Light Houses in Sri Lanka~ලයිට් හවුස්

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    Light Houses in Sri Lanka~ලයිට් හවුස්


    [FONT=&quot]ලයිට් හවුස්[FONT=&quot]~ :shocked::shocked:[/FONT][FONT=&quot]
    [/FONT]
    [/FONT]
    [FONT=&quot]ම් ම්..එහෙමත් නැත්නම් ප්‍රදීපාගාර ගැන පහුගිය දවසකත් විස්තරයක් දැම්මා...:eek:[/FONT]
    [FONT=&quot]ආ..ඒ දැම්මේ ලෝකයේ එක එක රටවල තිබුන එක එක හැඩවල ප්‍රදීපාගාර වල ඒවා...:)[/FONT]
    [FONT=&quot] ඒ හින්දම හිතුවා අපේ ලංකාවේ තියෙන ලයිට් හවුස් ගැනත් විස්තරයක් දැම්මොත් හොදයි කියාලා!:P[/FONT]
    [FONT=&quot]අපේ පෙරේරා අයියත් එලකිරියේ මේ ගැන ඉංග්‍රිසියෙන් වටිනා ත්‍රෙඩ් එකක් දාලා තිබුනා..එකේනුත් ගත්ත විස්තරයි පින්තුරයි ටිකක්.පෙරේරා අයියට ස්තුති කරනවා ඒ ගැන.. :)[/FONT]

    [FONT=&quot]ඔන්න පටන් ගත්තා![/FONT]

    [FONT=&quot]ප්‍රදීපාගාර[FONT=&quot]ගැන මුද්දර තමා මේ...:eek:[/FONT][/FONT]
    [FONT=&quot]
    19960122+SriLanka.jpg

    [/FONT]
    [FONT=&quot]කියවලා බලලා අදහසක් දාලා යන්න අමතක කරන්න එපා![/FONT]
    :):):):):)
    [FONT=&quot]ලංකාවේ ප්‍රදීපාගාර වල ඉතිහාසය නම් පටන් ගන්නේ ඉංග්‍රීසින්ගේ කාලයේ ඉදලා.ඉම්පීරියල් ප්‍රදීපාගාර සේවය යටතේ තමා එකල මේ ප්‍රදීපාගාර පාලනය වෙලා තියෙන්නේ.1976 පසුව මේ ප්‍රදීපාගාර ශ්‍රි ලංකා නාවික හමුදාවට භාර දීලා තියෙනවා.:nerd:[/FONT]
    [FONT=&quot]ලංකාව පුරා අද වන විට ප්‍රදීපාගාර 26 ක් තියෙනවා..:eek:[/FONT]
    [FONT=&quot]එයින් 14 ක්‍රියාකරන තත්වයේ ප්‍රදීපාගාර වෙනවා..:eek:[/FONT]
    [FONT=&quot]ගොඩාක්ම ඒවා ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් පාලනය කරන අතරම නාවික හමුදාව විසිනුත් සමහරක් ඒවා පාලනය කරනවා..:)[/FONT]

    [FONT=&quot]ලංකාව පුරා අද වන විට ප්‍රදීපාගාර[/FONT]
    MAP1.jpg


    [FONT=&quot]උතුරු ප්‍රදේශයට අයත් වන ප්‍රදීපාගාර.[/FONT]
    :nerd::nerd::nerd:
    [FONT=&quot]01. තලෛයිමන්නාරම ප්‍රදීපාගාරය.[/FONT]

    20841127.jpg

    [FONT=&quot]1915 දී ඉදිකර ඇත.දැනට ක්‍රියා විරහිතව පවතී. තත්පර 05 වරක් සුදු එලියක් නිකුත් කරන අතර,මීටර 19ක් හෙවත් අඩි 62 ක් උස සිලින්ඩාකාර හැඩයෙන් යුතු වේ.මන්නාරමට වයඹ දෙසින් පිහිටා ඇත.[/FONT]

