සරල උත්තරයක් විදිහට බදුල්ලට හම්බන්තොට හරහා ගිහින් ඇවිත් කියපන්....
මගේ අත්දැකීමෙ විදිහට නම් හම්බන්තොටින් කිලෝමීටර් 100ක් වැඩියි. එත් ඒ 100 එලෙව්වා කියලා දැනෙන්නේ නැහැ. 1. පාර හොදයි, 2. බස්, ත්රී වීල්, බයිසිකල් පනින්නේ නැහැ. පෙට්රල් දෙකේම ලොකු වෙනසක් නැහැ. මොකද ලීටර් 2-4 වගේ ගානක් තමා වැඩි වෙන්නේ. නිකන් පාරේ break කරලා ආයේ පිකප් කෙරිල්ල නිසා අනික කඳු නගිනවා, බහිනවා.. hybrid වලට නම් වෙනසක් එන්න පුළුන් ලොකුවට
වෙලාව නම් හම්බන්තොටින් වැඩිය් වගේ පැය1 හෝ විනාඩි 30ක්. මුළු දුර පැය 5ක් 6ක් අතර යන්න පුළුවන්.... රත්නපුර හරහා මහා පාන්දර ගියොත් විතරයි පැය 3.30 - 4න් යන්න පුළුවන්. බස් එකේ නම් 6 -8 ෂුවර්....
රුපියල් 850ක් toll ගාස්තු..... වියදම වැඩි වෙන්නේ මේකෙන්...
නුවර යන්න නුවර පාරේ කිලෝමීටර් 100 ට පැය 3-4ක් යනවා පාන්දර. දවල් වෙනකොට පැය 5-6 යන වෙලාවනුත් තියනවා... කුරුනෙගලහරහා නුවර යන්න කිලෝමීටර් 122 ට ම පැය 2ක්. 2.30න් පුළුවන්
දුර වැඩි උනාට පෙට්රල් යන්නේ අඩුවෙන්. හේතුව වේගය හා ගියර්, නවත්තීම. එහෙම කියලා උබලා එහෙම කුරුනෙගල හරහා නුවර යන්න පුරුදු වෙනවා එහෙම නෙමේ. එතකොට ඒ පාරත් නුවර පාර වගේ වෙයි....






