කොළඹ ග්‍රෑන්ඩ්පාස් පෙදෙසේ මුස්ලිම් ආගමික පල්ලියක් මුල් කරගෙන සිදු වූ අර්බුදය පිළිබදව යුක්ති සහගත විසදුමකට එළඹීමට හැකි වී යැයි අමාත්‍ය පාඨලී චම්පික මහතා පැවසීය.
ඒ සම්බන්ධයෙන් බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශයේ අද පෙරවරුවේ පැවැති සාකච්ඡාවෙන් පසුව මාධ්‍යයට කරුණු දක්වමින් අමාත්‍යවරයා මේ බව කීය.
ඒ අනුව මුස්ලිම් ජනතාව කලින් වන්දනාමාන කරගනිමින් තිබු පැරණි දේවස්ථානය නැවත ඒ අයට ආපසු දීමටත් දැනට එහි වන්දනාමානයට තුඩුව පවතික බෝ රුක්ෂය ඉවත් කර ගැනීමටත් තීරණය කළ බවද කීය.
ඊට අමතරව පල්ලියේ ඉඩම සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරිය පනවා තිබූ නියෝගය ඉවත්කර ගැනීමටත් තීරණය කළ බවද ඇමතිවරයා කීය.
මෙම සාතච්ඡාවට ප්‍රදේශයේ මහා සංඝරත්නයද, මුස්ලිම් පූජක වරුද, රජයේ සහ විපක්ෂයේ දේශපාලඥයෝද සහභාගී වූහ.
අදහස්(27) බැලූවෝ (7891)
ග්‍රෑන්ඩ් පාස් හබයට විසදුම් ලැබේ සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
මංජුල 2013-08-11 22:33:56
පල්ලියෙ ප්‍රශ්ණෙට විසඳුම් දෙන්නෙ බෝ ගහ කපලා. ඔහොම යන්. තව අවුරුදු 40ක් යද්දි ශ්‍රී මහා බෝධිය කපල මුස්ලිම් පල්ලි හදයි. දළඳා මාළිගාව කඩලා පල්ලි හදයි. රුවන්වැලි සෑය, අවුකන පිළිමය ඔක්කොම කඩල පල්ලි හදයි. මේව ගැන කතා කලොත් අපි අන්තවාදියො. පල්ලිය දාන්න ඕන නිසා බෝ ගහ කපන්න කියන අය සැදැහැවත් ආගම් භක්තිකයො.(