Kotiyage Boruwa කොටි සටනේ මිත්*යාව....!!!

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    Kotiyage Boruwa කොටි සටනේ මිත්*යාව....!!!

    කොටි සටනේ මිත්*යාව!


    වසර 2002 යූනිසෙෆ් වාර්තාවලට අනූව ප්*රභාකරන් විසින් කොටි සංවිධානයට බලහත්කාරයෙන් බඳවා ගන්නා ලද ළමා සොල්දාදුවන් ගණන 6000 කි. යූද්ධයේ අවසාන කාලය වන විට අවූරුදු 7 ක් තරම් වූ සිඟිති වයසේ දරුවන් පවා ප්*රභාකරන් තම සංවිධානයට බඳවා ගෙන තිබිණි. මේ දරුවන් අතුරින් සමහරකු තුවක්කුවට වඩා මිටි ය. කාලතුවක්කුවක දිග ඔවූන්ගේ උස මෙන් සිවූ ගුණයකි. ගුවන් යානා නාශක තුවක්කුවක දිග ඔවූන්ගේ උස මෙන් අට ගුණයකි. ඇතැම් රොකටි වෙඩිල්ලකට දමන උණ්ඩය සහ ළමා සොල්දාදුවාගේ උස එක සමාන ය.


    ප්*රභාකරන් සිය ගරිල්ලා සංවිධානය ගොඩනංවන ලද්දේ සියලු පිළිගත් යූද නීතිරීතිවලට පටහැනිවය. පළමූ කොට ළමයින් යූද සෙබළුන් ලෙස බඳවා ගැනීම සහ ඔවූන් යූද පෙරමූණට යැවීම තහනම් ය. දෙවනූව යූද සිරකරුවන් මැරීම හෝ ඔවූනට වධ දීම තහනම් ය. තෙවනූව රසායනික අවි පාවිච්චිය තහනම් ය. ඊළඟට සතුරු සෙබළුන් විනාශ කිරීමේ අදහසින් ප්*රසිද්ධ ජල මාර්ගවලට වස මිශ්*ර කිරීම තහනම් ය. එහෙත් ප්*රභාකරන් මේ සියල්ල කළේ ය. වීරෝදාර ත්*රිවිධ හමූදාව මූලතිව් ප්*රදේශයට ළඟා වන විට විශාල ජලාශයක් පිපිරවූ කොටි සංවිධානය එම ජලය ගලා යෑමට සලස්වා වෝල්ටි 33000 ක විදුලිය එයට කාන්දු කළේය. ඇතැම් තැනකදී අපේ සෙබළුන්ට රසායනික අවිවලින් පවා පහර දෙන ලදී.


    ප්*රභාකරන්ගේ ගරිල්ලා සංවිධානය පසූපස ඉතා ධනවත් විදේශික සහ ස්වදේශික බලවේග කිහිපයක් වූහ.


    කොටි සංවිධානය දෙකඩ කිරීමේ ගෞරවය ස්ථිර වශයෙන් ම රනිල් වික්*රමසිංහ මහතාගේ එක්සත් ජාතික පෙරමූණූ ආණ්ඩූවට හිමි වන නමූත් සටන් විරාම කාලය තුළ ලෝකයේ බලගතුම ගරිල්ලා සංවිධානයේ තත්ත්වයට පත්වීම සඳහා කොටින්ට ඉඩ සලසා දීමේ අපකීර්තිය හිමි වන්නේ ද එම ආණ්ඩූවටම ය.


    පසූගිය දිනවල යූද හමූදාව විසින් විනාශ කරන ලද කොටි අවි ගබඩා, බංකර්, පූපූරණ ද්*රව්*ය, ගුවන් යානා, සබ්මැරීන්, සබ්මැරීන් නාශක, ටෝර්පිඩෝ, යූද රෝහල් යනාදිය පිළිබඳව ගණනය කරන කල ස්ථිර වශයෙන් ම පෙනී යන්නේ ප්*රභාකරන් උතුරු නැගෙනහිර පමණක් නොව තමිල්නාඩූවත් ඇල්ලීමට සූදානමින් සිටි බව ය. මෙයට වසර 37 කට පෙර කුටිටූමනී, චාල්ස් ඇන්තනී, උමා මහේෂ්වරන් යන මූලිකයන්ගේ පසූපස යමින් තමිල්නාඩූවෙන් ලැබූණූ ඉන්දියානූ රුපියල් 2000 කින් පටන් ගත් කොටි සංවිධානය පසූ කාලයේදී ගුවන් හමූදාවක් සහ නාවික හමූදාවක් තිබූ ඉතාම බලසම්පන්න ත්*රස්තවාදී සංවිධානය බවට පත්වූයේ කෙසේද? ඉන්දියාව, නෝර්වේ, ස්වීඩන්, ඩෙන්මාර්ක් වැනි රටවල උපකාරයෙනි. මේ රටවල් කොටින්ගේ සටන සාධාරණ එකක් බව පෙන්වමින්, උතුර හා නැගෙනහිර දෙමළ ජාතිකයන්ගේ සාම්ප්*රදායික නිජබිම් බවට ව්*යාජ ඉතිහාසයක් මවමින් සිංහල මිනිසූන් සංහාරය කිරීම සඳහා මූදල් ආයෝජන කළහ.


    එවිට කොටි මරාගෙන මැරෙන බෝම්බකරුවන් ලවා විවිධ තැන්වල පිපිරවීම් සිදු කර නිරායූධ අසරණයන් මියයෑමට සලස්වා නිජබිම වෙනූවෙන් මිය යෑමට සූදානම් ලොව පළමූ ප්*රජාව බව ප්*රචාරය කළහ. මෙය ඉතා මෝඩ කතාවක් මෙන්ම පල් බොරුවකි. මරාගෙන මැරෙන යූද සෙබළුන් මූල් වරට බිහි වූයේ දෙවැනි ලෝක යූද සමයේදී සෝවියටි දේශයේ ස්ටාලින්ගේ රතු හමූදාවෙනි. මේ හමූදාවේ සිටි තරුණ සෙබළියෝ සිරුරේ බෝම්බ බැඳගෙන, ලෙනින්ග්*රාද් නූවර ආක්*රමණය කළ ජර්මන් යූද ටැංකිවලට පැන පූපූරුවා ගත්හ. ඒ බව ආරංචි වූ හිටිලර්ට පකෂපාත ජපන් ගුවන් හමූදාවේ සෙබළු බඩේ බෝම්බ බැඳගෙන මිත්*ර හමූදාවේ නැව්වලට පැන මරාගෙන මැරුණාහ. කොටි සංවිධානයේ ඉතිහාසය සම්පූර්ණයෙන්ම ගොඩනැංවී ඇත්තේ මෙවැනි මිත්*යා මත හරහා ය. ප්*රභාකරන් ළමා සොල්දාදුවන් හඳුන්වා දෙන්නේ නිජබිමට ඇති ආදරය නිසා දිවි කැප කිරීමට ආ දරුවන් ලෙස ය. එහෙත් මේ ළමයින් පැහැරගත් අය ය. කොටින්ට උදව් කරන කිසිදු බටහිර හෝ ස්කැන්ඩිනේවියානූ රටක් මේ බව සිතුවේ නැත. අදත් කොටියා කෙළින් සිට ගනූ දැකීමට ඔවූහූ කැමැත්තාහ. ඔවූන් පමණක් නොව අපගේ ආදරණීය අසල්වැසියා වූ ඉන්දියාවත් එයට කැමැති ය.


    Divaina 2009 Feb 02​
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    කොටි සංවිධානය දෙකඩ කිරීමේ ගෞරවය ස්ථිර වශයෙන් ම රනිල් වික්*රමසිංහ මහතාගේ එක්සත් ජාතික පෙරමූණූ ආණ්ඩූවට හිමි වන නමූත් සටන් විරාම කාලය තුළ ලෝකයේ බලගතුම ගරිල්ලා සංවිධානයේ තත්ත්වයට පත්වීම සඳහා කොටින්ට ඉඩ සලසා දීමේ අපකීර්තිය හිමි වන්නේ ද එම ආණ්ඩූවටම ය. :( :(
     

    kingdewi

    Well-known member
  • urajdrlk said:
    කොටි සංවිධානය දෙකඩ කිරීමේ ගෞරවය ස්ථිර වශයෙන් ම රනිල් වික්*රමසිංහ මහතාගේ එක්සත් ජාතික පෙරමූණූ ආණ්ඩූවට හිමි වන නමූත් සටන් විරාම කාලය තුළ ලෝකයේ බලගතුම ගරිල්ලා සංවිධානයේ තත්ත්වයට පත්වීම සඳහා කොටින්ට ඉඩ සලසා දීමේ අපකීර්තිය හිමි වන්නේ ද එම ආණ්ඩූවටම ය. :( :(

    True machooo