    [FONT=&quot]02. කෝවිලාන් පොයින්ට් ප්‍රදීපාගාරය.[/FONT]

    KovilanPoint-LightHouse.jpg

    [FONT=&quot]මීටර 30 නැතින්ම් අඩි 98 උස ගලින් සාදන ලද සිලින්ඩාකාර හැඩයෙන් යුතු මෙය 1916 දී සාදා ඇත. දැනට ක්‍රියා විරහිතව පවතී.සෑම තත්පර 10 වරක් සුදු එලියක් දැක ගත හැකිවේ.කරතිව් දුපතේ කොනක පිහිටා ඇති අතර යාපනයට වයඹ දෙසින් 25[FONT=&quot]km [/FONT][FONT=&quot]ඈතින් පිහිටා ඇත.[/FONT][/FONT]

    [FONT=&quot]03.කන්කසන්තුරෙයි ප්‍රදීපාගාරය.[/FONT]
    [FONT=&quot]1893 දී ඉදිකර ඇත.මීටර 22 හෙවත් අඩි 72 ක් උස වේ.තත්පර 15 වරක් සුදු එලි 03 ක් දැක ගත හැකිවේ..ගලෙන් නිම කරන ලද සිලින්ඩාකාර හැඩයෙන් යුතු වේ. කන්කසන්තුරෙයි වරායේ පිහිටා ඇත.[/FONT]

    [FONT=&quot]04.පොයින්ට් පෙඩ්රෝ හෙවත් පේදුරුතුඩුව ප්‍රදීපාගාරය.[/FONT]
    [FONT=&quot] http://www.unc.edu/~rowlett/lighthouse/photos/IndianOcean/PointPedroLKA.jpg[/FONT]
    [FONT=&quot]දැනට ක්‍රියාත්මක තත්වයේ පවතින මෙය 1916 දි ඉදිකරන ලද්දකි.මීටර් 32 නැතිනම් අඩි 105 ක් උස වන අතර සුදු පැහැයෙන් වර්ණ ගන්වා ඇත.තත්පර 05 ට වරක් එක සුදු ආලෝකයක් දැකිය හැකිය. කන්කසන්තුරයට 30[FONT=&quot]km[/FONT][FONT=&quot] නැගෙනහිරෙන් පිහිටා ඇත.[/FONT][/FONT]

    [FONT=&quot]05.මුලතිව් ප්‍රදීපාගාරය.[/FONT]

    [FONT=&quot]මීටර 20ක් හෙවත් අඩි 66 වන මෙය 1896 ඉදිකරන ලදි.ක්‍රියාවිරහිතව පවතී.වත්තුලක්කාරු කලපුව අසල පිහිටා ඇත.[/FONT]

    [FONT=&quot]නැගෙනහිර ප්‍රදේශයට අයත් වන ප්‍රදීපාගාර.[/FONT]
    :):):):)
    [FONT=&quot]06. චැපල් හිල් ප්‍රදීපාගාරය ත්‍රිකුණාමලය .[/FONT]
    [FONT=&quot]ත්‍රිකුණාමලය වරායට ඇතුලුවන ස්ථානයේ පිහිටා ඇත.තත්පර 10 වරක් සුදු එලිය විහිදේ.ක්‍රියාකාරී තත්වයේ පවති.[/FONT]

    [FONT=&quot]07.ත්‍රිකුණාමලය ප්‍රදීපාගාරය..[/FONT]

    TrincoLightHouse-Chamikawpblogspot.jpg


    [FONT=&quot]1863 දී පිහිටුවා ඇති මෙය මීටර 21 ක් නැතිනම් අඩි 69 ක් උස සිලින්ඩරාකාර සුදු පැහැයෙන් වර්ණ ගැන්වු කුළුණකි.තත්පර 15 වරක් සුදු හා රතු එලි 03ක් දර්ශණය වේ.වරායට ඇතුල් වන නිවැරදි මාර්ගය පෙන්විම මෙමගින් කරනු ලැබේ.ඉන්දියානු සාගරයේ ඇති හොදම වරාය ලෙස ත්‍රිකුණාමලය හැදින්විය හැක.[/FONT]

    [FONT=&quot]08.ෆවුල් තුඩුව හෙවත් [FONT=&quot]Foul Point[/FONT][FONT=&quot] ප්‍රදීපාගාරය.[/FONT][/FONT]
    vx1ahs.jpg


    [FONT=&quot]
    http://www.navy.lk/slideshow/gallery/2006/2006_10_28/1_1.jpg[/FONT]
    [FONT=&quot]1863 දි ඉදිකල මෙය අඩි 105 ක් හෙවත් මීටර 32 ක් උසය.සුදු පැහැයෙන් වර්ණ ගන්වා ඇත.ත්‍රිකුණාමලය වරායේ දකුණු ඇතුල්වීමේ දොරටුවේ පිහිටා ඇත.දැනට ක්‍රියා විරහිතව ඇත.[/FONT]

    [FONT=&quot]09.මඩකලපුව ප්‍රදීපාගාරය.[/FONT]
    nl9x84.jpg


    [FONT=&quot]1913 දී ඉදිකර ඇති අතර දැනට ක්‍රියාත්මක තත්වයේ පවතී.මීටර 28 ක් නැතිනම් අඩි 92 ක් උස මෙහි සෑම තත් 03 වරක් සුදු එලියක් දර්ශණය වේ. බාර් මාවතේ පිහිටා ඇති මෙහි බදෙහි සුදු පාට ආලේප කොට ඇත.වරායට ඇතුලු වන උතුරුදොරටුවේ පිහිටා ඇත.[/FONT]

    [FONT=&quot]10.ඕලුවිල් ප්‍රදීපාගාරය.[/FONT]
    [FONT=&quot]
    OlluvilLKA.jpg
    [/FONT]
    [FONT=&quot]1999දී ඉදිකරන ලදි.සුදු පැහැයෙන් හා ඒ අතරට රත්රන් පාට වලලු ලෙස වර්ණ ගන්වා ඇත.උස මීටර 24 ක් නැතිනම් අඩි 79 ක් උස සිලින්ඩරාකාර වේ.තත්පර 10 කට වරක් සුදු එලියක් දර්ශණය වේ.සුනාමියට දැඩි හානි සිදුවු අතර නැවත අලුත්වැඩියා කොට නිමවා ඇත.[/FONT]​
     
    Last edited:

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    දකුණු පළාතට අයත් වන ප්‍රදීපාගාර.

    11.කුඩා රාවණා ප්‍රදීපාගාරය. Little Basses Reef

    DSPothLB1.jpg

    1878 දි නිමවා ඇත.තත්පර 10 තුල ඉතා ඉක්මන් සුදු එළි දෙකක් දැකගත හැකිවේ.මීටර 37 හෙවත් අඩි 121 පමණ උස අතර සුදු පසු බිමේ තිරස් අතට කලු ඉරි ආලේප කොට ඇත.සැකසුම සකසා ඇත්තේ ජේම්ස් ඩගලස් වන අතර ඉදිකර ඇත්තේ විලියම් ඩග්ලස් විසිනි.යාලට 10kmමුහුදට වන්නටද කුමනට 16km දකුණට වන්නට පිහිටා ඇත.2004 දි සුනාමියට අසුවු අතර Trinity House නම් එංගලන්ත සමාගම අලුත්වැඩියා කටයුතු ඉටුකර දෙන ලදි.බෝට්ටුවකින් පමණක් යා හැකිය.දැනටද ක්‍රියාකාරීව පවතී.

    12. මහා රාවණා ප්‍රදීපාගාරය. Great Basses Reef
    3479017690_367ea3455c.jpg

    1873 දී ඉදි කර ඇත්තේ ඇලෙක්සැන්ඩර් ගෝඩන් හා ජේම්ස් ඩගලස් අයගේ සැලසුමකට අනුවයි.මීටර් 37 හෙවත් අඩි 121 පමණ උස වේ.සුනාමියට පසු එංගලන්ත ප්‍රදීපාගාර ඒජන්සිය විසින් අලුත්වැඩියා කටයුතු සිදුකර ඇත. ගොඩබිමට 10 km ඈතින් ද කිරින්දට 10km ඈතින්ද පිහිටා ඇත.දැනට ක්‍රියාකාරිව පවතින මෙයට බෝට්ටුවකින් පමණක් යා හැකිවේ.

