ක්ලාස් නොගිහින් කරන්න අමාරුයි..
ක්ලාස් එකේ තමයි පොතේ තියන ප්රැක්ටිකල්ස් කරන විදිය කියලා දෙන්නේ.
උදා ලෙස . එල් ඩැප් සර්වර් එකට ක්ලයන්ට් මැශින් එකක් සෙට් උප් කරන විදිය කරන පියවර ගනනක් තියනවා. ඒව ඒ පිලිවෙලටම කරන්න ඔනි.(පොඩි පොඩි පියවරවල් තියෙන්නේ) ඒව ක්ලාස් එකේ කියල දුන්නම අපි ඒව ලැබ් එකේ ප්රැක්ටිස් කරන්න ඔනි.
බන්බා වල තිබ්බ ක්ලාස් එකේ ලැබ් එක සෙට් අප් එක..
රෙඩ් හැට් දාපු මැශින් 12ක් වගේ තියනවා.ඒ එකක් , ක්ලාස් සෙශන් එක පටන් ගද්දීම දෙනව. උගන්නපු ටොපික් එකට අදාල ප්රැටිකල් එකත් ඒවෙලාවෙම ඒ මැශින් එකේ කරනවා.
ඒවාට අමතරව, ඩී එන් එස්/ එල්ඩැප්/ එන් එෆ් එස් / සොෆ්ට් වෙයා රෙපෝ / එකී නොකී සර්වර් වෙනමම සෙට් අප් කරල තියෙනව.
ප්රැක්ටිකල් එකට උවමනා විට ඒවපාවිච්චිකරන්න පුලුවන්.
විභාගේ පවත්තන්නේත් , එතනම නිසා එතන ප්රැක්ටිස් කරල හුරුව ගොඩක් වටිනවා.
එල් ඩැප් වගේ පාඩම් කීපයක ප්රැක්ටිකල්ස් හැරෙන්න අනිත් පාඩ්ම් වල ප්රැක්ටිකල්ස් (එල් වී එම් පාර්ටිශන් , ෆයිල් පර්මිශන් වැනි පාඩම් වල ප්රැක්ටිකල්ස්) ගෙදරදීත් කරන්න පුලුවන්. (පීසී එකකට ලිනක්ස් දාල ,ඒකට වී එම් උඩින් තව ලිනක් මැශින් එකක් හදාගත්තාම. අපිට සර්වර් අන්ඩ් ගෙස්ට් සෙට් උප් කරගන්න පුලුවන් ගෙදරෙදීම )
එක්සෑම් එක තනිකරම ,ප්රැක්ටිකල් එකක්..
ජය.