~ Kaviyen Kaviya ~.........Kamathida???

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
රවන ගොරවන හදවත්
හැම විට අඩු නැතිව පැහැරෙත්
ආදරය සමග සිනහවත්
පුරා මල් වැසි වස්සත්


කාලිදාස පවසතත්
සිතනු ඒ ගැන තවත්
ආදර මල් වසිත්
කුඩේ නැතිකල තෙමෙතත් :P
 

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,416
    5,754
    113
    හෝම් ස්වීට් හෝම්
    රවන ගොරවන හදවත්
    හැම විට අඩු නැතිව පැහැරෙත්
    ආදරය සමග සිනහවත්
    පුරා මල් වැසි වස්සත්

    රවන ගොරවන
    හඩන හිනැහෙන
    එකයි ලෝ දහම
    හිතට ගත්යුතු තදට
    :lol:
     
    Jul 24, 2008
    1,633
    33
    0
    කවියක් දම්මට
    කවුරුත් නැ
    හිටියට කට්ටිය
    එන්නෙත් නැ
    කවි මඩුවෙ අද
    කවුරැත් නැ

    awurdda mula
    kavi na enne
    pala purudu gena
    kavi gothamu api!!:)
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    කවියක් දම්මට
    කවුරුත් නැ
    හිටියට කට්ටිය
    එන්නෙත් නැ
    කවි මඩුවෙ අද
    කවුරැත් නැ


    හිටියට පිරිසක්
    දැම්මම කවියක්
    ලියන්න ගතියක්
    නැති එක වරදක්
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    කියන්නට කවි
    ඕනෙ වෙයි කවි මූඩ්
    නැති කලට කවි මූඩ්
    කොහොම කවි පබදම්


    ගන්න හැකිනම් ඔය මූඩ්
    අරන් දෙමි නුඹට මං
    වෙහෙසවා සිත බිදක්
    නොවී කම්මැලි කවිලියං
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,416
    5,754
    113
    හෝම් ස්වීට් හෝම්

    ගන්න හැකිනම් ඔය මූඩ්
    අරන් දෙමි නුඹට මං
    වෙහෙසවා සිත බිදක්
    නොවී කම්මැලි කවිලියං

    බලන විට කාටූන්
    දාගෙන ෆුල් වොලියුම්
    කොහෙ එන්නද කවි මූඩ්
    යමි මමත් බැක් ටූ චයිල්හුඩ්
    :lol:
     

    nwnbs

    Member
    අවුරුද්දේ මුලින්ම අද ආව මම
    පැතුවා හැමට සුබ වසරක් පළමුවම
    දුටුවම නිසදැස් පිටු පිරිලා ඇති විදිය
    කවදා ඉවර කරන්නද කමෙන්ට් කරල මම

    (කීයක් කියල කියවන්නද අප්පා... :( දුකයි ඒ ගැන... ඒ වගේම සතුටුයි ගොඩක් කවි තියෙන එක ගැන ගොඩාක්... :D)
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,416
    5,754
    113
    හෝම් ස්වීට් හෝම්
    අවුරුද්දේ මුලින්ම අද ආව මම
    පැතුවා හැමට සුබ වසරක් පළමුවම
    දුටුවම නිසදැස් පිටු පිරිලා ඇති විදිය
    කවදා ඉවර කරන්නද කමෙන්ට් කරල මම

    (කීයක් කියල කියවන්නද අප්පා... :( දුකයි ඒ ගැන... ඒ වගේම සතුටුයි ගොඩක් කවි තියෙන එක ගැන ගොඩාක්... :D)

    මුලින්ම කිව්වා ඔබටත් සුබ න්අව වසරක්
    ඉටුවෙන්නට පැතුවා හිත පිරි පැතුම් සියල්ලක්
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    බලන විට කාටූන්
    දාගෙන ෆුල් වොලියුම්
    කොහෙ එන්නද කවි මූඩ්
    යමි මමත් බැක් ටූ චයිල්හුඩ්
    :lol:


