JVP වෙත අදහසක් ...

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පහුගිය මැතිවරණ දෙක ගත්තාම ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මහජන නියෝජිතයින්ගෙන් රටට් වටිනා බුද්ධිමත් අදහස් හුඟක් මිනිස්සු අතරට ගියා කියල මම හිතනවා.. එත් JVP එකේ වර්තමානය වෙනකොට ඉදිරියෙන් ඉන්න අනුර කුමාර, ටිල්වින් සීල, ලාල් කාන්ත, බිමල් රත්නායක, සුනිල් හඳුන්නෙත්ති ,විජිත හේරත්,සමන්ත විද්‍යාරත්න වගේ මහත්වරු ඇරුනාම මිනිස්සු අතරට යා හැකි හඬක් JVP එක ඇතුලෙන් ඇහුනේ නැහැ කිව්වොත් බොහෝ දුරට හරි ඇති.. කෙටියෙන් කිව්වොත් JVP නායකයා විදිහට හිරපු සෝමවංස අමරසිංහ කියන පුද්ගලයාගේ හඬ උනත් මිනිස්සු අතරට ගියේ නැහැ.. මොකද සොම්වන්සගේ ඇතුලෙන් මිනිස්සු අතරට ය්යවන්න පුළුවන් බුද්ධිමත් තාර්කික අදහස් එලියට ආවේ නැහැ.. මෙච්චර කාලයක් JVP එක පක්ෂයක් විදිහට ඉදිරියට අරන් ගියේ මම කලින් කියපු පුද්ගලයින් කිහිපදෙනා විතරයි කියලයි මම පුද්ගලිකව විශ්වාස කරන්නේ..

    එම පුද්ගලයින්ගේ තර්කානුකුල මතවාද කොයිතරම් ද කියනවනම් උග්‍ර ශ්‍රීලංකා කාරයෙක් වෙච්චි මමත් ලංකාවෙන් පිට ඉඳගෙනත් JVP එකට චන්දයක් හදන්න උත්සහයක් ගත්ත. එත් මහමැතිවරණ ප්‍රතිපලයෙන් පසුව වැටහුණු එකම දේ නම් මිනිස්සු JVP එක කියන දේවල් තර්කානුකුලව පිගත්තත්, JVP එක මහජන මුදල් හොරකම් කරන්නේ නැහැ කියන දේ පිළිගත්තත් JVP එකට චන්දයක් දෙන්න මිනිස්සු ඉදිරිපත් උනේ නැහැ.. JVP එකත් එක්ක දුෂණය පිටුදකින්න මිනිස්සුන්ගේ තිබ්බ උද්යෝගය චන්දය ප්‍රකාශ කරන වෙලාවේදී තිබිල නැහැ කියල අකමැත්තෙන් උනත් විශ්වාස කරන්න සිද්ද උනා.

    JVP එකට චන්දෙ දෙවි කියන විශ්වාසයෙන් හිටපු චන්දෙ දාල ඇවිත් කිව්වේ අවසන් මොහොතේ UNP එකට චන්දෙ දුන්න කියලයි.. එකෙන් වැටහෙන්නේ මිනිස්සු JVP එක පාවිච්චි කරන්නේ සත්‍ය තොරතුරු දැනගන්න පමණක්ද කියන දේ ටිකක් විමසලා බලන්න වෙනවා..

    JVP එක පහුගිය චන්ද ව්‍යාපාරය ඇතුලේ කියා හිටියේ පක්ෂ, පාට බලන්නේ නැතුව රට නිවැරදි දිශාවට පදවන්න දායක වෙන්න කියලයි.. මෙතැනදී මම JVP එක කොතැනවත් වරදක් කරා කියල අදහස් කරන්නේ නැහැ (88/89 වැරදුන තැන ඇරෙන්න )...අපේ රටේ චන්ද දායකයින් ගාල්ලෙන් ගීතා සහ මුතුහෙට්ටිගම වගේ උදවිය පාර්ලිමේන්තු යවද්දී මාතරින් සුනිල් හඳුන්නෙත්ති පාර්ලිමේන්තු යැව්වේ නැහැ.. ඒ වගේම දුෂණ වංචා චෝදනා තියන උදවිය පාර්ලිමේන්තු යවද්දී බිමල් රත්නායක සහ ලාල් කාන්ත පාර්ලිමේන්තු යවන්න අපේ රටේ මිනිස්සු ඉදිරිපත් උනේ නැහැ.. ඒ වගේ සිද්දීන් එක්ක අපිට වක්‍රාකාරයෙන් තේරම් යන්නේ මිනිස්සුන්ට, වඩා වැදගත් වෙන්නේ උගත්කම බුද්ධියට නෙවෙයි අපේක්ෂකයා නියෝජනය කරන පක්ෂය කියන එක නෙවෙයිද??? ලාල් කාන්තා, බිමල් රත්නායක, සුනිල් හඳුන්නෙත්ති වගේ ජනප්‍රිය බුද්ධිමත් පුද්ගලයින් ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකින් ඉදිරිපත් උනානම් එකෙන්ම පාර්ලිමේන්තු යනවා කියල මම හිතනවා..පිස්සු මරගාතයක් වෙන පබා 22000 ක් මනාප ගනිද්දී බිමල් රත්නායක මනාප ගන්නේ පබාට වඩා දෙගුණයකටත් වඩා මදක් අඩුවෙන්.. ඒ කියන්නේ මිනිස්සුන්ට වැදගත් පක්ෂය කියන එකයි.. ජනප්‍රිය පක්ෂෙන් පොල්පිත්තක් චන්දෙ ඉල්ලුවත් මිනිස්සු චන්ද දෙන්න ලැහැස්තියි කියන එකයි..

    මගේ තර්කය සහ අදහස මේකයි.. JVP එකේ මේ ඉහත නම් කියවුන පුද්ගලයින් (සෝමවංශ ඇරුනාම ) ළඟ තියන දේශපාලන දැනුම රටේ පාලනයට එකතු උනොත් රටට යහපතක් වෙයි කියල මම හිතනවා.. එත් විකල්ප බලවේගයක් විදිහට JVP එක මිනිස්සුන්ට කියන්නේ පක්ෂ පාට බලන්නේ නැතුව විකල්ප බලවෙගෙට චන්දෙ දෙන්න කියල.. එත් මේ පැවති මැතිවරණයෙ දිහා මැදිහත්ව බැලුවාම තේරුම්ගන්න පුළුවන් සත්‍යය තමයි ප්‍රධාන පක්ෂ දෙක කොයිතරම් හොරා කෑවත් ජනතාව එම පක්ෂ දෙකටම තමයි චන්දය දෙන්න වැඩි කැමැත්තක් දක්වන්නේ කියල.. තව දුරටත් පැහැදිලි කරොත් මිනිස්සු පක්ෂ පාට වෙනස් කරන්න කැමති නැහැ කියන එකයි..

    මම මේ විස්තර ලියල යෝජනා කරන්න යන්නේ වෙනත් අදහසක්..JVP එක සත්‍ය වශයෙන්ම මිනිස්සුන්ට ආදරෙයිනම්, රටට ආදරෙයිනම් , පක්ෂ පාට බේදයක් නැතුව JVP එකට චන්දෙ දෙන්න කියන JVP එකට බැරිවෙයිද පක්ෂ පාට බේදයක් නැතුව එයාලගේ පක්ෂෙම දිනවන්න උත්සහ කරන්නේ නැතුව මොකක් හෝ ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකට එකතු වෙලා බුද්ධිමත් දේශපාලන දැනුම රටේ ජනතාවට වැඩක් වෙන විදිහකට යෙදෙව්වනම් යහපත් වෙයි නේද.. මිනිස්සු චන්දයක් දෙන්න අකමැති වෙන පක්ෂයක් බදාගෙන තව අවුරුදු පනහක් සීයක් බලන් ඉන්නවට වඩා හොඳ නැද්ද වර්තමානයේ ගලාගෙන යන දේශපාලන ප්‍රවාහයටම එකතු වෙලා අවංකව රටට වැඩක් කරානම්.. දැනට ඉන්න JVP සාමාජිකයින් රටේ ධනය හොරකම් නොකරාවි කියන විශ්වාසය තියෙන නිසා පක්ෂය දිනනකම් බලන් ඉන්න එක සාධාරණ නැහැ නේද...

    මේක අදහසක් විතරයි..මමත් වාසියට සල්ලි වලට පක්ෂ මාරු ක්‍රමය පිළිකුල් කරන කෙනෙක් උනත් රටේ යහපත වෙනුවෙන් සද්භාවයෙන් රට ගැන හිතුවොත් මගේ තර්කය සාධාරණ නැද්ද කියල රිප්ලයි එකක් දානවද පුළුවන් උදවිය...
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,633
    113
    මිනිස්සු JVP නම අැහෙනකොට බය වෙන ගතිය තාම තියෙනවා.
     
    • Like
    Reactions: netlife008

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Ekai mama kiyanne----JVP eka sakriyava Minissunta help karanavanam digatama [sunami velavedi help kala vage]. Digatama ehema help karanavanam , Minisun chandaya meeta vada devi.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    South vala inna kenek vasayen Mama vatina vadagath deyak kiyami. Sunami apu velavedi south vala Minissunta muladi avadanam avasthavedi , Mala mini narak vela Kunu gadha gasaddhi ***** HELP EKATA AVE JVP EKA PAMANAI*****
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    JVP EKE BIG TEAM EKAK AVILLA THAMA, MALA MINI AYIN KALEY, ROAD VALATA VATILA THIBUNA TREES AYIN KALEY, MINISSUNTA HELP KALEY, THVAKALIKAVA HARI SUNU VISUNU VEE GIYA GALLE BUS STAND EKA HADALA DUNNE.[PASUVA HADU DAN THIYENA BUS STAND EKA NEVE]. JVP EKA HADAPU BUS STAND EKA ONE YEAR PAMANA MINISUN USE KALA. MULIN SITIYE HELP EKATA JVP EKA PAMANAI MINISUNE.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    South vala inna kenek vasayen Mama vatina vadagath deyak kiyami. Sunami apu velavedi south vala Minissunta muladi avadanam avasthavedi , Mala mini narak vela Kunu gadha gasaddhi ***** HELP EKATA AVE JVP EKA PAMANAI*****

    මමත් එව්වා ඇස්දෙකෙන් දැක්ක බන්.. රේල්පාර හැදුවෙත් උන් තමයි.. ගාල්ලේ බස් ස්ටෑන්ඩ් එක හැදුවෙත් උන් තමයි.. ඒකයි මම කියන්නේ පක්ෂේ දිනවන්නම උත්සහ කරන්නේ නැතුව ජාතික දේශපාලනයට පක්ෂ පාට නැතුව එකතු උනානම් රටට හොඳ නේද...
     
    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    JVP සහෝදරුණේ UNP එකට එකතුවෙලා ඇමතිකම් 2 ක් වත් ගන්න. වැඩ කරලා රටට පෙන්වන්න. පක්ෂය බදාගෙන හිටියොත් ඔය මොළ ටිකෙන් රටට වැඩකුත් නැහැ පාක්ෂිකයාට වැඩකුත් නැහැ. කොච්චර චන්ද කලත් ඔච්චරම තමයි.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    සෝමවංස අමරසිංග කිව්වෙත් ඕක තමයි. :lol::lol:

    සෝමවංස කියන දේවල් මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ බන්.. මිනිස්සුන්ට තේරෙන භාෂාව සෝමවංශ දන්නේ නැහැ..
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    එහෙම වෙනවනම් රටට හොදයි කියලා මටත් හිතෙනවා. ඒත් එතකොට උන්ගේ පක්ශෙ මැරෙනවා . සංදානගත වෙච්ච හැම වෙලාවකම ඒකෙන් එළියට එනකොට කට්ටියක් සැප හොයාගෙන ප්‍රධාන පක්ශ වලට එකතු වෙනවා. මොකද ජේවීපී එකේ අත්ථකිලමතානු ප්‍රතිපත්ති වලම ඉදලා ඉදලා ප්‍රධාන පක්ශ වල සල්ලි වරප්‍රාදත් එක්ක උන්ට පේන්නෙ ඒවා දිව්‍යලෝක වගේ. විමල් ලට උනේ ඕක. මේ ඡන්දෙදි නම් ඕක කොහොමවත් වෙන්නෙ නැති වෙයි මොකද ජේවීපීය මිනිස්සුන්ගෙන් ඡන්ද ඉල්ලුවෙ ජාතික ආණ්ඩුවකට යන්නෙ නෑ කියලමයි
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    කීයටවත් සන්ධාන ගතවෙන්න එපා. සන්ධාන ගහපු හැම පක්ෂයක්ම විනාසයි.තියෙන විදිය හොඳයි
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    එහෙම වෙනවනම් රටට හොදයි කියලා මටත් හිතෙනවා. ඒත් එතකොට උන්ගේ පක්ශෙ මැරෙනවා . සංදානගත වෙච්ච හැම වෙලාවකම ඒකෙන් එළියට එනකොට කට්ටියක් සැප හොයාගෙන ප්‍රධාන පක්ශ වලට එකතු වෙනවා. මොකද ජේවීපී එකේ අත්ථකිලමතානු ප්‍රතිපත්ති වලම ඉදලා ඉදලා ප්‍රධාන පක්ශ වල සල්ලි වරප්‍රාදත් එක්ක උන්ට පේන්නෙ ඒවා දිව්‍යලෝක වගේ. විමල් ලට උනේ ඕක. මේ ඡන්දෙදි නම් ඕක කොහොමවත් වෙන්නෙ නැති වෙයි මොකද ජේවීපීය මිනිස්සුන්ගෙන් ඡන්ද ඉල්ලුවෙ ජාතික ආණ්ඩුවකට යන්නෙ නෑ කියලමයි

    මිනිස්සුන්ට කිව්වට මිනිස්සු චන්දෙ දුන්නේ නැහැනේ බන්..මමත් මේ පාර උපරිම සහයෝගයක් දුන්න JVP එකට. එත් ප්‍රතිපලයක් නැති උනා.. මම හිතන්නේ නැහැ JVP එකට තව අවුරුදු සීයකටවත් ආණ්ඩුවක් පිහිටුවයි කියල... ඒකට හේතුව JVP කියන නම.. ඒකට හොඳම උදාහරණය තමයි විමල් වීරවංස.. වංචා දුෂණ කොයිතරම් තිබුනත් මිනිස්සු මනාප ලක්ස ගානක් විමල්ට දෙද්දී ඇත්ත කතාකරන, අසාධාරණයට විරුද්ද , වංචා දුෂණ නැති අනුර කුමාරට මනාප දුන්නේ ලක්සේකටත් අඩු ප්‍රමාණයක්... මේ තත්වයන් ගැන හිතල JVP එක තීරණයක් ගත යුතුයි.. රටට වැඩ කරනවද නැත්තම් පක්ෂේ දිනනකම් බලන් ඉඳල දුශිතයින්ට ආණ්ඩු අරන් දීල චන්දෙ පරාද වෙලා ගෙදර යනවද කියල..
     
    :yes::yes:ඒක තමයි කරන්න තියෙන්නෙ.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    JVP සහෝදරුණේ UNP එකට එකතුවෙලා ඇමතිකම් 2 ක් වත් ගන්න. වැඩ කරලා රටට පෙන්වන්න. පක්ෂය බදාගෙන හිටියොත් ඔය මොළ ටිකෙන් රටට වැඩකුත් නැහැ පාක්ෂිකයාට වැඩකුත් නැහැ. කොච්චර චන්ද කලත් ඔච්චරම තමයි.

