kingdewi~ගේ~මතකයන්

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අහ වැදගත් දෙයක් ගෙනල්ල මේ පාරත් එකෙන්ම
    පෙරේර කවදත් හොද ත්‍රෙඩ් දානව එලකිරි එකේ එලකිරි එකට පෙරේරා වාසනාවන් කිව්ව හ්ම්
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සුනාමි සිරප්....

    අද මම මේ කියන්න යන කතාව ටිකක් විතර පරණ , ඒත් මතක් වෙද්දිත් හීන් හිනාවක් මූණට වැටෙන තාලෙ එකක්.

    යාලුවන්ට මතකයිනේ අපේ රටට ආපු සුනාමිය. ඔන්න ඉතින් සුනාමිය අපේ රට තොට බලල ගියායින් පස්සෙ අපේ ඉස්පිරිතාල වල තිබ්බ බේත් හේත්, පුලුන්, බැන්ඩේජ්, ප්ලාස්ටර් ආදී මෙකී නොකී එකී, පෙරකී සියලුම ජාති පොදි පටවල ගෙනිච්ච නෙව සුනාමියෙන් විපතට පත්වෙච්චි අසරන අයගෙ ජීවිත රැකගන්න. ඉතිං ඔය කාලෙ අපේ වාට්ටුවෙත් Drug Cupboard, Dressing Cupboard හෙම සුනාමි ගහල වගේ හිස්වෙලයි තිබුනෙ.
    හැබැයි ඉතින් ඔය විදියට මාසයක් දෙකක් ගියැයි කියමුකෝ..මෙන්න බොලේ සුනාමි ආධාර කියල ජීවිතේට දැකල නැති බේත්වර්ග, කෑම වර්ග, සිරප් වර්ග ,Dressing වර්ග අටෝ රාසියක් ඉස්පිරිතාල වලට ලැබෙන්නට පටං ගත්ත.
    ඔන්න ඔයාකාරෙට ලැබිච්ච සිරප් වර්ගයක් ගැන තමා අද කතාව!!
    දවසක් උදේ, මගේ බෙහෙත් දෙන වෙලාවෙ අපේ වැඩකරන ළමයෙක් දුවගෙන ඇවිල්ල , හති දදා මට කියනව
    "ඉන්දික මහත්තයො, අද මල්ටි විටමින් සිරප් වගයක් ඇවිල්ල Indoor එකට"
    "ආ එහෙමද?" මම ඇහුව
    "ඒව හරි හොඳයිලු, සුනාමි ආධාරලු, අන්න අපේ කට්ටිය පොරකනව ඒව ලියවගන්න OPD එකේ. මමත් හෙන කට්ටක් කාල එකක් ලියෝගත්ත"
    මට ඔය මල්ටි විටමින් ගිල දැමීමේ නවීන විලාසිතාමය රෝගය වැළඳිලා නැති හින්ද මට ඒක එච්චර වැදගත් සිද්ධියක් වුනේ නැහැ.
    මම ඉතින් " අනේ මට නම් ඕනෙ නෑ" කියල උත්තර දුන්න.
    පස්සෙ ආරංචි වුනා ඩිස්පැන්සරියට ආව මල්ටිවිටමින් සිරප් බෝතල් 50 ම උණු කැවුම් වගේ රෝහලේ අයම බෙදාගත්තැයි කියල.
    ඔන්න ඊළඟ සතියෙ තවත් සිරප් ලොට් එකක් ඉස්පිරිතාලෙට ලැබුණ. බෙදාගන්න ඕන අය ඇතිපදම් බෙදාගත්තු හින්දද කොහෙද මේව නම් වාට්ටුවල ලෙඩ්ඩුන්ටත් දෙන්න කියල හම්බවුනා.
    මම ඉන්න වෙලාවක තමයි ඉස්සෙල්ලම ඔය සිරප් එක අපේ වාට්ටුවට ගෙනාවෙ
    ෂා..හරිම ලස්සන බෝතලයක්..හරියට වයින් බෝතලයක ෂේප් එක තියෙන්නෙ. මම ඉතින් පොඩ්ඩක් මේකෙ ලේබල් එක කියවල බැලුව.
    ඔවු ඔවු, මල්ටි විටමින් වර්ගයක් නේ..විටමින් වලට අමතරව ඔය ක්ෂුද්‍ර පෝෂක වර්ග(Zinc වගේ) තියෙනව.. ඒත් ඉතින් මේක කොහෙද හදල තියෙන්නෙ....????
    අනේ අපොයි, මේ ලේබල් එකේ වත් බෝතලේ බඳේවත්, මූඩියේ වත් නිෂ්පාදිත රටක් ගැන කිසිම සඳහනක් නෑ!
    ඒ විතරක් ද? Batch Number එකක්, තියා අඩුම ගානෙ Expiry Date , Manufacturing Date වත් නැහැ!!!
    ඇත්තම කීවොත් ඕනෙ කරන මොන කෙහෙල්මලක් වත් නෑ!!
    මම ඉතින් මේක අනිත් අයටත් කියල හැමෝම බෝතලේ පෙරල පෙරල බැලුව..හැමෝගෙම උත්තරේ නෑ නෑ නෑ තමයි ඉතින්!
    පස්සෙ අපි ප්‍රධාන අවුෂධවේදී මහත්තයට කතාකරල මේගැන විස්තර ඇහුව. අපරාදෙ කියන්න බෑ ඔන්න එතකොට තමයි මනුස්සයත් මේ ගැන දන්නේ..( හරී ෂෝක් :( )
    කොහොම වුනත් Expiry Date නැති බෙහෙතක් අසරණ ලෙඩුන්ට දෙන්න බැහැනේ. අපි මේව ටික ඔක්කොම ආපහු යැවුව ඩිස්පැන්සරියට.
    අපේ මේ කළබගෑනිය අනිත් වාට්ටුවලටත් ගිහිල්ල ඔන්න,
    දැන් තමයි හොඳම හරිය...ගිනි ඇවිලිලා..කාටද???
    ඇයි අර ඉස්සෙල්ල ආව ලොට් එකේ සිරප් බීපු ඇත්තන්ට
    මේ ගොල්ල..හොඳටම බය වෙලා..ඇයි අප්පා සමහරු ළමයින්ටත් බොන්න දුන්නලු!
    කතාව එච්චරයි..
    ලෙඩ්ඩුනට අයිති දේවල් අයුතු විදියට උස්සගෙන යන මිනිස්සුන්ට ස්වභාවධර්මය දීපු අපූරු දඬුවමක් හැටියටයි මම මේක දකින්නෙ>
    ප.ලි.
    (මගෙන් අහනවද බීපු උන්ට මොකෝ උනේ කියල..?? මොකුත් උනේ නෑ..හැබැයි විඳෙවුව සෑහෙන කාලයක් බයේ!!)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපරාදේ......!

    මේ කතාවෙ කතා නායකයා තරුණ කොලුවෙක්.මනුස්සය,මිනිහගෙ ගමේම ගැටිස්සියක් එක්ක මොකක්ද හුටපටයක් තිබිල තියනව.මේක කෙල්ලගෙ පාර්ශවයෙ නෑදෑ පිරිවරට ආරන්චිවුනාට පස්සෙ කොලුවට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරල තිබුණ.කොහොම හරි මේ ජෝඩුවත් මේක දිගටම කරගෙන ගිහින්.දවසක්,මේක ඉවසන්නම බැරි තැන වෙන්නඇති,අපේ කතානායක කොලුවට අර ගෑණුළමයගෙ මාමල,අයියල වගයක් හොඳටම ගහල දාල තියනව.
    මගෙ කතාවෙ මුල තමයි මෙතන!ඔය සිද්ධියෙන් දවස් හතර පහකට පස්සෙ කොලුවට උණ ගැණෙනව.මේ වයිරස් උණ,චිකුණ්ගුණ්යා උණ හොඳටම සමාජ ගතවෙලා තිබුණ කාලෙ.
    මනුස්සය ඉස්පිරිතාලෙට ඇතුල් වෙන්නෙ "උණ" කියල කියාගෙන.ඒත් දවස් ගානකට කලින් ගුටිකාපු බව නොකියන්නට මිනිහ පරිස්සම් වෙනව.ඒ විළිලැජ්ජාව හින්ද වෙන්න ඇති.
    කොහොම කොහොම හරි මේ කොලුවව උණට කරන පරීක්ෂණ වලට භාජනය කරල තියනව.කරුමෙ කියල කියන්නෙ දවසකට විතර පස්සෙ උණත් බැහැල ගිහින්.ටිකට් කපන්නත් ඔන්න මෙන්න කියල තියෙද්දි මනුස්සයට හොඳටම අමාරු වෙලා.වමනෙ යන්නයි, ඇග පත වේදනාවෙන් කෑගහන්නයි, වලිප්පුව හැදිල වගේ ගැහෙන්නයි පටන් ඇරන්.අපරාදෙ කියන්න බෑ මිනිහවත් නෑදෑයොවත් නෙවෙයි අර ගුටිකෙළිය ගැන දැන්වත් කටක් හෙල්ලුවෙ.
    දැන්නම් ලෙඩේ නරක අතට හැරෙන බව දැනගත්ත නර්ස්ල ඉක්මනට දොස්තරලට මෙයාව පෙන්නල තිබුණ.කොහොමින් හරි ලෙඩාව ඉක්මනින් මහ රෝහලකට යැවුණ.එහෙදි විශේෂ දොස්තරල මෙයාව බලල පරීක්ෂණ තොගයකුත් කරල හොයාගෙන තිබුණ මොලේ ලොකු ලේ ගැලීමක් වෙලයි කියල.අර එදා කාපු පොලු පාරකට වෙන්න ඇති ටිකටික ලේ ගලල මොළ ගෙඩිය තෙරපෙනකල්ම ඒක වැඩිවෙලා තිබ්බ.
    මේක හොයාගන්නකොටත් හොඳකරන්න පරක්කු වැඩියි.දවස් දෙක තුනකට පස්සෙ අපේ කතා නායකය සෑහෙන දුකක් විඳල අවසන් ගමන් ගිහින් තිබුණ.
    මේකෙන් මට කියන්න ඕන වුනේ මෙන්න මේ ටික.ලැජ්ජාවට වත්, බයට වත්, ලෙඩක් හන්ගන්නවත්, බොරු කියන්නවත් හොඳ නෑ කිසිම වෙලාවක. අර අහල ඇතිනෙ දොස්තරට ලෙඩේ හැන්ගුවොත් අඩි හතරක් යට කියල !
    අපරාදෙ තරුණ ජීවිතයක් නැති වුනා.කෙල්ලගෙ නෑදෑයින්නට මොනව වෙන්න ඇද්ද? ගමේ එවුවො කෙල්ලගෙ හතර වරිගෙටම අයිති දේපල ගිනිබත් කරල, මිනිස්සුන්වත් ගමෙන් පන්නල දැම්ම කියල තමයි ආරන්චි.
     
    • Like
    Reactions: lasa.lasa

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    hondayi macho


    mage heene genath kiyannamko
    kalayak thisse mama mahansi vuna mage heenayata
    Lawyer kenek venna
    thiyena krama 3tama try kala
    hari giye nehe

    anthimedi mama nangita law karanna kiyala
    eya goda giya
    mama sathutu venava mata karanna beri vechcha de nangi hari karanavane kiyala
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    machan perera man meka nam bookmark karala thiyagannawa
    patta stories set ekak
    kingdewi ayya elakiriye mageth hoda yaluwek
    habai dakala katha baha karala nam na ubala wage ;)
    mechchara wagakeemak darana ayya kenek wa aduna ganna labeemath sathutak :)
    good post machoo
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ;) kathandara okkoma dammata passe aye mona spam da :lol:

    :nerd:

    මේ දේ කලේ උගෙන් අහලා. ඌ මට දාන්න එපා කියපු නිසයි බ්ලොග් එක නොදා හිටියේ. වෙන කිසි දෙයක් නිසා නෙමෙයි.


    :oo: