Lanka Bell 4G Wi-Fi

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,546
    973
    113
    31
    Colombo
    Bell 4G wifi රවුටරයක් ගන්න බැලුවේ. කොහොමද මේක හොදයි ද? ස්පීඩ් එක එහෙම අවුලක් නැද්ද? 50gb එක තියනව නේ 990 ටද කොහෙද..

    කලින් පාවිච්චි කරේ එටිසලාට් 20gb එක. ඒකෙ data balance එක හරියට පෙන්නන්නෙත් නෑ ඒකයි මාරු වෙන්න බැලුවේ.

    පාවිච්චි කරන කට්ටිය අදහසක් දෙන්නකො
     
    • Like
    Reactions: DIY

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මෙහෙමයි ලංකා බෙල් වල bandwidth එක හොඳයි. ප්‍රශ්නේ තියෙන්නේ හැම තැනටම හරියට සිග්නල් නැහැ. උබ ඉන්න තැන බලපන් කණු දෙකක් හරි සිග්නල් තියනවද කියල. අන්න එහෙම තියනවනම් හරි.

    නැත්නම් ගන්න එපා. ගොඩක් ලංකා බෙල් පාවිච්චි කරන අයගේ අදෝනාව තමයි සිග්නල් මදිකම.
     
    • Like
    Reactions: Sams.Ryo

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,546
    973
    113
    31
    Colombo
    මෙහෙමයි ලංකා බෙල් වල bandwidth එක හොඳයි. ප්‍රශ්නේ තියෙන්නේ හැම තැනටම හරියට සිග්නල් නැහැ. උබ ඉන්න තැන බලපන් කණු දෙකක් හරි සිග්නල් තියනවද කියල. අන්න එහෙම තියනවනම් හරි.

    නැත්නම් ගන්න එපා. ගොඩක් ලංකා බෙල් පාවිච්චි කරන අයගේ අදෝනාව තමයි සිග්නල් මදිකම.

    කොහොමද බන් සිග්නල් තියනවද කියල බලන්නෙ. මහරගම ඉන්නෙ. මෙහෙට නම් සිග්නල් ඇති.
    5+
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    කොහොමද බන් සිග්නල් තියනවද කියල බලන්නෙ. මහරගම ඉන්නෙ. මෙහෙට නම් සිග්නල් ඇති.
    5+


    මහරගම සිග්නල් තියනවා. නමුත් සමහර ස්ථාන වලට සිග්නල් අඩු ඇති. ලංකාබෙල් එකට කියන්න. ඒගොල්ලෝ ඇවිත් ටෙස්ට් කරලා බලලා දෙයි.
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala

    මහරගම සිග්නල් තියනවා. නමුත් සමහර ස්ථාන වලට සිග්නල් අඩු ඇති. ලංකාබෙල් එකට කියන්න. ඒගොල්ලෝ ඇවිත් ටෙස්ට් කරලා බලලා දෙයි.

    hm
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    ලංකාබෙල් එකට කියලා signal check කරගෙන ගන්න එපා. ලංකාබෙල් එකෙන්ම ගන්නවා නම් උබට connection fee එක 5000ක් දෙන්න වෙයි. පොඩ්ඩක් හොයලා බලපන් agentsla ඕන තරම් ඉන්නවා උන්ට කිව්වම උන් අවිල්ල signal චෙක් කරලා router එක දෙනවා 2000යි යන්නේ.
    ගානේ හැටියට පට්ට වටිනවා බිල් එක හරියට ගෙවනවා නම් තව 5gb මුන් අපිට දෙනවා. මට නම් router 2ක්ම තියෙනවා 55gb දෙකක්. ගන්නවා නම් 950ට දෙන 50gb eka ගන්න මොකද ඒක පස්සේ 55gb වෙන නිසා 1400ට තියෙන 70gb පාඩුයි.
    තියෙන එකම අවුල තමයි හරියට සිග්නල් නැතිකම. මම ඉන්නේ බොරලැස්ගමුව අපේ ගෙදර උඩ තට්ටුවේ එක කාමරයක් ඇතුලට තමයි සිග්නල් කටු 3ම තියෙන්නේ. පහල තට්ටුවට සිග්නල් බින්දුවක් වත් නෑ. මම ගානට බලල සෙට් කරගත්ත තැන නිසා අපේ ගෙදරම cover වෙනවා.
    peak hours වල නම් නෝර්මල් 500-600kbps යනවා. සමහර දවස් වල රෑට නම් 800kbps - 1mbps වගේ එන අවස්ථාත් තියෙනවා. හැබැයි තව පොඩි අව්ලක් තියෙනවා සමහර දවස් වලට සිග්නල් අවුල් යන වෙලාවලුත් තියෙනවා මුලු දවසෙම නෙමෙයි සමහර වෙලාවට. හයියෙන් වහිනකොට ඒ වගේ වෙලාවලත් සිග්නල් අවුල් යනවා.
    මම නම් දැන් අවුරුද්දකට වැඩි කාලයක් තිස්සේ පාවිච්චි කරනවා මේක මාරු කරන්න නම් හිතෙන්නේ නෑ.
    සිග්නල් චෙක් කරලා අඩුමගානේ stable කටු දෙකක් පෙන්නනවා නම් මොකක් හරි download කරලත් බලලා තීරනයකට එන්න
     
    • Like
    Reactions: Sams.Ryo

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    .
    peak hours වල නම් නෝර්මල් 500-600kbps යනවා. සමහර දවස් වල රෑට නම් 800kbps - 1mbps වගේ එන අවස්ථාත් තියෙනවා.

    අඩෝ දන්නෙ නැති නිසා අහන්නේ.. සාමාන්‍යෙයන් ටෙලිකොම් එකේ 16mbps-20mbps අතර වගේ
    එනවනේ.. ඒවගේම ඩයලොග් 4ජී එකේ 35mbps -40mbps වගේ එනවනෙ.. මේකේ වෙනස මොකක්ද?
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,546
    973
    113
    31
    Colombo
    අඩෝ දන්නෙ නැති නිසා අහන්නේ.. සාමාන්‍යෙයන් ටෙලිකොම් එකේ 16mbps-20mbps අතර වගේ
    එනවනේ.. ඒවගේම ඩයලොග් 4ජී එකේ 35mbps -40mbps වගේ එනවනෙ.. මේකේ වෙනස මොකක්ද?

    මේක මෙහෙම වෙන්න ඕනෙ මන් හිතන්නෙ.

    peak hours වල නම් නෝර්මල් 500-600KBps යනවා. සමහර දවස් වල රෑට නම් 800KBps - 1MBps වගේ එන අවස්ථාත් තියෙනවා.

    ඒ කියන්නෙ peak hours වල 4-4.8mbps රෑට 6.4-8mbps වගේ.
     
    Last edited: