Life Story Of Arnold Schwarzenegger- Part 6

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    Life Story Of Arnold Schwarzenegger- Part 6






    Part 6












    මට මේ Kurt කියන කෙනාගේ සාර්ථකත්වයත් එක්ක හොඳ පෙළඹවීමක් හිතුනා .ඒත් මට ඒකෙන් හිතුන අමුතුම දෙයක් තමයි ඇයි මේ කෙනා කන්නාඩි දාගෙන ඉන්නෙ කියන එක.ඒ කන්නාඩි හරියට පල්ලියෙ ඉන්න ෆාදර් කෙනෙක් සර් කෙනෙක් දාන වර්ගයේ ඒවා .ඒ ෆොටෝ එකේ තිබ්බේ Kurt බෙන්ච් එකක නිදාගෙන එයාගේ පපුව උඩ ලොකු බරක් තියාගෙන ඒත් අර කන්නාඩි දෙක දාගෙන .මම පින්තුරේ දිහා බලාගෙන කල්පනා කලේ කොහොමද මේ ඉගෙන ගත්ත ප්‍රොෆෙසර් කෙනෙක් වගේ කෙනෙක් කිලෝ 190 පපුවට උඩින් උස්සගෙන ඉන්නෙ කියන එක .ඒක තමයි මම මගේ රචනාවේ ලිව්වෙ .
    රචනාව ලිව්වට පස්සෙ අපි එක පන්තිය ඉස්සරහට ගිහින් කියවන්න උනා.මම රචනාව කිව්වම පන්තියෙම ලමයි මට හිනා උනා.ඒත් මම කල්පනා කලේ මිනිහෙක් මෙච්චර උගත් ඒ වගේම ශක්තිමත් කෙනෙක් වෙන්නෙ කොහොමද කියන එක .



    ආර්නෝල්ඩ් කර්ට් මානුවල් සමග




    මම ගෑනු ලමයින්ට කැමති වෙන්න ගත්ත නිසා මම කලින්ටත් වැඩිය මගේ ඇග ගැන හොදට සැලකිලිමත් උනා.මම ක්‍රීඩකයන්ගේ ඇඟවල් හොදට අධ්‍යයනය කලා .කොහොමද ඒ අය සෙල්ලම් කරන්නෙ කොහොමද ඒ අයගෙ ඇඟවල් ක්‍රීඩාවට පාවිච්චි කරන්නේ කියලා .අවුරුද්දකට කලින් ඒ මොනවත්ම නෙමෙයි හැබැයි දැන් ඒක තමයි හැම දේම .

    පාසල ඉවර උනාට පස්සෙ අපි Thalersee පාර්ක් එකට ගියා .ඒක තමයි අපේ නිවාඩු කාලය පටන් ගන්න එකේ පාටි එක වගේ එක .ඒකට පස්සෙ අපි නිතරම වගේ පාර්ක් එකට ගියා .අපි ඒකේ පාපන්දු සෙල්ලම් කලා,මඩ වලින් ගහගත්තා .විලේ පීනුවා ඒ වගේම මට ඉක්මනටම අලුත් යාලුවෝ ටිකක් හදාගන්න පුලුවන් උනා .හැබැයි ඒඅය ඔක්කොම වගේ බොක්සින් ක්‍රීඩකයො,රෙස්ලින්ග් ක්‍රීඩකයො ,ඒ වගේම අනිත් ක්‍රීඩකයො වගේ අය .මීට කලින් නිවාඩු කාලෙදි මට ලයිෆ් ගාර්ඩ් කෙනෙක්ව අදුනගන්න ලැබුනා .ඔහු Willi Richer, ඔහු එයාගේ සහයකයා වගේ වැඩ කරන්න ඉඩ දුන්නා , විලී හොද ක්‍රීඩකයෙක් .ඔහු වැඩ කරන්නේ නැති වෙලාවට මම ඔහුත් එක්ක ඉන්නවා .ඔහු ජිම් එක වගේ පාවිච්චි කලේ පාර්ක් එක .ඔහු චින් අප් ව්‍යායාමය කලේ ගස් වල එල්ලිලා .ස්කොට් ව්‍යායාම ඩිෆ්ස් ගැහුවෙ දූවිලි ගොඩේ .ඔහු පාර්ක් එකේ පාරවල් දිගේ දිව්වා .එක පාරක් ඔහු මට බයිසෙප් එක පෝස් කරලා පෙන්නුවා ඇත්තටම ඒක හොදටම තිබ්බා .

    විලීගේහොඳ යාලුවෝ දෙන්නෙක් හිටියා හොඳටම ඇඟ හදපු දෙන්නෙක් .අයියයි මල්ලියි .එක්කෙනෙක් විශ්වවිද්‍යාලයට යන කෙනෙක් අනිත් කෙනා ටිකක් බාල කෙනෙක්.එයාලා බර උසුලන ක්‍රීඩාව කරන අය .මම එයාලව හම්බෙන්න යනකොට ඒ දෙන්නා හිටියේ එකට ට්‍රේනින් කර කර .එයාලා ඇහුවා මට උත්සහ කරලා බලන්න ඕනෙ නම් ඒ අවශ්‍ය දේවල් ඔක්කොම කියල දෙන්නම් කියලා .අපි ආපහු විලී චින් අප්ස් ගහන්න
    පුරුදු වෙලා හිටපු ගහ ලගට ගියා .එතනදි එක්කෙනෙක් මගෙන් ඇහුවා ඇයි ඔයා නිකන් ට්‍රයි එකක් දාලා බලන්නේ නැත්තේ කියලා .මට ඒ ගහේ අත්ත අල්ලගෙන දෙපාරයි උඩට ඉස්සෙන්න පුලුවන් උනේ .mමගේ අත් හයිය නැති නිසා මාව ලිස්සලා ගියා .විලී මට කිව්වා මේ නිවාඩු කාලෙම මට පුරුදු උනොත් ඒ ගහේ අනිවාර්‍යයෙන්ම චින් අප්ස් ව්‍යායාමය 10 සැරයකට වඩා කරන්න පුලුවන් වෙයි කියලා.ඒ වගේම මගේ ලැට් මසල් එක දෙපැත්තෙන්ම සෙන්ටිමීටර් එක ගානෙ ලොකු වෙයි කියලා .ඇත්තටම මට ඒක දැනුනෙ මන් ගැන කරපු වර්ණනාවක් වගේ .ලැට් මසල් එක කියන්නෙ උරහිස් පතු වලට පහල තියන මසල් එක.මම පුදුම උනා එක ව්‍යායාමයකට මෙච්චර දේවල් කරන්න පුලුවන් කියලා .ඒ දවසින් පස්සෙ මම විලී එක්ක හැමදාම පාර්ක් එකේ ව්‍යායාම කරන්න පටන් ගත්තා .


    Part 1-- http://www.elakiri.com/forum/showthread.php?t=1681426


    Part 2 -- http://www.elakiri.com/forum/showthread.php?t=1681760



    Part 3 -- http://www.elakiri.com/forum/showthread.php?t=1682182


    Part 4--http://www.elakiri.com/forum/showthread.php?t=1682696


    Part 5- http://www.elakiri.com/forum/showthread.php?t=1685668



    -
    මගේ බ්ලොග් එකෙත් මන් මේක පෝස්ට් කරනවා .කැමතිනම් ඒකේ බලන්නත් පුලුවන් fitnessinhala.blogspotඩොට්com කියන එකෙන් .එලකිරි එක වැඩියෙන් එකේ පොස්ට් update වෙනවා .

    එහෙනම් රෙපක් දීගෙනම ගියානම් නේද හොද

    අනිත් අයටත් බලන්න බම්ප් එකක් දාගෙනම යන්න