    13. හම්බන්තොට ප්‍රදීපාගාරය.
    346x3iu.jpg

    1903 දි සාදන ලද අතර මේ වන විට ක්‍රියාවිරහිතව පවතී.සුදු හා කලු කොටු ලෙස ආලේප කර තිබී ඇති මෙය මීටර 14 උස එනම් අඩි 43 ක් උස වේ.1970 කාලයේදී භාවිතයේදී තිබි ඇත.

    14. දෙවුන්දර ප්‍රදීපාගාරය Dondara Head
    DondraHeadLKA.jpg


    1890 දි ඉදිකර ඇත.අෂ්ඨාංගික හැඩ මෙය සුදු පැහැයෙන් වර්ණ ගන්වා ඇත.උස මීටර 49 ක් හෙවත් අඩි 161කි.තත්පර 05 කදී එක් සුදු එලියක් දැක ගත හැකිවේ.ජේම්ස් ඩගලස් විසින් සැකසුම් සකසා විලියම් ඩග්ලස් විසින් ඉදිකර ඇත.දෙව්න්දර නගරය සමීපයේ පිහිටා ඇත.

    15.ගාල්ල ප්‍රදීපාගාරය Point de Galle
    GalleLKA.jpg

    1848 දී සැදු ලංකාවේ පැරණිම ප්‍රදීපාගාරයයි.1936 දී එය ගිනි ගැනීමෙන් පසුව දැනට තිබෙන ප්‍රදීපාගාරය 1939දි සාදා ඇත.මීටර 25.5 ක් නැතිනම් අඩි 87 ක් උස වේ.තත්පර 15 වරක් සුදු එලි දෙකක් විහිදවයි.ගාල්ල කොටු පවුර තුල පිහිටා ඇත.

    බස්නාහිර පළාතට අයත් වන ප්‍රදීපාගාර.

    16.බේරුවල ප්‍රදීපාගාරය Barberyn Light House.

    BarberynLightHouseBeruwala.jpg

    1890දි නිමවා ඇති මෙය මීටර 34 ක් හෙවත් අඩි 112ක් උසවේ. තත්පර 10 වරක් සුදු එලියක් විහිදේ.සුදු පාටින් වර්ණ ගන්වා ඇත.

    17.කොළඹ 02 හෙවත් Clock Tower
    ColomboLKA.jpg

    1860දි නිමවා ඇති අතර 1952 සිට මේ දක්වා ක්‍රියාවිරහිතව ඇත. උස මීටර 29 ක් හෙවත් අඩි 95 කි.කොටු හැඩති මෙහි සුදු පාට හා වර්ණ නොකල ගලෙන් යුතු වේ.1857 දි ඔරලෝසුවක් ලෙස සකසා පසුව 1860 දි පහන මෙයට එකතු කරමින් ප්‍රදිපාගාරයක් කර ඇත.චාන්තම් පාර හා ජනාධිපති මාවතට ආසන්නව පිහිටා ඇත.දැනට අක්‍රියව පවති.

    18. කොළඹ 03 හෙවත් Galbokka Point
    25jvyxh.jpg


    Colombo3GalbokkaPoint.jpg

    1952 දි ඉදිකර ඇති අතර ක්‍රියාකාරී තත්වයේ ඇත.තත්පර 10 වරක් සුදු එලි 03 දර්ශණය වේ.මීටර 15 ක් හෙවත් අඩි 49 ක් උස වන මෙහි මුහුදට මුහුණලා ඇති පැත්ත සුදු හා කලු වර්ණ වලින් චෙස් බෝඩ් එකක ආකාරයට වර්ණ ගන්වා ඇත.කොලඹ වරායේ දකුණු දියකඩනයේ ගල්බොක්ක ස්ථානයේ පිහිටා ඇත.

    19. Colombo Southwest Break water

    ColomboSW_LKA.jpg

    1913 දි ඉදිකර ඇති මෙය තත්පර 03 වරක් කොල පාට එලිය විහිදවයි.මීටර 18 ක් හෙවත් අඩි 59 ක් උස වේ.සිලින්ඩරාකාර බඳ සුදු පැහැයෙන් වර්ණ ගන්වා ඇත.

    20. Colombo Pilot Station
    ColomboPilotStationLKA.jpg

    උස මීටර 19ක් වේ.තත්පර 03 වරක් කොල පාට එලියක් විහිදවනු ලබයි.නිරිත දිග දියකඩනයේ පිහිටවා ඇති මෙය සුදු පාටින් වර්ණ ගන්වා ඇත.

    21.Colombo Island Break water South End
    cjd5y.jpg


    1905 දී ඉදිකර ඇති මෙය මීටර 12 ක් හෙවත් අඩි 36 උස වේ.සෑම තත්පර 03 වරක් රතු එලියක් විහිදවයි.බදෙහි සුදු පාට ආලේප කර ඇත.කොලඹ වරාය දියකඩනයේ දකුණු කෙලවරේ පිහිටා ඇත.බෝට්ටුවකින් පමණක් යා හැකිවේ.

    22.Colombo Island Break water North End
    ColomboIslandNEndLKA.jpg

    ColomboIslandBreakwaterNorthEnd.jpg


    1907 දි ඉදිකර ඇත. මෙය මීටර 12 ක් හෙවත් අඩි 36 උස වේ.තත්පර 03 වරක් කොල පාට එලියක් විහිදවයි. බෝට්ටුවකින් පමණක් යා හැකිවේ.

    23.Colombo North East Break water
    1907 දි නිමවා ඇති මෙය දිගටම දැල්වී තිබෙන රතු එලියෙන් යුතු වේ.මීටර 10 නැතිනම් අඩි 33 ක් උස වේ.

    මීට අමතරව කිසිදු විස්තරයක් නොමැති ප්‍රදිපාගාර ලෙස පහත ඒව දැක්වේ.

    24. කොලඹ නව ප්‍රදීපාගාරය.
    25. කොලඹ පැරණි ප්‍රදීපාගාරය
    26.තලෛයි මන්නාරම පැරණි
    යන නම් වලින් හැදින්වෙන ප්‍රදීපාගාර වේ.


    මේ තියෙන්නේ මෙතනින් ගියාම ලෝක ප්‍රදීපාගාර ලැයිස්තුවේ ලංකාවේ ප්‍රදීපාගාර හා ඊට අදාල සංකේත අංක බලා ගන්නත් පුළුවන්!


    Amateur Radio Lighthouse Society
    ARLHS World List of Lights (WLOL)
    Directory Lookup
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පිළිවෙලට ලස්සනට කරලා තියෙනවා.
    ඔන්න මගෙන් +7 මචං.

    මත් කැමතිම අයිටම් එකක් මේ. මම ත්‍රෙඩ් එක කරේ ඒ නිසා. උඹ ගාල්ලෙදි අපිව ලයිට් හවුස් එකට රෑ නග්ගපු එක නම් කවදාවත්ම අමතක වෙන්නේ නැති අත් දැකීමක්.
    උඹට පිං ඒක අපිට සෙට් කරාට චාමියෝ.
    මතකද අපි දෙන්නගේ සයිකල් රයිඩ් එක?
     
    Last edited:

    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    ගොඩක් වැදගත් නුලක් චාමික,
    ඉස්සරහටත් මේ වගේම වැදගත් දේවල් අපිට අරගෙන එන්න ශක්තිය ලැබෙන්න ඕනේ,
    ජය වේවා
    +++++

    :yes::yes::yes::yes: