Jobs එපා නොවෙන්න මන්තරයක්!

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    Jobs එපා නොවෙන්න මන්තරයක්!

    රස්සා කරන බොහෝ දෙනෙක් රස්සා කරන්නේ ආසාවෙන් නෙවෙයි. මොකද ඒකට ප්‍රධානතම හේතුවක් තමයි තමන්ගේ ආදායම් මාර්ගයක් විදිහට රස්සාවක් තොරගත්තාට, ඒක තමන්ට ගැලපෙන වගේම ආසාවෙන් කරන්න කැමති රස්සාවක් බොහෝ දෙනෙක් තෝරාගන්නේ නැති එක.

    ඒ නිසාම බොහොම ඉක්මණට රස්සා එපා වෙන එක අහන්නත් දෙයක්ද. ඒ විතරක්ම නෙවෙයි රස්සාව කරගෙන යද්දි එක එක හේතු නිසා රස්සාව එපාවෙන අවස්ථාත් වැඩියි.

    එපාකරපු බොස්ලා නිසා
    කරන්න තියන වැඩ වැඩිවීම සහ ඉතාම සංකීර්ණ නිසා
    නිවාඩු නැතිකම
    බරපතල Targets
    කිසිම දෙයක් කලාට අගයක් නැතිකම
    ආශ්‍රය කරන්න අය නැතිකම
    මේ වගේ හේතු නිසාත් රස්සාව එපාවෙන වේගය වැඩිවෙන්න පුළුවන්. එහෙම වෙලාවට ගොඩක් දෙනෙක් කරන්නේ එක්කෝ රස්සාව දමලා ගහලා ගිහින් ගෙදර ඉන්න එක, එහෙම ඉඳලත් බැරිම තැන තවත් ඒ වගේම රස්සාවක් හොයාගන්න එක. තවත් පිරිසක් අමාරුවෙන් හරි ඉවසගෙන මේ එපාවෙච්ච රස්සාව කරගෙන ඉන්නවා.

    ඒත් එහෙම රස්සාවක් කලා කියලා ඔබට ආත්ම තෘප්තියක්වත්, මානසික නිදහසක්වත් දැනේනේ නෑ. බොහෝවිට ඔබත් මේ වගේ තත්වයකට මුහුණදීලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ දේවල් උත්සහ කරලා බලන්න.

    තමන්ටම ඉලක්කයක්

    තමන්ටම ඉලක්කයක් හදාගන්න එක හරි අපූරු වැඩක්. ඒ වගේම ඒක තමන්ව මැනගන්න හොඳ මිනුම් දණඩක්. දැන් ඔබ ඉන්නේ සහකාර කළමණාකරු තනතුරේ කියලා හිතමු. ඔබ හිතාගන්න තවත් අවුරුද්දක් නැත්නම් දෙකක් ඇතුලත මම කළමණාකරුවෙක් වෙනවා කියලා. ඒකට යටිකූට්ටු වැඩ කරලා එකිනෙකා කොටවනවා වෙනුවට මහන්සිවෙලා වැඩකරන්න, හැමෝටම ප්‍රිය කෙනෙක් වෙන්න, අනිත් අයව පාලනය කරන්න පුළුවන් සුදුසුකම් ඔබට තියනවා කියලා පෙන්නන්න.

    නිර්මාණශීලී වෙන්න

    ඔබට පවරන වැඩේ ආයතනයේ හැමදාම කෙරුණු විදිහට නැතිව වෙනස් විදිහකට කරන්න උත්සහ කරන්න. උදාහරණයක් විදිහට ඔබට ලැබිලා තියෙන්නේ වාර්තාවක් හදන්න නම් ඔබ මුලින්ම බලන්න මේ වාර්තාව නිදහස් විදිහට වෙනස් කරලා හදන්න ඉඩක් ආයතනය තුල තියනවද කියලා. පස්සේ එහෙම ඉඩක් තියනවනම්, ඒ වාර්තාව නිර්මාණශීලී විදිහට හදන්න උත්සහ කරන්න. වගු විතරක් නැතිව රූප සටහන්, ප්‍රස්ථාර එහෙම දාලා, වර්ණ ගන්වලා ඕනම කෙනෙක්ට පහසුවෙන් තේරුම්ගන්න පුළුවන් විදිහට නිර්මාණය කරන්න. එහෙම කරලා ඒකේ ප්‍රතිඵලය දැක්කම ඔබට සතුටක් ලැබෙනවා වගේම ආයතනයට ඔබේ වටිනාකම දැනෙන්න පටන් ගන්නවා.

    හැමෝම එක්ක හොඳින් ඉන්න

    කල්ලි ගැහෙන්නේ නැතිව, හුදෙකලා වෙන්නේ නැතිම හැමෝම එක්කම අවංකව හොඳින් ඉන්න. පුළුවන් හැමවෙලාවෙම නිහතමානීව අනිත් අයට උදව් කරන්න. එතකොට ඔවුන්ට ඔබ ප්‍රියතම චරිතයක් වෙනවා. ඔබේ වටිනාකමත් ඉහළ යනවා. ඔබටත් උදව් කරන්න පෙළඹෙන පිරිසක් බිහිවෙනවා.

    බොස්ලාට අවංක වෙන්න

    ඕනම බොස් කෙනෙක් අවංක සේවකයෙක්ට කැමතියි. ඒ නිසා ඔබේ බොස්ට අවංක වෙන්න. නිවාඩුවක් ගනිද්දි වුනත් ඇත්තම හේතුවක් කියන්න. බොස් පවරණ වැඩ ඉතාම හොඳින් කරන්න, බොස් කරපු වැඩක් අගය කරන්න. එතනදි බොස් පොඩ්ඩක් නම්‍යශීලීව ඔබ ගැන හිතන්න පටන්ගනීවි.

    මේසය කාමරය ලස්සනට තියාගන්න

    මේසේ ලස්සනට පිළිවෙලට තියෙද්දි, රාජකාරී කාමරය ලස්සනට තියෙද්දි ඔළුව නිදහස් වෙනවා. හිත නිදහස් වෙනවා. එහෙම වැඩකරද්දි වැඩත් පිළිවෙලට කරන්න පුළුවන්, ප්‍රමාද වෙන්නේ නෑ. හැමදේම අවශ්‍ය තැන තියනවා, හොයාගන්න ලේසියි. එහෙම වුණාම ඔබටම ගොඩක් ලේසියි.

    නිතරම සැහැල්ලුවෙන් වැඩ කරන්න

    ඉඩක් ඇති වෙලාවට බරපතල වැඩක් නැත්නම් සිංදුවක් හෝ සංගීත ඛණ්ඩයක් අහන ගමන් වැඩ කරන්න. පුංචි විවේකයක් ලැබුණම ටිකක් ඇවිදලා එන්න, හොඳ වතුර වීදුරුවක් බොන්න. ඒ වගේම මොනවහරි වැදගත් දෙයක් කියවන්න, ලියන්න රාජකාරී වෙලාව අතරෙත් අමතක කරන්න එපා. එතකොට ඔබට කිසිම පීඩනයක් දැනෙන එකක් නෑ.

    ඉලක්ක සරල කරගන්න

    බොහෝ දෙනෙක්ට තියන මානසික වදයක් තමයි ඉලක්ක. මේ ඉලක්ක කොටස් වලට කඩාගන්න. මාස, සති, දින විදිහට. එතකොට ඔබට ලැබෙන ඉලක්කය අඩුවෙනවා, ඒ අනුව වැඩකලාම ලොකු ඉලක්කය පහසුවෙන්ම ඔබට ලඟාකරගන්න පුළුවන්.

    ඕපදූප සෙවීම තහනම්

    අනුන්ගේ ඕපදූප හොයන්න යන්නත් එපා, තමන්ගේ අනවශ්‍ය තොරතුරු අන්අය එක්ක කියන්න යන්නත් එපා. රැකියාව ඇතුලේ රාජකාරී තොරතුරු, විහිළුතහලු වලට ඔබේ කතාව සීමාකරගන්න. එතකොට හිත්රිදීම්, අනවශ්‍ය ගැටුම් බොහොම අඩුයි.

    රස්සාවට ආදරේ වෙන්න

    හැමතිස්සෙම රැකියාව කරද්දි හරි රැකියාව එපාවෙද්දි හිතන්න ඔබ කරන්නේ සේවකයක්, ආයතනයට කරන සේවයෙන් රටට සේවයක් වෙනවා. ඔබ ඒ වෙනුවෙන් වැය කරන ඔබේ වටිනා ශ්‍රමයට ආදායමක් ඔබට ලැබෙනවා. ඒ ආදායමෙන් ඔබ පෝෂණය වෙනවා ඔබේ පවුලේ අය පෝෂණය වෙනවා. ඒ වගේම ඔය රැකියාව උදෙසා කරන දේවල් වලින් විශාල මෙහෙයක් වෙනවා කියන එක සිහිපත් කරන්න. එතකොට ඔබේ වටිනාකම ඔබටම දැනෙනවා.

    මේ දේවල් වලින් ඔබට එපාවෙලා යන රස්සාව ආස හිතෙන රස්සාවක් බවට, කැමති විනෝදාංශයක් බවට බොහොම පහසුවෙන් පත්කරගන්න පුළුවන්. අවශ්‍ය කරන්නේ දැඩි කැපවීමක් පමණයි කියන එක විතරක් මතක තියාගන්න.

    මූලාශ්‍රය - www.her.lk
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    මොඩන් ස්ලේවරි , ඔය මොන කතා කිව්වත් ස්ලෙවරි ස්ලේවරිම තමා . මොකො උබට හිතුනම නැගිටල දුවන්න පුලුවන්ද ඔෆීස් එක්ක බෑනේද . උදේ නැගිට්ටම අද බෑ යන්න කියල හිතුනොත් මොනාද ඔලුවට එන්නේ තියන නිවාඩු ගාන අද ගන්න එක වැඩක් තියිද පස්සේ ඕනේ වෙයිද. කවමදාක්වත් පඩියට වැඩ කරපු එකෙක් ලැම්බොගිහියක් අරන් ඉන්නවා දැකල තියන්වද ? මේ වගේ නිදහසට කාරනා දාල සනසල වැඩක් නෑ වෙන්නේ නැති වැඩක්. ආත්මයක් නැති අයට රස්සාව කියන එක හොදයි , ටිකක් හරි ජිවිතේ මොක්දද මේ අපි කරන්නේ කියල හිතපු ගමන් තමා තෙරෙන්නේ යදම් නැතත් අපිව මානසිකව රැකියාව කියන යදම් වලින් බැදලා කියලා. ඔය රස්සාවක් කරන එකෙක්ගෙන් අහන්න කොමද ජිවිතේ විදින්නේ කියලා කොටින්ම එදා වේල ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස්
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801

    :yes:
     
    wdmdd

    Active member
  • Sep 3, 2011
    744
    143
    43

    ela kathawa,, uba hari ban
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,059
    113
    34
    Kalutara
    ඔය දාල තියෙන හැමදේම වෙබ් සයිට් වලට ට්‍රැෆික් ගන්න එක එකා උන්ට හිතෙන විදිහට ටයිප් කරපු මනස්ගාත. ඔව්ව ප්‍රැක්ටිකලි ෆේල් ෆැක්ට්ස්. :lol:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    See how fake

    මේවා ගිහින් කලු කැත කොට චීනෙක්ට පෙන්නහන් . බලහන් රූකඩ වගේ නටන්නේ , ඕම ආතල් ගත්තොත් හියුමන් රිසෝස් එකෙන් පුකට පයින් ගහල එලවන්නේ කවටයෝ තියාගන්නේ නැ , අපිට ඕනේ පුට්වේ ඉදන් දිරල වැහැරිල යනකන් වැඩ කරන පැපොල් ඇට ලොන්තයෝ මිසක් පාටි දාල චිල් එකේ ඉන්න උන් නෙමෙයි කියලා
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    නිර්මාණශීලී වෙන්න
    හැමෝම එක්ක හොඳින් ඉන්න
    බොස්ලාට අවංක වෙන්න
    නිතරම සැහැල්ලුවෙන් වැඩ කරන්න
    ඉලක්ක සරල කරගන්න
    රස්සාවට ආදරේ වෙන්න

    :lol::lol::lol::lol::lol:
    රස්සාවක් කරල නෑ එක්කෝ රස්සාවට ගිහින් මාසයක් නෑ. එහෙමත් නැත්තන් අනික් උන් ලව්ව වැඩ ගන්න එකෙක් මේ ආර්ටිකල් එක ලියල තියෙන්නේ. පිස්සු කොර ටොපික් සෙට් එක .
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    ohoma karala promotion nathuwa indala thawa epa wenawa . owa practical na bung. hama ekatama help karanna giyoth aniwa kela wenawa jobs waladi
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත

    හැමෝම එක්ක හොඳින් ඉන්න

    හැමදාම දකින උන් එක්ක හොදින් තමා ඉන්නේ බන් නැතුව ගහ මරා ගන්නද

    බොස්ලාට අවංක වෙන්න
    මීට වඩා හොදයි උගේ එක කටට අර ගන්නවා එම නැත්තම් පුසිය ලික් කරනවා නම්බුයි බන් අවංක වෙනවට වඩා

    නිතරම සැහැල්ලුවෙන් වැඩ කරන්න
    සැහැල්ලුවෙන් වැඩ කරන්න නම් හෙලුවෙන් ඉන්න වෙනවා, සැහැල්ලුවෙන් ඉන්න ඔපිස් එන්නේ ඇයි ගෙදර ඉදපන් .

    ඉලක්ක සරල කරගන්න
    මොන ඉලක්කද බන් , දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් හිටපන් , උබට ඉලක්ක තිබ්බොත් කොමත් නැති භංගස්ථාන කරනවා නැගිටගන්න බැරි වෙන්න

    රස්සාවට ආදරේ වෙන්න
    අහවල් එකටද යකො , වෙන උන්ට කඹුරනවට ආදරේ කරන්නේ , ගෙදර බල්ලට ආදරේ කරපන් ඊට වඩා හොදයි ඌ ලෙවකයි , රස්සාව උබට ගුද සංසර්ගයක් තමා ආදරේට කරන්නේ

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,297
    67,650

    :lol::lol::lol::lol:
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    office-and-workplace-fun-5hrj.jpg
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    oya hemadema ubata set wena team eka math depend ban. allane nethi un set unoth epa wenawa no excuse.
    anika salary eka.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    වැඩ තිබ්බත් පැය 8-9 එකම පුටුවක එකම ලොකේශන් එක්ක අවුරුදු ගානක් කොමද බන් ඉන්නේ . හරියට තුවක්කුවක් ඔලුවට තියල වගේ මොක්ද උබ නැගිට්ට ගමන් ඔලුවටත් වෙඩි කාල වටා පිටාවේන් බොම්බත් ගහනවා