩිය තියන්න හදන එකෙක් උඹ.
    පී ආර් නැත්තම් ඔසී වල සිවිල් ජොබක් හොයාගන්න අමාරුයි කියන එක ඇත්ත.
    ඩුබායි නම් සල්ලි හෙව්ව හැකි ඒත් එතනත් පොඩි රිස්ක් එකක් තියෙනවා.
    යුද්ධය වගේ සීන් නිසා හිටි හැටිය සමහරක් ක්ෂේස්ත්‍ර වල කෙලවිල්ලක් තියෙනවා සිවිල් ඒ ඝනයට අයත් .

    පලයන් ඩුබායි .සල්ලි හොයපන් එක්ස්පීරියන්ස් ගනින්.
    පී ආර් එකට පොයින්ට් ගාන සෙට් වෙනවා ඩිග්‍රී ප්ලස් වර්ක් එක්ස්පීරියන්ස් එක්ක .
    පස්සෙ පී ආර් දාපන් .
    ගල්ෆ් රටක වැඩ කරලා තියෙන නිසා පට්ට තැනක් තියෙනවා අනික් රටවල් වල .
    පී ආර් එකත් එක්ක ගල්ෆ් එක්පීරියන්ස් එක ඇඩ් උනහම ජොබක් හොයාගන්න එක නතින්ග් .

    පස්සෙ ඔසී වල ජොබ් කරන ගමන් පී එච් ඩී එක කරපන් .
    ගොඩක් අය ඔය Option එක තමයි කියලා තියෙන්නේ. PR හම්බුණා කියන්නේ Aussie වල ඕන යුනි එක්ක අපිට ෆුල් සපෝර්ට් එක දෙනවා PhD එකට. ඕක සිරාවටම මට හිතිච්ච නැති Option එකක්. තෑන්ක්ස් Bro.

    Go for PhD, become a good engineer with good money take at least more than 5 years, I also work there, company relocation, get all facilities, but you have to struggle for everything, better go for PhD, after that you'll find your way, I am also Civil engineer worked couple of years there, my experience, I think you go for PhD.
    Thanks for the reply. ඔයා තාම ඩුබායි වලද ඉන්නේ. එහෙනම් ඔයාට හොද Salary එකක් ඇති. මේකේ ගොඩක් අය කියලා තියෙනවා, සල්ලි තමයි Most important කියලා. ඒත් ඔයා ඒ Opinion එකේ නැත්තේ ඇයි?

    මේන්න මේක කරහන්.. සරලව සල්ලි ටිකක් හදන් ඒකෙන් වැටුනොත් අල්ලන්න ඉන්න පුලුවන් comfortable net එක්ක් හදන් PHD option එක බලන්න
    Thanks machan. Meka thamai most voted option eka dan.

    I am currently living in Australia. I came here to do a PhD, but I couldn’t complete it due to problems with my supervisor. What your friend told you is true. Before 2020, doing a PhD could give you a much better chance of getting PR through pathways like the Global Talent program. Now, things have changed significantly, and there is no clear or guaranteed pathway to PR after completing a PhD.

    You can try to continue with a postdoc or stay in academia, but the academic environment can be very stressful and, in some cases, toxic. So choose wisely.

    I come from a strong IT background and have previously worked for one of the top three technology companies in Sri Lanka. Now I am doing Uber Eats, and I really regret the decision I made. Don’t make your decision based only on other people’s advice. Think carefully and choose what is best for you. Many people think doing a PhD will automatically lead to a stable future or PR, but that is not the reality anymore.

    I know this situation from the inside. If you genuinely love research and really want to pursue it, then go for a PhD. Otherwise, think carefully before making that commitment.
    Thanks for being honest machan. මම දන්න හොදම Academia portfolio තියන් PhD කරපු අය ආයේ ලංකාවට ආවා. මට ඒ නිසා මේ අවුරුදු 3.5, PhDඑකකට යොදවන්න පොඩි Hesitation එකක් තියෙනවා.

    meka balapan kotchara amaruda kiyala inna unta

    https://www.reddit.com/r/ausjobs/
    Thanks machan. Job market nam patta tough kiyala dannawa. But PhD ekak thiyagena job ekak(or academia job) nathi wenawa kiyanne wenama level ekak.
     

    patrickjane

    Active member
  • Sep 4, 2016
    401
    204
    43
    ගෙදරින් එහා
    I started a PhD and gave up, as I was dead bored with it and just couldn't continue.

    I agree with @FFAlpha in many ways. A PhD doesn't make you a genius or give you massive opportunities. Case in point is there's one guy with a PhD working in my team in the current job and three times a day he comes to me asking for advice about something or the other.

    Just do what really interests you. Don't worry about money right now. If you choose the path based on interest rather than money or potential for opportunites, there's a high chance you will succeed. Unfortunately most Sri Lankans don't think this way.
    Thanks machan. Really means lot. Btw oya dan mokada karanne? in SL? or doing work in abroad?
    europe master ekk dapan, gpa and research hoda nan schol ekk set karagttaki. padi hodai with work life balance
    Thanks for the opinion machan <3

    phd miss karana eka gana regret wenna wei bn
    Mekath welawakata hithenawa. මොකද ඩුබායි ගිය සෙට් එකට PhD ඔප්ෂන් එක තිබ්බ අය නෙවේ. එයාලට PhD ඔප්ෂන් එක ළග පාතකවත් තිබ්බේ නෑ. මම පොඩ්ඩක් මහන්සි වුණා කැම්පස් එකේ වැඩ කරගන්න, සහ මම පොඩ්ඩක් Lucky වුණා. ඒ නිසා මට PhD ඔප්ෂන් එකත් තියෙනවා.

    bp. Math inne uba wage case ekaka.
    Mata nm ausi sure na not a first class. But I did a masters by research. Dan dubai yanwada nathnm phd appl karanwada kiyala hithagena inne. phd path eke giyoth mata hterena de thamai ape life eke achievements ganna apita thawa wayasa yanwa. phd eka end karath apita job ekak eth life eke na. dont have a stable income.
    habai industr giyot apit phd time eka spend karoth industry eke ewenkota settle wenna puluwan income ekakui experience ekakui api hdagena
    delowak athara thaniwela inne :baffled:
    Masters by research ekak thiyenawa eka Dubai wala job ekak hoyanakota plus point ekk wenawada?


    It’s not as easy as just booking a flight ticket and coming back. Coming from a middle-class family, there aren’t really any savings to fall back on. And since I’ve been out of the industry for some time, getting back into the industry in Sri Lanka is also difficult.

    There are a whole lot of things attached to this situation. I’m giving my best every day and doing everything I can to secure something before my visa runs out.

    Yes. If I were in that position, I would probably go to Dubai, earn some money while working, gain more industry experience, and then try for skilled migration. At least that way, I would have some kind of safety net, both financially and in terms of experience. Most of my peers have now settled down in Sri Lanka. They’re building houses and buying cars. I know most of it is through loans, but still, they’ve started their journey and are moving forward. Most of them are now in TL or ATL positions as well.

    Once you move into academia, especially in IT, it can be difficult to move back into the industry. If you return to Sri Lanka and stay in academia, the salary is honestly quite low. But if you try to go back into the industry, you can sometimes be seen as overqualified academically while also having a gap in recent industry experience. That’s why this decision isn’t as simple as just coming back. There are a lot of things tied to it, and I have to think carefully about my career, finances, stability, and future.

    Also, if you can, I think doing a PhD in Europe would be a better option. In many European countries, PhD candidates are considered full-time employees, so those PhD years can also count as work experience. In Australia, you are mainly considered a student. Completing a PhD can give you an additional 5 points, bringing the total to 20 points compared with an MRes or MPhil, but apart from that, the benefits are more limited.

    There are also some specific PR pathways for PhD graduates, especially if you complete your PhD in places like Canberra or Tasmania. However, because there are only a few universities in those states, getting a PhD offer can be highly competitive. So choose wisely. Time is one of the most important factors here, and you need to think carefully about which option gives you the best long-term outcome.
    Thank you machan! Ube experience ekath ekka advice eka deepu eka maara watinawa <3 I hope everything will be good for you!!!

    PhD එකක් කරන්න පුලුවන් කම තියෙනවා නං schol එකකින්, සහ ඒකට කැමැත්ත තියෙනවා නං ඒක කරන එක හොඳයි හොඳ රටක. Middle East වල job එකක් හොයා ගත්තොත් මුල ඉඳන් ලොකු ගාණක් හම්බ කරලා ඉතුරු කරගන්න පුලුවන් වෙයි. හැබැයි බහුතරය ඔය රටවල් වල නවතින්නෙ නෑනෙ. ඒ එහෙම නවතින්න හිතෙන රටවල් නොවෙන නිසා. බැඳලා ළමයි එහෙම හදනව නං ඊට කලින් හිතුනට ඒ රටවල් අවුලක් නෑ කියලා පස්සෙ එහෙම නෙවෙයි හිතෙන්නෙ. ඒ නිසා long term සැලකුවොත් ඉංග්‍රීසි ප්‍රධාන භාෂාව වෙච්ච රටකට යන එක තමයි හොඳම. එහෙම නැත්තං middle east මුලින් ගිහින් අවුරුදු කීපයක් ඉඳලා ඒ අතරෙ සල්ලියි, international experience එකතු කරගෙන ඒ අතරේ PR apply කරලා(පුලුවන් නං හොඳම විදිය) එහෙම රටකට යන එක.

    හැබැයි උබ just passed out කෙනෙක් නං PR apply කරන්න points උත් මදි වෙයිනෙ. ඒකත් ප්‍රශ්නයක්. ඉතින් මුලින් middle east රටකට ගිහින් හම්බ කරන්, experience එකතු කරන් එන එක තමයි හොඳම. ලංකාවෙ හිටියොත් experience තියෙනවා සල්ලි නැතිවෙනවා.

    PhD කරා කියලා ලොකුවට සැලරි නං වැඩිවෙන්නෙ නෑ field එකේ jobs වල දැකල තියෙන තරමට. ඊට වඩා experience එක තමයි වටින්නෙ. PR එකට වැඩි වෙන්නෙත් ලකුණු 5යි බොහෝ දුරට. අවුරුදු 5ක් විතර තටමලා ඒක බලාගෙන නං වැඩක් නෑ. ඒ අවුරුදු 5 job කරා නං ඊට වඩා දෙයක් වෙනවා.

    PR නැතුව යනව නං PR pathway එක clear, risk එක අඩු රටකට යන එක තමයි මේ කාලෙ හොඳ. ඒ වගේම job එක කරන්න additional qualifications, licences එහෙම ගන්න ඕන නැති රටවල් වලට යන එක කට්ට අඩුයි. Canada, USA එහෙම ඒ වගේ ඕන කියලා තමයි අහලා තියෙන්නෙ. UK නං දන්නෙ නෑ. Experience තියාගෙන එහේ Job වලට ගියපු අය නං දැකල තියෙනවා.

    ඔය හැම එකක්ම බැලුවම ඉතින් ගැලපෙන රටවල් පොඩ්ඩයි තියෙන්නෙ. ඒකෙ උඩින්ම තියෙන්නෙ Australia. ඒක කියන්නෙත් Civil Eng ලට අදාළව සහ සාපේක්ෂව.

    ඒක තමයි මගේ නං මතය.





    ඒක නං පට්ට බොරු.
    කවුද එහෙම කියන්නෙ?

    1st world රටවල් වලින් සිවිල් ඉන්ජෙකුට ජොබ් හොයාගන්න ලේසිම Australia මම දැකල තියෙන විදියට.
    ------ Post added on Sep 4, 2026 at 6:18 AM
    Thanks for your opinion machan <3. PhD eka thiyena kenekta PR lesiyen ganna puluwanda?

    ඩුබායි පල
    හම්බකරලා ආතල් එකේ ඉන්න තියෙන්නෙ

    Ausi ගිහින් Phd කරා කියලා මහ ලොක ලබ්බක්නැහැ. උඹ ඇකඩමියා වලට ආසම නං ඒක කරපන්
    Dubai giyoth passe regret weida hithenawa Aussie yana chance eka miss karagaththa ekt. Dubai giya katawath mata wage aussie option eka thibbe na.



    මම මේක බැලුවෙ නෑ. සමහරවිට උදවුවක් වෙන්න පුලුවන්.

    Thanks machan.

    PhD එකට austrailia යන්න දැන්ම නොගියොත් එහෙ PR ගන්න එන්න එන්නම අමාරු වෙනවා
    Thanks machan.

    කොහෙවත් යන්න එපා ලංකාවට සේවයක් කරන්න . ඉගෙනගත්තා කියලා තේරුමක් නෑ ඉස්සරට. civil + AI ඉන්ටිග්‍රේශන් එක ඉගෙන ගන්න බලන්න එක ඕනේ වෙයි .
    Civil industry wala AI integration ehema use wenne na ban oya internet eke thibbata. Api thama gewal, buildings design karanne patta parana design codes walata. Meka kisima update ekak nathi field ekak. eka athakin eka hodai.
     

    Daws

    Well-known member
  • Nov 27, 2025
    413
    384
    63
    Colombo
    @patrickjane
    my bro in-law mcn lankawata tawa awurudu dekakin enne, eya 6 years Qatar wala earn karala. Giye 10+ years Sri Lankan corporate banking experience ekka. Dan investments godak karala tiyenne lankawe. Anith eka my bro in-law and my sister are both lawyers. When he comes here, he has a lot of things to do in Sri Lanka.

    Middle east tamai ube field ekata hodama. ehe gihin earn karapan. Eeta passe one nam Aus PR ganna. Gulf civil experience eka Aus wala godak valid kiyala kiyanne.
     
    • Like
    Reactions: samindi

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,989
    1,248
    113
    නුවර
    Thanks machan opinion ekata. Planning engineer position ekata yanne. Office work ekak. Site wala inna kohomath ba. මම genetically පට්ට දාඩිය දාන එකෙක්. උඹලා දැකලා ඇති අර අඩියක් දෙකක් ඇවිද්දත් දාඩිය දාන මිනිස්සු. මම අන්න ඒ වගේ එකෙක්. ඒ නිසා site සීන් එකට යන්නේ නෑ. Planning engineer අවුලක් නෑ.
    ube campus eka koheda?
    site walata yanna wei kohomath. loku awulak na ban. rasne ubata purudu wenawa tika kalekin. api 40-45c dawasatath tea bonawa eliye kadawala, samaharu cigarette ekath gahanawa me rasne.
    lankawe kochchra experiance tibbath UAE wala lokuwata ganan ganne nati nisa loku salary ekakata yanna bariwei. ethakota partition, bed space ekaka inna wei. katunam muladi tiyei poddak. passe hoda ekakata panaganna puluwa. tama lanawe eingineersla QS la mehe nama tiyan innawa. company wala hoda reputation ekak tiyenawa
     

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,421
    1,605
    113
    Oceania
    දැනට සැපේ ඔසී ගිහින් පස්සෙ ජොබ් හොයන්න කටු කනෝද. දැන් ඩුබායි ගිහින් කටු කාල පස්සෙ සැපේ ඉන්නවද ?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,648
    50,016
    113
    සේදවත්ත
    Civil industry wala AI integration ehema use wenne na ban oya internet eke thibbata. Api thama gewal, buildings design karanne patta parana design codes walata. Meka kisima update ekak nathi field ekak. eka athakin eka hodai.
    ඉතින් රත්තරනේ ඔය තියෙන්නේ අවස්ථාව . නැත් තැන ඇතිකිරීම තමා ක්‍රමය
     

    blackslash

    Active member
  • Jun 13, 2008
    379
    135
    43
    50.7000° S, 166.0833° E
    මචන් Critical life decision එකක් ගන්න ඕන තැනක ඉන්නේ. මම Civil engineering recently graduated පොඩි එකෙක්. GPA එක අවුලක් නෑ. මගේ Luck එකට හොද Research එකක් සෙට් වුණ නිසා Publication දෙකක් දාගන්නත් පුලුවන් වුණා. ඒ නිසා Aussie වල PhD එකකට යන්න පුලුවන් Chance එකක් තියෙනවා. ගොඩක් Senior අය ගියේ මේ පාත් එක නිසා, මටත් Aussie PhD එකක් සෙට් කරගන්න පුලුවන් කියලා හිතෙනවා.

    ඒත් මම දන්න PhD එක ඉවර කරපු කෙනෙක් කිව්වා, Aussie වල PR එක නැතුව, PhD එක තිබ්බා කියලා ජොබක් හොයාගන්න අමාරුයි කියලා. Ego එක Hurt වෙන්නේ නැත්නම් ඔය පොඩි ජොබක් කරලා හම්බ කරගන්න පුලුවන් කිව්වා. Post doc එකක්නම් හොයාගන්න එක ගොඩක් අමාරු සීන් එකක් තියෙන්නේ Competition එක වැඩි නිසා.

    මට බයයි ඉතින් PhD එක ඉවරවෙලා ආයෙ ලංකාවට ඇවිත්, මෙහේ ඇකඩමියා යන්න වෙයිද කියලා. ලංකාවේ ඇකඩමියා සැලරි මදි බං. :(

    මට තියෙන අනිත් Option එක තමයි ඩුබායි යන එක. එහේ Civil engineers ලට ඕන තරම් Vacancies තියෙනවා. ගිය අය කියන්නේ තව අවුරුදු 300 කටවත් එහේ අළුත් Construction වැඩ නවතින්නේ නෑ කියලා. තාම අතගහපු නැති පැති බරටම තියෙනවා. Google map එක බැලුවත් ඒක පේනවා. සාමාන්‍යයෙන් මම ගියපු අයගෙන් ඇහුවම, පළවෙනි සැලරි එක ලක්ෂ 5 ට ගිය අයත් හිටියා, පළවෙනි සැලරි එක ලක්ෂ 12 ගිය අයත් හිටියා. ඒ නිසා මේ අතරේ ගාණක් පළවෙනි සැලරි එකට ගන්න පුලුවන්.

    මට එහෙම ලොකු සල්ලිකාර පවුලකින් එන කෙනෙක් නෙවේ බං. ඒකයි මෙච්චර උඩට ඉගෙනගත්තෙත්. මට හිතෙනවා ජීවිතේ සල්ලි තමයි Important වෙන්නේ කියලා. මට දැනට හම්බෙන පඩියත් එක්ක, මගේ Basic වියදම් Cover කරගන්නත් ටිකක් අමාරු සීන් එකක් තියෙන්නේ. ඒ නිසා තමයි ඩුබායි Option එක බැලුවේ. ඒත් වෙලාවකට හිතෙනවා, මම ඩුබායි ගිහින්, මගේ Basic අවශ්‍යතා ටික සම්පූර්ණ කරගන්න ගාණක් හම්බුණාට පස්සේ මම මානසික නිදහසට Priority එක දීලා ගත්ත Decision එක ගැන Regret වෙයිද කියලත්. :confused:

    මේ යන විදිහට (Civil ඉන්ජෙක් විදිහට), ගෙයක් වාහනයක් ඉක්මණින් ගන්න තියෙන Option එක මේක විතරයි වගේ සීන් එකක් තියෙන්නේ. ඩුබායි ගිහින් කට්ට කාලා හොද කුට්ටියක් ඉතිරි කරගෙන එන්න හිතෙනවා.

    ඒත් ඩුබායි වල පට්ට වැඩ ටිකක් කරන්න තියෙනවා. දවස් 6ක් වැඩ. එළියකට බහින්න බෑ රස්නේ නිසා. කොටු වෙලා ඉන්න තියෙන්නේ.
    සෙල්සියස් 40ටත් නගිනවා සමහර දවස් වලට. ගියපු එවුනුත් මහ ලොකු සතුටකින් නෙවේ ඉන්නේ සල්ලි හම්බුණාට කියලා හිතෙනවා උන් එක්ක කථා කරාම.

    ඕක තමයි මගේ ප්‍රශ්නේ. Path එකක් හොයාගන්න බැරිව ඉන්නේ. උඹලා හිතන්නේ මම මේ වෙලාවේ ගන්න ඕන තීරණේ මොකක්ද කියලා???

    Dubai palayan. Umbata hoda job ekata panala hodata hoyaganna puluwan. Phd eka karalat Australiawae umbata Dubai wala wagae hoda padiyak ganna ba. Anika Australia wala income eka wadi wenkota loku tax bracket ekakata yannawa. Padiyen bagayak tax. Dubai tax free, hodata hamba karala umbata kamati tanaka retirewenna puluwan.
     

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,242
    3,798
    113
    LONDON
    I live in Dubai so hers the truth.

    Construction is seriously down due to current geopolitical issue aka Iran war. lots of people lost jobs and construction sector affected badly, and some of the new projects postponed or cancelled due to lack of demand for new apartments and cashflow issues. Ongoing projects slowed down and lots of workers in construction field got redundant. Dubai construction market will rebound but don't expect it to go back to normal levels for another 3-4 years.

    For a job as a junior, you'll have to compete with experienced Indian workers. They are everywhere and willing to work for 2000aed. I doubt you can get 5000aed starting salary.

    However if you can go through hardship, my advice is find a job in good project in Dubai and get experience for 4/5years. Try to specialise or get work experience in niche are in civil engineering. Then apply for direct PR.