ListEka.com.. මේ ගිය අවුරුද්දේ (2020) නොවැම්බර් මාසේ පොඩි idea එකක් අනුසාරයෙන් හදපු වෙබ් සයිට් එකක්. මේක හැදුවට පස්සේ හිතුනේ ආපහු මේක වැදගත් වෙන එකකුත් නැති වෙයි කියලා. ඒත් ඉතින් කියන්න කනගාටුයි..
"හීනෙකින් වත් හිතුවේ නැති විදිහට.. ආපහු මේ අවුරුද්දෙත් මේ බස් එකටම නගින්න වෙලා තියෙනවා."
ඇත්තම කියනවා නම් ලොකු ලොකු කතන්දර නෑ.. Keells, Cargills, Glomark වගේ website වලට වෙලා පැය ගනන් එක එක දේවල් search කරන්න වෙන එකට පොඩි විසඳුමක් විදිහට මේක හැදුවේ.
පහල තියෙන video එකේ website එක පාවිච්චි කරන විදිහ 'අ' යන්නේ සිට 'z' දක්වා තියෙනවා.
සරලව වෙන්නේ මේකයි. හැම සතියකම වගේ අපි online නැත්නම්.. මේ super market වලට ගිහින් බඩු බාහිරාදිය අරන් එනවා. ගොඩක් වෙලාවට එකම list එක තමා හැමදාම ගේන්නේ. ඒත් මේ ටික මතක් කර ගන්න ගිහාම සෑහෙන වෙලාවක් යනවා. සමහර වෙලාවට ගෙදර ආවම තමා.. ගන්න අමතක විච්ච දේවල් මතක් වෙන්නේ.
නිකමට හිතලා බලන්න එක shopping list එකක් හදාගන්න පුලුවන් නම්...
- Online Shopping කරනකොට ටක් ගාලා අවශ්‍ය දේ නම search කරලා shopping cart එකට add කරන්න පුලුවන්
- Super market එකට ගිහාම Android, iPhone එකෙන් ගිය සතියේ ගත්තු ලයිස්තුව ආපහු බලා ගන්න පුලුවන්
- ගේන්න උවමනා list එක ලේසියෙන් කාට හරි Whatsapp කරන්න පුලුවන්
ගොඩක් ලේසි වේවි නේද? අනිත් එක අමතක වෙන දේවලුත් අඩු වේවි.
ListEka.com website එකේ Keells, Cargills, Glomark site වල තියෙන item ඔක්කොගෙම නම් තියෙනවා. තමන්ට අවශ්‍ය දේවල් list එක හදලා.. ඕන quantity එක දාන්න. ඊට පස්සේ අදාල site එකට ගිහින් copy button එකෙන් එක එක item වල නම් copy කර කර search කරලා order කරන්න.
මතක ඇතුව list එක download කර ගන්න. එතකොට ඊළඟ සතියෙත් මේ list එක ආපහු upload කරලා.. shopping list එක auto generate කර ගෙන.. ඉක්මනට order කරන්න පුලුවන්.
මේ item names ටික listeka.com website එකේම store කරලා තියෙන්නේ. ඒ නිසා Keells, Cargills, Glomark website වලට කිසිම බලපෑමක් නෑ. ඒත් එක්කම ඉක්මනට shopping කරන්න පුලුවන් වෙන නිසා හැමෝටම website queue වල ඉන්න කාලයත්, search කර කර හොයන්න ගත වෙන මේ website වල server usage එකත් සෑහෙන්න අඩුවෙයි.
පුලුවන් නම් video එක බලන්න. ඒකේ සම්පුරණ විස්තරේ තියෙනවා.
(වැඩේ හොඳයි කියලා හිතෙනවා නම්.. comment එකක් දාලා යන්න. මොකද පුළුවන් තරම් අයත් එක්ක බෙදා හදාගන්න පුලුවන් නම් මේ වෙලාවේ ගොඩක් වැදගත් වෙයි කියලා හිතෙනවා.)
එහෙනම් මෙච්චර ලොකු කතන්දරයක් කියෙව්ව ඔබ සැමට ඉස්තුතීයි.