උබ අඩුකුලේ එකෙක් නම් උන් රදලයෝ නම් උබ කොහිමත් ඒ මිනිස්සු එක්ක එකට වාඩිවෙන්න යන්න එපා.
උබට පුලුවනියැ මනුස්සයෝ උන් එක්ක පෑහෙන්න.
උබේ තත්වේ දැනගෙන උබ පැත්තකට වෙලා වාඩිවෙලා ඉදපං.
විශේශෙන් කනකොට එහෙම ඒ මිනිස්සු එක්ක කන්න එක මේසෙන් වාඩිවෙන්න එපා.
ඒ මිනිස්සුන්ට අප්පිරියයි නේ අඩුකුලේ එකෙක් එක්ක එක මේසෙක ඉදන් කෑම කන්න.
උන් පිගානත් අරන් නැගිටී එහෙම උනොත්.
පැත්තකින් හිමීට වාඩිවෙලා කාපන්.
අඩුකුලේ පහත් උන්ව එහෙම ලහින් ආශ්‍රය කරන්න හිරිකිතයි ඒක හැටි.
උබේ තරම දැනගෙන උබ පැත්තකට වෙලා ඉදපන් ඒකයි ලේසිම දේ.


වයිපරේ තමයි පස්සෙ මට විස්තරේ කිව්වේ එයාලා ඔක්කොම ලොකු කුලේකලු මම් ඔය කුල ගැන දන්නේ නෑ වැඩිය. එයයි එයාලගේ ගෙදර මිනිස්සුනම් හරිම හොදයි ඒත් උන්ගේ නෑදෑයෝ මාව කපනවා කියලා හිතෙනවා. බැදලා මාස 8ක් වගේ වෙන්නේ. උන්ට ලොකුවට සල්ලි තියෙනවා. අපි සාමාන්‍ය පන්තියේ. මට උන්ව හලන්නත් බෑ. කොහොමද මේ කුල සීන් එක නිසා මම් එවුන්ට මුහුණ දෙන්නේ. මම් ජීවිතේට හිතුවේනෑ මේවගේ සීන් එකක් වෙයි කියලා. අඩුම ගානේ මගේ කුලේ දැනගත්තෙත් මේ ගැන ගෑනි කියනකොට. මගෙ කුලේවත් මට මතක නෑ මොකද මම් ඒවා ගැන හිතන්නේ නෑ.


