JVP අවුල් ද ? ඇයි 3% ට ඔච්චර ගහන්නේ ?

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    836
    1,058
    93
    JVP කියපු ගමන් මතක් වෙන්නේ 88/89 කැරැල්ල . මම ඒ කාලේ ඉඳන් JVP එකට වැඩි කැමැත්තක් තිබ්බ කෙනෙක් නෙවෙයි. මගේ පව්ලේ අය ඔක්කොම පොදු පෙරමුණ. මගේ නෑයෙකුත් JVP එකෙන් මැරුව . එත් දැන් ඉන්නේ ඒ මිනී මරපු JVP මද ? එහෙමනම් අපිට කරුණා,පිල්ලෙයාන් , ඩග්ලස් දේවානන්ද තියා JVP එකේ ලොකු සාමාජිකයෙක් උන විමල් වත් විසිකරලා දාන්න වෙනවා .
    අමතක කරන්න එපා නෙල්සන් මැන්ඩෙලා කියන්නෙත් කැරැල්ලක් කරපු හිරේ ගිය ත්‍රස්තවාදියෙක් කියලා .අපිට වැදගත් අතීතේ නෙවෙයි දැන් ඔවුන්ගේ මතය. මහින්ද මහත්තයා ජනපති කරන්න JVP බැහැල වැඩ කරන කාලේ ඔය අද 88/89ගැන කියන්න කව්රුවත් හිටියේ නැහැ. හැමෝම තම තමන්ගේ වාසියට වැඩ.

    JVP සර්ව සාධාරණ. දුෂණය ඇත්තෙම නැද්ද? අපෝ එහෙම හිතන්න පුළුවන් JVP එකේ රහත් අය ඉන්නවනම්. අපි බලන්න ඕනේ සාපේක්ෂව. අපේ රට අවරුදු 70ක් මේ ප්‍රධාන පක්ෂ දෙක හුරගෙන කෑවා . මිලියන ගානක් රට ණය කරා. ඒ ගත්ත ණයෙන් වැඩක් කරන්න ඕනේ නම් 40% යන්න ඇති. අනික් ඔක්කොම සල්ලි 60% ම එක එකාගේ බැංකු ගිණුම් වල.

    සාපේක්ෂව බලන කොට JVP ඉතාම හොදයි ඔය ඉන්න හොරු මිනිමරුවොන්ට වඩා . ඔව් උන්ගේ එකෙක් බිලා එළවල අහුවෙන්න ඇති.බිස්නස් ක්ලාස් සීට් එකක වැඩිවෙන්න ඇති. උනුත් මිනිස්සුනේ. එත් උන් ඔය ප්‍රධාන පක්ෂ කරලා තියෙන විනාසයෙන් .00001% කරලා තියෙනවද.
    පොඩ්ඩක් කල්පනාකරලා බලන්න :) . එහෙනම් ඇයි මේ 3% සුළු පක්ෂෙට ඉරාජ් ල මහන්සිවෙලා සල්ලි විසිකරලා මඩ සින්දු ගහන්නේ ? සමාජ මාධ්යේ මඩ ගහන්නේ ? මතකද අර නිස්සංක සේනාධිපති කියන කූට මිනිහ කිව්වා JVP නැති කරන්න මිලියන 500ක් වියදම් කරනවා කියලා ? ඇයි කියලා නිකමට හිතුවද ? රටේ මිනිස්සු ඉසිපිරිතාල වලට CT ස්කෑන් , හොස්පිටල් බෙඩ්ස් ගන්න සල්ලි එකතු කරනකොට. ඔය කියන නිස්සන්කලා සල්ලි තබදොයිතුවක් දුන්නද ? ඒ කියන්නේ මාර තරහක් නේ ඇත්තේ ජෙප්පෝ එක්ක.

    ඔව්. තරහයි . ජෙප්පෝ පාර්ලිමේන්තුවේත් පිටත්. අපිට කවදාවත් එලි නොවෙන විදිහට හංගල කරන හොරකම් එලි කරන නිසා. එක නිසා. මේ දෙපැත්තේ හොරුන්ට මේ 3% ත් මහා වදයක්.

    1) අනුර කුමාර බැඳලා ඉන්නේ පුංචි අම්මලු. ඇත්ත උනත් අපිට මොකෝ. පුංචි අම්මා නඩත්තු කරන්නේ අපේ සල්ලි වලින්ද ?
    2) අනුරට අයර්ලන්තේ ගෙයක් තියෙනවලු. ඉතින් ඒක හැංගි හැංගි කියන්නේ නැතුව ඔප්පු කරන්නකෝ. රජයේ නියෝජිතයෝ අයර්ලන්තේ ඉන්නේ. ලේසියෙන් බලන්න පුළුවන්. එකත් මඩක් කියල ඔප්පු උනා .

    අනෙක ජෙප්පෝ ආණ්ඩු කරලා නැහැ. උන් සල්ලි හොරකන් කරන්න විදියක් නැහැ. මොනයම් විදිහකට හොර මැරකම් කරලා තියෙනවනම් බලයේ ඉන්න රජයට බැරිද එකට හොයල දඬුවම් කරන්න ? ඒක රජයේ වගකීම
    දඬුවම් කරන්නේ නැහැ කියන්නේ එක්කෝ ජෙප්පෝ clean නැත්නම් මේ ඉන්න ආණ්ඩුව අදක්ෂයි . රටට බෝම්බ ගහන තොරතුරක් තියා ජෙප්පොන්ගේ මුල්‍ය වංචාවක් වත් හොයා ගන්න බැරි අදක්ෂ සෙට් එකක්. ඉතින් මෙහෙම උන් කොහොමද රටක් කරන්නේ.

    මම හිතන්නේ ජෙප්පෝ ට රට පාලනය බාර නොදුන්නත් දැනට , පාර්ලිමේන්තුවේ නම් 30-40ක් වත් යවන්න ඕනේ අපේ සල්ලි හොරා කන එක නවත්වන්න.

    අපේ දරුවන්ගේ අනාගතය ගැන හිතලා රට ගැන හිතලා අපිට ගන්න පුළුවන් හොඳම තීරණය එකයි. පාට කන්නඩි වලින් බලන්නේ නැතුව අපි ඔක්කොම එක වගේ හොර කමට මැරකමට එරෙහි නොවන තාක් මෙරට දුප්පත් නය ගන්න ආසියාවේ අපායක් .



    මම මගේ පොස්ට් ෂෙයාර් කරන්න ඉල්ලන්නේ නැහැ .එත් මේක රට ගැන හිතලා ෂෙයාර් කරන්න
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    16,939
    5,224
    113
    අදාල නෑනේ
    196758305_1208333856262357_7687708480470883109_n.jpg
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    208
    251
    63
    Sri Lanka
    JVP sudda karanna epa ban. Anith parties wagema thama JVP ekath. Rata watila tiyena thanata main parties 2 wagema JVP ekath waga kiyanna ooni. Godak lagama ewun dannawa kochchara jarawak da kiyala JVP kiyanne.

    Machan ochchara rata hadanna uwamanawa tiyenawa nam ayi bari main parties 2n ekakata ekathu wela ministries wala hodata wada pennanna. Ethakota vote base ekath wadi wenawa. Eelaga paara thaniyama illanna hoda place ekak hadagannath puluwan.

    Eeth ehema karanne naane ban. :D Untath onni higannage thuwale wikunagena inna witharai.
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    2,960
    1,906
    113
    රට හදන්න ඇත්තටම ඕනේ නම් කොන්දේසි තියෙන්න බැහැ

    අර jvp එක ඉතා හොදින් පාලනය කල තිස්සමහාරාමයේ ප්‍රාදේශීය සභාව නැවත ගන්න බැරි වෙන්න හේතුව මොකද්ද ? ඔවුන්ගේ පාලනෙන් පසුව දැන් 2පාරකට වඩා වෙනත් පක්ෂ වලින් ඒ සභාව පාලනය කළා නේ ඉතිං ඒ පැත්තේ මිනිස්සුන්ට වෙනසක් තේරෙන්න එපැයි jvp එක හොදද නැද්ද කියලා
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    6,842
    13,981
    113
    ජ.වි.පෙ. නියෝජනය පාර්ලිමේන්තුවේ අනිවාර්යෙන් වැඩි විය යුතුයි, ඒක ඇත්ත. මමනං කැමතියි යූ.එන්.පී එක වෙනුවට ජ.වි .පෙ. රටේ ප්‍රධාන විපක්ෂය වෙනවනං. නමුත්.…….

    ලංකාවේ දේශපාලනයෙන් ජ.වි.පෙ. ප්‍රතික්ෂේප වෙන්න හේතුව ජ.වි.පෙ.ම මිසක් චන්දෙ දුන්නෙ නෑ කියල බනින මිනිස්සුවත් නිශ්ශංක සේනාධිපතිවත් නෙවෙයි කියලා මම හිතන්නේ.

    ගැටලු කීපයක් තියනවා. මැතිවරණයකදී ඔය පක්ෂෙන් ඉදිරිපත් කරන කී දෙනාද මිනිස්සු දන්න අය ඉන්නේ?
    අඩු ගානේ අන්තර්ජාලය පාවිච්චි කරලවත් තමන්ගේ ප්‍රතිරූපය වැදගත් විදිහට ඉහල නංවන්න ජ.වි.පෙ. උත්සහ දරලා තියනවද?
    (මිනිස්සු බහුතරයක් ජෙප්පෝ කියලා දකින්නේ රැග් කරන, වැඩ වර්ජන කරන, විවේචනය කර කර ඉන්න පිරිසක් - කිසිම වාසියක් නැතුව දේශපාලන මතයක් වෙනුවෙන් වැඩ කරන ඉතා සුලු පිරිසකුත් ඉන්නවා කියල ගොඩක් අය දන්නේ නැහැ)

    අනික ප්‍රතිපත්ති විතරක් නෙවෙයි මොළේ පාවිච්චි කරන්නත් ඕන. සහජීවනය කියලා ඊබ්‍රහිම් නානා දාගෙන වුණු වැඩේ දැක්කනේ? ඒ සන්ධානගත වෙච්ච මුස්ලිම් පක්ෂ ව්‍යවස්ථාවේ අන්තවාදී කරුණු තිබුණ බව ජ.වි.පෙ. දන්නේ නැද්ද?

    කොහොමවුනත්,හඳුන්නෙත්ති, සමන්ත විද්‍යාරත්න වගේ පිරිසක් පාර්ලිමේන්තුවේ නැති එක අපරාදේ.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    5,375
    2,365
    113
    Kandy
    ජෙප්පොයි ටොය්යියොයි එකතු වෙලා ඒ කාලෙ පොලිටික්ස් කරන්න හිටපු හොඳ එවුන් ටික මරාගත්තා. ඒ කරල ඉතුරු වෙච්ච උන් ටික මොකක්හරි කරල මේක කරගෙන යද්දි ඒකට මැරෙන්න හදනවා.
    උන්ගෙත් හරි හමන් උන් ටික මැරිල අනිත් උන් පාර මාරු කරන් ගියපු නිසා තමා ලපය වගේ ආතක් පාතක් නැති උන් සමාජවාදෙට ඇවිත් ඔකොම පටලෝගෙන නන්නත්තාර වෙලා ඉන්නෙ. ඉතිං උන් ඉරිසියයි , කුහකයි.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    6,567
    4,610
    113
    日本
    කවුද උන්ට ගහන්නේ උන් තමා අැටෙන්ෂන් ගන්න වටේටම බුරන්නේ.ඒවට රිප්ලයි කරහම අපිට ගහනවෝ කියල අඬනවා..😆
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    1,957
    550
    113
    JVP එකේ පාර්ලිමේන්තු නියෝජනය වැඩිවිය යුතුයි. හදුන්නෙත්තිලා කෝප් කමිටුවේ ඉදන් කොච්චර හොරකම් එලි කලාද? මිනිහව මාතර උන් පාර්ලිමේන්තු ඇරිය නැති එක අපි ඹක්කොටම පාඩුයි.

    ඒත් අපිත් චන්දෙ දාන්ඩ ගියාම මුන්ට දාන්නේ නෑනෙ. එන පාරවත් බලමු
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    6,567
    4,610
    113
    日本
    ජ.වි.පෙ. නියෝජනය පාර්ලිමේන්තුවේ අනිවාර්යෙන් වැඩි විය යුතුයි, ඒක ඇත්ත. මමනං කැමතියි යූ.එන්.පී එක වෙනුවට ජ.වි .පෙ. රටේ ප්‍රධාන විපක්ෂය වෙනවනං. නමුත්.…….

    ලංකාවේ දේශපාලනයෙන් ජ.වි.පෙ. ප්‍රතික්ෂේප වෙන්න හේතුව ජ.වි.පෙ.ම මිසක් චන්දෙ දුන්නෙ නෑ කියල බනින මිනිස්සුවත් නිශ්ශංක සේනාධිපතිවත් නෙවෙයි කියලා මම හිතන්නේ.

    ගැටලු කීපයක් තියනවා. මැතිවරණයකදී ඔය පක්ෂෙන් ඉදිරිපත් කරන කී දෙනාද මිනිස්සු දන්න අය ඉන්නේ?
    අඩු ගානේ අන්තර්ජාලය පාවිච්චි කරලවත් තමන්ගේ ප්‍රතිරූපය වැදගත් විදිහට ඉහල නංවන්න ජ.වි.පෙ. උත්සහ දරලා තියනවද?
    (මිනිස්සු බහුතරයක් ජෙප්පෝ කියලා දකින්නේ රැග් කරන, වැඩ වර්ජන කරන, විවේචනය කර කර ඉන්න පිරිසක් - කිසිම වාසියක් නැතුව දේශපාලන මතයක් වෙනුවෙන් වැඩ කරන ඉතා සුලු පිරිසකුත් ඉන්නවා කියල ගොඩක් අය දන්නේ නැහැ)

    අනික ප්‍රතිපත්ති විතරක් නෙවෙයි මොළේ පාවිච්චි කරන්නත් ඕන. සහජීවනය කියලා ඊබ්‍රහිම් නානා දාගෙන වුණු වැඩේ දැක්කනේ? ඒ සන්ධානගත වෙච්ච මුස්ලිම් පක්ෂ ව්‍යවස්ථාවේ අන්තවාදී කරුණු තිබුණ බව ජ.වි.පෙ. දන්නේ නැද්ද?

    කොහොමවුනත්,හඳුන්නෙත්ති, සමන්ත විද්‍යාරත්න වගේ පිරිසක් පාර්ලිමේන්තුවේ නැති එක අපරාදේ.
    JVP කාරයෝ ජහපාලුවෝ ඵක්ක ඵකතු වෙලා කරපු හරිය දැක්කනේ..ඉස්සර ජෙප්පො නෙමෙයි දැන් ඉන්නේ..සෝ‍මවංශ ඵක්කම JVP ඵකත් මළා..මේ නාසි බිල්ලා සත පහකට ෂුවර් කරන්න පුළුවන් බඩුවක්‍ නෙමෙයි..

    gettyimages-474759091-612x612.jpg
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    1,957
    550
    113
    කවුද උන්ට ගහන්නේ උන් තමා අැටෙන්ෂන් ගන්න වටේටම බුරන්නේ.ඒවට රිප්ලයි කරහම අපිට ගහනවෝ කියල අඬනවා..😆
    සේනාධිපතිලා බජට් වෙන්කරලා, ඉරාජ්ලා සල්ලි වියදම් කරලා මියුසික් වීඩියෝ හදන්නේ මොකටද බං එහෙනම්? 😄
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    6,567
    4,610
    113
    日本
    සේනාධිපතිලා බජට් වෙන්කරලා, ඉරාජ්ලා සල්ලි වියදම් කරලා මියුසික් වීඩියෝ හදන්නේ මොකටද බං එහෙනම්? 😄

    ඉතිං ඉරාජ් ගෙ ඒ සිංදුවෙ තියෙන්නෙ 100%ක් අැත්තනේ..බොරු දාල මඩ ගහපු සිංදුවක් නෙමෙයිනේ ඒක.බොරු දැම්ම නම් ජෙප්පොන්ට නඩු දාන්න පුළුවන්..අනික උඹ කියන්නෙ ජෙප්පො වැරදි කර කර අනිත් උන්ට මඩ ගහනකොට උන් නිකන් ඉන්න ඕන කියලද?උඹ ඵහෙම ඉඳියිද?

     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    1,957
    550
    113
    ජ.වි.පෙ. නියෝජනය පාර්ලිමේන්තුවේ අනිවාර්යෙන් වැඩි විය යුතුයි, ඒක ඇත්ත. මමනං කැමතියි යූ.එන්.පී එක වෙනුවට ජ.වි .පෙ. රටේ ප්‍රධාන විපක්ෂය වෙනවනං. නමුත්.…….

    ලංකාවේ දේශපාලනයෙන් ජ.වි.පෙ. ප්‍රතික්ෂේප වෙන්න හේතුව ජ.වි.පෙ.ම මිසක් චන්දෙ දුන්නෙ නෑ කියල බනින මිනිස්සුවත් නිශ්ශංක සේනාධිපතිවත් නෙවෙයි කියලා මම හිතන්නේ.

    ගැටලු කීපයක් තියනවා. මැතිවරණයකදී ඔය පක්ෂෙන් ඉදිරිපත් කරන කී දෙනාද මිනිස්සු දන්න අය ඉන්නේ?
    අඩු ගානේ අන්තර්ජාලය පාවිච්චි කරලවත් තමන්ගේ ප්‍රතිරූපය වැදගත් විදිහට ඉහල නංවන්න ජ.වි.පෙ. උත්සහ දරලා තියනවද?
    (මිනිස්සු බහුතරයක් ජෙප්පෝ කියලා දකින්නේ රැග් කරන, වැඩ වර්ජන කරන, විවේචනය කර කර ඉන්න පිරිසක් - කිසිම වාසියක් නැතුව දේශපාලන මතයක් වෙනුවෙන් වැඩ කරන ඉතා සුලු පිරිසකුත් ඉන්නවා කියල ගොඩක් අය දන්නේ නැහැ)

    අනික ප්‍රතිපත්ති විතරක් නෙවෙයි මොළේ පාවිච්චි කරන්නත් ඕන. සහජීවනය කියලා ඊබ්‍රහිම් නානා දාගෙන වුණු වැඩේ දැක්කනේ? ඒ සන්ධානගත වෙච්ච මුස්ලිම් පක්ෂ ව්‍යවස්ථාවේ අන්තවාදී කරුණු තිබුණ බව ජ.වි.පෙ. දන්නේ නැද්ද?

    කොහොමවුනත්,හඳුන්නෙත්ති, සමන්ත විද්‍යාරත්න වගේ පිරිසක් පාර්ලිමේන්තුවේ නැති එක අපරාදේ.
    Agree
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    21,001
    9,227
    113
    රනිල්ගේ JVP එක නෙමෙයි හරි JVP එක පෙන්නපන් චන්දෙ දෙන්න
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    1,957
    550
    113
    ඉතිං ඉරාජ් ගෙ ඒ සිංදුවෙ තියෙන්නෙ 100%ක් අැත්තනේ..බොරු දාල මඩ ගහපු සිංදුවක් නෙමෙයිනේ ඒක.බොරු දැම්ම නම් ජෙප්පොන්ට නඩු දාන්න පුළුවන්..අනික උඹ කියන්නෙ ජෙප්පො වැරදි කර කර අනිත් උන්ට මඩ ගහනකොට උන් නිකන් ඉන්න ඕන කියලද?උඹ ඵහෙම ඉඳියිද?

    හරි බං, මම කියන්නේ ජෙප්පන්ගෙන් මුන්ට පොඩ් හෝ ත්‍රෙට් එකක් තියෙනවා. සේනාධිපතිලා, ඉරාජ්ලා කියන්නේ ලෝක අන්ඩපාලයෝනේ. ඉතින් මුන් ටිකට ජෙප්පන්ට මිලියන ගණන් බජට් හදලා මඩ කැම්පේන් කරනවා කියන්නේ, ජෙප්පන්ගෙන් රිදෙන්ඩ වැදිලා තියෙනවා. ඕනම අන්ඩපාලයෙක්ට රිදුනා කියන්නේ සතුටු ව්ය යුතු දෙයක්
     
    • Like
    Reactions: Gajaman007

    wca

    Well-known member
  • Nov 14, 2017
    372
    615
    93
    ඕකට හේතුව jvp එකේ මතවාදය වත් මිනී මරපු එකක් වත් ,රටේ දේපොළ විනාස කරපු එකක් වත් නෙවෙයි .මේ රටේ මිනිස්සුන්ගේ හරි උන්ගේ කරුමෙකටද දන්නේ නෑ මේ රටේ UNP (ස .බ .ජ ) උන්ටයි පොහොට්ටුවේ (අත ,පුටුව ,බුලත්කොලේ ) ඇරෙන්න රටේ මිනිස්සු චන්දෙ දෙන්නේ නෑ .JVP ට හැමදාම චන්දෙ දුන්නු මිනිස්සුත් මුන් හැමදාම පැරදෙනවා කියල දෙන චන්දත් හැමපාරම අඩුවෙනවා.JVP එකේ වරදක් තියෙනවනම් චන්ද්‍රිකාත් එක්ක ඉල්ලලා බරගානක් පාර්ලිමේන්තුවට යන්න විදියක් නැනේ .හැබැයි මේ සම්ප්‍රදායක විදියට උන්ට ගමනක් නෑ

    JVP එකට විසදුමක් තියෙනවා
    පුත්නොගේ තියරිය (UNP උන් හැමදාම එකට වැඩක් කලේ නැනේ කලේ සජිත් ඕනේ සජිත් ඕනේ සජිත් නැතිව දිනන්න බෑ කියල පක්ෂේ ඇතුලේ මතයක් හදපු එකනේ )
    උන්ට තියෙන්නේ රටේ ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකට හේත්තු වෙලා චන්දෙ ඉල්ලල එකේ උන්ගේ මතවාදය එක ඇතුලේ අරන්යන එක මිනිස්සුන්ගේ ඔලුව හැදෙනවා මුන් හොද උන් ටිකක් කියල (හැබැයි දෙගොල්ලෝ එකතුවෙලා හොරකම් කලොත් උන් නැත්තටම නැතිවෙනවා ).එතකොට උන්ගේ උන් උඩට එනවා .ඊටපස්සේ වෙනම ඉල්ලලා හොද බලවේගයක් හදාගන්න එක .ඒක අවරුදු 5.10 කින් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි .අවරුදු 50-25 විතර හොද plan එකකින් කරන්න ඕනේ
     
    • Like
    Reactions: skymicro

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    504
    755
    93
    32308806_1748749051877441_9062261122022768640_n.jpg



    හොරු චන්දේ දෙන්නේ හොරුන්ට විතරයි..ඒකයි ජෙබ්බෝ පැරදෙන්නේ..

    උදා - ඔයාගේ ලමයා රාජකීය/විශාඛා එකට සල්ලි දීලා දාගන්න චාන්ස් එකක් හම්බුනොත් නොදා ඉන්නවද ? නෑනේ