කෝච්චි ගැන වගේම ශ්රී ලංකාවේ ප්රධානම අපනයන බෝගයක් වෙන තේ ගැනත් මම මීට කලින් ත්රෙඩ් කීපයක්ම එලකිරි අඩවියේ සහෝදර සාමාජිකයන් වෙත අරගෙන ඇවිල්ලා තියනවා. මීට සති කීපයකට පෙර නාවලපිටිය හරංගල වතුයායට මම සංචාරය කලා. තේ දල්ල නෙලා ගන්න අවස්ථාවේ සිට අපනයනය කරන අවස්ථාව වෙනකන්ම සිදුවන ක්රියා වලිය මම මීට පෙර දීර්ග ත්රෙඩ් එක් මගින් ඉදිරිපත් කලා ඔයාලාට මතක ඇති. ඒ නිසා ඒ පිළිබඳ නැවතත් මම කතා කිරීමට බලාපොරොත්තුවන්නේ නෑ.
හරංගල කියන්නේ ඉතාමත් සුන්දර වතුයායක්. ඒ අසලින් කඩා හැලෙන කැටබුලාව දිය ඇල්ල නිසා ඒ ප්රදේශය තවත් සුන්දර වෙලා තියෙනවා.
අපි නැවතුනේ හරංගල වත්තේ අමුත්තන් වෙනුවෙන් වෙන්කරලා තිබුන බංගලාවේ. ඉතා පැරණි ක්රමයට නිමවෙලා තිබුනු ඉතාමත් අලංකාර ස්ථානයක්. අපි යනකොට නම් වෙලාව රාත්රී 11 පමන වෙලා තිබුන නිසා යන අතරමඟ පින්තූර ගැනීමට හැකියාව ලැබුනේ නෑ.
උදේ කෑම වේලෙන්ම වැඩී පටාංගමුකෝ එහෙනම්. අප්පුලගේ කෑම ගැන ඉතින් කියන්න ඕන නෑ නේ. උදේ කෑමට තෝස කන්න තීරනය කලා.
මේ අපේ මේ මේසේ.
පැරණි ගිණි උඳුන් සහිත අපේ බංගලාවේ සාලය.
මේ තියෙන්නේ ගිනි උඳුනේ චිමිනිය.
උදේට තද සීතලක් තිබුනා. කෑම කාලා ටිකක් වෙලා ඉඳලා එලියට බැස්සා වටපිටාව බලන්න.
බංගලාව අවට ගොඩාක් ලස්සනයි. ඒ වගේම මිදුලත්...
වත්ත කෙරවලේම මගේ කැමතිම පළතුරු ජාතියක්.
ජම නාරං, මහ නාරං, ජම්බෝල කියලත් මේවාට කියනවා.
එහෙම ටික වෙලාවක් ඉඳලා අපි හරංගල තේ ෆැක්ටරිය බලන්න පිටත් උනා.
මේ තියෙන්නේ හරංගල තේ කර්මාන්ත ශාලව.
තේ කර්මාන්ත ශාලාවක සිද්දවෙන ක්රියාවලිය ගැන මම මුලින් කීවා වගේ මීට ටික කලකට පෙර ත්රෙඩ් එකක් මගින් කට්ටිය දැනුවත් කලා. ඒ නිසා ඒ ගැන මෙතන සඳහන් කරන්නේ නෑ. කර්මාන්ත ශාලාව ඇතුලේ පින්තූර කීපයක් අපි බලමු.
මේ තියෙන්නේ ලිප. කදූකරයේ සංචාරයකරනකොට ඔයාලා දැකලා ඇති තේ කර්මාන්ත ශාලා හැම එකකම වගේ තියෙනවා දුම් පිටවෙන උඳුනක්. තේ සැකසුම් ක්රියාවලියේ තේ පිලිස්සිම සඳහා තමයි මේ ලිප යොදා ගන්නේ. මේ මඟින් සෙල්සියස් අංශක 200ක පමන රස්නයක් නිපදවනවා. දර මඟින් තමයි මේ උඳුන් ක්රියාත්මක වෙන්නේ.
නැවත බංගලාවට ගිය අපි ඊගාවට පිටත් උනේ කැටබුලාව දිය ඇල්ල වෙතයි. හරංගල කර්මාන්ත ස්ගාලාවට කිලෝ මීටර කීපයක් දුරින් තමයි මේ ඉතාමත් අලංකාර කැටබුලාව දිය ඇල්ල පිහිටලා තියෙන්නේ.
කැටබුලාව ඇල්ල ස්ථර 03කින් පිහිටලා තියෙන ඉතාමත් ලස්සන ඇල්ලක්.
මේ තියෙන්නේ පළමු ස්ථර දෙක.
අප පැමිනි පාරට යටින් තමයි තුන්වෙනි ස්ථරය පිහිටලා තියෙන්නේ.
පාරේ සිට දිය ඇල්ල වෙත යාමට ඇති මාර්ගය ටිකක් කටුකයි. ඒ වගේම ඉතා අවධානම් ස්ථානයක් එම මාර්ගයේ පිහිටලා තියෙනවා. ඒ ස්ථානයෙන් ලිස්සී වැටිලා කීප දෙනෙකුම මරණයට පත් වෙලා තියෙනවා. ඒ නිසා ඇල්ල වෙත ගමන් කිරීමේදී වගේම ඇල්ලේ සිට පැමිනීමේදී ඉතා කල්පනාකාරී වෙන්න ඕන. (බීපු උං ගැන බලා ගැනීම නොබීපු උංගේ වගකීම බව මතක් කරන්නට කැමැත්තෙමි.
)
යන අතරමඟ ඇල්ල පේන්නේ මෙහෙමයි.
ඉතාමත් අලංකාර ස්ථානයක්. දවසක් උනත් වතුරේ බැහැලා ඉන්න පුළුවන් තැනක්. හැබැයි සීතලයි.
නානකොට තමයි මෙයාව දැක්කේ. එලකිරි අඩවියට එන්න වාසනාව තියෙන කක්කුට්ටෙක්
ඇල්ල කෙලවරෙන් කඩා හැලෙන කුඩා වතුර පාරක්.
ඒ වගේම මතක් කරන්න ඕන ඔයාලත් මේ ඇල්ලට සංචාරය කරන්න බලාපොරොත්තුවෙනවා නම් ඇල්ල උඩට නගින්න නම් යන්න එපා. මේ ගල් පතුරු ඉතාමත් ලෙස්සන සුළුයි. ඔයල නොහිතනා ආකාරයටයි මේ ගල් වලින් ලිස්සා යන්නේ. (මේ කියන්නේ අත්දැකීමෙන්) ඒ නිසානාමේ ගල් පතුරු මතින් ගමන් කිරීමේදී ප්රවේසම් වෙන්න. ඒ වගේම ඇල්ල උඩට නම් යන්න හිතන්නවත් එපා.

කැටබුලාවේ දවස ගෙවපු අපි හවස් වෙනකොට අපේ නවාතැන්පොල වෙත ආවා. එදා රෑ අපි වෙනුවෙන් පොඩි සාජ්ජයක් සංවිදානය කරලත් තිබුනා.
(පින්තූර නිසි බළධාරියා විසින් කපා දමන ලදී)

පහුවෙනිදා අපේ සංචාරයේ අවසන් දවස. අපේ කට්ටියගේ අදහස උනේ කොත්මලේ ප්රදේශයේ සංචාරය කරන්නයි. උදේ පාන්දර එලියට බැහැලා වටපිට බලනකොට තවත් ගහක් දැක්කා.
කොකෝවා...
මෙන්න මෙයා බිම ඉන්නවා මම යාන්තම් දැක්කා.
අපි පිටත් වෙන්නයි සූදානම. අපිට කෑම හදලා දුන්න අප්පු ඉතාමත් ආදරෙන් මතක් කරන්න ඕනා.
අපි කොත්මලේ බලා පිටත් උනා. කොත්මලේ නිවාඩු නිකේතනය අසලම වැල් පාලමක් දැකලා පොඩ්ඩක් ඔළුව දාලා බලන්න හිතුනා.
යටින් ගලාගෙන යන්නේ කොත්මලේ ඔය. කොත්මලේ ඩෑම් එකේ පිටාර වතුර එකතු වෙන්නේ කොත්මලේ ඔයට.
ඉතාම අබලන් පාලමක්. ඒත් කොත්මලේ ඔය හරහා එගොඩ වීමට මේ පාලම තවමත් ප්රදේශවාසීන් යොදා ගන්නවා.
හිමින් හිමින් කොහොම හරි මැද්දට ගියා.
වතුර හිඳිගෙන යන කොත්මලේ ඔය.
අපේ කට්ටියගේ ප්ලෑන් එක උනේ කොත්මලේ ප්රදේශයේ සංචාරය කිරීම.
මේ ඈතින් පේන්නේ ඩෑම් එක.
අපි කලින් වතාවක කොත්මලේ ප්රදේශයේ අසිරිය එලකිරි සංචාරකයා තුලින් රැගෙන අවා. ඒ නිසා ඒ පින්තූර ම නැවත පල කරන්නේ නෑ මේ ත්රෙඩ් එකේ.
ඔන්න හොම තමයි තවත් අපූරූ සංචාරයක් සිමා උනේ.
එලකිරි සංචාරකයා හැමදාමත් වගේ ඔයලාගේ යෝජනා,චෝදනා, අදහස්, උදහස් වෙනුවෙන් විවෘත්තයි.

)යන අතරමඟ ඇල්ල පේන්නේ මෙහෙමයි.

බොහොම ස්තුතියි බෙදා ගත්තට