    එහෙම අරන් කරන්න බැහැ බන්. මම පෞද්ගලිකවම දන්නව අනුර කුමාර කෘශිකර්ම ඇමති ඉන්න කාලෙ මාතර වැව් හදන්න ඔක්කොම පටන් ගන්න හදනකොට සල්ලි පාස් කලේ නැහැ ඒවට. සෑහෙන්න කකුලෙන් ඇද්දා වැඩ කරගෙන යද්දි. උඹලා ඕවා දන්නෙ නැතුව නිකන් කියනව වැඩ නෑ කට විතරයි කියල. අනුන්ගෙ ආණ්ඩුවක ඉඳන් එහෙම වැඩ කරන්න බැහැ. :no::no:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේ පාර ජෙප්පො කරන්න යන්නෙ මොකක්ද කියල මිනිස්සුන්ට තේරැම් ගන්න බැරිවුනා. මගේ යාලුවෝ 4-5 ක් ඉන්නවා දේශපාලනය කතා නොකරන. උන් ඔක්කොම ජෙවිපී එකට මනාපෙ දෙන්නෙ. ඒත් මේ පාර උන් චන්දෙ දුන්නෙ නැ. අනුර කුමාර හිතුවෙ දෙපැත්තෙ වැනෙන චන්ද පොරට එයි කියල. ඒක හිතේ තියන් කතා කලේ, වැඩ කලේු. ඒත් යුන්පී චන්ද 100% ක්ම වැටුනා. උන් කවදාවත් ජෙප්පොන්ට දෙන්නෙ නැ.. මහින්ද ගේ චන්ද ගොඩක් නොදා හිටිය. බහුතරයක් මේ චන්ද තමයි අපෙ ගම්වල ජෙප්පොන්ට වැටෙන්නෙ.. අනුරල මහින්ද විතරක් පට්ට ගහන හින්ද ඒව ජෙප්පොන්ට ගියෙ නැ.. අන්තිමට හැමදාම ජේවිපී එක තෝරගත්ත පිරිසකුත් කලකිරිල උන්ව අතැරල ගියා..
     
    • Like
    Reactions: Sai_baba

    sdlsajeewa

    Active member
  • Feb 14, 2011
    241
    82
    28
    මම හිතන විදිහට ජේවීපිය අනිත් පක්ෂත් එක්ක එකතු වෙලා වැඩ කරන්න ගියොත් වෙන්නෙ ජේවීපියම අර කුණුත් එක්ක දිරන එකයි. පක්ෂයම දියවෙන එකයි වෙන්නෙ. ඊට වඩා සාර්ථක වැඩ පිළිවෙලක් ඒ අයට සකස් කරගන්න වෙනව මිනිස්සුන්ගෙ ඔළුගෙඩිවල තියෙන කුණු අයින් කරල වඩා හොඳ දේශපාලන මතවාදයක් ඇති කරන්න. (ලාල් කාන්ත මන්ත්‍රීකමෙන් අයින් වෙනව කියපුවම අනිත් අය කියපු කතා ගැන හිතුවොත්, මන්ත්‍රී පට්ටම තමයි දේශපාලනයේ එකම දේ කියල හිතන පිරිසක් ඉන්න රටක් මේක)

    ඒක ලේසි වැඩක්නම්‍ නෙවෙයි කියල මට හිතෙනව මේපාර චන්ද ප්‍රතිඵල දැක්කම. මොකද මේපාරත් මිනිස්සු කළේ අර පරණ හොර මගඩි කපටින්ටම චන්දෙ දුන්න එකයි. (හොඳ මහත්වරු නැතුවම නෙවෙයි ඕං) මොන දේටත් වඩා පක්ෂය වැදගත් මිනිස්සු තමයි තාමත් ඉන්නෙ. (ප්‍රගතිශීලී අදහස් තියෙන අය නෑ කියන එක නෙවෙයි) කොහොම උනත් මීට වඩා කාර්යක්ෂම වැඩ පිලිවෙලක් හදාගන්න ඕන කියලයි මට හිතෙන්නෙ මිනිස්සු අතරට යන්න. නැතුව අනිත් පක්ෂ එක්ක එකතු වුණොත් ජේවීපියටත් බඩුම තමයි.
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මිනිස්සුන්ට කිව්වට මිනිස්සු චන්දෙ දුන්නේ නැහැනේ බන්..මමත් මේ පාර උපරිම සහයෝගයක් දුන්න JVP එකට. එත් ප්‍රතිපලයක් නැති උනා.. මම හිතන්නේ නැහැ JVP එකට තව අවුරුදු සීයකටවත් ආණ්ඩුවක් පිහිටුවයි කියල... ඒකට හේතුව JVP කියන නම.. ඒකට හොඳම උදාහරණය තමයි විමල් වීරවංස.. වංචා දුෂණ කොයිතරම් තිබුනත් මිනිස්සු මනාප ලක්ස ගානක් විමල්ට දෙද්දී ඇත්ත කතාකරන, අසාධාරණයට විරුද්ද , වංචා දුෂණ නැති අනුර කුමාරට මනාප දුන්නේ ලක්සේකටත් අඩු ප්‍රමාණයක්... මේ තත්වයන් ගැන හිතල JVP එක තීරණයක් ගත යුතුයි.. රටට වැඩ කරනවද නැත්තම් පක්ෂේ දිනනකම් බලන් ඉඳල දුශිතයින්ට ආණ්ඩු අරන් දීල චන්දෙ පරාද වෙලා ගෙදර යනවද කියල..
    ජෙවීපී යට කෑ ගගහ ඉන්න විතරයි පුළුවන් කියන මතය වෙනස් වෙන්න දෙයක් කරන්න ඕනේ කියන තැන මමත් ඉන්නවා
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District

    මම මේ විස්තර ලියල යෝජනා කරන්න යන්නේ වෙනත් අදහසක්..JVP එක සත්‍ය වශයෙන්ම මිනිස්සුන්ට ආදරෙයිනම්, රටට ආදරෙයිනම් , පක්ෂ පාට බේදයක් නැතුව JVP එකට චන්දෙ දෙන්න කියන JVP එකට බැරිවෙයිද පක්ෂ පාට බේදයක් නැතුව එයාලගේ පක්ෂෙම දිනවන්න උත්සහ කරන්නේ නැතුව මොකක් හෝ ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකට එකතු වෙලා බුද්ධිමත් දේශපාලන දැනුම රටේ ජනතාවට වැඩක් වෙන විදිහකට යෙදෙව්වනම් යහපත් වෙයි නේද.. මිනිස්සු චන්දයක් දෙන්න අකමැති වෙන පක්ෂයක් බදාගෙන තව අවුරුදු පනහක් සීයක් බලන් ඉන්නවට වඩා හොඳ නැද්ද වර්තමානයේ ගලාගෙන යන දේශපාලන ප්‍රවාහයටම එකතු වෙලා අවංකව රටට වැඩක් කරානම්.. දැනට ඉන්න JVP සාමාජිකයින් රටේ ධනය හොරකම් නොකරාවි කියන විශ්වාසය තියෙන නිසා පක්ෂය දිනනකම් බලන් ඉන්න එක සාධාරණ නැහැ නේද...

    මචන් කරනව නම් මේ වෙලාවේ තමයි කරන්න ඔන.... රනිල් එක්ක එකතු වෙලා ආණ්ඩු හදල ඒක හරි පාරේ යවන්න උත්සාහ ගන්න ඕන... ඒත් ජවිපෙ හැම විටම වි‍ වේචනය කරා මිසක් හරියකට වැඩක් කරන්න උත්සාහ ගත්තෙ නෑ.... ඔවුන් වැඩක් කරන්න බෑ...කට විතරයි කියන මතයත් සමාජයේ තියෙනව.... මොකද වැඩ කරන එකයි බැනුම් අහගන්නෙ ... හොර ලේබල් වදින්නෙ උන්ටයි... මරා රටට ලොකු සේවයක් කලා ඒත් නාමල් - බැසිල් හින්ද නැත්තටම නැති උනා... හරියන්න හෝ වරදින්න වැඩ කරන්න ඕන.... විමල් ඒ ඇත්ත තේරුම් ගත්ත ...