Journey to Harangala Tea Estate

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කෝච්චි ගැන වගේම ශ්‍රී ලංකාවේ ප්‍රධානම අපනයන බෝගයක් වෙන තේ ගැනත් මම මීට කලින් ත්‍රෙඩ් කීපයක්ම එලකිරි අඩවියේ සහෝදර සාමාජිකයන් වෙත අරගෙන ඇවිල්ලා තියනවා. මීට සති කීපයකට පෙර නාවලපිටිය හරංගල වතුයායට මම සංචාරය කලා. තේ දල්ල නෙලා ගන්න අවස්ථාවේ සිට අපනයනය කරන අවස්ථාව වෙනකන්ම සිදුවන ක්‍රියා වලිය මම මීට පෙර දීර්ග ත්‍රෙඩ් එක් මගින් ඉදිරිපත් කලා ඔයාලාට මතක ඇති. ඒ නිසා ඒ පිළිබඳ නැවතත් මම කතා කිරීමට බලාපොරොත්තුවන්නේ නෑ.
    හරංගල කියන්නේ ඉතාමත් සුන්දර වතුයායක්. ඒ අසලින් කඩා හැලෙන කැටබුලාව දිය ඇල්ල නිසා ඒ ප්‍රදේශය තවත් සුන්දර වෙලා තියෙනවා.

    අපි නැවතුනේ හරංගල වත්තේ අමුත්තන් වෙනුවෙන් වෙන්කරලා තිබුන බංගලාවේ. ඉතා පැරණි ක්‍රමයට නිමවෙලා තිබුනු ඉතාමත් අලංකාර ස්ථානයක්. අපි යනකොට නම් වෙලාව රාත්‍රී 11 පමන වෙලා තිබුන නිසා යන අතරමඟ පින්තූර ගැනීමට හැකියාව ලැබුනේ නෑ.

    උදේ කෑම වේලෙන්ම වැඩී පටාංගමුකෝ එහෙනම්. අප්පුලගේ කෑම ගැන ඉතින් කියන්න ඕන නෑ නේ. උදේ කෑමට තෝස කන්න තීරනය කලා.
    මේ අපේ මේ මේසේ.
    293357_10150337526266418_603146417_9839170_4899271_n.jpg


    පැරණි ගිණි උඳුන් සහිත අපේ බංගලාවේ සාලය.
    299847_10150337531646418_603146417_9839260_1004258_n.jpg


    මේ තියෙන්නේ ගිනි උඳුනේ චිමිනිය.
    298477_10150337528726418_603146417_9839218_5499416_n.jpg


    උදේට තද සීතලක් තිබුනා. කෑම කාලා ටිකක් වෙලා ඉඳලා එලියට බැස්සා වටපිටාව බලන්න.
    297102_10150337526166418_603146417_9839168_7580726_n.jpg


    බංගලාව අවට ගොඩාක් ලස්සනයි. ඒ වගේම මිදුලත්...
    297227_10150337526381418_603146417_9839172_7906072_n.jpg


    301247_10150337531201418_603146417_9839253_824782_n.jpg


    296307_10150337531461418_603146417_9839257_922901_n.jpg


    වත්ත කෙරවලේම මගේ කැමතිම පළතුරු ජාතියක්.
    223772_10150337526491418_603146417_9839173_7387046_n.jpg


    ජම නාරං, මහ නාරං, ජම්බෝල කියලත් මේවාට කියනවා.
    297322_10150337526711418_603146417_9839180_1584287_n.jpg


    එහෙම ටික වෙලාවක් ඉඳලා අපි හරංගල තේ ෆැක්ටරිය බලන්න පිටත් උනා.
    299147_10150337532611418_603146417_9839271_5346031_n.jpg


    මේ තියෙන්නේ හරංගල තේ කර්මාන්ත ශාලව.
    299947_10150337527256418_603146417_9839193_7951829_n.jpg


    තේ කර්මාන්ත ශාලාවක සිද්දවෙන ක්‍රියාවලිය ගැන මම මුලින් කීවා වගේ මීට ටික කලකට පෙර ත්‍රෙඩ් එකක් මගින් කට්ටිය දැනුවත් කලා. ඒ නිසා ඒ ගැන මෙතන සඳහන් කරන්නේ නෑ. කර්මාන්ත ශාලාව ඇතුලේ පින්තූර කීපයක් අපි බලමු.

    298517_10150337527456418_603146417_9839195_1036741_n.jpg


    297137_10150337527761418_603146417_9839200_3551494_n.jpg


    298822_10150337528176418_603146417_9839206_6519760_n.jpg


    185506_10150337527921418_603146417_9839202_6207403_n.jpg


    296552_10150337528291418_603146417_9839207_417503_n.jpg


    228972_10150337527571418_603146417_9839197_5840126_n.jpg


    185441_10150337528356418_603146417_9839208_4238760_n.jpg


    මේ තියෙන්නේ ලිප. කදූකරයේ සංචාරයකරනකොට ඔයාලා දැකලා ඇති තේ කර්මාන්ත ශාලා හැම එකකම වගේ තියෙනවා දුම් පිටවෙන උඳුනක්. තේ සැකසුම් ක්‍රියාවලියේ තේ පිලිස්සිම සඳහා තමයි මේ ලිප යොදා ගන්නේ. මේ මඟින් සෙල්සියස් අංශක 200ක පමන රස්නයක් නිපදවනවා. දර මඟින් තමයි මේ උඳුන් ක්‍රියාත්මක වෙන්නේ.
    292827_10150337528426418_603146417_9839209_1633053_n.jpg


    294357_10150337528621418_603146417_9839216_2174832_n.jpg


    301447_10150337528911418_603146417_9839220_236285_n.jpg


    නැවත බංගලාවට ගිය අපි ඊගාවට පිටත් උනේ කැටබුලාව දිය ඇල්ල වෙතයි. හරංගල කර්මාන්ත ස්ගාලාවට කිලෝ මීටර කීපයක් දුරින් තමයි මේ ඉතාමත් අලංකාර කැටබුලාව දිය ඇල්ල පිහිටලා තියෙන්නේ.

    254692_10150337529666418_603146417_9839229_6919480_n.jpg


    කැටබුලාව ඇල්ල ස්ථර 03කින් පිහිටලා තියෙන ඉතාමත් ලස්සන ඇල්ලක්.
    මේ තියෙන්නේ පළමු ස්ථර දෙක.
    292872_10150337529176418_603146417_9839223_4328740_n.jpg


    අප පැමිනි පාරට යටින් තමයි තුන්වෙනි ස්ථරය පිහිටලා තියෙන්නේ.
    301632_10150337529386418_603146417_9839226_8212047_n.jpg


    301002_10150337529521418_603146417_9839227_2794532_n.jpg


    පාරේ සිට දිය ඇල්ල වෙත යාමට ඇති මාර්ගය ටිකක් කටුකයි. ඒ වගේම ඉතා අවධානම් ස්ථානයක් එම මාර්ගයේ පිහිටලා තියෙනවා. ඒ ස්ථානයෙන් ලිස්සී වැටිලා කීප දෙනෙකුම මරණයට පත් වෙලා තියෙනවා. ඒ නිසා ඇල්ල වෙත ගමන් කිරීමේදී වගේම ඇල්ලේ සිට පැමිනීමේදී ඉතා කල්පනාකාරී වෙන්න ඕන. (බීපු උං ගැන බලා ගැනීම නොබීපු උංගේ වගකීම බව මතක් කරන්නට කැමැත්තෙමි. :rofl:)

    යන අතරමඟ ඇල්ල පේන්නේ මෙහෙමයි.
    295732_10150337529846418_603146417_9839231_190644_n.jpg


    ඉතාමත් අලංකාර ස්ථානයක්. දවසක් උනත් වතුරේ බැහැලා ඉන්න පුළුවන් තැනක්. හැබැයි සීතලයි.
    297302_10150337530076418_603146417_9839233_6039164_n.jpg


    300667_10150337530451418_603146417_9839238_1125201_n.jpg


    298662_10150337530906418_603146417_9839248_7543299_n.jpg


    297212_10150337530361418_603146417_9839237_813285_n.jpg


    නානකොට තමයි මෙයාව දැක්කේ. එලකිරි අඩවියට එන්න වාසනාව තියෙන කක්කුට්ටෙක්
    297887_10150337530291418_603146417_9839235_3510756_n.jpg


    ඇල්ල කෙලවරෙන් කඩා හැලෙන කුඩා වතුර පාරක්.
    298722_10150337530611418_603146417_9839241_6343083_n.jpg


    ඒ වගේම මතක් කරන්න ඕන ඔයාලත් මේ ඇල්ලට සංචාරය කරන්න බලාපොරොත්තුවෙනවා නම් ඇල්ල උඩට නගින්න නම් යන්න එපා. මේ ගල් පතුරු ඉතාමත් ලෙස්සන සුළුයි. ඔයල නොහිතනා ආකාරයටයි මේ ගල් වලින් ලිස්සා යන්නේ. (මේ කියන්නේ අත්දැකීමෙන්) ඒ නිසානාමේ ගල් පතුරු මතින් ගමන් කිරීමේදී ප්‍රවේසම් වෙන්න. ඒ වගේම ඇල්ල උඩට නම් යන්න හිතන්නවත් එපා. :no::no::no:

    කැටබුලාවේ දවස ගෙවපු අපි හවස් වෙනකොට අපේ නවාතැන්පොල වෙත ආවා. එදා රෑ අපි වෙනුවෙන් පොඩි සාජ්ජයක් සංවිදානය කරලත් තිබුනා.
    (පින්තූර නිසි බළධාරියා විසින් කපා දමන ලදී)
    :P:P:P

    පහුවෙනිදා අපේ සංචාරයේ අවසන් දවස. අපේ කට්ටියගේ අදහස උනේ කොත්මලේ ප්‍රදේශයේ සංචාරය කරන්නයි. උදේ පාන්දර එලියට බැහැලා වටපිට බලනකොට තවත් ගහක් දැක්කා.
    301462_10150337533291418_603146417_9839278_5433254_n.jpg


    කොකෝවා...
    300412_10150337533376418_603146417_9839279_8248803_n.jpg


    මෙන්න මෙයා බිම ඉන්නවා මම යාන්තම් දැක්කා.
    205912_10150337532026418_603146417_9839265_206908_n.jpg


    අපි පිටත් වෙන්නයි සූදානම. අපිට කෑම හදලා දුන්න අප්පු ඉතාමත් ආදරෙන් මතක් කරන්න ඕනා.
    300652_10150337532471418_603146417_9839269_3915895_n.jpg


    අපි කොත්මලේ බලා පිටත් උනා. කොත්මලේ නිවාඩු නිකේතනය අසලම වැල් පාලමක් දැකලා පොඩ්ඩක් ඔළුව දාලා බලන්න හිතුනා.
    300037_10150337533926418_603146417_9839291_4340469_n.jpg


    යටින් ගලාගෙන යන්නේ කොත්මලේ ඔය. කොත්මලේ ඩෑම් එකේ පිටාර වතුර එකතු වෙන්නේ කොත්මලේ ඔයට.
    ඉතාම අබලන් පාලමක්. ඒත් කොත්මලේ ඔය හරහා එගොඩ වීමට මේ පාලම තවමත් ප්‍රදේශවාසීන් යොදා ගන්නවා.
    300747_10150337534491418_603146417_9839298_3679348_n.jpg


    291707_10150337534671418_603146417_9839299_3974349_n.jpg


    291797_10150337534771418_603146417_9839300_6195083_n.jpg


    හිමින් හිමින් කොහොම හරි මැද්දට ගියා.
    298947_10150337534336418_603146417_9839297_4227117_n.jpg


    වතුර හිඳිගෙන යන කොත්මලේ ඔය.
    293452_10150337534011418_603146417_9839292_5892178_n.jpg


    292877_10150337534281418_603146417_9839296_6860822_n.jpg


    අපේ කට්ටියගේ ප්ලෑන් එක උනේ කොත්මලේ ප්‍රදේශයේ සංචාරය කිරීම.
    මේ ඈතින් පේන්නේ ඩෑම් එක.
    298777_10150337533506418_603146417_9839287_7213935_n.jpg


    අපි කලින් වතාවක කොත්මලේ ප්‍රදේශයේ අසිරිය එලකිරි සංචාරකයා තුලින් රැගෙන අවා. ඒ නිසා ඒ පින්තූර ම නැවත පල කරන්නේ නෑ මේ ත්‍රෙඩ් එකේ.

    ඔන්න හොම තමයි තවත් අපූරූ සංචාරයක් සිමා උනේ.

    එලකිරි සංචාරකයා හැමදාමත් වගේ ඔයලාගේ යෝජනා,චෝදනා, අදහස්, උදහස් වෙනුවෙන් විවෘත්තයි.




    picture.php





     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    එලකිරි ආ...:):)
    පට්ටම ට්‍රෙඩ් එකක්.
    බලධාරියා කපා දාපුවත් දැම්ම නම් තමා හොඳ :P:P
    අරුන් ටික රිවර්ස්ටර්න් ගිහින්ලු නේද :D
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    photo tika ela!


    11.gif
    11.gif
    11.gif
    patta trip eka machan :D

    :D
    looks like you had another great trip

    dennath ekkada giye. ela ela

    Maxxa machan


    elakiri machan :)
    rep+

    hemadamath wagee ElaKiri......machan....:D

    Thanks All!
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එලකිරි ආ...:):)
    පට්ටම ට්‍රෙඩ් එකක්.
    බලධාරියා කපා දාපුවත් දැම්ම නම් තමා හොඳ :P:P
    අරුන් ටික රිවර්ස්ටර්න් ගිහින්ලු නේද :D

    බෑ බෑ. :P
    ජනතාව රිවර්ස්ටන්
     
    • Like
    Reactions: ♥-Aurora-♥

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    අපි අපි කිව්වට එක්කෙනෙයි නෙ ඉන්නෙ ;)
    ලස්සන පොටෝ ටික! :cool: බොහොම ස්තුතියි බෙදා ගත්තට
    2+ ~♥~