මිනිස්සු මචං හැමදෙයක් දිහාම බලන්නේ සංසන්දනාත්මකව සහ සාපේක්ෂව...
උබ රෙදි කඩේකට ගියත් බලන්නේ තෝරලා තෝරලා හොදම දේ ගන්නනේ...
ඉතිං ජීවිතේ තීරණත් එහෙම තමයි...
ඕක මෙහෙම හිතපන්කෝ... උබ අවුරුදු 20දි සල්ලි දීල ගන්නවා මරුටියක්..
ඔන්න උබට අවුරුදු 25දි එකෙක් ඇවිල්ල උබ ඉස්සරහ මරුටියකුයි, ඇලියන් එකකුයි බෙන්ස් එකකුයි තියල කියනවා මේකෙන් කැමති එකක් තෝරගන්න කියල..
උබ පැන්න ගමන් ගන්නවා බෙන්ස් එක...
එතකොට මම උබට බැන්නොත් අන්න බලපන් අර වගේ බල්ලෙක් ඌ මෙච්චර කල් පාවිච්චි කරපු මරුටිය අත ඇරලා දැක්ක නේද බෙන්ස් එක තෝරගත්ත හැටි කියල එක සාධාරණද?
මචං දෙතුන් පාරක් බැන්දට මොකද හැමෝම හිතන්නේ මම බදින්නේ ජීවිතේටම එක පාරයි කියලනේ...
ඉතිං කවුරුත් හදන්නේ තමන්ට ලැබිල තියෙන අවස්ථා අතරින් හොදම එක තෝරන් බදින්න...
ඒ තේරීම හරි වෙන්න පුළුවන් වැරදි වෙන්න පුළුවන්.. ඒක එයාගේ කරුමේ අනුව නිර්ණය වෙයි..
මටත් කෙල්ලෙක් ඉන්නවා... නමුත් එයාට මට වඩා හොද කෙනෙක් හම්බවෙනවනන් එයා ඌව බැන්දට මට ප්රශ්නයක් නෑ.. ඒක එයාගේ අයිතිය සහ එක එයාගේ තෝරාගැනීම... මම එක එයාටත් කියල තියෙනවා සිරාවටම...
කිසිම දවසක මචං ආදරේ කරේ දාගන්න යන්න එපා...
ජීවිතේ දහසක් දේවල් අස්සේ ඒක තවත් එක දෙයක් විතරයි...
කොල්ලන්ට වෙලා තියෙන්නේ අනිත් හැමදේම පැත්තක ලව් එක පලවෙනි තැනට ඇවිල්ල...
උබලට උනත් දැන් ඉන්න කෙල්ල හොද නෑ තව කෙනෙක් ඊට වඩා හොදයි කියල හිතෙනවනන් ඒකිව බැදපන්...
හොදට මතක තියාගනින්... සහකාරයෙක් කියන්නේ ජීවිත කාලෙටම කරන තෝරාගැනීමක්..
ඔතන වැරදුනොත් ජීවිතේම වැරදුනා ඔතන හරිගියොත් ජීවිතේම හරිගියා..
එච්චර බැරෑරුම් දෙයක් ඕක..
ඔහොම නිකං තරහ අරං සංවේදී වෙන්න එපා ලව් සීන් වලදී..
කවුරුත් හොයන්නේ තමන්ට හොදම දේ... ඒ කෙල්ලගේ වැරද්දක් නෑ ඔතන...
මම උබලටත් කියන්නෙත් එච්චරයි... උබලට බෙන්ස් එකක් ගන්න පුළුවන් කම තියෙනවනං ඇයි මරුටියේම එල්ලිලා ඉන්නේ..
උබේ ජීවිතේ, උබේ අනාගතේ, උබේ සැනසිල්ල, උබේ දරුමල්ලෝ, උන්ගේ හැදියාව ඔය හැමදෙයක්ම තීරණය වෙන්නේ එකම එක සාධකයක් මතනං ඇයි එතනදී අපිම හොදම තෝරාගැනීමට
නොයා ඉන්නේ කල හැකි, කලයුතු වෙලාව දැක දැකත්...
ඒ කෙල්ල කරෙත් එක... වැරද්දක් නෑ... උබත් එහෙම කරපං..