රේගුවෙන් ඇල්ලූ හොරු නිදහස් කරන්නැයි ඇමැති ජොන්ස්ටන්ගෙන් බලපෑම්
පසුගිය වසරේ දෙසැම්බර් 15 වැනි දින කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් වැහිළිහිනි කූඩු තොගයක් විදේශ ගත කීරීමට වෑයම් කළ පුද්ගලයා නිදහස් කරන ලෙස ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් අදාල නිලධාරීන්ට බලපෑම් කර ඇති බව වාර්තා වේ.
2009.12.15 වැනි දින කටුනායකදී සහකාර රේගු අධ්‍යක්ෂ මාලි පියසේන හා සහකාර රේගු අධිකාරී සාගර යන නිලධාරීන් විසින් වැහිළිහිණි කූඩු තොගයක් විදේශයට ගෙනයෑමේ ජාවාරමක නියැලී සිටි මොහොමඩ් නියාස් වස්මි මොහොමඩ් නැමැත්තා අත්අඩංගුවට ගත්තේය. මොහු වැහිළිහිණි කූඩු අත්අඩංගුවට ගත් රේගු නිලධාරීන් විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු මේ මස 22 වන දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණයෙන් නියෝග කෙරිණි.
මේ අතර පසුගියදා සහකාර රේගු අධිකාරී සාගර නමැත්තාට දුරකතනයෙන් කතා කර ඇති ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුද්ගලික ලේකම් පවසා ඇත්තේ මෙම මෙහොමඩ් නියාස් ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සමීපතම හිතවතෙක් බැවින් 22 වන දින අධිකරණයට ඉදිරිපත් කිරීමේදී ඇප ලබා දිය හැකි ආකාරයට කටයුතු කරන ලෙසයි.
මේ අවස්ථාවේදී ඇමැතිවරයාගේ පුද්ගලික ලේකම්ට පිළිතුරු දී ඇති සාගර මහතා පවසා ඇත්තේ මෙවැනි කටයුතු දුරකතනයෙන් කතා කොට විසඳා ගත නොහැකි බවත්, මේ සම්බන්ධයෙන් කරුණු ඇතුළත් කොට අමාත්‍යවරයාගේ නිල මුද්‍රව හා අත්සන සහිතව ලිපියක් එවන ලෙසයි. කෙසේ වෙතත් මේ වන විට මෙම පුද්ගලයා නිදහස් කර ගැනීමට ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉහළ බලධාරීන්ට ද බලපෑම් කරමින් සිටින බව වැඩිදුරටත් වාර්තා වේ.
LT