කොටුගොඩැල්ල වීදිය සිරි රම්‍යා කොත්තුවක් මාස 2 කට විතර කලින් ගත්ත කට්ටිය හොදයි කියපු නිසා. හරි නෑ බං මිරිස් සැර වැඩියි. ලගදී cafe divine street එකේ කොත්තුවක් කෑව රු. 600 ක් ද කොහෙද චීස් කොත්තුවක්. එකෙක් එෆ් බී දාල තිබ්බා ෆෝටෝ එකක් දැකල ආස හිතිල ගත්තේ. බේසමක් සයිස් දෙනවා බං පැලෙන්න කන්න පුලුවන්. එලවලු නෑ නිකං කිරි රස විතරයි චීස් ගතිය නෑ. ඒකත් ඇල්ලුවේ නෑ මට. රෝයල් මෝල් කොත්තුව හොදයි රු. 300 ගානක් වෙනවා. උන් හොදට දෙනවා. ඒකේ චීස් කොත්තුව ගහන්නේ කොත්තුව දාලා හැපි කවු චීස් කෑලි 2 ක් දාල.
OPEN RICE කියල කඩයක් දාලා තියෙනවා පරණ පේරාදෙණීය පාරේ.පොඩ්ඩක් ට්‍රයි කරපන් එතන කොත්තු කාලා නෑ අනිත් කෑම සුපිරි. ගානත් ශේප්.