    කාටූන් එකක් කාටූන්
    බලන්නේ කොහොමැයි සැකයක්
    ඇහුවොත් ඒ ගැන පැනයක්
    කියලා දෙනවද මොහොතක්
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,416
    5,754
    113
    හෝම් ස්වීට් හෝම්
    කාටූන් එකක් කාටූන්
    බලන්නේ කොහොමැයි සැකයක්
    ඇහුවොත් ඒ ගැන පැනයක්
    කියලා දෙනවද මොහොතක්

    ලියන්න මට පිලිතුරු කවියක්
    එන අදහස් ඔබෙ කවියට
    ගොතාගන්න අමාරුයිනෙ
    එලිසම ඇති පද හතරට :lol:
     

    nwnbs

    Member
    හවස් වෙලා ආවත් මම මේ පැත්තේ
    කවි ලියන්න කවුරුත් නෑ එන්නෙ වගේ
    දිල් දුල් චින්තා ටුවිස්ටි ප්ලැන්තිස්ව පෙනේ
    මෙහෙට ඇවිත් කවි ලිව්වොත් නියමයිනේ :D
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    හවස් වෙලා ආවත් මම මේ පැත්තේ
    කවි ලියන්න කවුරුත් නෑ එන්නෙ වගේ
    දිල් දුල් චින්තා ටුවිස්ටි ප්ලැන්තිස්ව පෙනේ
    මෙහෙට ඇවිත් කවි ලිව්වොත් නියමයිනේ :D


    මිස්සක ඇති මුල්ලක අතු නවාගෙන :P
    චින්තා ඉන්නේ අලි කොටුවක් පැන පැන :shocked:
    දුල් ඇති අද ප්‍රවීනාට බැන බැන :frown:
    මම හොද කෙනා ආව මෙතැනට දුවගෙන
    :rofl::lol:
     

    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    හවස් වෙලා ආවත් මම මේ පැත්තේ
    කවි ලියන්න කවුරුත් නෑ එන්නෙ වගේ
    දිල් දුල් චින්තා ටුවිස්ටි ප්ලැන්තිස්ව පෙනේ
    මෙහෙට ඇවිත් කවි ලිව්වොත් නියමයිනේ :D

    ගෙදරට ආවෙ දැං ම්ල්ලියේ හවස් වෙලා
    මූඩ් එකක් තුබුනේ නෑ ගොඩක් වෙලා
    හොතාගන්න වචනත් නෑ ආවේ ගලා
    අනිත් අය මෙහෙට එනතුරු රැදිමි බලා
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~

    මිස්සක ඇති මුල්ලක අතු නවාගෙන :P
    චින්තා ඉන්නේ අලි කොටුවක් පැන පැන :shocked:
    දුල් ඇති අද ප්‍රවීනාට බැන බැන :frown:
    මම හොද කෙනා ආව මෙතැනට දුවගෙන
    :rofl::lol:


    අත්ත නැමී තිබුනේ අත් දෙකක් නිසා
    එක අතකින් අල්ලා සිටියේ මේ මිනිසා
    හොද කෙල්ලෙක් මෙතන්ට පැනවිත් හින්දා
    මාත් ඔන්න ආවා කවි පද ර්න්දා

     

    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0

    මිස්සක ඇති මුල්ලක අතු නවාගෙන :P
    චින්තා ඉන්නේ අලි කොටුවක් පැන පැන :shocked:
    දුල් ඇති අද ප්‍රවීනාට බැන බැන :frown:
    මම හොද කෙනා ආව මෙතැනට දුවගෙන
    :rofl::lol:

    මිස්සක නැව්ව අත්තට රිදුනද මන්දා
    චින්ත ඉන්නේ කොටු පැන ගුටි තව බන්දා
    ප්‍රවීනාට බැන්නාට මම හොදයි සැමදා
    ඔයා කොහොම හොඳ උනේ අපි හැමටම වඩා
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    මිස්සක නැව්ව අත්තට රිදුනද මන්දා
    චින්ත ඉන්නේ කොටු පැන ගුටි තව බන්දා
    ප්‍රවීනාට බැන්නාට මම හොදයි සැමදා
    ඔයා කොහොම හොඳ උනේ අපි හැමටම වඩා


    මේ අහිංසකයට මඩ ගහන එක හරිද...? අතු නවනවා කියන්නේ මොකක්ද..? මම දන්නේ නෑ...:no: