සාමාන්‍යයෙන් නම් එහෙම තිබ්බ කියල අවුලක් වෙන්නෙ නැහැ. Sleep Mode එකේදි power එක අවම මට්ටමක තියෙන්නෙ.
එක දිගට connect කරල තිබුණට board damage නම් වෙන්න බැහැ යම් කිසි short එකක් හෝ component damage එකක් අභ්‍යන්තරව උනේ නැති නම්. එහෙම වෙන්නෙ බොහොම කලාතුරකින්. Lap එකක් design වෙලා තියෙන්නෙම sleep mode වලට හොඳින් support කරන්නම තමයි. බොහෝ අය laptop සම්පූර්ණයෙන් shutdown කරන්නෙ නැහැ. එහෙම නැතිනම් Hibernate පාවිච්චි කරන්න පුළුවන්.
අලුත්ම lap එකක් නම්... sleep කරල තියනකොට power එක ගලවල තිබ්බට කමක් නැහැ.
- බැටරිය discharge වෙන්න දෙන්නත් අවශ්‍යයි.
- හදිසි අකුණු අනතුරු නිසා lap එකට හානි වෙන්න තියෙන ඉඩ එකෙන් වැළකෙනව
- එක පාරම wall plug එකට විදුලි සැපයුම දුන්න ගමන් lap එකට විදුලිය යන්නෙ නැති නිසා ක්ෂණිකව electric short එකක් හෝ වැඩි විදුලියක් එන එකෙන් වැළකෙනව. (ඒ කියන්නෙ.... wall plug එකට charging adapter එක ගහල ඊට පස්සෙ ඒක lap එකට සම්බන්ධ කරන්න)